Indian Kunu Goden

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කට්රිනා - ඉම්රාන් ‘ඩාබා’වලට වහවැටිලා චිත්‍&#3

    කට්රිනා - ඉම්රාන් ‘ඩාබා’වලට වහවැටිලා


    av10102422-2.jpg
    චිත්‍රපටයක රූපගත කිරීමක් අතරතුරදී ලැබෙන විරාමයක් එහි රඟන නළු නිළියන්ට හුඟාක් වටිනවා. ඒ වුණත් තමුන්ට ඕනෑ හැටියට ඒ විවේක කාලය ගතකරන්න අවස්ථාවක් ඒ අයට ලැබෙන්නෙ නැහැ.
    ඒ හේතුව නිසා සමහරු, චිත්‍රපටයක රූපගත කිරීම් නිමවූ සැණින්ම තම තමන්ගේ ගමන් බිමන්වල යෙදෙන්නයි උත්සුක වෙන්නේ. ඔය අතරේ ‘විශේෂ’ හිතවත්කම් ගොඩනඟාගත්ත සමහර නළු නිළියෝ තමන් සිත්ගත්ත ප්‍රදේශ නරඹන්නටත් යනවා. ඒ ගමන්වලට එකතු වෙන්න පුළුවන් වෙන්නේ ඒ රූපගත කිරීම් සුන්දර දසුන් තිබෙන පරිසරවල රූපගත කිරීම් සිදුවුණොත් විතරයි.
    සුන්දර දසුන් දස අත පැතිරී තිබෙන උතුරු ඉන්දියාවේ කඳුකර ප්‍රදේශවල පසුගිය මාස කිහිපය තුළ රූපගත කෙරුණු චිත්‍රපටයක් තමයි, ‘මේරෙ බ්‍රදර් කි දුලාන්’ එහි පෙම් යුවළ ලෙස රඟපෑවේ ඉම්රාන් ඛාන් සහ කට්රිනා කායිෆ්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ යාෂ් රාජ් චිත්‍රපට සමාගමයි. රූපගත කිරීම් සිදුවූ දිනවලදී කට්රිනා සහ ඉම්රාන් බොහොම කුලුපගව කතා බහ කරමින් සිටි බවයි දැනගන්නට ලැබුණේ.
    විශේෂයෙන්ම චිත්‍රපටයේ රූපගත කිරීම් නිමකර එදිනෙදා වැඩ කටයුතු අවසන් කළ අවස්ථාවලදී ඉම්රාන් සහ කට්රිනා දර්ශනීය කඳුකර පළාත් නරඹන්නට ගොස් තිබෙනවා.
    මේ ගමන් බිමන්වලදී දෙදෙනාම කෑම බීම ගත්තේ මුම්බායිවලදී මෙන් සුපිරි හෝටල්වලින් නම් නොවෙයි. ඒ ගම්බද ප්‍රදේශවල පිහිටා තිබෙන පුංචිපහේ කඩවලින්. ඉම්රාන් තමයි කට්රිනාට මේ විවිධාකාර කෑම බීම අරගෙන දීලා තියෙන්නේ.
    දවසක් දා මේ චිත්‍රපටයේ රූපගත කිරීම් නිමකර ආපසු එද්දී මුසෝරි ප්‍රදේශය පසුකරන විට ඉම්රාන් දුටුවේ මඟදෙපස පිහිටි පුංචි වෙළෙඳසල්වල ‘ඩාබා’ නමින් ආහාර වර්ගයක් අලෙවි කරන ආකාරයයි. තමන්ට පෙර වාහනවල පැමිණි චිත්‍රපට කණ්ඩායමේ සෙසු ශිල්පීන් ද වෙළඳසල් අසල වාහන නවත්වා ‘ඩාබා’වල රස බලන ආකාරය ඉම්රාන් දුටුවා. (පරිප්පු, ලූනු, තක්කාලි සහ පිටි මිශ්‍රකර පිසෙන පන්ජාබ් ආහාරයක්).
    ඉම්රාන් වහාම තම මෝටර් රථය නවතා තමන්ට පසුපසින් පැමිණි කට්රිනා ගේ් රථයත් නවත්වන්නැයි දැන්වූවා. කට්රිනා ඉක්මනින්ම රථයෙන් බැස ඉම්රාන් අසලට දිව ගියා. ඉම්රාන් ඇය කැඳවාගෙන ‘ඩාබා’ අලෙවි කරන කුඩා අවන්හලකට පිවිසුණා. කට්රිනාත් සමඟ වාඩිගත් ඉම්රාන් ඩාබා ඇනවුම් කළා. ක්ෂණයකින් ඒ ජනප්‍රිය පන්ජාබ් ආහාරය මේසයට පැමිණියා.
    තරමක බඩගින්නේ සිටි ‘මේරේ බ්‍රදර් කි දුලාන්’ චිත්‍රපටයේ පෙම් යුවළ ඇතිතරම් ‘ඩාබා’ අනුභව කළා. මෙවැනි ආහාරයක් තරුපහේ හෝටලයකදිවත් ලැබුණේ නැහැ නේද කියලා ඉම්රාන්ටත් කට්රිනාටත් හිතෙන්න ඇති’ මේ දෙදෙනා ‘ඩාබා’වලින් සප්පායම් වෙලා වෙළඳසලෙන් පිටතට පැමිණියේ තරමක අපහසුවෙන්ලු. හේතුව, ඇවිදගන්නත් බැරි තරමට ‘ඩාබා’ අනුභව කළ නිසා වෙන්න ඇති!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රීටිට කෝටි 600ක දේපළක් රසික පරපුරේ ආදරය ද&

    ප්‍රීටිට කෝටි 600ක දේපළක්


    av10102422-1.jpg
    රසික පරපුරේ ආදරය දිනූ ප්‍රීටි සින්ටා මේ ගත කරමින් සිටින්නේ තමන්ගේ ජීවිතයේ තීරණාත්මක කාලයක්. ඇයගේ ජීවිතයට අඩුපාඩුවක්ව තිබුණු පියෙකුගේ රැකවරණය සහ ආදරය නැවතත් ඇයට ලැබෙන නිසයි මේ කාල පරිච්ඡේදය ප්‍රීටිට වැදගත් වෙන්නේ.
    ප්‍රීටිට පිය සෙනෙහස ලබාදෙන්නේ කවුරුන්ද? ඔහු තමයි, දැනට හැටහය වැනි වියෙහි පසුවන ශන්දාර් අම්රෝහි. එදා හින්දි තිරය වර්ණවත් කළ සිනමා නිර්මාණ බිහිකළ ප්‍රවීණ සිනමාකරු කමල් අම්රෝහි ගේ පුත්‍රයා තමයි, ශන්දාර්. මීට දෙසතියකට පමණ පෙර ශන්දාර් තීරණය කළේ ප්‍රීටි සින්ටා තමන්ගේ දියණියක ලෙස භාරගැනීමටයි.
    මීට පෙර ශන්දාර් තවත් තීරණයක් ගෙන තිබුණා. ඒ, තමන්ට තම පියාගෙන් උරුම වූ රුපියල් කෝටි 600ක් පමණ වටිනා දේපළ ප්‍රීටිට පවරා දීමටයි. මේ තීරණයට හේතු වූ කාරණා රැසක් පසුබිමෙහි තිබෙනවා.
    ඒ අතරින් මතුවී පෙනෙන්නේ කමල් අම්රෝහි ගේ දේපළ සම්බන්ධ වූ කාරණයක්. මේ පිළිබඳව හටගත් ප්‍රශ්නයක් මත ශන්දාර් පසුගිය මාර්තුª මාසයේදී තම සොහොයුරිය වන රුක්ෂාර් ට සහ ඇයගේ පුතු වසීම්ට එරෙහි ව මුම්බායි ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් පවරනු ලැබුවා. ඊට අමතරව පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පැමිණිල්ලට සහ නඩුවට පදනම් වී ඇත්තේ ඉන්දියාවේ පූන් හි පිහිටි කමල් අම්රෝහි සතුවූ චිත්‍රාගාරයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.
    ශන්දාර් තමන්ගේ දේපළ ප්‍රීටිට පැවරීමට තීරණය කළත් ඇය ඒ සියල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත්, ශන්දාර්, ප්‍රීටි ගේ් අකැමැත්ත පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඔහු පවසන්නේ් ප්‍රීටි සතුව තිබෙන රංගනය පිළිබඳ දක්ෂතා නිසා තමන්ගේ දේපළ ඇයට භාරකරන බවයි.
    ”මම ප්‍රීටි රඟපාපු ‘දිල්සෙ’ (1998) බලලා තියෙනවා. ඒ චිත්‍රපටයේ තමයි එයා මුලින් ම රඟපෑවේ. මුල්ම චිත්‍රපටය වුණත් ප්‍රීටි දක්ෂ අන්දමින් රඟපෑවා. ඉන්පස්සෙ මම, ප්‍රීටි රඟපාපු චිත්‍රපට රාශියක්ම බැලුවා. මට හිතෙනවා, ප්‍රීටි වගේ දියණියක් මට හිටියා නම් කොච්චර හොඳද කියලා. ප්‍රීටිව මට මුලින් ම මුණගැහුණේ 2005 දීයි. එදා මම, මගේ බිරිඳත් එක්ක සුපිරි හෝටලයක ඉන්දැද්දි ප්‍රීටි, යාළුවො කට්ටියක් එක්ක එතනට ආවා.
    ඒ වෙලාවෙ මගේ බිරිඳ කිව්වා අන්න ඔයාගෙ දුව එනවා කියලා. එදා මම ප්‍රීටිත් එක්ක කතා කළා. 2010 ජනවාරි මාසයේ දවසක ප්‍රීටි මට හදිසියේම කතාකරලා මාව මුණගැහෙන්න මගේ ගෙදරට ආවා. ප්‍රීටි මාත් එක්ක තියෙන්නෙ ආධ්‍යාත්මික බැඳීමක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. ප්‍රීටි මගේ ජීවිතයේ කොටසක්. දැන් මම වයසයි. දැනට මම සේවය කරමින් ඉන්න සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් ළඟදීම විශ්‍රාම ගන්නවා. ඉන්පස්සෙ මගේ දේපළ ප්‍රීටිට පවරනවා.”
    ශන්දාර් අම්රෝහි මීට සති කිහිපයකට පෙර ‘මුම්බායි මිරර්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් එලෙස පවසා තිබුණා.
    ශන්දාර් තමන්ගේ කැපකරු පියා වන්නට තීරණය කර තිබීම පිළිබඳව ප්‍රීටි මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. ප්‍රීටි ගේ පියා ඉන්දීය හමුදා නිලධාරියකු ලෙස සේවය කළා. 1988 දී සිදුවූ රිය අනතුරකින් ඔහු මිය ගියා. ඒ වන විට ප්‍රීටි ගේ වයස අවුරුදු 13ක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කරීනා -ප්‍රියංකා සීතල යුද්ධය උණුසුම්වෙයි


    ලොව පුරා වෙසෙන බොලිවුඩ් ප්‍රේක්ෂකයින් වසඟ කළ සුරූපී රංගන ශිල්පිණියන් දෙදෙනෙකු වන කරීනා කපූර් හා ප්‍රියංකා චොප්රා අතර බරපතල මත ගැටුමක් වර්ධනය වී ඇති බව වාර්තා වේ. වේෂ නිරුපණ ශිල්පියෙකු සම්බන්ධ කිසියම් සිදුවීමක් මීට හේතු වී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් දෙදෙනා අතර වන මෙම මත ගැටුම අලුත්ම තත්ත්වයක් ද නොවේ. මීට පෙරද විවිධ වූ හේතු කාරණා පදනම් කරගනිමින් කරීනා හා ප්‍රියංකා අතර මත ගැටුම් ඇතිවිය.

    84584711_466417809_7a62ced650.jpg


    මෙවර මෙම තත්ත්වය අලුත් කිරීමට හේතුවී ඇත්තේ දෙදෙනාම වඩාත් ප්‍රියකරන එමෙන්ම දෙදෙනාගේම රුව අලංකරණ කටයුතු වෙනුවෙන් දායක වී ඇති පොම්පි නම් වේෂ නිරූපණ ශිල්පියෙකි. වාර්තා වලට අනුව ප්‍රියංකාට සිය නවතම චිත්‍රපටය වන අන්ජානා අන්ජානී චිත්‍රපටයේ වේෂ නිරූපණ කටයුතු වෙනුවෙන් පොම්පිගේ සේවය අවශ්‍ය වී තිබේ.


    699316866_Kareena-Kapoor-Priyanka-Chopra.jpg

    ඒ සඳහා ඇය ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරීමේදී කරීනා විසින් ඔහුව ඇයගේ වේෂ නිරූපණ කටයුතු වෙනුවෙන් සිඩ්නි නුවර වෙත කැඳවාගෙන ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත. එම නිසා ප්‍රියංකාට පොම්පි සිය චිත්‍රපටය සඳහා දායක කරගැනීමට අවස්ථාව ලැබී නැති අතර එය ඇය කෝප ගැන්වීමටද සමත් වී ඇත. එතැන් සිට මෙම සුපිරි රංගන ශිල්පිණියන් දෙදෙනා අතර සීතල යුද්ධය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවද බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.

    1941454066_kareena-priyanka.jpg


    කරීනා කපූර් යනු සිනමා පවුලකින්ම පැවත එන දක්ෂ රංගන ශිල්පිණියකි. ඇයගේ ප්‍රථම රංගනය වූ රෙෆියුජි චිත්‍රපටය සඳහා ඇය වසරේ නැගීඑන නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයද දිනා ගත්තාය. එතැන් සිට මේ දක්වා අවස්ථා කිහිපයකදීම ඇයගේ රංගනය සම්මානයට පාත්‍ර වී තිබේ. ප්‍රියංකා චොප්රා බොලිවුඩ් රංගනයට පිවිසියේ ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමෙන් පසුවය. ඇයද හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් රංගන ශිල්පිණියකි. දෙදෙනා අතර වන වෘත්තීය තරගකාරිත්වය ද ඔවුන් අතර වන මෙම සීතල යුද්ධයට අනිවාර්යය හේතුවක් වනු ඇත.


    927448652_priyanka-chopra-5.jpg



     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සහිෆ් හා කරීනා විවාහය කල්දමයි


    සහිෆ් අලි ඛාන් හා කරීනා කපූර් මේ දිනවල බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන පෙම්වතුන් යුවලකි. සහිෆ් සිය පළමු බිරිඳගෙන් වෙන්වී මේ වනවිට දිගු කාලයක් ගතවී ඇත. එමෙන්ම කරීනා ඔහු සමග ආදරයෙන් බැඳුණේ ෂාහිද් කපූර් හා ඇය අතර වූ පෙම් සබඳතාවය බිඳවැටීමෙන් පසුවය. මෙම පෙම් යුවල අතර යම් ගැටුමක් ඇතිවූ බවද පසුගිය දිනවල යම් යම් ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය.

    1254365092_saif-.jpg


    එම ගැටුම ඇතිවූ තිබුණේ කරීනා විසින් සහිෆ්ගේ පළමු විවාහයේ දරුවන්ගේ මව් පදවිය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. නමුත් පසුව සුහද සාකච්ඡාවකින් පසුව එම සියලු ගැටුම් සමථයකට පත්විය. නමුත් දෙදෙනා අතර විවාහය සම්බන්ධව මෙම සුපිරි තරු යුවල තවමත් නිහඬ මුවින් පසුවෙයි. ඒ සම්බන්ධයෙන් බොලිවුඩය පුරා විවිධ කටකතා ද පැතිරිණි.

    1865947617_1243926128101-kareena_Kapoor.jpg


    කෙසේ හෝ විවාහය සම්බන්ධව අනුගමනය කළ නිහඬ වත බිඳීමට පසුගියදා කරීනා -සහිෆ් යුවල තීරණය කර තිබිණි. මෑතකදී ඔවුන් දෙදෙනා සන්නාම තානාපතිධූරය භාරගත් මෙට්රෝ පාවහන් පිළිබඳ මාධ්‍ය හමුවකදී ඔවුන් සිය විවාහය පිළිබඳව හෙළිදරව් කර ඇත. ඒ අනුව මේ වනවිට දෙදෙනාම වෘත්තීයමය වශයෙන් කිසියම් ස්ථාවර මට්ටමක සිටින නිසා කරීනා -සහිෆ් විවාහය ඉක්මනින් සිදුනොවනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

    142372748_sk-2.jpg


    දෙදෙනා තවදුරටත් විවධ ව්‍යාපෘති සඳහා එක්ව දායකත්වය සැපයීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් සඳහන් කර තිබේ. විශේෂයෙන් සන්නාම තානාපති ධුරය සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක වැඩ භාරගැනීමට ඔවුන් තීරණය කර ඇත. එමනිසා විවාහය තවදුරටත් කල්දැමීම ඔවුන්ගේ අදහස වී තිබේ. කෙසේවෙතත් මෙම ආරංචිය සහිෆ් හා කරීනාගේ පවුලේ සාමාජිකයන්ට, ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට මෙන්ම රසික රසිකාවියන්ට නම් එතරම් සතුටුදායක ආරංචියක් නොවනු ඇත.

    1450994397_13slide1.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රන්බීර් කේක් කැවූ ආගන්තුක යුවතිය කවුරුන් ද?

    av10102121-2.jpg
    මුම්බායි නගරයට ආසන්නව පිහිටි බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි ‘ඔලිව්’ නම් වූ අවන්හලට නිරතුරුවම ජනපි‍්‍රය පුද්ගලයන් පැමිණෙනවා. පසුගිය සතියේ අඟහරුවාදා (ඔක්. 19 දා) ඔලිව් අවන්හලට පැමිණියේ රන්බීර් කපූර්. එහි තිබුණු සාදයකටයි ඔහු එක්වුණේ.
    මිතුරන් කිහිප දෙනෙකු සමඟ මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී පැමිණි රන්බීර්, මිතුරන් සමඟ මේසයක් අසල අසුන් ගත්තා. මඳ වේලාවක් ගතවෙද්දී තවත් යුවතියන් පිරිසක් ඊට යාබදව තිබුණු මේසය අසල වූ අසුන්වලට බර වූයේ රන්බීර් ඇතුළු පිරිසට සිනාසෙමින්, ඔවුනට මොන මොනවාදෝ පවසමින්. ඒ අතර සිටි තරමක සිහින් සිරුරකින් සහ උසකින් යුතු යුවතිය වෙත හැම දෙනෙකුගේම නෙත් යොමුවන්නට වැඩි වේලාවක් ගත වුණේ නැහැ.
    කාගේත් ඒ අවධානය වඩාත්ම යොමුවුණේ ඇය අසුන් ගත් මොහොතේ සිට රන්බීර් දෙසත්, රන්බීර් ඇය දෙසත් බලන්නට පටන් ගත් නිසයි. කළු සහ රන් පැහැති ගවුමක් හැඳ සිටි ඇයගේ පෙනුම විදේශීය යුවතියකට සමානයි.
    විනාඩි කිහිපයක් ගතවෙද්දී ඇය අසුන්ගෙන සිටි තැනට විශේෂ කේක් ගෙඩියක් සේවකයෙකු විසින් රැගෙන එනු ලැබුවා. පෙනුණ හැටියට නම් එය උපන් දින කේක් ගෙඩියක්. එය මේසය මත තැබූ සේවකයා එතැනින් ඉවත් වෙද්දී විදේශීය පෙනුමක් ඇති යුවතිය තම මිතුරියන් සමඟ නැගී සිටියා. එකෙණෙහිම රන්බීර් ද එතැනට පැමිණියා.
    මේ ආගන්තුක යුවතිය කේක් ගෙඩිය කපා එයින් කෑල්ලක් අතට ගන්නට සැරසෙනවාත් සමඟම ඊට කලින් රන්බීර් ඒ කේක් කෑල්ල අතට ගෙන මේ යුවතියගේ මුවට ළං කළා. අවට සිටි පිරිස පුදුමයෙන් ඒ දෙස බලා සිටිද්දී රන්බීර් එතැනින් නැවතුණේ නැහැ. කේක් කෑල්ලේ එක පැත්තක් ආගන්තුක යුවතියගේ මුවට යද්දී අනෙක් පැත්තේ රස බැලුවේ රන්බීර්! පුදුමයෙන් බලා සිටි කවුරුත් මහ හඬින් සිනාසුණා. අනවසරයෙන් එතැනට පැමිණ සිටි කැමරා ශිල්පීන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාව ඡායාරූපවලට නඟන්නට අමතක කළේ නැහැ.
    කොහොම වෙතත් එදා මැදියම් රැයේ රන්බීර් සමඟ කේක් රස බැලුව මේ අමුත්තිය කවුරුන්දැයි තවමත් හෙළිදරව් වී නැහැ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගෙන් වි&#3515

    සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගෙන් විරෝධයක්


    වේලාවට අනුව වැඩ කටයුතු නොකළොත් කුමක් වේවිද? පාඩු විඳින්න සිද්ධ වේවි. වට පිට අයගෙන් බැණුම් අහන්නත් සිද්ධ වේවි. තමන් පිළිබඳ වැරැදි චිත්‍රයක් කාගෙ කාගෙත් හිතේ ඇඳේවී.
    නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් බොලිවුඩ්පුරයේ ජනපි‍්‍රය යුවළක් වන සායිෆ් අලි ඛාන්ට සහ කරීනා කපූර්ට මාධ්‍යවේදීන් පිරිසකගෙන් පසුගිය සතියේ දොස් අහන්නට සිදුවූ පුවතක් තමයි, අද මේ පිටුවෙන් ඔබ වෙත ගෙන එන්නේ.
    සායිෆ් - කරීනා යුවළට මාධ්‍යවේදීන්ගේ නොසතුට පළවුණේ වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත නවතම පාවහන් යුවළක් පිළිබඳ ප්‍රචාරක මාධ්‍ය හමුවකට නිසි වේලාවට වඩා පැය 2 ක් ප්‍රමාද වී පැමිණි නිසයි.
    මේ මාධ්‍ය හමුව පැවැත්වීමට නියම කරගෙන තිබුණේ 18 වැනි සඳුදා රාත්‍රී 8 ට ජූහු ප්‍රදේශයේ තරු පහේ හෝටලයකයි. රාත්‍රී 8 වන විට ඉන්දියාවේ ප්‍රකට ගුවන් විදුලි, රූපවාහිනී චැනල සහ පුවත්පත්වල මාධ්‍යවේදීන් රැසක්ම එම සුපිරි හෝටලයට පැමිණ සිටියා. ඔවුන් බලාපොරොත්තුව සිටියේ නවතම පාවහන් යුගල පිළිබඳව වගතුග දැන ගන්නම විතරක් නොවෙයි. සායිෆ් ගේත් කරීනා ගේත් පෞද්ගලික තොරතුරු ද දැන ගන්නටයි.
    නමුත් රාත්‍රී 8 පසුවී පැයක් පමණ ගත වෙද්දී මාධ්‍යවේදීීන් පිරිස තරමක් නොසන්සුන් වුණා. ඔවුන් එම හෝටලයේ වගකිව යුතු අයගෙනුත්, නව පාවහන් යුගල නිෂ්පාදනය කළ සමාගමේ නිලධාරීන්ගෙනුත් මේ ප්‍රමාදය ගැන දිගින් දිගටම විස්තර විමසන්නට පටන් ගත්තා.
    ඔවුන් සියලු දෙනාම පැවසුවේ සායිෆ් සහ කරීනා රැගත් වාහනය අතරමගදී දැඩි වාහන තදබදයකට හසුවී ඇති නිසා තරමක් ප්‍රමාද විය හැකි බවයි. ඒ කතාව විශ්වාස කළ මාධ්‍යවේදීන් පිරිස තවත් පැය 1/2 ක් පමණ රැඳී සිටියා. රාත්‍රී 9.30 වන විටත් සායිෆ් වත් කරීනා වත් පැමිණියේ නැහැ. මේ නිසා මාධ්‍යවේදීන් සායිෆ් - කරීනා යුවළට දොස් තබන්නට පටන් ගත්තා. සමහරු පැවසුවේ මාධ්‍ය හමුව පැත්තකට දමා එතැනින් පිටත් ව යමු කියලයි.
    av10102121-1.jpg
    කොහොම වෙතත් මාධ්‍ය හමුව සංවිධානය කළ පාවහන් නිෂ්පාදන සමාගමේ නිලධාරීන් ගේ පෙරැත්තය නිසා තවදුරටත් රැඳී සිටි මාධ්‍යවේදීන් තීරණය කළේ, සායිෆ් - කරීනා යුවළ හොඳ පාඩමක් උගන්වන්නටයි. ඒ “තීරණයට” එළැඹි ඔවුන් මේ ජෝඩුව පැමිණෙන තුරු තවත් පැය 1/2 ක් කල් මැරුවා.

    රාත්‍රී 10 වෙද්දී සායිෆ් සහ කරීනා මාධ්‍ය හමුවට පැමිණියා. නමුත් ඔවුන් දෙදෙනා වචනයක්වත් කතා කරන්නට කලින් මාධ්‍යවේදීන්ගේ “තීරණය” ක්‍රියාත්මක වුණා. ඔවුන්, එක්වරම තම අසුන් වලින් නැගිට මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයෙන් පිටතට ගියා. මෙයින් පුදුමයට පත්වූ සායිෆ් - කරීනා යුවළ එයට හේතු විමසුවා. පැය 2 ක් ප්‍රමාද වීම එම විරෝධයට හේතුව වූ බව ඔවුන් දෙදෙනාට හෝටලයේ සහ පාවහන් සමාගමේ නිලධාරීන් පැවසුවා.
    මේ අවස්ථාව සංවිධානය කළ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රිද්ධි වාලියා මෙලෙස පැවසුවා.
    “සායිෆ් - කරීනා පැය 2 ක් ප්‍රමාද වුණ නිසා මාධ්‍යවේදීන් මේ අවස්ථාව වර්ජනය කළා. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්. මේ දෙන්නා වාහන තදබදයකට කොටුවෙලා හිටිය නිසා ප්‍රමාද වුණා කියලයි අපට දැන ගන්න ලැබුණේ. ඒත්, මේ දෙන්නා ආවේ බන්ද්‍රා වල ඉඳලයි. එතන ඉඳලා මේ හෝටලයට එන්න ගතවෙන්නෙ පැය 1/2 ක් විතරයි. ඒ නිසයි මාධ්‍යවේදීන්ට මේ තරම් කේන්ති ගිහින් තිබුණේ.”
    මේ ප්‍රමාදය ගැන අදහස් දැක්වූ සායිෆ්...
    “ඔව් අපි ප්‍රමාද වුණා. විසර්ජාන් උත්සවය නිසා (මෙය ගණ දෙවියන් උදෙසා පවත්වන උත්සවයක්) වාහන තදබදයක් තිබුණා. ඒ නිසයි ප්‍රමාද වුණේ. ඒ ගැන මම මාධ්‍යවේදීන්ගෙනුත්, සංවිධායකවරුන්ගෙනුත් සමාව අයදිනවා.”
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බිපාෂා වෙනුවෙන් දෝනි මැදිහත්වෙයි


    බොලිවුඩයේ සරාගී නිළියක ලෙස සැලකෙන බිපාෂා බාසු ඉන්දියාවේ මෙන්ම ලොව පුරා රසික රසිකාවියන් විශාල පිරිසකගේ ආදරය දිනාගත් රංගන ශිල්පිණියකි. නිරූපණ ශිල්පිණියක් ලෙස ස්ථාවරත්වයට පත්ව සිටි ඇය සිනමාවට පිවිසෙන්නේ 2001 වර්ෂයේ"අජ්නබී"චිත්‍රපටයේ රංගනයත් සමගය. ඉන්පසු ඇය"රාස්, ජිස්ම්, නෝ එන්ට්‍රි, ඩූම් 2, රේස් හා බච්නා ඒ හසීනෝ"වැනි චිත්‍රපට ඇයගේ රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර වැඩි සාර්ථකත්වයක් හිමිකරගත් චිත්‍රපට විය. එමෙන්ම 2002 වර්ෂයේ සිට ජෝන් ඒබ්‍රහම් හා ඇය අතර ඇරඹි පෙම් කතාව ද ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ.


    1862417413_bipasha-basu09.jpg


    මෙම පුවත වාර්තාවන්නේ බිපාෂා ලබාතිබෙන මෙම ජනප්‍රියත්වය නිසාම ඇයට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳවය. පසුගියදා ඉන්දියාවේ ගුජ්රාත් ප්‍රාන්තයේ සුරාත් නම් ප්‍රදේශයේ පැවති බිපාෂා සහභාගි වූ උත්සව අවස්ථාවකට හදිසියේම බිපාෂාගේ රසිකයින් සිය ගණනක් කඩා වැදී තිබේ. මෙම පිරිස මෙසේ කඩාවැදීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට බිපාෂාගේ ආරක්ෂක නිලධාරීන් පවා අසමත් වී ඇති බව වාර්තා වේ. මෙම කලබලකාරී කණ්ඩායම බිපාෂා බාසු අපහසුතාවයට පත්කරමින් ඇයව වටකරගෙන ඇති අතර ඇතැම් රසිකයින් ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ දරා ඇත.

    570253167_gfbfyh.jpg



    කිසියම් ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් පැවති මෙම උත්සව අවස්ථාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ද සහභාගි වී සිට ඇති බව සඳහන්ය. බිපාෂා පත්ව සිටි අපහසුතාවය දුටු ඔහු ඇයගේ ආරක්ෂාව පිණිස වහා ඉදිරිපත්ව තිබේ. දෝනි සහ ආරක්ෂක නිලධාරීන් වහා එක්වී බිපාෂා වටා වලල්ලක් ලෙස එක්වී වහා ඇයව එම පිරිසගෙන් මුදවාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇත.

    109823354_bipasha-basu-wallpaper.jpg



    නමුත් දඩබ්බර රසික පිරිස ඉන් අධෛර්යමත් නොවී තවදුරටත් ඇයව ලුහුබැඳ පැමිණ තිබේ. එහෙත් දෝනි වැදගත් මහතෙකු ලෙස ඇයව ආරක්ෂා කර තිබේ. ඇතිවූ කලබලකාරී තත්ත්වය නිසා බිපාෂාගේ තරමක් තුවාල ද සිදුවී ඇත. එම අවස්ථාවේ දෝනි මැදිහත්නොවී නම් බිපාෂාට ඊට වඩා අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවනු ඇති බව සිද්ධිය දත් වැඩිදෙනෙකුගේ අදහස වී ඇති බව ද වාර්තා වේ.

    957725515_bips_630.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කරිෂ්මාගේ විවාහය දෙ‍දරයි


    90 දශකයේ බොලිවුඩ් රංගන ශිල්පිණියක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි කරිෂ්මා කපූර් 2003 වර්ෂයේදී සංජේ කපූර් සමග විවාහවීමත් සමග සිනමා දිවියට සමුදෙනු ලැබීය. එම විවාහයට පෙර 2002 වසරේ ඔක්තොම්බර් මාසයේදී බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් සමග විවාහ ගිවිසගෙන තිබිණි. නමුත් මාස 4ට පසු ඔවුන් වෙන්වීමට තීරණය කරනු ලැබීය. ඉන්පසු ඇය 2003 සැප්තැම්බර් මස කර්මාන්ත හිමිකරුවෙකු වූ සංජේ කපූර් සමග විවාහ විය. මේ වනවිට ඔවුන් දෙදෙනා දියණියක හා පුතෙකුගේ මව්පිය යුවලකි.

    817840432_Cartier+Boutique+Opening+lCtlajKCTJrl.jpg



    නමුත් බොලිවුඩයේ බොහෝ විවාහයන්ට පොදුවූ ලෙස කරිෂ්මා -සංජේ අතර ද යම් යම් අවස්ථා වලදී විවිධ මත ගැටුම් වාර්තා විය. වරක් කරිෂ්මා සිය සැමියාගෙන් වෙන්වීමට ද තීරණය කර තිබිණි. නමුත් පසුව සියලු ගැටුම් සමථයකට පත්කරමින් දෙදෙනා නැවත එක්වූ අතර 2010 මාර්තු මස කරිෂ්මා සිය දෙවන දරුවා හට උපත දෙනු ලැබීය. කරිෂ්මා සහ සංජේ මෙම පුතුට කියාන් රාජ් කපූර් ලෙස නම් තබා ඇත. දැනට 36 හැවිරිදි වියෙහි පසුවන කරිෂ්මා හා සංජේ අතර නැවතත් මත ගැටුම් ඇතිවෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    1776006515_Karishma_Kapoor_32.jpg



    කරිෂ්මා -සංජේ කැදැල්ලෙහි ඇතිවෙමින් තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය මේ වනවිට නවතම කටකතා මවමින් ඇත. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර මෙම මත ගැටුම් වලට හේතුවී ඇත්තේ දෙවන දරු උපතින් පසුව කරිෂ්මා නැවතත් රංගනයට පිවිසීමට තීරණය කර තිබීමය. ඒ වෙනුවෙන්ම ඇය සිය සිරුරේ බර කිලෝ ග්‍රෑම් 23 න් අඩු කරගෙන ඇති බව ද වාර්තා වේ. නමුත් කරිෂ්මා හා සංජේ විවිධ උත්සව අවස්ථා වලට එක්ව සහභාගි වනු දකින විට නම් එම කටකතා අසත්‍ය බව පෙනීයන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    1808037483_still7fgtt.jpg



    කරිෂ්මා හා සංජේ වෙන්වීමට තීරණය කළ පළමු අවස්ථාවේදී කරිෂ්මාගේ මව වන බබිතා විසින් දෙදෙනා නැවත එක්කිරීමට කටයුතු කරනු ලැබීය. කරිෂ්මා සමග නැවත එක්වීමෙන් පසුව දරුවන් දෙදෙනා හා ඇය සමග නිවාඩුවක් ගතකිරීම සඳහාද සංජේ තීරණය කර තිබුණි. නමුත් මේ වනවිට සංජේ හා කරිෂ්මා අතර ඇතිවී තිබෙන අර්බුදය තරමක් අයහපත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

    1420084101_fdgfgbfr.jpg