නොමිලේ phone එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙන්න මේපාර පොන් එක දෙන්නෙ මේකෙන් ජයග්‍රහණය කරන කෙනාට

    මේකයි කරන්න ඕනෙ
    ඔයාල දන්නවනෙ මව් සෙනෙහස ගැන කියල නිමකරන්න බෑ. ඒතරමට මව් සෙනෙහස අනන්තයි, අප්‍රමාණයි.

    අහස වගේ මව් සෙනෙහස
    කියන මාතෘකාව ගැන ඔයාලගෙ ලස්සන නිර්මාණ මෙතන පෝස්ට් කරන්න හොදම එකට මම දෙනව
    මෙන්න මේ ජාතියේ මොබයිල් පොන් එකක්
    nokia-1209-1.jpg

    ලබන සදුද වෙනකල් ඔයාලට කැමති නිර්මානයක් ඉදිරිපත් කරන්න පුලුවන් මෙන්න මේ වගේ

    උදාහරණ 1
    [FONT=&quot]රෑදහවල්[/FONT]
    [FONT=&quot]දුක් කදුළැල්[/FONT]
    [FONT=&quot]පොළවට හෙලුවයි[/FONT]
    [FONT=&quot]අම්මා....[/FONT]
    [FONT=&quot]ඒ කදුළින්[/FONT]
    [FONT=&quot]මුලු ලෝකය[/FONT]
    [FONT=&quot]පිරුණයි සිසිලෙන්[/FONT]
    [FONT=&quot]පෙම්මා....[/FONT]
    [FONT=&quot]අහස වගේ[/FONT]
    [FONT=&quot]මව් සෙනෙහස[/FONT]
    [FONT=&quot]නැත නිම්මා....[/FONT]
    [FONT=&quot]සිත් පිත් නැති [/FONT]
    [FONT=&quot]දරුවනි ඇයි[/FONT]
    [FONT=&quot]මහ මග තනි කළෙ[/FONT]
    [FONT=&quot]අම්මා...
    (උපුටා ගැනීම http://apeadaraya.blogspot.com/2010/05/blog-post.html)

    [/FONT]​
    උදාහරණ 2
    http://www.elakiri.com/forum/showthread.php?t=865278

    උදාහරණ 3
    srimeth02.jpg

    srimeth02.jpg

    තරග නීති

    **එක් අයෙකුට ඉදිරිපත් කල හැක්කේ එක් නිර්මාණයක් පමණි
    **ලබන සදුදා 2010. 11. 01 දින දක්වා නිර්මාන ඉදිරිපත් කල
    හැකියි.
    **අවම පෝස්ට් 100 ය ඉක්මවූ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය යුතුයි
    ** නිර්මාන නැවත සැකසීම Edit කල හැක

    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    oka dan thoranne kauda? hodama eka
    උඹ පණ්ඩිතයා වෙන්නේ නැතුව ඇතුලු වෙයන්කෝ තරඟෙට:lol::lol:
    මේක කරන වතිලයා නොහොත් වෙදා රට කාලා වතුර බීපු එකෙක්.. උඹේ නිසදැසක් තෝරන්න බැරිද බං ඕකට:lol::lol:

    ඇත්තටම මූ පෝල් එකක් දාලා තමයි තෝරන්නේ:lol::lol::P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කියල වැඩක් නෑ බං......
    උඹට ඔය තරම්ම සල්ලි වැඩිද බං:rolleyes:
    පෝල් දාන්නේ නැතුව ඔන්න ඕක කූරියර් කරපන් මට:rofl::P
    උඹ කලින් එක අරූට කූරියර් කලාද..ඌව කූරියා ගැස්සෙව්වද:lol: එදායින් පස්සෙම දකින්න නෑනේ:dull::P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹට ඔය තරම්ම සල්ලි වැඩිද බං:rolleyes:
    පෝල් දාන්නේ නැතුව ඔන්න ඕක කූරියර් කරපන් මට:rofl::P
    උඹ කලින් එක අරූට කූරියර් කලාද..ඌව කූරියා ගැස්සෙව්වද:lol: එදායින් පස්සෙම දකින්න නෑනේ:dull::P
    ඒකනෙ බං මූට මොකද උනේ ඒක හදන්න හැම තැනම අවිදිනව ඇති
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනෙ බං මූට මොකද උනේ ඒක හදන්න හැම තැනම අවිදිනව ඇති
    :lol:උඹ කට්ට කන්න බැරිම තැන තමයි නේද ඕක අරූට දුන්නේ:shocked::lol::lol:
     
    kingdewi

    Well-known member
  • තුන්පත් පැදුරේ රටා මැවෙනකොට- බලන් ඉන්න හරි ආස හිතෙනවා
    පේලි තීර වල ලියකම් මල්කම්- ඔබෙ දෑඟිලි තුඩ'ඟින් ගිලිහෙනවා
    ගත වියපත් මුත් සිත වියපත් නෑ- දෙනෙතේ අදිටන තවම තියෙනවා
    අම්මේ නුඹේ දෑ ඟිලි වල පිහිටෙන්- දරු පැටවුන් කුසගින්න නිවෙනවා

    වෙවුලන අතැඟිලි සැලෙනා තාලෙට-පැදුරේ තුන්පත් රටා මැවුනිදෝ
    ලියකම් මල්කම් පාට වැටෙනුයේ- නුඹේ කඳුලු ලේ වල පැහැයෙන්දෝ
    ලොවට රජුන් රජ කුමරුන් වැඩියේ-නුඹේ දිරිය සුසුමකින්ම නේදෝ
    අම්මේ නුඹ හට වරම් ලැබෙනුයේ- ලොවට උතුම් බුදු බවට නොවේදෝ..\\

    -ඉන්දික\kingdewi
    (මෙය ගී පදමාලාවකි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කලෙමි)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    තුන්පත් පැදුරේ රටා මැවෙනකොට- බලන් ඉන්න හරි ආස හිතෙනවා
    පේලි තීර වල ලියකම් මල්කම්- ඔබෙ දෑඟිලි තුඩ'ඟින් ගිලිහෙනවා
    ගත වියපත් මුත් සිත වියපත් නෑ- දෙනෙතේ අදිටන තවම තියෙනවා
    අම්මේ නුඹේ දෑ ඟිලි වල පිහිටෙන්- දරු පැටවුන් කුසගින්න නිවෙනවා

    වෙවුලන අතැඟිලි සැලෙනා තාලෙට-පැදුරේ තුන්පත් රටා මැවුනිදෝ
    ලියකම් මල්කම් පාට වැටෙනුයේ- නුඹේ කඳුලු ලේ වල පැහැයෙන්දෝ
    ලොවට රජුන් රජ කුමරුන් වැඩියේ-නුඹේ දිරිය සුසුමකින්ම නේදෝ
    අම්මේ නුඹ හට වරම් ලැබෙනුයේ- ලොවට උතුම් බුදු බවට නොවේදෝ..\\

    -ඉන්දික\kingdewi
    (මෙය ගී පදමාලාවකි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කලෙමි)

    Very nice one! :)