සර්පයින් ගැන ඔබ නොදන්නා යමක්
රෑන් මාපිලා
සිංහල නම _ රෑන් මාපිලා
ඉංග්‍රීසි නම_ Common Cat Snake
Gamma Snake
විද්‍යාත්මක නාමය- Boiga trigonataus
කුලය- COLUBRIDAE
රූන් මාපිලාගේ හිස ඹ්වලාකාරය. ඉතා පැහැදිලි බෙල්ලක් පිහිටයි. සිහින් පැතලි දිගු සිරුරක් දරයි. ඇස් විශාල වන අතර වලිගය සිලින්ඩරාකාර හැඩයක් ගනී. වැඩුන සර්පයෙක් සෙ .මි 80 – 90 පමණ වේ. ශරීරයේ මැද එක් වටයක කොරපොතු 20 පමණ පිහිටයි. රෑන් මාපිලාගේ ශරීරය දුඹුරු කහ හෝ අළු මිශ්‍ර පැහැයකින් යුක්තය. හිස මත Y ලක්ෂණයක් පිහිටන අතර ශරීරයේ සුදු වර්ණයෙන් V ලක්ෂන වැටී ඇත.
උස් කඳුකර ප්‍රදේශය හැරෙන්නට දිවයිනේ සෑම ප්රදේශයකින්ම හමුවෙයි. නිශාචර සතෙකු වන රෑන් මාපිලා ඉක්මණින් කිපෙන සුළුය. හූනන් , කටුස්සන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර කිපුන විට වලිගය සොලවමින් සපාකෑමට උත්සාහ දරයි.
බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.
නිහලුවා
සිංහල නම - නිහලුවා
සිංහල නම - නිහලුවා / මල් කරවලා
ඉංග්‍රීසි නම - Sri Lanka Keelbackවිද්‍යාත්මක නාමය - Balanophis ceylonensis
කුලය - COLUBRIDAE
ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙකි. කුඩා හිසක් සිහින්වු දේහයක් ඇති අතර විශාල ඇස් පිහිටයි. ශරීරය රතු දුඹුරු හා නිල් මිශ්‍ර පැහැයක් ගනී. එය මතුපිට හරස් අතට කළු පැහැති රේබා පිහිටයි. හිස මතුපිට තැඹිලි වර්ණයක් ගනී. ඇසේ සිට බෙල්ල දක්වා දුඹුරු වර්ණයෙන් යුත් ඉරක් පිහිටයි. උදරය කහ හෝ ලා රෝස සුදු පැහැයක් ගනී. ඇස ඉදිරිපස පූර්ව අක්ෂිඵලක කොරල දෙකක් පිහිටයි. ශරීරයේ මතුපිට ඇති හරස් ඉරි වල කහ පාට හෝ තැඹිලිපාට ලපයක් බැගින් පිහිටා ඇත. ශරීරයේ මැද වටයකට හා ගුදයට අඟලක් ඉදිරියෙන් වටයකට කොරල 19ක් බැගින් පිහිටයි.
ඉතා දුර්ලභ සතෙකු වන අතර තෙත් කලාපීය වනාන්තරවල හමුවේ. එතරම් ක්‍රියාශීලී නොවන සතෙකි. කොලරොඩු හා දිරාපත්වු කඳන්වල ජීවත් වෙයි. පේරාදෙණිය, බණ්ඩාරවෙල, කෑගල්ල, කුරුවිට, බලංගොඩ සහ දෙනියාය වැනි ප්‍රදේශවල බහුලයි. කිපුනුවිට ශරීරයේ පෙර කොටස ඔසවා පුම්බාගනී. එවිට කොරපොතු ඈත් වන අතර ශරීරය රෝස පැහැයක් ගනී. ගෙමිබන්, හූනන් ආදී සතුන් ආහාරයට ගනී.
බෝවීම - බිත්තර මගින් තම වර්ගයා බෝකරයි.
විෂ ක්‍රියා කිරීම - සපාකන ලද ස්ථානයේ වේදනාවක් ඉදිමුමක් ඇති වුවද දින දෙකකින් සුවවේ. සමහර අවස්ථාවන් වලදි කිසිදු හානියක් සිදුවන්නේ නැත.
හෙන කඳයා
සිංහල නම - හෙන කඳයා
ඉංග්‍රීසි නම - Brown Speckled Whip Snake
දෙමළ නම - කොම්බේරි මුකන්
විද්‍යාත්මක නාමය - Ahaetulla palverulentus
කුලය - COLUBRIDAE
හැඩරුවෙන් ඇහැටුල්ලාට සමාන වෙයි. හෙනකඳයාද ඇහැටුල්ලන් ගණයට අයත් සර්ප විශේෂයකි. ඇහැටුල්ලාගේ මෙන් හෙනකඳයාගේ නාසයේදි මස් වැදැල්ලක් පිහිටන අතර එය ඉතා හොඳින් දැක ගත හැක. ශරීරය අළු මිශ්‍ර දුරු පැහැයක් ගන්නා අතර කළු පාට කුඩා ඉරි හරස් අතට දිවෙයි. උදර ප්‍රදේශය වඩා ලා පැහැයක් ගනී. මෙම සර්පයා සෙ.මී 75 – 80 පමණ දිගට වැඩේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ දක්වා වූ ප්‍රදේශයේ ජිවත් වන දුර්ලබ සතෙකි. ශාක හා පදුරු මත ජිවත් වෙයි. හැසිරීම ඇහැටුල්ලාට සමාන වන අතර ආහාරද ඇහැටුල්ලාට සමාන වෙයි.
බෝවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.
මුකලන් තෙලිස්සා
සිංහල නම - මුකලන් තෙලිස්සා
ඉංග්‍රීසි නම - Millard’s hump/nosed viper
විද්‍යාත්මක නාමය- Hypnale nepa
කුලය - VIPERIDAE
ශ්‍රී ලංකාවට අවේණික සර්පයෙකි. ලෝරියල් සිදුරු ඇත. හිස පැතලිය. ත්‍රිකෝණාකාරය. ශරීරයේ පැහැය පොලොන් තෙලිස්සාට සමානය. මෙම සර්පයාගේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඉස්සුන හොමිබක් පිහිටා තිබීමයි. එම හොම්බ මත කොරපොතු වලින් වැසුන කුඩා ගෙඩියක් වැනි මස් වැදැල්ලක් පිහිටයි. අපර ගුද කොරළ 33 – 40ක් පිහිටයි. උදරීයව කොරපොතු 125 – 142ක් ද, ශරීර මධ්‍යයේ එක් වටයකට කොරපොතු 17 ද පිහිටයි. තෙත් කලාපයේ ජීවත්වන සතෙකි.
බොහෝවිට ඉතා ඉක්මණින් කිපෙයි. දෂ්ඨ කරන විට සිරුර දඟරයක්සේ තබාගෙන පැන පැන පහර දෙයි. හිස මදක් ඔසවාගෙන වලිගය සෙමින් සොලවයි. මධ්‍යම විෂක් ඇති සර්පයෙකි. ගෙමිබන්, හූනන් වැනි සතුන් ආහාරයට ගනී.
බෝවීම - ගැබිනි කාලයකින් පසු පැටවුන් බිහි කරයි.
ගැරඬියා
සිංහල නම _ ගැරඬියා
ඉංග්‍රීසි නම_ Rat Snake
දෙමළ නම - සාරෛ පාම්බු
විද්‍යාත්මක නාමය- Ptyas mucosus
කුලය- COLUBRIDE
සෙන්ටිමීටර් මීටර් 150 – 200 පමණ දිගට වැඩේ. ඇස් විශාලව පිහිටන අතර සිරුර සවිමත්ය. ගැරඬියා පෘෂ්ඨීයව කහ දුඹුරු කළු මිශ්‍ර වර්ණයක් ගන්නා අතර උදරීයව අළු හා චොකලට් වර්ණයක් ගනී.
කෝපවුවිට බෙල්ල ඉහලට ඔසවා පිඹිමින් සපා කෑමට උත්සහ දරයි. නිතරම දිව එලියට දමන අතර නිවාස ආශ්‍රිතව දැකගත හැකිවේ. සාමාන්‍යයෙන් මීටර් 2100 දක්වා වූ කඳුකර ප්‍රදේශ දක්වා ව්‍යාප්තව පවතී. ආහාර ලෙස මීයන්, ගෙම්බන්, බිත්තර ක්ෂීරපායින් ආහාරයට ගනී.
බෝවීම - බිත්තර රැකීමෙන් පැටවුන් බිහි කරයි. වරකට බිත්තර 10 - 15 අතර ප්‍රමාණයක් දමයි.
මුදු කරවලා
සිංහල නම - මුදු කරවලා
ඉංග්‍රීසි නම - Ceylon Krait
දෙමළ නම - යෙන්නායි විරියන්
විද්‍යාත්මක නාමය - Bungarus ceylonicus
කුලය - ELAPIDAE
ග්රී ලංකාවට ආවේණික වන මුදු කරවලා තෙත් හා අතර මැදි කලාපයේ පමණක් දැකගත හැකිය. වැඩුන සර්පයා සෙ.මී 100 පමණ වන අතර කළු වර්ණයෙන් යුක්තයි. ශරීරයේ තරමක් ඈතින් ඈතින් මහතිත් වැඩි සුදුපාට තනි තනි මුදු 15 – 20 අතර ප්‍රමාණයක් පිහිටයි.
පසු කාලීනව (සර්පයා වයසට යත්ම) මෙම මුදු නොපෙනි යයි. බඩ ප්‍රදේශය සුදු පැහැයක් ගනී. තරමක් කිපෙන සුළු වුවත් දෂ්ඨ කිරීමට උනන්දුවක් නොදක්වයි. අලස සර්පයෙකි. රාත්‍රී කාලයේ ගොදුරු සොයා යයි. ආහාර ලෙස මීයන් ,සිකනලුන්,සර්පයන් ආහාරයට ගනී.
බොවීම - බිත්තර මගින් පැටවුන් බිහි කරයි.
තෙල් කරවලා
සිංහල නම - තෙල් කරවලා
ඉංග්‍රීසි නම - Common Krait
දෙමළ නම - එට්ටඩි විරියන්
විද්‍යාත්මක නාමය - Bungarus caeruleus
කුලය - ELAPIDAE
තෙල් කරවලාට දිළිසෙන සුළු ශරීරයක් පිහිටා ඇත. මෙම සර්පයාගේ ශරීරයේ තෙල් ගෑවී ඇති ආකාරයට දිලිසෙන බැවින් මෙම නම ලැබී ඇති බව පැවසේ. මෙම සර්පයාගේ ශරීරය කළු පැහැවෙයි.
සමහර විට කළු නිල් පැහැයෙන්ද විය හැකිය ශරීරයේ කළු සහ සුදු තීරුවලින් යුක්තය. මෙම තීරු මුදු ආකාරයක් ගන්නා අතර මෙම මුදු යුගල් බැගින් පිහිටයි. තෙල් කරවලා /මගමරුවා වයසට යත්ම මෙම මුදු මැකීයන අතර මුදු කරවැලාගේ මෙන් මෙම මුදු එතරම් හොඳින් පෙනෙන්නේ නැත.
වැඩුන සතෙකුගේ මෙම ඉරි 40 50 ක් පමණ පිහිටයි. වැඩුන සර්පයෙක් සෙන්ටිමීටර් 135ක් පමණ වෙයි.ශරීරයේ උඩ ප්‍රදේශයේ මැද කොරල පේලිය අනෙක් කොරලවලට වඩා විශාලය. උදරය සුදු පැහැයක් ගනී.
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සහ අතර මැදි කලාපයෙන් වාර්තාවෙයි. තරමක් කිපෙනසුළු සර්පයෙකි. රාත්‍රී කාලයේ ක්‍රියාශීලි වන අතර දෂ්ඨ කිරීමට උනන්දුවක් නොදක්වයි. ආහාර ලෙස සර්පයන්,මීයන්, හුනන් යොදාගනී.
බෝවීම -
බිත්තර මගින් පැටවුන් බෝකරන අතර වරකට බිත්තර 5 – 10ක් පමණ දමයි.
විෂ ක්‍රියා කිරීම -
දෂ්ඨකල ස්ථානය ඉදිමීමක් සහ වේදනාවක් හටගන්නා අතර පද්ධතිමය වශයෙන් ඇස් ඇඳිරිය, උදරයේ යටි ප්‍රදේශයේ වේදනාව, සහ ස්වසන අපහසුතා ඇතිවිය හැකිය.