නොවටිනා_දේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නොවටිනා දේ

    ඔය හොරු ගෙදර තිබුණු වටිනා බඩු මුට්ටු මොනවා හරි අරගෙන ගිහින් තිබුණද? තම නිවෙස හොරු බිීඳීමේ හේතුවෙන් පැමිණිල්ලක් කිරීමට පොලිසියට ගිය ලක්ෂ්මන් ගෙන් සාජන් තැන ඇසුවේ මූලික විස්තර සටහන් කර ගැනීමෙන් අනතුරුව ය.
    “වටිනා කියන දේවල් වලට උන් අත තියලා තිබුණෙ නැහැ. ගෙනහිල්ලා තිබුණේ අපේ ගෙදර උන්දෑව විතරයි...” ලක්ෂ්මන් කීවේය.
     
    • Like
    Reactions: BLACK MONEY

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉස්සර වුණේ කවුද?

    ඉස්සර වුණේ කවුද?

    කිසියම් රෝගයකින් පීඩා විඳින තම ගවයා සුවපත් කර ගැනීම පිණිස තේගිරිස් පශු වෛද්‍යවරයකු හමු විය.
    “මෙන්න මේ බේත රෑට, ඌට පොවන්න ඕනෙ. පත්තර පිටුවකින් බම්බුවක් හදලා, ඒකෙ එක කොනක් ගොනාගෙ කටට ඇතුල් කරලා, බම්බුවට බෙහෙත් කුඩු දාලා අනික් කොනෙන් පිඹින්න. එතකොට බෙහෙත උගෙ උගුරටම වැටේවි.” පශු වෛද්‍යවරයා උපදෙස් දෙමින් කීවේය.
    පැය කීපයකට පසු දරුණු කැස්සක් සහිතව තේගිරිස් පශු වෛද්‍යවරයා හමුවේ පෙනී සිටියේ ය.
    “ඇයි මොකද වුණේ? ඔහේ මම කිව්ව විදියට ගොනාට බෙහෙත දුන්නෙ නැද්ද?” වෛද්‍යවරයා පුදුමයට පත්ව ඇසීය.
    “දොස්තර මහත්තයා කියපු විදියටම කළා. ඒත් මම බම්බුවට පිඹින්න කලින් ගොනා පිම්බා” තේගිරිස් මහත් අසීරුවෙන් පිළිතුරු දුන්නේ ය.

    • Like
    Reactions: Climax

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලෝක වාර්තාව

    ලෝක වාර්තාව

    “මිස්ටර්ට නොසෑහෙන්න උණ තියෙනවා” හදිසියේ ගිලන්ව තමා වෙතින් ප්‍රතිකාර ලැබීමට පැමිණි මලල ක්‍රීඩකයා හොඳින් පරීක්ෂා කර බැලූ වෛද්‍ය ගුණසේකර කීවේය.
    “කීයට වගේ ද ඩොක්ටර්?” ක්‍රීඩකයා වහා විමසීය.
    “උණ එකසිය දහයට නැඟලා” දොස්තර කීවේය.
    “හැබෑට, ඒකෙ ලෝක වාර්තාව කීයද ඩොක්ටර්” ලොකු උනන්දුවක් දක්වමින් මලල ක්‍රීඩකයා විමසීය.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකනෙ පැරදුණේ

    ඒකනෙ පැරදුණේ

    “මම ඡන්දෙන් පැරදුණේ ඡන්ද ගණන් කරපු නිලධාරීන්ගෙ වැරැද්ද හින්දා” රෝහිත මන්ත්‍රීතුමා කීවේ තමා වටකොට සිටි හිතවතුන් දෙස බලමිනි.
    “ඒ කියන්නෙ සර් ඒ ගොල්ලො ඡන්ද වැරදියට ගණන් කළා ද?” මන්ත්‍රීතුමාගේ ජයග්‍රහණය පතා බොක්කෙන් ම වැඩ කළ පච්ච සිරා ඇසුවේ ඉනේ සඟවා සිටි පිහියට අත තබමිනි.
    “වැරදියට ගණන් කළා නං මම දිනුම්නෙ බං” මන්ත්‍රීතුමා කීවේ දොම්නසිනි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නීති ආරක්ෂණය

    නීති ආරක්ෂණය

    “ඇයි තාත්තෙ පිරිමින්ට එක ගෑනියෙකුට වඩා කසාද බඳින්ඩ බැරි? පුවත්පත බලමින් සාලයේ හාන්සි පුටුවේ දිගා වී සිටි හේමන්ත වෙත පැමිණි පුතා ඔහුගෙන් විමසීය.
    “උඹට තව ටිකක් ලොකු වුණාම ඒක හොඳට තේරේවි පුතේ. තමන්ට තමන්වම පාලනය කර ගන්ඩ බැරි වුණාම නීතියෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරනවා.”
    හේමන්ත තම පුතාට පැහැදිලි කළේ චම්පා සාලයට පැමිණේ දැයි හොරැහින් බලමිනි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එයා ආවද?

    එයා ආවද?

    මංජුල ගේ තුන් වැනි බිරිඳ ද අකාලයේ ම මිය ගියා ය. එම මළ ගෙදරට තම සැමියා සහභාගි වීමට අදහස් නොකරන බවත් දුටු චන්ද්‍රසේන ගේ බිරිඳ මෙසේ ඇසුවා ය.
    “එක කන්තෝරුවේ එකම අංශයක වැඩ කරන කෙනෙකු ගෙ පවුල මැරිලා නොගොහින් ඉන්න එක හොඳ නෑ නේද චන්දරේ.”
    “මංජුල ගෙ කලින් වයිෆ්ලා දෙන්නාගෙම මරණ වලට මංජුලගෙ ගෙදරට මම දෙපාරක් ම ගියානෙ. කෝ එහෙම දේකට මංජුල ආවද එක පාරක්වත් මේ ගෙදරට’ ඉතින් මොකටද අයිසෙ මම තවත් එහෙ යන්නෙ?” චන්ද්‍රසේන කීවේ නෝක්කාඩු ස්වරයකිනි.

    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර වුණේ කවුද?

    කිසියම් රෝගයකින් පීඩා විඳින තම ගවයා සුවපත් කර ගැනීම පිණිස තේගිරිස් පශු වෛද්‍යවරයකු හමු විය.
    “මෙන්න මේ බේත රෑට, ඌට පොවන්න ඕනෙ. පත්තර පිටුවකින් බම්බුවක් හදලා, ඒකෙ එක කොනක් ගොනාගෙ කටට ඇතුල් කරලා, බම්බුවට බෙහෙත් කුඩු දාලා අනික් කොනෙන් පිඹින්න. එතකොට බෙහෙත උගෙ උගුරටම වැටේවි.” පශු වෛද්‍යවරයා උපදෙස් දෙමින් කීවේය.
    පැය කීපයකට පසු දරුණු කැස්සක් සහිතව තේගිරිස් පශු වෛද්‍යවරයා හමුවේ පෙනී සිටියේ ය.
    “ඇයි මොකද වුණේ? ඔහේ මම කිව්ව විදියට ගොනාට බෙහෙත දුන්නෙ නැද්ද?” වෛද්‍යවරයා පුදුමයට පත්ව ඇසීය.
    “දොස්තර මහත්තයා කියපු විදියටම කළා. ඒත් මම බම්බුවට පිඹින්න කලින් ගොනා පිම්බා” තේගිරිස් මහත් අසීරුවෙන් පිළිතුරු දුන්නේ ය.

    Gon Partz BAnZ...........
    Oya Gvmt Paththara karayoooooooo Creative nehe..
    Un MATTO
    UMBA tawath OWA dala PACHAAAAAA NOweeeee INNA balapan
    Sirawata GONZ PATRZ..........
    මූටද කොහෙද ඔය විදියට බෙහෙත් දෙන්න ගිහින් තියෙන්නෙ :P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නොවටිනා දේ

    ඔය හොරු ගෙදර තිබුණු වටිනා බඩු මුට්ටු මොනවා හරි අරගෙන ගිහින් තිබුණද? තම නිවෙස හොරු බිීඳීමේ හේතුවෙන් පැමිණිල්ලක් කිරීමට පොලිසියට ගිය ලක්ෂ්මන් ගෙන් සාජන් තැන ඇසුවේ මූලික විස්තර සටහන් කර ගැනීමෙන් අනතුරුව ය.
    “වටිනා කියන දේවල් වලට උන් අත තියලා තිබුණෙ නැහැ. ගෙනහිල්ලා තිබුණේ අපේ ගෙදර උන්දෑව විතරයි...” ලක්ෂ්මන් කීවේය.

    :lol::lol::lol:ගෑනු හොරෙක්
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    ඉස්සර වුණේ කවුද?

    කිසියම් රෝගයකින් පීඩා විඳින තම ගවයා සුවපත් කර ගැනීම පිණිස තේගිරිස් පශු වෛද්‍යවරයකු හමු විය.
    “මෙන්න මේ බේත රෑට, ඌට පොවන්න ඕනෙ. පත්තර පිටුවකින් බම්බුවක් හදලා, ඒකෙ එක කොනක් ගොනාගෙ කටට ඇතුල් කරලා, බම්බුවට බෙහෙත් කුඩු දාලා අනික් කොනෙන් පිඹින්න. එතකොට බෙහෙත උගෙ උගුරටම වැටේවි.” පශු වෛද්‍යවරයා උපදෙස් දෙමින් කීවේය.
    පැය කීපයකට පසු දරුණු කැස්සක් සහිතව තේගිරිස් පශු වෛද්‍යවරයා හමුවේ පෙනී සිටියේ ය.
    “ඇයි මොකද වුණේ? ඔහේ මම කිව්ව විදියට ගොනාට බෙහෙත දුන්නෙ නැද්ද?” වෛද්‍යවරයා පුදුමයට පත්ව ඇසීය.
    “දොස්තර මහත්තයා කියපු විදියටම කළා. ඒත් මම බම්බුවට පිඹින්න කලින් ගොනා පිම්බා” තේගිරිස් මහත් අසීරුවෙන් පිළිතුරු දුන්නේ ය.

    mekanam niyamai :D hikzzzz