sinhala unicode lyrics {සින්දු}

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    රාත්‍රිය වූදා වුනා
    නින්ද ඈයි නොයෙන්නේ

    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්
    රෑය පහන් වෙලා යයි
    නොවී නිදි දෑහෑන්

    රාත්‍රිය වූදා වුනා....

    ඔබ අවුදින් සිවි දිගින්
    මා දෙනෙතේ දෑවටෙමෙන්
    සිත තෑවුල් වොලයි
    පුරා රෑය නිතින්

    රාත්‍රිය වූදා වුනා....
    ----------------------------------------------------------

    අද හෙට ඔබ මා අතහෑර යනබව
    දෑනගන්නට ලබුනා
    රහසින් මට ඈසුනා
    ඔබ රවටා නෑත ඔබ හඩවා නෑත
    දෑන දෑන වෑරදි කලේ නෑත
    ඔබ ගෑන මට පුදුමයි
    වෙනසක තතූ නොහැගේ

    අද හෙට ඔබ මා අතහෑර යනබව ....

    යොමු වී වෙනතක ඔබ තනී වූ දින
    තනියට සිටියේ මා පමනකි ලග
    දෑන් ඔබ මා රිදවා යලි වෙනතක බෑදිලා

    අද හෙට ඔබ මා අතහෑර යනබව ....

    ------------------------------------------------------------------

    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබ මයි සොයා ඈවිදින් එය වෙන්ස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ

    මගේ පාලු ලොකයේ තනිවූ මෙමා
    තනිවූ මෙමා සක්විති රජුන් හමුවේ නෑත හිස නමා
    සිතුවිලී මගේ හසුරා ගත හෑක නමා
    මට දුක හිතෙන්නේ ඔබ ගෑන තමා

    තනිවී සිටින්නයි මා අදහස් කලේ.....

    ඔබේ චේතනා අගනා මා සිත දනී
    අවට ලොකයේ බෑනුම් විශ කටු වෑනී
    ඒ කටු අපේ දේහදේ ගෑබුරේ ඈනී
    ගලන දුක් වේදනා රුධිරය වෑනී

    තනිවී සිටින්නයි මා අදහස් කලේ.....


    :love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: sandhanuwan1

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සපුරා තහනම්..
    ආදරේ මට නම්..
    නෙතු පියා ගන්න සදහට,
    ටික දිනයි තියන්නේ..
    නොදැන ඒ නුඹ විමසුවත්,
    ආදරේ දැයි ඔබට මං,
    අතරමං වී ගොළු වුනේ..
    ආදරේ නිසා..

    මගෙ අවසන් හුස්ම තුරුළු කර,
    මියෙන තුරා ඉන්නවා නම්..
    ඔබ නිදනා යහන් සමීපේ,
    සුසුමක් වී පාවෙන්නම්..

    භවයෙන් භවේ..
    ඉමි මග බලා..
    ඔබ එයි කියා..
    එතුවක් තුරා..
    පෙරුමන් පුරා..
    එන්නම් සොයා..

    හීතල මගෙ දෙතොල් අගට,
    වැටෙනා උණු කඳුලැලි පේළි..
    දුකයි සිතට ඇස් වහගන්නට,
    නුඹ ලඟ සිටින වෙලේදි..

    භවයෙන් භවේ..
    ඉමි මග බලා..
    ඔබ එයි කියා..
    එතුවක් තුරා..
    පෙරුමන් පුරා..
    එන්නම් සොයා..

    මේක මරු සින්දුව
     

    nipuna777

    Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    machan mama wikia page gena dane neha ban podaka pahadili karapanko?

    Wikia කියන්නේ අපිටම wikipedia වගේ site හදන්න දෙන site එකක්.
    ඒ වගේ එකක් ඕනි එක්කෙනෙක්ට edit කරන්න පුලුවන්. තව වාසියකට තියෙන්නේ මේ site එක ලේසියෙන් navigate කරන්න පුලුවන්. මෙක හදන්න සල්ලි යන්නේත් නෑ. හැබැයි උන් ads දානවා.
    මෙන්න දැනටම හදලා තියෙන English song lyrics wikia එක.
    http://lyrics.wikia.com/Main_Page
    තව pages ගොඩාක් තියනවා. (eg- Fallout game wiki http://fallout.wikia.com/wiki/Fallout_Wiki)

    Free account එකක් හදාගෙන සිංහල සිංදු දාන්න site එකක් පටන් ගත්තෝත් හැමොටම උදවු කරන්න හා ඒ තොරතුරු පාවිච්චි කරන්න් පුලුවන්!

    මට මේහෙම හිතුනේ trip එකක් එහෙම යද්දි phone එකට මෙහෙම සිංදු දාගෙන යන්න හිතිලා :D

    දැනට තියන සයිට් වල තියෙන්නේ එක්කෝ bitmap නැත්තං අමුතු සිංහල වර්ගයක් :(
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    ඇයි හොරැහින් මදෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
    ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

    නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
    ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
    බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
    මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    ගයනය : අප්සරා ද සිල්වා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    හිනා වෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට
    හිනා වෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා...... තැනූ මාලිගා.....
    කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම
    කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා...මැවෙන ගීතිකා....

    දෙතොල නම් ගොළුයි මුවකමල මල් සමයි
    දෙතොල නම් ගොළුයි මුවකමල මල් සමයි
    හිතට නෙතට සුවඳ ගෙන දිලා
    නුඹ රහසින ඇවිත් මගේ ලොවම හීනයක් කලා...

    අහසනම් දුරයි සඳ නේන වග සැබැයි
    අහසනම් දුරයි සඳ නේන වග සැබැයි
    සඳට රැයට තරු වලට හොරා
    නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොඳ කලා

    හිනා වෙන්න බැරි තරමට........

    sri fm eke giyapu sinduwak
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සඳ එලිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    උණු කඳුළු බින්දු පමණක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි.......
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පෙරදා මැවූ සිනා..
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ලඟින් උන්නු කාලේ..
    සුන්ඳරයි ජීවිතේ..



    පෙරදා මැවූ සිනා.. //

    මේ සීත පවනැල්ලේ
    සිත සීතලෙන් ගැහෙන්නේ..
    මල් නොපිපෙනා වසන්තේ



    උනුසුම් හැඟුම් සිරවී
    ඔබගේ සෙනේ මවෙතින් මිදී
    ලත වේවි නම් මේ ජීවිතේ
    නොපිපෙන්න හිරු ආයේ..

    කිසිදා මේසේ…


    පෙර දා මැවූ සිනා..


    මේ නීල තරු ගොල්ලේ..
    සඳ පාළුවෙන් සරන්නේ..
    රෑ කළුවරේ ගිලෙන්නේ..
    සිහිනේ දසුන් බොඳ වී



    ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
    ගොළු වේවි නම් මේ ආදරේ..
    නොපිපෙන්න හිරු ආයේ
    කිසිදා මෙසේ..



    පෙරදා මැවූ සිනා..


    ගායනය: ශිහාන් මිහිරංග
    පද: නීලාර් එන්. කාසිම්
    සංගීතය: මහේෂ් දෙනිපි‍ටිය
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දිවුරාල පවසන්න


    දිවුරාල පවසන්න මට ආදරෙයි නම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල්
    ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්




    හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ



    සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
    ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
    ඔබ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා



    හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ



    ගායනය: Centigradz
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක්‌ නම් නැති
    මට පෙන්නලා ආලේ හැටි
    නුඹ දුන්නු දුක හොඳටම ඇති

    ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
    බැහැරී වෙලී උන්මාද වූයේ මා
    වෙනකෙකු දිහා බැලුමට යලිත්
    මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

    පුළුලුරුතලා වීණා බඳින් දැවටී
    රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
    හද ස්‌වර පවා කම්පිත වෙවී
    මට මා පවා නැති කලේ කවුරුන්දෝ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සරා සඳේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

    වැතිරී සීත මීදුම් යායේ
    හදේ වේදනා
    හඬා වැටේ එදා ඇසූ
    ඔබේ ගීතිකා

    සරා සඳේ......

    සැඟවී ඈත මේ හිම යායේ
    කොහේ පාවෙලා
    මිලාන වී ගියාද ඒ
    සිනා වාසනා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    නෙත නෑ නිදි විඳ ගන්නේ
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ සිහින දකින්නේ
    මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ

    වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා
    බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා
    මතු උපදින සසරේ විසාකාව වී
    මෙත් මග නෙත් හමු වේවා
    ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
    ලොවම නිවන කවියක් වේවා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත හැඳිනුවෙත් ඔබයි
    පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

    සිත තනිකලෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි

    කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්

    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹනම්
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේ ඇත්තමයිදෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් ‍සේ ඒ ඔබ ලැබුනා සඟවනු බෑ
    ඔබෙ වඳන් නඟනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් ‍සේ ඒ ඔබ ලැබුනා සඟවනු බෑ



    සෙවුවා මා.. හොඳ සුව ජීවිතේ..
    අතරමං උනා..ආදර සාගරේ..
    මුලු හදවතින්මයි..ඔබට ලං උනේ..
    දෙන්නම් සදා..නොමියනා.. ආදරේ..


    මේ ඇත්තමයිදෝ ..


    දිඳුලන්නම් මා දේදුන්න සේ
    සිසිල් පවනක් සේ ඔබේ සෙනහසේ
    රැක ගන්නම් දෑස සේ මගේ
    ඇස් පියවෙනකම් ඔබටමයි ආදරේ


    මේ ඇත්තමයිදෝ..


    මේ ඇත්තමයිදෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් ‍සේ ඒ ඔබ ලැබුනා සඟවනු බෑ
    ඔබෙ වඳන් නඟනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් ‍සේ ඒ ඔබ ලැබුනා සඟවනු බෑ ආදරේ..


    ගායනය: යාශාන් සහ මිස් චේ
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගමේ පන්සල.. අපේ පන්සල
    අපේකම රැක්කා..
    අපේ දාගැබ අපේ මරණෙදි
    අපේ ලඟ හිටියා.. //

    අපේ ගම් වල අපේ දරුවන්

    සසුන් ගත කරවා
    නිවන් පුරවැද නිවී සැනහෙන
    මාවතේ යැවුවා..

    ගමේ පන්සල.. අපේ පන්සල
    අපේකම රැක්කා..
    අපේ දාගැබ අපේ මරණෙදි
    අපේ ලඟ හිටියා..
    අපේ ජාතිය අපේ ආගම
    අපේ බව කිවුවා..

    අපේ දෙස බස අපේ පන්සල
    නිසා වෙන් රැකුනා..
    ගමේ පන්සල.. අපේ පන්සල
    අපේකම රැක්කා..
    අපේ දාගැබ අපේ මරණෙදි
    අපේ ලඟ හිටියා..

    අපේකම රැක්කා.. අපේ ලඟ හිටියා.. //

    ගායනය: එඩ්වඩ් ජයකොඩි
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...

    ලේන කුලේ සිට ආගිය මඟ තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
    පසු පස ආවා සෙවනැල්ලක් වී...

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ලඟ යශෝදරාවෝ
    පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..