සර්පයින්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සර්පයින් ගැන ඔබ ‍‍‍‍නොදන්නා යමක්




    රෑන් මාපිලා



    2799804319_3cb64bf8f1.jpg



    සිංහල නම _ රෑන් මාපිලා
    ඉංග්‍රීසි නම_ Common Cat Snake
    Gamma Snake
    විද්‍යාත්මක නාමය- Boiga trigonataus
    කුලය- COLUBRIDAE

    රූන් මාපිලාගේ හිස ඹ්වලාකාරය. ඉතා පැහැදිලි බෙල්ලක් පිහිටයි. සිහින් පැතලි දිගු සිරුරක් දරයි. ඇස් විශාල වන අතර වලිගය සිලින්ඩරාකාර හැඩයක් ගනී. වැඩුන සර්පයෙක් සෙ .මි 80 – 90 පමණ වේ. ශරීරයේ මැද එක් වටයක කොරපොතු 20 පමණ පිහිටයි. රෑන් මාපිලාගේ ශරීරය දුඹුරු කහ හෝ අළු මිශ්‍ර පැහැයකින් යුක්තය. හිස මත Y ලක්ෂණයක් පිහිටන අතර ශරීරයේ සුදු වර්ණයෙන් V ලක්ෂන වැටී ඇත.

    උස් කඳුකර ප්‍රදේශය හැරෙන්නට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම හමුවෙයි. නිශාචර සතෙකු වන රෑන් මාපිලා ඉක්මණින් කිපෙන සුළුය. හූනන් , කටුස්සන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර කිපුන විට වලිගය සොලවමින් සපාකෑමට උත්සාහ දරයි.

    බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.


    නිහලුවා



    snake2.jpg



    සිංහල නම - නිහලුවා
    සිංහල නම - නිහලුවා / මල් කරවලා
    ඉංග්‍රීසි නම - Sri Lanka Keelbackවිද්‍යාත්මක නාමය - Balanophis ceylonensis
    කුලය - COLUBRIDAE

    ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙකි. කුඩා හිසක් සිහින්වු දේහයක් ඇති අතර විශාල ඇස් පිහිටයි. ශරීරය රතු දුඹුරු හා නිල් මිශ්‍ර පැහැයක් ගනී. එය මතුපිට හරස් අතට කළු පැහැති රේ‍බා පිහිටයි. හිස මතුපිට තැඹිලි වර්ණයක් ගනී. ඇසේ සිට බෙල්ල දක්වා දුඹුරු වර්ණයෙන් යුත් ඉරක් පිහිටයි. උදරය කහ හෝ ලා රෝස සුදු පැහැයක් ගනී. ඇස ඉදිරිපස පූර්ව අක්‍ෂිඵලක කොරල දෙකක් පිහිටයි. ශරීරයේ මතුපිට ඇති හරස් ඉරි වල කහ පාට හෝ තැඹිලිපාට ලපයක් බැගින් පිහිටා ඇත. ශරීරයේ මැද වටයකට හා ගුදයට අඟලක් ඉදිරියෙන් වටයකට කොරල 19ක් බැගින් පිහිටයි.

    ඉතා දුර්ලභ සතෙකු වන අතර තෙත් කලාපීය වනාන්තරවල හමුවේ. එතරම් ක්‍රියාශීලී නොවන සතෙකි. කොලරොඩු හා දිරාපත්වු කඳන්වල ජීවත් වෙයි. පේරාදෙණිය, බණ්ඩාරවෙල, කෑගල්ල, කුරුවිට, බලංගොඩ සහ දෙනියාය වැනි ප්‍රදේශවල බහුලයි. කිපුනුවිට ශරීරයේ පෙර කොටස ඔසවා පුම්බාගනී. එවිට කොරපොතු ඈත් වන අතර ශරීරය රෝස පැහැයක් ගනී. ගෙමිබන්, හූනන් ආදී සතුන් ආහාරයට ගනී.

    බෝවීම - බිත්තර මගින් තම වර්ගයා බෝකරයි.

    විෂ ක්‍රියා කිරීම - සපාකන ලද ස්ථානයේ වේදනාවක් ඉදිමුමක් ඇති වුවද දින දෙකකින් සුවවේ. සමහර අවස්ථාවන් වලදි කිසිදු හානියක් සිදුවන්නේ නැත.



    හෙන කඳයා



    Spebro1a.jpg


    සිංහල නම - හෙන කඳයා
    ඉංග්‍රීසි නම - Brown Speckled Whip Snake
    දෙමළ නම - ‍කොම්බේරි මුකන්
    විද්‍යාත්මක නාමය - Ahaetulla palverulentus
    කුලය - COLUBRIDAE

    හැඩරුවෙන් ඇහැටුල්ලාට සමාන වෙයි. හෙනකඳයාද ඇහැටුල්ලන් ගණයට අයත් සර්ප විශේෂයකි. ඇහැටුල්ලාගේ මෙන් හෙනකඳයාගේ නාසයේදි මස් වැදැල්ලක් පිහිටන අතර එය ඉතා හොඳින් දැක ගත හැක. ශරීරය අළු මිශ්‍ර දුරු පැහැයක් ගන්නා අතර කළු පාට කුඩා ඉරි හරස් අතට දිවෙයි. උදර ප්‍රදේශය වඩා ලා පැහැයක් ගනී. මෙම සර්පයා සෙ.මී 75 – 80 පමණ දිගට වැඩේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ දක්වා වූ ප්‍රදේශයේ ජිවත් වන දුර්ලබ සතෙකි. ශාක හා පදුරු මත ජිවත් වෙයි. හැසිරීම ඇහැටුල්ලාට සමාන වන අතර ආහාරද ඇහැටුල්ලාට සමාන වෙයි.

    බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.



    මුකලන් තෙලිස්සා



    SriLankaHump-nosedViper.jpg





    සිංහල නම - මුකලන් තෙලිස්සා
    ඉංග්‍රීසි නම - Millard’s hump/nosed viper
    විද්‍යාත්මක නාමය- Hypnale nepa
    කුලය - VIPERIDAE

    ශ්‍රී ලංකාවට අවේණික සර්පයෙකි. ලෝරියල් සිදුරු ඇත. හිස පැතලිය. ත්‍රිකෝණාකාරය. ශරීරයේ පැහැය පොලොන් තෙලිස්සාට සමානය. මෙම සර්පයාගේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඉස්සුන හොමිබක් පිහිටා තිබීමයි. එම ‍හොම්බ මත කොරපොතු වලින් වැසුන කුඩා ගෙඩියක් වැනි මස් වැදැල්ලක් පිහිටයි. අපර ගුද කොරළ 33 – 40ක් පිහිටයි. උදරීයව කොරපොතු 125 – 142ක් ද, ශරීර මධ්‍යයේ එක් වටයකට කොරපොතු 17 ද පිහිටයි. තෙත් කලාපයේ ජීවත්වන සතෙකි.

    බොහෝවිට ඉතා ඉක්මණින් කිපෙයි. දෂ්ඨ කරන විට සිරුර දඟරයක්සේ තබාගෙන පැන පැන පහර දෙයි. හිස මදක් ඔසවාගෙන වලිගය සෙමින් සොලවයි. මධ්‍යම විෂක් ඇති සර්පයෙකි. ගෙමිබන්, හූනන් වැනි සතුන් ආහාරයට ගනී.

    බෝවීම - ගැබිනි කාලයකින් ‍පසු පැටවුන් බිහි කරයි.


    ගැරඬියා


    tx-rat-index.jpeg




    සිංහල නම _ ගැරඬියා
    ඉංග්‍රීසි නම_ Rat Snake
    දෙමළ නම - සාරෛ පාම්බු
    විද්‍යාත්මක නාමය- Ptyas mucosus
    කුලය- COLUBRIDE

    සෙන්ටිමීටර් මීටර් 150 – 200 පමණ දිගට වැඩේ. ඇස් විශාලව පිහිටන අතර සිරුර සවිමත්ය. ගැරඬියා පෘෂ්ඨීයව කහ දුඹුරු කළු මිශ්‍ර වර්ණයක් ගන්නා අතර උදරීයව අළු හා චොකලට් වර්ණයක් ගනී.
    කෝපවුවිට බෙල්ල ඉහලට ඔසවා පිඹිමින් සපා කෑමට උත්සහ දරයි. නිතරම දිව එලියට දමන අතර නිවාස ආශ්‍රිතව දැකගත හැකිවේ. සාමාන්‍යයෙන් මීටර් 2100 දක්වා වූ කඳුකර ප්‍රදේශ දක්වා ව්‍යාප්තව පවතී. ආහාර ලෙස මීයන්, ගෙම්බන්, බිත්තර ක්ෂීරපායින් ආහාරයට ගනී.

    බෝවීම - බිත්තර රැකීමෙන් පැටවුන් බිහි කරයි. වරකට බිත්තර 10 - 15 අතර ප්‍රමාණයක් දමයි.


    මුදු කරවලා



    Bungarus+ceylonicus02.jpg


    සිංහල නම - මුදු කරවලා
    ඉංග්‍රීසි නම - Ceylon Krait
    දෙමළ නම - යෙන්නායි විරියන්
    විද්‍යාත්මක නාමය - Bungarus ceylonicus
    කුලය - ELAPIDAE

    ග්‍රී ලංකාවට ආවේණික වන මුදු කරවලා ‍තෙත් හා අතර මැදි කලාපයේ පමණක් දැකගත හැකිය. වැඩුන සර්පයා සෙ.මී 100 පමණ වන අතර කළු වර්ණයෙන් යුක්තයි. ශරීරයේ තරමක් ඈතින් ඈතින් මහතිත් වැඩි සුදුපාට තනි තනි මුදු 15 – 20 අතර ප්‍රමාණයක් පිහිටයි.

    පසු කාලීනව (සර්පයා වයසට යත්ම) මෙම මුදු නොපෙනි යයි. බඩ ප්‍රදේශය සුදු පැහැයක් ගනී. තරමක් කිපෙන සුළු වුවත් දෂ්ඨ කිරීමට උනන්දුවක් නොදක්වයි. අලස සර්පයෙකි. රාත්‍රී කාලයේ ගොදුරු සොයා යයි. ආහාර ලෙස මීයන් ,සිකනලුන්,සර්පයන් ආහාරයට ගනී.

    බොවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.


    තෙල් කරවලා



    common-krait.jpg


    සිංහල නම - තෙල් කරවලා
    ඉංග්‍රීසි නම - Common Krait
    දෙමළ නම - එට්ටඩි විරියන්
    විද්‍යාත්මක නාමය - Bungarus caeruleus
    කුලය - ELAPIDAE

    තෙල් කරවලාට දිළිසෙන සු‍ළු ශරීරයක් පිහිටා ඇත. මෙම සර්පයාගේ ශරීරයේ තෙල් ගෑවී ඇති ආකාරයට දිලිසෙන බැවින් මෙම නම ලැබී ඇති බව පැවසේ. මෙම සර්පයාගේ ශරීරය කළු පැහැවෙයි.
    සමහර විට කළු නිල් පැහැයෙන්ද විය හැකිය ශරීරයේ කළු සහ සුදු තීරුවලින් යුක්තය. මෙම තීරු මුදු ආකාරයක් ගන්නා අතර මෙම මුදු යුගල් බැගින් පිහිටයි. තෙල් කරවලා /මගමරුවා වයසට යත්ම මෙම මුදු මැකීයන අතර මුදු කරවැලාගේ මෙන් මෙම මුදු එතරම් හොඳින් පෙනෙන්නේ නැත.

    වැඩුන ‍සතෙකුගේ මෙම ඉරි 40 50 ක් පමණ පිහිටයි. වැඩුන සර්පයෙක් සෙන්ටිමීටර් 135ක් පමණ වෙයි.ශරීරයේ උඩ ප්‍රදේශයේ මැද කොරල පේලිය අනෙක් කොරලවලට වඩා විශාලය. උදරය සුදු පැහැයක් ගනී.

    ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සහ අතර මැදි කලාපයෙන් වාර්තාවෙයි. තරමක් කිපෙනසුළු සර්පයෙකි. රාත්‍රී කාලයේ ක්‍රියාශීලි වන අතර දෂ්ඨ කිරීමට උනන්දුවක් නොදක්වයි. ආහාර ලෙස සර්පයන්,මීයන්, හුනන් යොදාගනී.

    බෝවීම -
    බිත්තර මගින් පැටවුන් බෝකරන අතර වරකට බිත්තර 5 – 10ක් පමණ දමයි.

    විෂ ක්‍රියා කිරීම -
    දෂ්ඨකල ස්ථානය ඉදිමීමක් සහ වේදනාවක් හටගන්නා අතර පද්ධතිමය වශයෙන් ඇස් ඇඳිරිය, උදරයේ යටි ප්‍රදේශයේ වේදනාව, සහ ස්වසන අපහසුතා ඇතිවිය හැකිය.




     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    දෙපත් කළුවා


    c_melanurus_1.jpg


    සිංහල නම _ දෙපත් කළුවා
    ඉංග්‍රීසි නම_ Sri Lanka Coral Snake
    විද්‍යාත්මක නාමය- Calliopshis melanurus sinhaleyus
    කුලය- ELAPIDAE

    ශ්‍රී ලංකාවට ආවේණිකය. දුර්ලභ සර්ප‍යෙකි. මෙම සර්පයාගේ දිග සෙ.මි 30 - 45 අතර වේ. ඉතා අලංකාර සර්පයෙකි. හිස, වලිගය කළු පැහැතිය. සමහර සතුන්ගේ පෘෂ්ඨීයව කළු පැහැ ඉරි දැකිය හැකිවේ. උදරයේ සමහර ප්‍රදේශ රතු පැහැයක් ගනී. විෂ දළය මුඛයේ ඉදිරියෙන් පිහිටා ඇති අතර සර්පයාගේ මුඛය ඉතා කුඩාය. ලෝරියල් සිදුරු නැත. දවල් කාලයේදී බොහෝ විට කොලරොඩු වල, ගුල් වල සහ පොළවේ බුරුල් පස් ඇති ස්ථාන වල වාසය කරයි. ශ්‍රී ලංකාවේ වියලි කලාපයෙන් වාර්ථා වෙයි. ආහාර වශයෙන් කුඩා පණුවන් සහ විශේෂයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.

    බෝවීම -
    මොවුන්ගේ ප්‍රජනනය පිළිබඳ නිරීක්ෂනය කර නැත.

    විෂ ක්‍රියා කරවීම
    උග්‍ර විෂ සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කළ බවක් හෝ දෂ්ඨයන් මියගිය රෝගින් පිළිබඳව මේ දක්වා වාර්තාවී නැත.

    අවධානයට - දෙපත් කළුවාගේ විෂ දළ ශක්තිමත් නැති බැවින් මිනිසුන්ගේ සම සිදුරු කොට විෂ ඇතුල් කිරීමට නොහැකිය.එම නිසා මොවුන්ගේ දෂ්ඨනයෙන් බොහෝවිට මිනිසාට හානියක් සිදුනොවන බව සර්ප විශේෂඥයින් පෙන්වාදෙයි. මේ හේතුව නිසා මෙම සර්පයා විෂ සහිත සර්පයන් ගනයට ඇතුලත් කිරීමට නොහැකි බව පරිසරවේදීන් පෙන්වාදෙයි.


    තිත් පොළඟා


    russell%27s-viper--daboia-russelii.jpg





    සිංහල නම - තිත් පොළඟා
    ඉංග්‍රීසි නම - Russell’s viper
    සත්ව විද්‍යාත්මක නාමය - Doboia russelli

    ඉතා ඉක්මණින් කිපෙයි. එවිට ඉතා ශබ්දයකින් පිඹිමින් පහරදීමට උත්සහ දරණ අතර කලබලවී සිටින අවස්ථාවලදී තරමක් හිස ඉහලට ඔසවා වනයි. දෂ්ඨ කරන විට තදින්ම සපාකයි. කුඩා ක්ෂීරපායින් ගෙම්බන් ආදී සතුන් ආහාරයට ගනී. ත්‍රිකෝණාකාර හිසක් පිහිටා ඇති අතර හිසමත ‘V’ සලකුණක් ඇත. දේහය මහත්ව පිහිටා ඇත. තිත් පොළඟාගේ දේහය දුඹුරු පැහැවන අතර හිසේ සිට වල්ගය දක්වා දම්වැලක ආකාරයේ ඉලිප්සාකාර පුල්ලි පේලි 3ක් පිහිටා ඇත. නාස් කොරලය තරමක් විශාල වන අතර
    තිත් පොළඟා සෙන්ටිමීටර් 75 – 100 පමණ දිගට වැඩේ.

    බෝවීම-
    වරකට පැටවුන් 20 – 30 පමණ බිහිකරයි


    නාගයා


    indian-cobra-480.jpg




    සිංහල නම :- නාගයා
    සිංහල නම :- නාගයා
    ඉංග්‍රීසි නම :- Indian Cobra
    සත්ව විද්‍යාත්මක නාමය :- Naja naja

    උග්‍ර විෂ සර්පයන් පස් දෙනාට අයත් සර්පයකි. මෙම සර්පයාගේ විශේෂත්වය නම් පිම්බිය හැකි පෙනයක් පිහිටා තිබීමයි. පෙනයේ යටි පැත්තේ කළු පැහැති ලප දෙකක් දැකගත හැකි අතර උඩු පැත්තේ "ප" සළකුණ පිහිටා ඇත. මෙය තද දුඹුරු, ලා දුඹුරු හෝ රතු පැහැයක් ගනී.

    හොඳින් වැඩුන නාගයෙක් සෙ.මී. 130-200 ක් පමණ වෙයි. දෂ්ඨ කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වුවද කිපුනු විට පෙනය පුම්බා ගනී. පූර්ව කොටස ඉහලට ඔසවා ඉදිරියට හා පසුපසට වනමින් "ෂ්" හඬක් නිකුත් කර අනතුරු හඟවයි.

    දිවාචර සර්පයෙකි. නමුත් රාත්‍රී කාලයේදී ද ක්‍රියාශීලී විය හැකි ලක්ෂණ ඇත. ආහාර ලෙස උරගයින්, ගෙම්බන්, මීයන්, කුඩා ක්ෂීරපායීන් යොදාගනී.

    බිත්තර මගින් වර්ගයා බෝ කරයි. වරකට බිත්තර 5-25 අතර ප්‍රමාණයක් දමයි. දින 60ත් 90ත් අතර කාලයකින් පැටවුන් බිහි කරයි.


    දඟර කරවලා



    1188634480.jpg



    සිංහල නම - දඟර කරවලා
    සිංහල නම - දඟර කරවලා/දඟර දණ්ඩා
    ඉංග්‍රීසි නම - Sri Lanka Flying Snake
    විද්‍යාත්මක නාමය - Chrysopelea taprobanica
    කුලය - COLUBRIDAE

    හිස පැතලි ඕවලාකාර හැඩයකින් යුක්තය. දිග සිහින් සිරුරක් ඇත. ශරීරය පෘශ්ඨීයව අළු පැහැයක් ගනී. හිසේ සිට වලිගය දක්වා කළු පැහැති ඉරි දැකිය හැක. හිස මත කහ වර්ණයෙන් යුත් හරස් ඉරි ඇත. සාමාන්‍යයෙන් සෙ. මි 75 – 90 පමණ දිගට වැඩේ. වියලි කලාපයට පමණක් සීමාවී ඇත. හූනන්, සිකලුන් ආදී සතුන්ව ආහාරයට ගනී.

    බෝවීම - බිත්තර මගින් තම වර්ගයා බෝකරයි.

    විෂ ක්‍රියාකිරීම - දෂ්ඨ කල ස්ථානයේ ඉදිමුමක් හෝ වේදනාවක් ඇති වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. හේතුව ඉතා දුර්වල ලෙස විෂ පිහිටීමයි.


    පඳුරු මාපිලා



    13.jpg


    සිංහල නම - පඳුරු මාපිලා
    ඉංග්‍රීසි නම - Barnes’s Cat Snake
    විද්‍යාත්මක නාමය - Boiga barnesi
    කුලය - COLUBRIDAE

    කඳුකර හා තෙත් කලාප වලට සීමා වු සර්පයෙකි. ශරීරය මතුපිට කළු හා දුඹුරු මීශ්‍ර සුදු හා දම් පාට වන අතර කළු පුල්ලි වැටී ඇත.
    උදරය අළු පාටය. තද උළු පාට පුල්ලි පිහිටා ඇත. පූර්ව අක්ශිඵලක කොරල 2ක් පිහිටයි. නිශාර සතෙකු වන අතර හූනන් , කටුස්සන් ආහාරයට ගනී.

    බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි


    කොට පිඹුරා



    kenyan.jpg




    සිංහල නම - කොට පිඹුරා
    සිංහල නම - කොට පිඹුරා / වැලි පිඹුරා
    ඉංග්‍රීසි නම - Sand Boa
    විද්‍යාත්මක නාමය - Eryx conicus brevis
    කුලය - BOIDAE

    කොට පිඹුරා අනෙක් පිඹුරාට වඩා ප්‍රමාණයෙන් කුඩාය. සාමාන්‍යයෙන් සෙ.මී 35 -45 පමණ වෙයි. කුඩා කොරපොතු රැසකින් හිස නිර්මාණය වී ඇත. ශරීරයේ මතු පිට කළු දුඹුරු පැහැයක් ගන්නා අතර බෙල්ලේ සිට වල්ගය දක්වා තද පැහැ සලකුණු පැතිර පවතී. ඒවා ඒ තරම් පැහැදිලි නැත. කෙටි හා ඉතා මහත ශරීරයක් දරයි. වලිගය ඉතා කෙටිය. පෘෂ්ඨීය කොරපොතු වල දාරයන් පිහිටා තිබීම දැකිය හැක. ගුද කොරල බෙදී නොමැත. නිකට කොරලයේ සිදුරක් ආකාරයෙන් දැකිය නොහැක. දුර්ලභ සර්පයෙකි.

    වියලි කලාපයට පමණක් සීමාවී ඇත. කොට පිඹුරා එතරම් ක්‍රියාශිලී නැත. දිවා කාලයේ පස් වැලි හෝ කොල රොඩු යට සැගවී සිටී. විෂ රහිත ලංකාවටම ආවේණික සර්පයෙකි. කටුස්සන් , හූනන් ආහාරයට ගනී.

    බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.



    ඇහැටුල්ලා



    Ahaetulla_threat.jpg



    සිංහල නම - ඇහැටුල්ලා
    ඉංග්‍රීසි නම - Green Vine Snake/
    Common Whip Snake
    දෙමළ නම - කන්කොත්ති පාම්බු
    විද්‍යාත්මක නාමය- Ahaetulla nasutus
    කුලය- COLUBRIDAE

    මෙම සර්පයාගේ හිස උල්ව හා හීනිව පිහිටයි. ශරීරය සිහින් වන අතර වලිගය දිගය. ඇස් සාපේක්ෂව විශාලය. ශරීරය පෘෂ්ඨීයව කොළ හෝ ලා කොළ වර්ණයක් ගනී. උදර ප්‍රදේශය කහ පැහැයට හුරු කොළ පාටකි. ඇහැටුල්ලාගේ හොම්බ මත මස් වැදැල්ලක් ඇත. හොඳින් වර්ධනය වූ සර්පයෙකු සෙ.මී 180 – 195 පමණ වේ. ඉතාමත් ක්‍රියාශීලී වුවද අධික වේලාවක් නිසොල්මන්ම සිටීමේ හැකියාවක් ඇත. රටපුරාම දැකගත හැකි අතර විශේෂයෙන් පඳුරු හා ශාක මත ජිවත් වෙයි. කටුස්සන්, හූනන්, සිකනළුවන්, කුඩා පක්ෂීන් ආහාර කොට ගනී.

    බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි. වරකට බිත්තර 5 – 20 අතර ප්‍රමාණයක් දමයි.

    විෂ ක්‍රියා කරීම - දෂ්ඨ කල ස්ථානයේ සුළු ඉදිමුමක් හෝ සුළු වේදනාවක් හටගනී.​
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බුදු අම්මෝ......මයිල් කෙලින් වෙනවා.මුන් දැක්කම..
    විස්තරය මාර වටිනවා.මෙහෙ නම් වැලි පොලොන්ගු අපිට නිතරම හමු වෙනවා.වැලි අස්සෙ ඉන්නව.....පේන්නෙත් නෑ.
    rep denna thawama barilu.