Indian Kunu Goden

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නෙමේ බං උඹ දන්නවද , ජුහී චවුලගෙ ඔළුවට ඊයෙ රෑ වවුලෙක් ජරා කරලලු. පොඩ්ඩක් සර්ච් කොරල බලද්දි ඒ වවුලෙක්ම නෙමේලු. බැට්මෑන්ගෙ පුතා බැට්සන් ලු:baffled::baffled:

    ඔය තියෙන්නෙ නිවුස් එලනෙ
    තව දාපන් ඔය වගේ නිවුස් හොයාගන්නත් අමරුයි

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සැමදා පුවත් මවන බොලිවුඩයෙන් මෙවර වාර්තා වන්නේ තවත් අපූරු පුවතකි. ප්‍රසිද්ධ ස්ථාන වලදී බොහෝ බොලිවුඩ් තරු අපහසුතාවයට පත්වීම පිළිබඳව විවිධ පුවත් අපට අසන්නට දකින්න‍ට ලැබේ. මෙම පුවතද එසේ සිය ප්‍රෙක්ෂිකාවක නිසා ප්‍රසිද්ධ ස්ථාන‍යකදී අපහසුතාවයට පත්වන්නට සිදුවූ සුපිරි රංගන ශිල්පිණියක පිළිබඳවය. ඇය සරාගී රංගන ශිල්පිණියක ලෙස වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින බිපාෂා බාසුය.

    මීට වසර දෙකකට පමණ පෙර බිපාෂා බාසු පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක පුවතක් වාර්තා විය. ඒ සුපිරි පෘතුගාල් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් කිසියම් සාදයකදී බිපාෂා බාසු සිපගැනීම පිළිබඳ පුවතයි. මෙම සිදුවීම නිසා බිපාෂා හා ඇයගේ පෙම්වතා වන ජෝන් ඒබ්‍රහම් අතර සබඳතාවයට ද යම් බලපෑමක් ඇතිවිය.

    නමුත් මෑතකදී බිපාෂා බාසුට මහත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූයේ ප්‍රසිද්ධ ස්ථානයකදී කාන්තාවක විසින් ඇයව හදිසියේම සිපගැනීම නිසාය. ඇයට මෙම සිදුවීමට මුහුණ පෑමට සිදුව ඇත්තේ විශාල ජනකායක් රැස්ව සිටියදී එම කාන්තාව විසින් බැංගලෝර් ගුවන් තොටුපළේදී බිපාෂාව ප්‍රසිද්ධියේම සිපගෙන තිබේ. බැංගලෝර් ගුවන් තොටුපළේදී නැන්දා කෙනෙකු විත් තමන් පෙරළාගෙන සිපගත් බවත්, වාසනාවට කිසිදු උපද්‍රවයක් නොවී බේරීමට තමන්ට හැකිවූ බවත් බිපාෂා සිය Twitter පිටුවෙහි සඳහන් කර තිබිණි.

    මීට පෙරද බිපාෂාට මෙවැනිම අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. ඒ මෑතකදී අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කුඩා දැරියක විසින් බිපාෂාගේ ඇඟිල්ලක් තදින් සපා කෑම නිසාය. ජනතාවට ආචාර කිරීම සඳහා ඇය නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මෙම දැරිය බිපාෂාගේ දෑතින් ඇද ඇයගේ ඇඟිල්ල සපා කා තිබේ. මෙම සිදුවීම් වලින් පෙනීයන්නේ බිපාෂාට සිය රසිකයින්ට වඩා රසිකාවියන්ගෙන් ප්‍රවේශම්වීමට සිදුවන බවය.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බිපාෂාගෙන් අලුත් බිස්නස් එකක්...

    බිපාෂාගෙන් අලුත් බිස්නස් එකක්...

    බොලිවුඩ් රසික පරපුරේ ප්‍රසාදය දිනාගත් ආකර්ෂණීය රුවක් හිමි තරුවක් තමයි, බිපාෂා බාසු. ඇය නිරතුරුවම පාහේ තමන් රඟපාන චිත්‍රපටවලින් එකිනෙකට වෙනස් ඇඳුම් මෝස්තර රසික රසිකාවියන් වෙත සමීප කරන්නට උත්සාහ ගන්නවා. මේ ඇඳුම් මෝස්තර වඩාත් ම ග්‍රහණය කරගන්නේ රසිකාවියන් බවට සැකයක් නැහැ. ඒ අතරේදීම තවත් වැඩකටත් බිපාෂා ගේ සිත යොමුවෙලා තිබෙනවා. සිනමා ලෝකයට සම්බන්ධ කටයුත්තක් නම් නොවෙයි.

    එය ශරීර සෞඛ්‍යය හා සම්බන්ධ වුණු කටයුත්ත
    bolliwood-1.jpg
    ක්. තමන්ගේ සෞඛ්‍යය රැක ගැනීම පිළිබඳව උනන්දුවක් දක්වන ඉන්දියානුවන් දැන් එන්න එන්නම වැඩිවෙලා. ඒ අය නිතරම ව්‍යායාම්වල යෙදෙන්නට බෙහෙවින් ම කැමැතියි. මේ ව්‍යායාම නිසි අයුරින් කරන්න නම් ඒ වෙනුවෙන් විශේෂ ඇඳුම් පැලඳුම් අවශ්‍ය වෙනවා.


    විශේෂයෙන් ම කායවර්ධනය සඳහා ව්‍යායාම් කරන අයට ම වෙන්වූ ඇඳුම් පැලඳුම් නිර්මාණය වී තිබෙනවා. බිපාෂා බාසු ගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ මේ ඇඳුම් පැලඳුම් අලෙවි කිරීම පිළිබඳවයි. ඇය එවැනි ඇඳුම් පැළඳුම් අලෙවි කරන ස්ථානයක් පසුගිය සතියේ විවෘත කළා.

    ‘Bipasha Basu love your self’ යනුවෙන් මේ වෙළෙඳ සල නම් කර තිබෙනවා. බිපාෂාගේ මේ වෙළෙඳ සලට ලෝක ප්‍රකට කාය වර්ධන ඇඳුම් සහ උපකරණ නිෂ්පාදනය කරන සමාගමක දායකත්වයක් ලැබිලා.

    බිපාෂා, තමන්ගේ අලුත්ම ව්‍යාපාරය ගැන තොරතුරු රසික ජනතාවට දන්වා තිබුණේ අන්තර් ජාලයේ ට්චිටර් වෙබ් අඩවිය ඔස්සේයි. ‘ලෝක ප්‍රකට රීබෝක් සමාගමත් එක්ක එකතු වෙලා මම කාය වර්ධන සහ ව්‍යායාම් වලට භාවිතා කරන ඇඳුම් පැලඳුම් අලෙවි කරන ස්ථානයක් ළඟදී පටන් ගත්තා.

    මම ඒකට දාපු නම තමයි, ‘බිපාෂා බාසු ලව් යුවර් සෙල්ෆ්’ ඔයාලත් එන්න’ බිපාෂා තම ට්විටර් පිටුවෙන් ට්වීට් කර තිබුණේ ඒ අයුරෙන්.

    බිපාෂා මීට කලින් ද කායවර්ධන කටයුතු වෙනුවෙන් ඩී.වී.ඩී. තැටියක් වෙළෙඳ පොළට නිකුත් කර තිබුණා. එහි ඇතුළත් වුණේ ව්‍යායාම් සිදු කළ යුතු නිවැරැදි ආකාරය දක්වන වැඩසටහනක් එම කාර්යයට බිපාෂාට සහයවී තිබුණේ කාය වර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඩීනූ පාන්ඩේ යි.

    “මේ කාලෙ ඉන්දියාවෙ හුඟ දෙනෙකුට අවශ්‍ය වෙලා තියෙන්නෙ තමන්ගේ ශරීර සෞඛ්‍යය රැක ගන්නයි. ඒ නිසා හුඟ දෙනෙක් ව්‍යායාම් කරන්න පෙලඹිලා. ඒ නිසා තමයි මම ඒවාට සම්බන්ධ ව්‍යාපාරයකට හිත යොමු කළේ.” බිපාෂා, ඉන්දීය විද්යුත් මාධ්‍යයකට කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ඒක නෙමේ බං උඹ දන්නවද , ජුහී චවුලගෙ ඔළුවට ඊයෙ රෑ වවුලෙක් ජරා කරලලු. පොඩ්ඩක් සර්ච් කොරල බලද්දි ඒ වවුලෙක්ම නෙමේලු. බැට්මෑන්ගෙ පුතා බැට්සන් ලු:baffled::baffled:

    me tiyenne sira gossip :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සායිෆ් - අම්රිතා යළි එක්වෙයිද?


    saif.jpg

    සායිෆ් අලිඛාන් සහ කරීනා කපූර් ගේ පෙම් සබඳකම නොදන්නා කෙනෙක් නැහැ. සායිෆ්, කරීනාට ළං වුණේ ඔහුගේ විවාහක බිරිඳ අම්රිතා සිං සහ දූ දරුවන් වන සාරා සහ ඊබ්‍රාහීම්ව ද අත්හැර දමලයි. මේ පිළිබඳව එදා බොලිවුඩ් පුරයේ බොහෝ දෙනා කතා කළේ නොසතුටකින්. සායිෆ්, අම්රිතා සහ දරුවන් එක්ක ජීවිතය ගත කරන සමයේදී අසතුටකින් කාලය ගත කළ බවක් කවුරුන්වත් දැන සිටියේ නැහැ. මීට වසර 10 කට පමණ පෙර සායිෆ් ප්‍රකාශ කළේ තමන්ට වඩාත් ම වටින්නේ බිරිඳ සහ දරුවන් ඇසුරෙහි ජීවත්වීම බවයි.


    “මට සිනමා ලෝකයේ වැඩිය මිතුරු මිතුරියන් නැහැ. දෙන්නෙක් තුන් දෙනෙක් විතර ඉන්නවා. ඒ හැරුණාම අනෙක් අයත් එක්ක හිත හොඳින් ජීවත්වෙනවා. අනවශ්‍ය කාලෙට කිසිම කෙනෙක්ව ආශ්‍රය කරන්න යන්නෙ නෑ. චිත්‍රපටයක වැඩ ඉවරවෙලා කෙළින් ම මම යන්නෙ බිරිඳයි දරුවොයි දකින්නයි. ඒක මට හැම දේකටම වඩා වටිනවා.”

    එදා එසේ කියූ සායිෆ්, ඊට වසර කිහිපයකට පසුව අම්රිතා ගෙන් වෙන් වුණා. ඇයගෙන් වෙන්වූ සායිෆ්, ස්විට්සර්ලන්ත ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක වන රෝසා සමඟ පෙමින් බැඳුණා. ඇයත් සමඟ ජීවිතය ගෙවා දැමූ සායිෆ්ට හිටි හැටියේ ම හෘදයාබාධයක් වැළඳුණා. රෝහල් ගතවී ප්‍රතිකාර ලැබූ සායිෆ් අතහැර යන්නට තරම් රෝසා ගේ සිත අකාරුණික වුණා. අසනීප වූ දවස්වල තමන්ව හැරගිය ඇය පිළිබඳව කිසිම කාරණයක් විමසන්නට සායිෆ්ට සිතුණේ නැහැ. ඇය වෙනුවෙන් කඳුළු බිඳුවක් හෝ හෙළන්නට සායිෆ්ට හිත දුන්නේ නැහැ. රෝසා ඒ දවස්වල හෙමින් සීරුවේ ම ස්විට්සර්ලන්තයට මාරු වී ගිය බවයි ආරංචි වුණේ. සායිෆ් - රෝසා වසර 4 ක පෙම් කතාව එලෙස අවසන් වුණා.

    රෝසා ගෙන් වෙන් වී සිටි සායිෆ් ගේ ජීවිතයට ඊළඟට ළං වුණේ කරීනායි. සායිෆ් - කරීනා පෙම් කතාවේ විවිධ අවස්ථා ඉන්දීය සහ ලොව පුරා ජනමාධ්‍යවල විටින් විට පළ වුණා.


    amrita.jpg


    “මම අම්රිතා එක්ක අවුරුදු 13 ක් ජීවත් වුණා. දරුවන් දෙන්නෙකු ගේ පියෙකු වුණා. ඒ ජීවිතයෙන් පස්සෙ මගේ ජීවිතයට වඩාත් ම අමතක නොවන අත්දැකීම් ලැබුවේ කරීනා මට ළං වුණාට පස්සෙයි. කරීනා විවාහ කරගත්තායින් පස්සෙ දුව සාරා, පුතා ඊබ්‍රාහිම් මම කොහොමටවත් අමතක කරන්නෙ නැහැ.” සායිෆ් මෙලෙස ප්‍රකාශ කළේ ඔහු, කරීනාව විවාහ කරගන්නට තීරණය කළ බවට පළ වූ ආරංචි පිළිබඳව අදහස් දක්වමින්.


    “අපි දෙන්නා ඉක්මනටම බඳිනවා.විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ කවදාද කියල ළඟදීම දැනගන්න ලැබේවි” සායිෆ් එවැන්නක් ද ප්‍රකාශ කළා. දින සති මාස ගෙවී අවුරුදු දෙකක් පමණ ගත වුණත් දෙදෙනා ගේ විවාහය සිද්ධ වුණේ නැහැ. මේ කාලයේදී නොයෙකුත් සතුටුදායක පුවත් අසන්නට ලැබුණා. සායිෆ් ගේ දරු දෙදෙනාට කරීනා පුදුමාකාර ළෙන්ගතුකමක් දක්වන බවත්, ඔය අතරින් දැනගන්නට ලැබුණා.

    කාලය තවත් ටිකක් ගෙවී ගියා. පසුගිය සතියේ දී බොලිවුඩ් පුරයෙන් අසන්නට ලැබුණේ එතෙක් අසන්නට ලැබුණු ආරංචිවලට වඩා වෙනස් දෙයක්. කරීනා, සායිෆ් ගේ දරුවන් සමඟ ඇසුරක් පවත්වන්න අකැමැති බවයි එයින් කියැවුණේ. කරීනා නිවසේ සිටින විට දී සාරා සහ ඊබ්‍රාහිම් එහි පැමිණියහොත් කරීනා ඔවුන් මග හැර යන බවත් කියැවුණා. කරිනා, මේ දරු දෙදෙනාත් එක්ක වචනයක් හෝ කතා කරන්නට දැන් කැමැත්තක් දක්වන්නේ නැතිලු.

    මීට සති කිහිපයකට උඩ දී සාෆිෆ් සහ කරීනා විදේශ සංචාරයකට එක්වී සිටියා. ඔවුන් දෙදෙනා ගියේ මොරොක්කෝවටයි. සායිෆ් නිෂ්පාදනය කරන ‘ඒජන්ට් විනෝද්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කිහිපයකටයි ඔවුන් දෙදෙනා එරටට ගොස් සිටියේ. ඉක්මනින් ම චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කළ සායිෆ්, කරීනා සමඟ ඉන්දියාවට පැමිණියේ තවත් ගමනකට දින යොදා ගෙනයි. ඒ ලන්ඩන් නුවරට යන්නටයි. සායිෆ් ගේ බිරිඳ සහ දරුවන් මේ වනවිට වෙසෙන්නේ ලන්ඩන් නුවරයි. පසුගිය සතියේ ලන්ඩන් වෙත ගිය සායිෆ්, තම බිරිඳ සහ දරුවන් සමඟ දින කිහිපයක් ම ඉතාමත් සතුටින් කාලය ගත කළ බවයි බොලිවුඩ්පුරයෙන් දැනගන්නට ලැබුණේ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ සායිෆ් ගේ හිතවතුන් පවසා තිබුණේ සායිෆ් ගේ පිය සෙනෙහස තවමත් නොනිවී දැල්වෙමින් පවතින බවයි. එය ඇත්තක් නම් ඔහු තුළ අම්රිතා වෙනුවෙන් එදා පැවැති සෙනෙහස නැවතත් දැල්වේවි දැයි බොහෝ දෙනෙකු විමසනවා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජෝන් ඒබ්‍රහම් හිරගෙට


    විවිධ වූ වැරදි ක්‍රියාවන් නිසා නීතියෙන් දඬුවම් නියම වූ බොලිවුඩ් නළු නිළියන් ගැන අපට විවිධ අවස්ථා වලදී අසන්නට දකින්නට ලැබේ. සංජේ දත්, සල්මන් ඛාන්, අජය දෙව්ගන් එවැනි නළුවන් කිහිපදෙනෙකි. වැරදි හැසිරීමක් නිසා නීතියෙන් දඬුවම් නියම වූ තවත් නළුවෙක් පිළිබඳ පුවතක් මෑතකදී අසන්නට ලැබිණි. ඔහු කඩවසම්, සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම්ය.

    1258636649_4fhma86h.jpg


    පසුගිය දිනෙක ඔහුට අධිකරණය ඉදිරියෙහි පෙනී සිටීමට සිදුවූයේ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව නිසාය. අදාළ චෝදනාවට වරදකරු බවට තහවුරු වීම නිසා ජෝන් ඒබ්‍රහම් දින 15 ක සිර දඬුවමක් හා රුපියල් 1500 ක දඩ මුදලක් නියමවිය. ජෝන් යතුරු පැදි වලට මහත් සේ ඇලුම් කරන බව ඔහුගේ රසික රසිකාවියන් පවා දන්නා කරුණකි. ජෝන්ට මෙවැනි දඬුවමක් නියමව ඇත්තේද ඔහු සිය යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරක් නිසාය.

    1412754002_pxyr7un5.jpg


    ඔහුගේ යතුරු පැදිය වෙනත් පා පැදියක ගැටීම නිසා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇත. එසේ අනතුරට පත්ව ඇත්තේ 19 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. මෙම අනතුර සිදුව ඇත්තේ 2006 වසරේ අප්‍රේල් මාසයේදීය. අදාළ දඩ මුදල ජෝන්ගේ නීතිඥයින් විසින් වහාම ගෙවා ඇති අතර ඔහුට ඇප නියම කරන මෙන්ද ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය. එම ඉල්ලීමට අවසර ලැබී ඇති බව ද වාර්තා වේ.

    1236255709_hn35n9lr.jpg


    සාමාන්‍යයෙන් පොදු මාර්ගයක අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම නිසා අනතුරු සිදුකිරීම සම්බන්ධව ඉන්දීය නීතියට අනුව හිමිවන දඬුවම මාස 06 ක සිර දඬුවමකි. අනතුරින් පසුව ජෝන් අදාළ ස්ථානයෙන් ඉවත්ව නොගොස් අනතුරට පත් පා පැදිකරු වහා රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කර ඔහුගේ අවශ්‍යතා පිළිබඳව විමසා බැලීම නිසා අධිකරණය ඔහු වෙත තරමක් අනුකම්පා කර ඇති බව පෙනීයයි.

    735825563_john-abraham-wallpaper.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විවේක් මධු සමය කල්දමයි


    ලෝක රූ රැජිනක මෙන්ම සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිණියකද වන ඓයිශ්වර්යා රායි හා ප්‍රේමයෙන් බැදුණු බවට කටකතා පැතිරුණු තවත් බොලිවුඩ් රංගන ශිල්පියෙකු ලෙස විවේක් ඔබ්රෝයි හැඳින්විය හැකිය. නමුත් එම පෙම් පුවතද ඉතා ඉක්මනින් අවසන් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. පසුව ඓශ්වර්යා රායිගේ අත හිමිවූයේ අභිෂේක් බච්චන් හටය. එතැන් සිටි විවිධ තරුණියන් සමග නම ඈඳුණ ද විවේක් ආදරය සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය.

    1981893641_0y1fte6h.jpg


    එම නිහඬ බව බිඳිමින් පසුගියදා විවේක් ඔබ්රෝයි හදිසියේම විවාහ වීමට තීරණය කිරීම පිළිබඳ පුවත අසන්නට ලැබිණි. ඔහුගේ විවාහවීමට තීරණය කර ඇත්තේ බැංගලෝර යුවතියක වූ 28 හැවිරිදි ප්‍රියංකා අල්වා සමගය. නමුත් වෙනත් නළු නිළියන් මෙන් සිය විවාහය පිළිබඳව සැඟවීමට විවේක් උත්සාහ නොදැරීය. සිය ආදරවන්තිය පිළිබඳවත් විවාහය පිළිබඳවත් රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක් අතරතුර විවේක් ප්‍රසිද්ධියේම සඳහන් කර තිබිණි.

    1812693082_priyanka-alva-vivek-oberoi.jpg


    සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් ඉතා දැවැන්ත පිළිගැනීමේ උත්සවයක් මුම්බායි නගරයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එහිදී විවෙක් පවසා තිබේ. එමෙන්ම එහි ආහාර සැකසුම් කටයුතු සඳහා ලොව පුරා සිටින විවිධ සූපවේදීන් සහභාගි වීමට නියමිතය. විවාහ මංගල උත්සවය බැංගලෝර් නගරයේදී පැවැත්වීමට ද විවේක් සහ ප්‍රියංකා තීරණය කර ඇති බව සඳහන්ය. විවේක්ගේ මනාලිය වන ප්‍රියංකා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිණියක ද වන අතර ඇය කර්නාටක අමාත්‍ය ජීවරාජ් අල්වා හා සමාජ සේවිකාවක වන නන්දිනී අල්වාගේ දියණියය.

    962939852_7kp454uh.jpg


    නමුත් විවාහ වූ විගසම සිය මධු සමය සඳහා සංචාරයක නිරතවීමේ අදහස කල් දැමීමට විවේක් තීරණය කර ඇති බව ද වාර්තා වේ. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන රක්ත චාරිත්‍ර චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු නිසා කාර්යබහුල කාලයක් ගත කිරීම ඊට හේතු වී ඇත. නමුත් නොවැම්බර් මාසය පමණ වන විට ඒ සඳහා කාලය එළඹෙනු ඇති බවට ද විවේක් විශ්වාසය පළ කර තිබේ. එමෙන්ම මුහුදේ කිමිදීමට ප්‍රියංකා දක්වන ඇල්මත්, අහසේ ගුවන්යානා පැදවීමට තමන් දක්වන කැමැත්තත් අනුව සිය මධු සමය සඳහා කුමන සංචාරයක් තෝරාගන්නේ ද යන්න තීරණය වනු ඇති බව ද විවේක් සඳහන් කර ඇත.

    41703659_snsdfope.jpg


     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ඒක නෙමේ බං උඹ දන්නවද , ජුහී චවුලගෙ ඔළුවට ඊයෙ රෑ වවුලෙක් ජරා කරලලු. පොඩ්ඩක් සර්ච් කොරල බලද්දි ඒ වවුලෙක්ම නෙමේලු. බැට්මෑන්ගෙ පුතා බැට්සන් ලු:baffled::baffled:

    :D :D :D :D