ගොඩක් අය මේ දවස් වල යාපනේ යනවා. දශක ගනනාවක් තිබුන යුද්ධේ නිමා වෙලා නිසා අපේ රටේ ඕනෑම තැනක නිදහසේ ඇවිදින්න පුලුවන්.
යාපනේ ගැන එලකිරි අඩවියේ ගොඩාක් ත්රෙඩ්ස් පල වෙලා තියෙනවා. මමත් කලින් යාපනේ ගැන ත්‍රෙඩ් එකක් කලා. මම මේ අද දාන ත්‍රෙඩ් එක තවත් එක් ත්‍රෙඩ් එකක් කරගන්න මට ඕනා නෑ. ඒ නිසා පසුගිය සතියේ මම කළ යාපනේ සංචාරයේ පින්තූර කිහිපයක් ගෙදා ගන්නට හිතුවා ඔයාලත් එක්ක.
ගමන පටන් ගත්තේ සෙනසුරාදා රෑ. එලිය වැටෙනකොට අපි කිලිනොච්චියේ.
කිලිනොච්චියට තවත් උදෑසනක්.
කිලිනොච්චියට ඉර උදාවෙනවා
මේ මුරුකන්ඩි කෝවිල. යාපනේ යන හැමෝම මුරුකන්ඩි කෝවිල ගාව නතර වෙලා පොල් ගෙඩියක් එහෙම ගහලා ගමන් කරන එක තමා සිරිත.
අපි අලිමංකඩට ලඟා උනා. මේ තියෙන්නේ හසලග ගාමිනී සෙබලා ජීවිතය පරිත්‍යාග කල ස්ථානය.
ගමනේ වැදගත්ම ස්ථානය අලිමංකඩ. කලිනුත් මම අලිමංකඩ ගැන ත්‍රෙඩ් එකක් කලා මතක ඇති. අලිමංකඩ කියන්නේ අපේ රටේ උතුර දකුණ යා කරන ස්ථානය. මම කැමතිම ස්ථානයක්. මේ තියෙන්නේ අලිමංකඩ යුධ ස්මාරකය.
මේ යුධ ස්මාරකය වැදගත් වෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් කියන්නම්. සේනාංක 4 ක් එකතු වෙච්ච ස්ථානය තමයි අලිමංකඩ කියන්නේ. මේ ගමන වෙනුවෙන් අපේ හමුදාවේ 27000ක් දෙනා ජීවිතය පූජා කරලා තියෙනවා. මේ ස්මාරකය අපේ සංචාරකයන්ට ඉස්සරහා හිටගෙන පින්තූර ගන්නට හදපු එකක් නම් නෙමෙයි කියන එක මෙතන ඉන්න හැමෝටම මතක් කරන්නට ඕනා. ඊට වඩා ගොඩාක් වැදගත් තේරුමක් මේ ස්මාරකය තුල සැඟවිලා තියෙනවා.
අලිමංකඩ අවට දිස්වෙන හැටි.
තල් ගහ. යාපනේ සංකේතය වගේ. යට ඉන්න කෙනාට වඩා ගොඩාක් උසයි.
අලිමංකඩ තානායම පැවති ස්ථානය.
කලින් කීවා වගේ අලිමංකඩ කියන්නේ යාපනය අර්ධද්වීපයට ඇතුල් වෙන ස්ථානය.
අපි ඔහොම යාපනේට ලඟා වුනා. යාපනේ යන සෑම බෞද්ධයෙක්ම මුලින්ම යන්නේ නාගදීපය වැඳපුදා ගන්නටයි. බුදුන් වරක් වැඩි මේ උතුම් පන්සලට බෞද්ධයෙක් වශයෙන් එක් වරක් හෝ යා යුතුමයි.
මේ ගමන යන්නේ බෝට්ටුවෙන්.
එක් ගමන් වාරයකට අයෙකුගෙන් රුපියල් 20ක් අය කරනවා.
මේ බුදුන් වරක් වැඩි නාගදීපය.
නාගදීපයේ අනිත් කෙරවලේ තියෙන්නේ අම්මාන් කෝවිල.
මේ කෝවිලේ අලුතෙන් හදාගෙන යන කොටස. ඔය මුදුනටම ගල් වැලි ගෙනියන්න්නේ මිනිස් ශ්‍රමයෙන්.
යාපනේ ගතකල දවස් කිහිපය තුල මම ගත්ත ආහාර වේල්මලින් රසවත්ම ආහාර වේල ලැබුනේ අම්මාන් කෝවිලෙන්. අම්මාන් කෝවිලට එන හැමෝටම හවස 3 වෙනකන් ඇති තරම් ආහාර ගන්නට පුළුවන්. එන සෑම කෙනාගේම තරාතිරම නොබලා ආහාර ලබා දෙනවා. ඉතාමත් රසවත් මස් මාංශ වලින් තොර ආහාර වේලක්.
මේ ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවානන් අවසන් හුස්ම හෙලූ ස්ථානය.
යාපනේ මහජන පුස්තකාලය.
පුස්ථකාලය ඇතුලේ ඡායාරූප ගැනීම තහනම්.
ගමනේ රසවත්ම හරිය තමයි දැන්. මේ යාපනේ අයිස් ක්‍රීම්. යාපනේ මිදි ව්ලට වගේම අයිස්ක්‍රීම වලටත් ප්‍රසිද්ධයි. Baskin Robbins එකේවත් නෑ මේ වගේ.
හින්දු බැතිමතුන්ගේ හදවත
නල්ලූර් කෝවිල.
(කෝවිල තුල පින්තූර ගැනීම තහනම්)
එලකිරි සංචාරකයා යාපනේ...
යාපනේ විශ්ව විද්‍යාලය.
යාපනේ සාරවත් වී වගාව.
ඉස්සෝ කොටු යාපනේ පුරාම තියෙනවා. ඉතා අඩු මිලට හොඳ ඉස්සන් යාපනෙන් මිලදීගන්නට පුළුවන්.
මේ කරෙයිනගර් වල ඉස්සෝ.
අහලා තියෙනවාද කැසිනේ වෙරල ගැන.
කැසිනේ වෙරල යාපනේ කරෙයිනගර් වල තියන ලස්සනම වෙරලක්. කිලෝ මීටර 3ක් විතර දුරට මුහුදේ පයින් ඇවිදගෙන යන්න පුළුවන්. නාන්න කියාපු තැන.
ඔය ඈතින් පේන්නේ පේදුරුතුඩුව ප්‍රදීපාගාරය.
අවසානයට ගියේ හුනුගම කදුරුගොඩ විහාරයට
බුදුරජානන් වහන්සේ නාගදීපයට වැඩම කල අවස්ථාවේ විවේක සුවයෙන් මේ කදුරුගොඩ විහාරයේ මද වේලාවක් වැඩවාසය කර තියෙනවා.
එලකිරි සංචාරකයා තවත් සටහනක අවසානය.
එලකිරි සංචාරකයා මීලඟ සංචාරය දක්ෂින දේශය වෙතයි.
ඒ තොරතුරු ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

Last edited: