අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති.මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි. එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.
අදත් කට්ටියට පොඩි දැණුවත් කිරීමක් කරලා යන්න කියලා හිතුවා අපේ තවත් පැරණි සාමාජිකයෙක් ගැන. අද මේ කියන්න යන්නේ අපේ chamikawp සහෝදරයා ගැන.
![]()
මෙයා ගැන කියනවා නම්, මෙයා සතියට ඔෆිස් එකේ වැඩ කරන පැය ගානට වඩා OT පැය ගාන වැඩියි. කොයි වෙලේ බැලුවත් OT OT. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයෝ ගාල්ලේ යනවා නම් ඉස්සෙල්ලාම කියන්නේ මෙයාට තමා. විශේෂයෙන් මෙයා කපල්ස් වලට ගොඩක් උදවු කරනවා. එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්. ඒ ඔක්කොම FOC තමා. ඒ වගේම ගාල්ලේ කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක්. ඒත් අපේ චාමිකට ගාල්ලේ කොටුවට පෙම්වතුන් ගෙනියන්න විශේෂ අවසරයක් තියනවා කියලා ආරංචි උනා. පසුගිය දවසකත් අපේ ප්‍රසිද්ධ එලකිරි සාමාජිකයෙක් තම පෙම්වතිය සමඟ ගාල්ලේ ගිය වෙලේ චාමික බොක්කෙන්ම සප් එක දුන්නා කියලා ආරංචියක් ආවා.
ඒ වගේම ගාල්ලේ උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකේ වෙනකන් ඕනෑම එකක් හදාගන්න යනවා නම් යන්න ඕනෑ මෙයා ගාවට තමා. දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.
ඒ වගේම තමයි සයිට් එකේ වැඩක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මෙයා සූදානම්. හදිස්සියේ මොකක් හරි ත්‍රෙඩ් එකකට පොටෝ එක් අරගෙන එවන්න කියලා කිව්වත් නිවාඩු දාගෙන හරි ගිහිල්ලා වැඩේ කරන්න මෙයා රෙඩි පිට ඉන්නේ.
චාමිකට තියනවා බයිසිකලයක්.
![]()
මුගේ ගෙදර ඉඳලා ඔෆිස් එකට එන්න මූට යන්නේ විනාඩි 05යි. ඒ උනාට 7:30 ට වැඩ පටන් ගන්න ඔෆිස් එකට ගෙදරින් එනවා මූ 7ට විතර. ඉස්කෝල ටයිම් එකනේ. බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.
![]()
ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා.![]()
මේ ඔක්කොම දේවල් අස්සේ චාමික ඕං හිමින් හිමින් පෝස්ට් 2000 ගහන්න යන්නේ. 2008 එලකිරි අඩවියට එකතු වෙච්ච මේ සහෝදරයා හිමින් හිමින් 2000 ගැහුවත් තව තව වැදගත් ත්‍රෙඩ්ස් දාන්නත් වැඩි වැඩියෙන් තැපැල් කෑලි ගහන්නත් ලැබේවා කියලා අපි සුභපතමු.
![]()





adoo perera mada gahanna epa
uba dannawane mokadda reason eka kiyala
congratzzz chamika
keep posting





මේ මොකෝ මේ මූට තද වෙලා තියෙන්නේ. උඹ මේ මම ත්‍රෙඩ් එකේ කියලා තියන මොකක් හරි දේකට සම්බන්ධද?![]()





ත්‍රෙඩ්ඒකට අදාල නැති උනාට මඩගහන්න එපා.
13,14 මොකද වෙන්නේ ඔහොම මඩ ගැහුවොත් වැඩේ අවුල් වෙයි![]()


චාමිකගේ උපන්දිනේ 14නේ. එදාට බොන්න සැට් වෙනවා.
ඔන්න එහෙනම් මම කියනවා බෝට්ටුවේ ගිය හැටි ජෝඩුවක්![]()



චාමිකගේ උපන්දිනේ 14නේ. එදාට බොන්න සැට් වෙනවා.
ඔන්න එහෙනම් මම කියනවා බෝට්ටුවේ ගිය හැටි ජෝඩුවක්![]()





