ආදරේට වයස ??

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ආදරේට වයස ප්‍රශ්නයක්ද කියල ගොඩ දෙනෙහ් දැන් කතාවෙන හින්දා ඒ අයට දැනගන්න මේ අදහස දාන්න හිතුනා...
    කියවලා බලලා ඔබේ අදහසුත් කියන්න....

    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...

    මම හිතුවා මම මේ දවස්වල මගේ පැත්තෙන් මම සාධාරනීය කරගන්න උත්සහ කරන දෙයක් ගැන කියන්න. මගේ අදහස සියයට සීයක් හරි කියල මම හිතනවා.කියවලා බලලා ඔබත් හිතල බලන්න මම හරිද වැරදිද කියලා.

    ''සාර්ථකම විවාහ ජීවිතයක් ගතකරන්න සුදුසු විවහා වෙන්න ඉන්න දෙදෙනෙකුගේ කොයි තරම් වයස පරතරයක් තිබුනොත්ද? ''

    උත්තර කිහිපයයි,

    1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්
    2. සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්
    3. සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්
    4. සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල් උනොත්

    මොන ක්‍රමේ හරියයිද,එකින් එක වෙන වෙනම කතා කලොත්

    පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

    සැමියත් බිරිදත් සම වයසෙ හෝ අවුරුදු 1-2 පරතරයක් සහිත උනොත්.ඇත්තෙන්ම හුගදෙනෙක් හිතන්නේ මේ විදිහ තමයි නිවැරදිම කියලා.ඒත් ඒක වැරදීයි.එවන් අයටත් ජීවත් වීම අපහසුයි.දෙදෙනාම සම වයසේ හෝ වසරක දෙකක පරතරයක් තිබුනහොත් එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ,කැමති අකමැති වීමෙන් ප්‍රශ්න ඇතිවිය හැකියි.බිරිද සැමියා සමග කරට කර තරගයට යෑම සහ වචන අරපරිස්සමකින් තොරව භාවිතා වීම විය හැකියි.ඇත්තෙන්ම කියනවනම් පාලනය අසීරුයි.

    එහෙමත් නැතිනම් සැමියා බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උනොත්.එහෙම උනොත් ලොකු ගැටලු ඇතිවෙනවා.සැමියත් බිරිදත් පරම්පරා දෙකක කෙලවරවල් දෙකක්.සැමියා පැරණි අදහස් දරන්නෙක් බිරිද අලුත් අදහස් දරනෙක්.ඔවූන්ගේ වයස පරතරය නිසා ඔවුන්ගේ අදහස්,සිතුම් පැතුම් පමනක් නෙවෙයි අන් හැම දෙයක්ම පරස්පර විය හැකියි.උදාහරනයක් ලෙස මෙහෙම හිතන්න.බිරිදට වඩා වසර 8-10 වැඩිමල් උන් සැමියා කැමති සින්දුවකට බිරිද කැමති වෙයිද.නැහැ ඇය වසර 8-10 නවීනයි.ඒ වගෙමයි බිරිද කැමති ගීතයට සැමියා අකමැති විය හැකියි.දෙදෙනාගේ සියලුම අදහස් එසේ වෙනස්,නොගැලපීම් විය හැකියි.ඒ නිසා ඒ ක්‍රමයත් අසාර්තක විවහා ජීවිතයකට හේතුවක්.

    අවසාන සහ මම හිතන විදිහට ගැලපෙනම විදිහ සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.සාර්තකම ආකාරය එයයි.අදහස් වලට ගරු කීරීම තුලින් සාර්ථක විවාහා ජීවිතයක් ගතකළ හැකියි.සිතුම් පැතුම් වල දුරස් බවක් නැත.තීරන වලදී එකග වීම හෝ නොවීම සහ උදව් කිරීම සාර්ථකව සිදුවෙයි.එම නිසා සාර්තකම විවහා ජීවිතයක් ගත කිරීමේ හොදම ආකාරය සැමියා බිරිදට වඩා වසර 5-6 වැඩිමල්වීමයි.

    සාධාරනව හිතල බලන්න.ඔබට සිතෙන ආකාරයට ගැලපෙන්නේ මම විශ්වාසකරන විදිහද කියලා.

    [මම මෙහෙම විශ්වාසකරන්නේ මමත් එහෙම හින්දා,වසර 6 වැඩිමල්.හිතන්න හරිම විදිහ ඒකයි.]

    උපුටනය-ජීවන මඟ දිගේ බ්ලොග් අඩවියෙන්
    http://jeewanamagadigee.blogspot.com/
     
    Last edited:

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    දෙන්නා අතර අවබෝධයයි යාළුවා වැදගත් වෙන්නෙ. වයසින් වැඩිමල් උනු පළියට අනික් කෙනා ගැන ගෞරවයක් ඇතිවෙන්නෙ නෑ. අනික විවාහය කියන්නෙ දෙන්නා එකමුතු වෙලා තීරණ ගන්න ඕනි තැනක්. එක්කෙනෙක් අනික් කෙනාට අවනත වීමක් නෙමේ. :)
     
    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    ''පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.''

    meke aththak athi.ea unata kelinma sudusu na kiyala kiyanna epa.mata inna kella mata wada 3years & 8month wadimal.dan yaluwela 4years etha mawa jewethe hodatama therum gaththa kena kawuda kiyala ahuwoth eya witharai.mage methek thibuna hama hinayakma haba kara.adatath ewa itu karanna mahansi wenawa.mamanam mata hambuna GF gana 300%k nemei itath wada sathutu wenawa. :love::love::love:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    දෙන්නා අතර අවබෝධයයි යාළුවා වැදගත් වෙන්නෙ. වයසින් වැඩිමල් උනු පළියට අනික් කෙනා ගැන ගෞරවයක් ඇතිවෙන්නෙ නෑ. අනික විවාහය කියන්නෙ දෙන්නා එකමුතු වෙලා තීරණ ගන්න ඕනි තැනක්. එක්කෙනෙක් අනික් කෙනාට අවනත වීමක් නෙමේ. :)

    අවනත වීම යනුවෙන් මම අදහස්කලේ එකිනෙකාට ගරු කිරීමයි...
    හොදයි ඔබ කියන්න ඔබට වැඩිමහල් සහෝදරියක් හිටියන්ම් ඔබ ඇය කියන දේ අහන්නෙම නැත්ද...
    ඔබට අහන්න වෙනවා.මොකද ඇය ඔබට වඩා වැඩිමහල් නිසා...
    එතකොට වැඩිමල් බිරිදක් බැන්දොත්....:baffled:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    සොරි මචන් මන් හිතුවෙ මේක පරන එකක් කියල
    මම දනෙයි දැක්කෙ මගේ ප්‍රශ්නෙටම දාපු එකක් කියල
    තෑන්ක්ස් මචන්
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ''පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.''

    meke aththak athi.ea unata kelinma sudusu na kiyala kiyanna epa.mata inna kella mata wada 3years & 8month wadimal.dan yaluwela 4years etha mawa jewethe hodatama therum gaththa kena kawuda kiyala ahuwoth eya witharai.mage methek thibuna hama hinayakma haba kara.adatath ewa itu karanna mahansi wenawa.mamanam mata hambuna GF gana 300%k nemei itath wada sathutu wenawa. :love::love::love:

    ඔව් මම ඒක ප්‍රතික්ශේප කරන්නෙ නැහැ....

    ඒ වගේ හුගාක් සර්තක වෙන්න පුලුවන්
    5% විතර

    ඒ සාර්ථක උන 5% අතරින් උඹ හුගාක් වාසනාවන්තයි

    ජය !:love::love::love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    All 4 points in the first post there are absolute bullshit.

    දෙන්නා අතර අවබෝධයයි යාළුවා වැදගත් වෙන්නෙ. වයසින් වැඩිමල් උනු පළියට අනික් කෙනා ගැන ගෞරවයක් ඇතිවෙන්නෙ නෑ. අනික විවාහය කියන්නෙ දෙන්නා එකමුතු වෙලා තීරණ ගන්න ඕනි තැනක්. එක්කෙනෙක් අනික් කෙනාට අවනත වීමක් නෙමේ. :)
    100% agreed. This is the truth.

    හොදයි ඔබ කියන්න ඔබට වැඩිමහල් සහෝදරියක් හිටියන්ම් ඔබ ඇය කියන දේ අහන්නෙම නැත්ද...
    ඔබට අහන්න වෙනවා.මොකද ඇය ඔබට වඩා වැඩිමහල් නිසා...
    එතකොට වැඩිමල් බිරිදක් බැන්දොත්....:baffled:
    Obviously you dont know the difference between a wife and a sister.
    Wife is NOT your sister. She's your counterpart. The age doesnt matter here.
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    අවනත වීම යනුවෙන් මම අදහස්කලේ එකිනෙකාට ගරු කිරීමයි...
    හොදයි ඔබ කියන්න ඔබට වැඩිමහල් සහෝදරියක් හිටියන්ම් ඔබ ඇය කියන දේ අහන්නෙම නැත්ද...
    ඔබට අහන්න වෙනවා.මොකද ඇය ඔබට වඩා වැඩිමහල් නිසා...
    එතකොට වැඩිමල් බිරිදක් බැන්දොත්....:baffled:
    එහෙම නෙමෙයි සහෝ බාල සහෝදරියක් උනත් හරි දෙයක් කියනව නම් මම අහනවා ;) වැඩිමහල් සහෝදරියක් උනත් වැරදි දෙයක් කිව්වොත් මම කනකට ගන්නෙ නෑ. :D
    ඒ උනත් ගොඩක් දුරට ඔයා කියලා තියෙන කතාව හරි කියලා මම පිළිගන්නවා. ඒ ගොඩක් පිරිමි තමන්ගෙ සහකාරිය තමන් කියන හැමදේම අහන්න ඕනි කියන මතයේ ඉන්න නිසා :rolleyes:
     
    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    ඔව් මම ඒක ප්‍රතික්ශේප කරන්නෙ නැහැ....

    ඒ වගේ හුගාක් සර්තක වෙන්න පුලුවන්
    5% විතර

    ඒ සාර්ථක උන 5% අතරින් උඹ හුගාක් වාසනාවන්තයි

    ජය !:love::love::love:

    ඔව් බන් මමත් උපරිමේටම ඒ ගැන සතුටුයි බන් :yes::yes::):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    I know that...
    but you read again carefuly...
    the marred life some times wife is like a sister...
    then you must've married your sister.
    Assuming a wife to be your sister is big mistake to make and frankly, I believe, anyone who does that will not have a very successful marriage.
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔව් බන් මමත් උපරිමේටම ඒ ගැන සතුටුයි බන් :yes::yes::):)

    එළ එළ බං දෙන්නා අවබෝධයෙන් ඉන්නවනම් ඔය මුකුත ප්‍රශ්න නෙමෙයි..
    11.gif
    11.gif
     
    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    එළ එළ බං දෙන්නා අවබෝධයෙන් ඉන්නවනම් ඔය මුකුත ප්‍රශ්න නෙමෙයි..
    11.gif
    11.gif

    ඔව් බන් වයස අඩුද වැඩිද නෙමෙයි දෙන්නා අතර අවබෝධය තමයි තියෙන්න ඔන හැම දේටම