sinhala unicode lyrics {සින්දු}

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
    ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා
    මියුරු කල්පනා


    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්
    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
    මියුරු කල්පනා...


    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්
    මියුරු කල්පනා...
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ තුරක් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    දුක් බරව කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිඳින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එනතුරා
    එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
    අනන්තය ලග මා දමා
    අවසානයට පෙර ඈ ගියා

    ඇරඹුම ම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ තුරක් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය උනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
    පිය සෙනහසට කව් ගී ලිය උනා මදි

    සිරුරේ දුවන්නේ ම‍ගෙ ලේ නොවැ පුතුනේ

    කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

    මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙවෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ



    ගායනය: T.M ජයරත්න
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි
    වෙනතක දළුලාදෝ
    ඔබ ගැන මා ගැන මතකය අමතක
    කරන්න පුළුවන්දෝ

    සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
    මිහිරි අතීතය දැනුනේ
    ඔබට මේ තරම් මා පෙම්කළ බව
    වෙන්වන තුරු නෑ හැඟුනේ

    ජලේ මාළුවන් කොපමණ සිටියත්
    කොහොමද නාඩා ඉන්නේ
    ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
    මේ හැටි සිත පෑරෙන්නේ

    ගායනය : කරුනාරත්න දිවුල්ගනේ
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අම්මාවරුනේ – නන්දා මාලනී


    අම්මාවරුනේ.. අම්මාවරුනේ..
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන් ගේ දුක් කඳුළු දකින දා
    සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා




    අම්මාවරු නැති දරුවන්නේ..
    සංකා දුක් කවුදෝ දන්නේ..
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    සංසාරේ මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ
    අම්මාවරුනේ.. අම්මාවරුනේ..



    සෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනි වූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ.. //



    අම්මාවරුනේ.. අම්මාවරුනේ..

    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන් ගේ දුක් කඳුළු දකින දා
    සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා

    අම්මාවරුනේ.. අම්මාවරුනේ..


    ගායනය: නන්දා මාලනී
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සඳ සේ බැස නොයා




    සඳ සේ බැස නොයා ම‍‍‍ගෙ ලොවේ රැ‍ඳේ නම්
    කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම්
    ඔබෙ දෑසේ ………රැදෙන්නම් මියෙන්නම්




    පැතුමන් බිඳ දමා ඔබ නොයා හිදී නම්
    සිත පුරා මා හිදින්නම් නම් දෑස සේ රකින්නම්
    මගෙ සුහදේ……… සනසන්නම් සැනසෙන්නම්



    පබළු මල් මාවතේ ඔබෙ දෑතේ වෙලී
    ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ
    සොදුරුයි ආදරේ …. හිමි වුණා සේ දැනේ
    ඔබ සදා



    සද සේ බැස නොයා ම‍‍ගෙ ලොවේ රැදේ නම්
    කදුලේ දුක දරා ඔබ නමින් හිදින්නම්
    ඔබෙ දෑසේ ………රැදෙන්නම් මියෙන්නම්



    පැතුමන් බිද දමා ඔබ නොයා හිදී නම්
    සිත පුරා මා හිදින්නම් දෑස සේ රකින්නම්
    මගෙ සුහදේ……… සනසන්නම් සැනසෙන්නම්



    පබළු ටෙලි නාට්‍යයේ ගීයක්
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා..
    නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා..
    බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
    ...
    දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා..
    කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
    තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

    ලැබුවේ අවවාද නොහිබින ආරකය..
    දුදනන් නිසා විය සෙනසුරු මාරකය..
    මම පෙර ගියේ වරදින් පිරි පාරකය..
    ඒ ගිය මගේ අවසානය පෝරකය..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මගේ පුංචි රෝස මලේ
    මමයි නු‍‍ඹේ වියපත් බඹරා
    නුඹ ‍හීනෙන්වත් නොදකින කුමරා

    කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්
    ...ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ නුඹ බැස යන්න

    ‍මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනවනම්
    ආසයි මං කවුළු පියන්පත්
    ඇරලා තියන්න
    තරහක් නැහැ නෑවිත් ඉන්න
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේ මැයි ගහ යට දවසක් දා


    මේ මැයි ගහ යට දවසක් දා
    වැස්සට අපි උන්නා
    රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවන දුන්නා //




    මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
    සීතල වැහි පොද වැටෙන වෙලේ
    ආදර වියෝවක් සි‍තින් එබෙන සඳ
    වැහි පොද සේ නෙතු කඳුළු සැලේ //



    වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුනත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ //



    මේ මැයි ගහ යට දවසක් දා
    වැස්සට අපි උන්නා
    රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවන දුන්නා ///



    ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
    අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

    සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
    වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
    ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

    ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
    වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
    සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    yaluvane ahenam mama yanava heta hamu vemu ......

    Oyalata ithri tika barai........

    akama post aka 2 parak vatena akata.....mona hari karana oni..machan.........
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කොහේ සිට ඔබ පැමිණියේදෝ..
    සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
    මගේ ඉරබටු තාරකා..
    ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ

    දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම්
    නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්
    කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ..

    පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම්
    මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම්
    කොහේ සිට ඔබ...පැමිණියේ දෝ...
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..

    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..

    සඳ කැන් වැසිලා..

    මා නැත අන් සතු සිත් බිඳලා..
    දෑතම බැඳගෙන හිඳිමි බලා..
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..

    සඳ කැන් වැසිලා..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සිහින සතක් දු‍ටුවෙමි මම
    සත් දවසක් එක විලසක
    එක සිහිනෙක ඔබ දු‍ටුවා
    සිඟන්නියක සේ//

    ඔබ මගෙ පැල්පතට පැමිණ
    ආයාචනයක් කරමින්//
    ජීවත් වන්නට කිසිවක්
    ඉල්ලා සිටියා

    කිසිවක් දෙන්නට මට නැත
    තිබුණේ පිරිසිදු හදවත//
    සිඟන්නියේ එය ඔබහට
    දුන්නා මතකයි

    එදා මගේ හද අරගත්
    ඔබ අද මට වැඩි පොහොසත්//
    ඒ හින්දා මටත් එලෙස
    පිහිට වනු මැනේ//
     
    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ

    ...කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
    දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
    යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
    පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

    ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
    කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
    ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ
     
    ඇසට කඳුළු හරි බරයි
    හිතට කඳුළු හරි දුකයි
    කඳුළු වලට මං බයයි
    කඳුළු දෙන්නෙ ඔබමමයි

    ...සඳ පුරන අහසමයි
    යලි සඳ ගිලගන්නේ
    එ සඳේ එළියමයි
    යලි අහස ලබන්නේ

    රෑ හීන සුන්දරයි
    ඔබ ඉන්න හින්දමයි
    මා ඉන්නෙ ඔබ ලඟයි
    ඔබ නම් මගෙන් දුරයි
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්//

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
    අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ//

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ/
     
    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
    අම්මා අම්මා අම්මා අම්මා

    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    ...මියුරු මියැසියේ අරුත කියාදුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා අම්මා අම්මා අම්මා

    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා අම්මා අම්මා අම්මා