බඳිමු වඳිමු අපි මහවැළි මහ සෑය...( සංචාරය)
ලඟකදි ගියපු නුවරඑළිය සංචාරයේදි අපි කොත්මලේ මහවැළි මහා සෑය වඳින්නත් ගියා..
ඒ ගමනෙ පුංචි විස්තරයක් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුව.
(ජංගම දුරකථන කැමරාවෙන් ගත්තු ඡායාරූප වල තත්වය නම් දුර්වලයි. ඒ වගේම ඡායාරූපකරනය සම්බන්ධව ඇති අඩු දැනුමත් එක හේතුවක්.)
මහවැළි මහා සෑය නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන්නෙ, කඩිනම් මහවැළි ව්‍යාපාරය හේතුවෙන් මහා ජල කඳට යටවෙලා විනාශ වුන බෞද්ධ සිද්ධස්ථාන වෙනුවටයි.
ඔන්න බලන්න ඈතට සෑ රජානන් වහන්සේ පේන හැටි..
ඔන්න අපි ළඟටම ආව. මේ බෝඩ් එකනම් එච්චර පැහැදිළි නෑ නේද?
(මට නම් බනින්න එපා ෆෝන් එකේ සැනෙලියට බනින්න)
බලන්නකෝ ලස්සන..
විශේෂ දෙයක් තියෙනව කියන්න. මේ මහවැළි මහා සෑයෙ උස ප්‍රමාණය දෙවැනි වෙන්නෙ රුවන්වැලි මහා සෑයට විතරයි. ඒත් අඩි 2 කින් විතරයි, රුවන්වැලිසෑයට කරන ගෞරවයක් විදියටලු මේ සෑයෙ උස අඩි දෙකකින් අඩු කරල තියෙන්නෙ
මහවැළි මහා සෑය උස අඩි 289
වට ප්‍රමාණය අඩි 628
ඇත්තටම මහා සෑයක් නේද?
මේ සෑයෙ ගර්භය කොන්ක්‍රීට් තහඩු වලින් හදල සෙරමික් ටයිල් අල්ලල තමයි නිර්මානය කරල තියෙන්නෙ..
පේනව නේද ටයිල් වල අපූරුව..
අනිත් කාරනය තමයි නවීන තාක්ෂනය උපයෝගී කරගෙන හදපු මේ සෑයෙ පාදම තනි පේසාවලල්ලකින් යුක්ත වීම..
මේ පේසාවලල්ල ඇතුලතින් චෛත්‍යය තුලට ඇතුල් වෙන්න පුලුවන්..
බලන්නකෝ..
තවම නිමකරමින් යන මෙහි ඇතුලත ඉතාම අඳුරුයි..
දෝංකාරය දෙන වටපිටාවක් තියෙන්නෙ..
කොත් කැරැල්ල රඳවල තියෙන්නෙ යකඩ අටල්ලක් උඩ.
මේ තියෙන්නෙ කොත් කැරැල්ල චෛත්‍යය ඇතුලෙ ඉඳන් බැලුවාම පේන හැටි..
අන්තිමට කියන්න තියෙන්නෙ, තවම නිමකරමින් යන මේ මහවැළි මහා සෑයට ඔබේත් අපේත් ආධාර අවශ්‍ය බව.
බඳිමු - වඳිමු අපි මහවැළි මහ සෑය..
මහවැළි මහා සෑය-කොත්මලේ

Last edited:

කොත්මළේ මහා වැලි මහා සෑය, මේ විහාරය ගැන අහලා තිබුනට දැකලා තිබුනේ නෑ. ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් යාලුවා නොදැකපු දෙයක් අපිට පෙන්නුවාට.... 
පුලුවන් උන ගමන් අනිවා rep දෙනවා....