අට_විසි_බුදුවරු_සහ_අට_විසි_බෝධීන්_වහන්සේල&#353

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අට_විසි_බුදුවරු_සහ_අට_විසි_බෝධීන්_වහන්සේලš

    අට විසි බුදුවරු


    misunderstandingBuddhism.jpg


    බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් මියැන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. ගෞතම බුදුන් දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබන විට බුදුවරුන් විසි අට දෙනා බුද්ධත්වයට පත් වී සිටියහ. බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව 29 වෙනි බුදුවරයා වන්නේ මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේය.


    1.තණ්හංකර
    2.මේධංකර
    3.සරණංකර
    4.දීපංකර
    5.කොණ්ඩඤ්ඤ
    6.මංගල
    7.සුමන
    8.රේවත
    9.සෝභිත
    10.අනෝමදස්සී
    11.පදුම
    12.නාරද
    13.පදුමුත්තර
    14.සුමේධ
    15.සුජාත
    16.පියදස්සි
    17.අත්ථදස්සි
    18.ධම්මදස්සි
    19.සිද්ධත්ථ
    20.තිස්ස
    21.ඵුස්ස
    22.විපස්සි
    23.සිඛි
    24.වෙස්සභු
    25.කකුසඳ
    26.කෝනාගම
    27.කස්සප
    28.ගෞතම


    අට විසි බෝධීන් වහන්සේලා


    sribodhismall.JPG


    තණ්හංකර, මේධංකර, සරණංකර ආදී වශයෙන් අට විසි නමක් වන බුදු රජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වීමේදී පිටදුන් ශාක, එහෙමත් නැතිනම් ඒ ඒ බුදුන් වහන්සේලාගේ ශාසනයේදී බෝධි වෘක්ෂ ලෙසින් වන්දනයට පාත්‍ර වුණ අට විසි බෝධීන් වහන්සේලා ගැනයි මෙම ලිපියෙන් තොරතුරු හෙළි කරන්නෙ. අට විසි බෝධීන් ගැන සඳහන් ප්‍රධාන මූලාශ්‍ර ලෙස බෝධිවංශය සහ සූත්‍ර පිටකය හඳුන්වන්න පුළුවන්.

    ඓතිහාසික මූලාශ්‍රවලට අනුව සල්, නා වැනි වෘක්ෂ කිහිපවරකදීම බුදුන් වහන්සේලාට බුද්ධත්වයේදී සෙවනදී ඇති බැවින් බෝධීන් ලෙස සැලකෙන ශාක, ගණනින් 22 කි. මෙම ශාක විශේෂ 22, ශාක කුල 7කට අයත් අතර ඉන් දෙකක් (ඇටඹ, හොර) ශ්‍රී ලංකාවට ආවේණික ශාක වීමද විශේෂත්වයකි. මෙම බෝධි වෘක්ෂයන් අතරින් නුග, අට්ටික්කා වැනි ශාකයන් නියං කාලයන්හිදී වුවද පරිසරයේ සතුනට ආහාර සපයමින් පැවතීම වැදගත්ය. ලංකාවේ ඕනෑම පලාතක වැවෙන මෙම ශාක පවතින ප්‍රදේශ වල ඉහල ජෛව විවිධත්වයක්ද පවතී. එමෙන්ම මෙම බෝධි වෘක්ෂයන්ගෙන් බොහොමයක් රෝග පීඩා වලට ප්‍රතිකාර කිරීමටද යොදාගනු ලැබේ. මෙම ශාක විශේෂ බොහොමයක් ඉන්දියාවේ උතුරු කොටසේ සහ නේපාලයේ ස්වභාවික වනාන්තර වල දක්නට ලැබේ. අටවිසි බෝධින් වහන්සේලා රෝපණය කොට, බෝධිපූජා සඳහා විශේෂ අටවිසි බෝ මළුවක් රාගම ඉහළගම පිහිටි සුගතාරාමයේ නිර්මාණය කර ඇත.

    >>>>>
    [URL="http://dutugemunu.wordpress.com"]>>>>>
    [/URL]


    bodiya.jpg


    mumbai.jpg


    බුදු සරණයි​
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Pannipitiya -kottawa athare parana paare pihiti pansaleth Atawisi budunge bodheen wahansela ropanaya kara thiyenawa.