sinhala unicode lyrics {සින්දු}

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත් නොදකින කුමරා //

කලුවර රෑ සඳක් වගේ
...අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මං කවුළු පියන්
ඇරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න...
 
රහසේ හඩනා අප හැගුම්

ලොව නෑ දන්නේ අප පැතුම්

...ලා සද පායනා රැයේ..

දිලිසේ... තරු සේ

තනිවී තැවෙනා පෙම්

සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැදී එදා

මතකේ නොමියේ ඔබ මා සිතින් සදා

ආදරයේ රස මියුරු වේදනා

සද රෑ සිහිනේ සෙවනැල්ල සේ බැදී

ඉමු අපි සොදුරේ සුපුරුදු ලෙසින් බැදී

ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඩනා අප හැගුම්

ලොව නෑ දන්නේ අප පැතුම්
 
හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

......පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ
 
දිව් රාල පවසන්න මට අදරේ නම්..
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්..
එය සත්තකයි සොදුරේ මා මියෙන තා කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්..
හිරු මල් දෑතෙ සගවා..වලා රොදක නෑගිලා..... See More
සත් සමුදුරුම කලබාල ඔබ වෙතට එනවා...
ඔබෙ ඔය සිනාවෙ..රෑදි ඉන්න සසරේ..
මුදු මල් යහන හෑමදම මගෙ වේද හෑමදාක සොදුරේ..
සියුමෑලි ඈගිලි තුඩු හදට තද කොට තබාලා..
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හෑම වරෙක ඔබමයි සිතාලා...
හෝ..නිදියන්න මගෙ මෑනික මට තුරුලු විලා..
 
වැව් තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
වියැකෙන්නේ නෑ මේ සිත මගේ
මැදියමේ තනිකමට දුක් දිදී හඳපානේ
වැලපෙන්න බෑ මට තව ඉතින්

ජීවිතේ දුක තමයි නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි දැනගනු මැන හිත ඇතිනම්

අන් දෙසක් බලා යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනින් හොරෙන් හෝ බැලුවමත් ඇතී
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයේ ගන්න බෑ නුඹම ලුහුබඳී
වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී
මෝදුවී හිඳී තනියට තරු ඇසක් හිඳී
සුසුමකින් සැදී අඳුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා කැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හිතුවක්කාරී නුඹ නම් සොදුර
හිතුවක්කාරයි නුඹ නම් සොදුර
මහ වැස්සක් වාගේ...
මුතු කැට වැස්සක් වාගේ වේ නම්
සොදුරුයි මේ දීගේ.....
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන
හිතලා නෑ වාගේ....
බලහත්කාරෙන් ඉන්නට බැහැ මට
වාවාගෙන වේගේ.....


බොරු අරුමෝසම් පමණට වැඩියෙන්
ගෝචර නැහැ නිතර....
මෝසම් සුළගක් ආවොත් නුඹ නම්
ගහගෙන යයි සොදුර....
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහෙමි චාම්කම
ඉගෙන ගනින් සොදුර....


සරුංගලේ ලස්සන දිස් වෙන්නේ
උඩු ගුවනේ විතරයි..
නූල ගැස්සුනොත් හදීසියෙන් හරි
ඒ ලස්සන ඉවරයි...
ලස්සන කන්නද හිත ලස්සන නැති
ගැහැණිය ගිනි කෙළියයි
හදවත ලස්සන ගහැණිය ඇති තැන
ලෝකෙම සැණ කෙළියයි...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Aluth Wedak Wage....Patta Patta....:rolleyes::rofl::)
REP+
11.gif
11.gif
11.gif
Machan MAXPAYNE1 Ubata REP Denna Behelu..:(
 

nipuna777

Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    හොඳ අදහසක්. මටත් ඕක හිතුනා එත් එච්චර support එකක් නැති හින්ද ඇත ඇරලා දැම්ම.
    thread එකක් නැතිව wikia page එකක් හදමුද? :nerd:
    It will be better organized then.
    Every one can contribute and freely get the song lyrics.
    But this will be 100% free so no one will get paid.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හොඳ අදහසක්. මටත් ඕක හිතුනා එත් එච්චර support එකක් නැති හින්ද ඇත ඇරලා දැම්ම.
    thread එකක් නැතිව wikia page එකක් හදමුද? :nerd:
    It will be better organized then.
    Every one can contribute and freely get the song lyrics.
    But this will be 100% free so no one will get paid.

    machan mama wikia page gena dane neha ban podaka pahadili karapanko?
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකලැල් - පීදිලා එනු හැම කල්
    මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං - පීදිලා ළත වෙන්නම්

    නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු - හිතක නැති මල් ඇයි මට නුදුරු
    පැතූ මලේ රූසිරු - මන්ද මට පසමිතුරු
    මලක් වී පැතු බඹරෙකු නොලැබූ - පෙපෙන්නට විය දෑතක නුහුරූ
    ආදරේ සොඳුරු මට නොවෙද පසමිතුරු

    නෙළු මලක් වුව මල් ලොව කවුරු - දුරින් ඉඳ මම නරඹමි රුසිරු
    නොවෙන් මට නපුරු - කඳුළ මගෙ ළඟ මිතුරු
    හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ - අහිමි දුක වළකම් කොයි අයුරු
    දුරින් හිඳ නුදුරු - නිවනු මැන ගිනි පුපුරු
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එපා කඳුලැල් සලා

    එපා කඳුලැල් සලා – හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා – සිප ගනී ඔබේ මුව
    එපා කඳුලැල් සලා – රිදවන්න ඔබේ හද //
    සියොත් කැල ගී ගයා
    සතපවයි ඔබේ සිත //
    එපා කඳුලැල් සලා – හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා – සිප ගනී ඔබේ මුව

    ආදර හැඟුමන් සලා – මිරිඟුවක වෙළෙන්නෙපා //
    ඔබේ හද පුදසුනේ
    හිමි කුමරු එන තුරා //
    එපා කඳුලැල් සලා – හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා – සිප ගනී ඔබේ මුව //

    ගායනය: ආත්මා ලියනගේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    රූං පෙත්ත කැරකෙනවා - කෝම් පිට්ටු ඉදි වෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආ පසු - අම්මි හුඟක් වෙනස් වෙලා
    එදා වගේ නෑ..
    මාත් එක්ක බොළඳ වදන් - දැන් කියන්නෙ නෑ

    සුදු කොට රැළි ගවුම ඇඳන් - පාසැල් ගිය කාලෙ වගේ
    නුරා රැඳුනු කෝළ බැලුම් - දැන් හෙලන්නෙ නෑ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අඳුර බිඳින්නට රැයක් දවාලු
    ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා


    මතකය නම් වූ මළ පොත පෙරලා
    මළගිය ඊයේ සිහිපත් කළ මැන
    පැතූ පැතුම් අත් මිට මොලවා ගත්
    දෑතෙහි දසැඟිලි දිගහැරලුව මැන
    එහි මොනවද ඇත්තේ කිසිත් නැත
    හිස් බව කිව ඇත්තේ


    සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
    යෞවන විය පියවර තබනා සඳ
    හිස්වන හදවත සපුරා ලන්නට
    මියැසි විරාමය යළි පැමිණි ඇත
    අරුමෙකි පැවසෙන්නේ
    එපමණකි පිළිසරණය වන්නේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    නිසංසල සඳක්
    පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර සිතක් ළඟ සිත
    නැවතෙනා හැඩක්

    හමුවෙලා සවස දොළදෙනියේ කුඹුර ළඟ
    ඔබ කතාකළා රන් මැණිකේ කියා මට
    මම මුතු මැණිකේ
    ඔබට විතරම විතරයි රන් මැණිකේ

    පීදිලා දිළෙන ඔය රන්වන් කරල් දැක
    අම්මලා උනත් විරසක වෙනවාද හෙට
    සුදු කරල් එපා
    ඔබගෙයි මගෙයි පෙම් කෙතට

    ගායනය : ශෂිකා නිසංසලා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සියුමැලි... සියුමැලි රෝස මලේ
    මල් සමය නිම වේවිදෝ
    මල් සමය කොයි වේලේ නිම වේවිදෝ
    සියුමැලි සියුමැලි රෝස මලේ

    අරුනෝදේ සියොතුංගේ ගී ගායනා
    සිත බන්දනා මල් සමය නිම වෙන්නේ නැ

    ඔබ ඇත මම ඇත අප වෙන් කලා
    මහ සාගරය අප වෙන් කලා
    මල් සමය නිම වෙන්නෙ නැ

    අද අදම ඔබෙ කුමරි වී ලන්වෙලා
    අනුරාගි නෙතගින් බලා
    සිරි යහනේ සුදු සේලේ එලලා
    සදවතිය ගිරි මුදුනේ සැගවි ගියා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
    බෑ බෑ මට නිදාගන්න බෑ
    සිත තුළ දඟලන මනසේ ඇවිදින
    ඔබ මට නිදන්න දෙන්නේ නෑ

    සිත එක්තැන් කර නිදන්න හැදුවත්
    එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
    තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
    මටත් නිදන්නට ඕනෙම නෑ

    රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
    කන්පෙති මත මගෙ දෙතොල් තියා
    ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
    අනිත් අයට එය ඇසෙන නිසා
    අනේ රත්තරන්....
    හිතට වද නොදී...
    තුරුළු වෙන්න ආදරෙයි කියා
    මට කියන්න දේවල් හුඟක් තියෙනවා
    තුරුළු කරන් ආදරෙයි කියා

    ගායනය : රූකාන්ත ගුණතිලක