තමාගේ ජිවිතය ගැන කළ කිරිමෙන් ජිවත් වුන තරුණියක් වටායි
මේ කතාව ගෙනෙන්නේ...
ඒ තරුණියට මේ ජිවිතය කළකිරිමට මුලික හේතුව වුනේ..
ඇයගේ දෙනෙත් අන්ධ වී තිබුන නිසාවෙනි..
ඇය මේ සමාජයේ බොහෝ දෙනෙකුට අකැමැත්ත පෙන්නුම් කලාට..
ඇය ආදරය කල පෙම්වතාට බොහෝ සේ ඇලුම් කලා.. හේතුව ඒ පෙම්වතා..
හැම මොහොතෙම ඇය වෙනුවෙන් ජිවත් වු නිසාවෙනි.
ඇය බොහෝ වේලාවට කියාපු දෙයක් තමයි.. මට කවදා හරි දවසක මේ දෙනෙත් පෙනුනා නම්.
කසාද බදිනවා නම් බදින්නේ මගේ පෙම්වතාව විතරයි කියලා..
දිනක් යමෙක් විසින් ඇයට ඇස් යුගලක් පරිත්‍යාග කර තිබුනා..
ඒ හේතුවෙන් ඇයට හැමදෙයක් ම වගේම ඇයගේ පෙම්වතාවත් බලා ගන්න පුලුවන් වුනා..
ඇයගේ පෙම්වතා ඒ මොහොතේ දී..
" දැන් ඔයාට හැම දෙයක් ම බලාගන්න පුලුවන්.. දැන් ඔයා මාව බදින්න කැමැති ද ? "
කියා විමසා සිටියා..
ඇය ඒ අවස්ථාවේදි විශ්මයට පත් වුහ..
හේතුව ඇගේ පෙම්වතාත් අන්ධ පුද්ගලයෙක් කියා දුටු නිසාවෙනි.. ඒ නිසාවෙන් ඇය මේ තාක් කල්
ආදරය කල පෙම්වතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය..
ඒ අවස්ථාවේදි දුකෙන් කම්පාවට පත් වු ඒ තරුණයා.. ඇයගෙන් වෙන් වී ඈතට පියමන් කලා..
පසු දිනක ඒ පෙම්වතා තම ආදරය කල පෙම්වතියට ලිපියක් මාර්ගයෙන්
" මගේ ඇස් දෙක පරිස්සමෙන් බලා ගන්න රත්තරං.. "
" ඔයාට මම සදාකල් ආදරය කරනවා.. "
කියා සටහනක් ඉදිරිපත් කලේය..
මේය උපුටා ගෑනිමක් නෙවෙයි..
පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )
පමණක් බව කරුණාවෙන්
සලකන්න..
පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )
පමණක් බව කරුණාවෙන්
සලකන්න..
පරිවර්තනය කලේ :- කුල් ලයිෆ් ස්ටයිල් 4 යු / මොහොමඩ්..
(බොහෝ දෙනෙක් දන්නේ.. රුක්මාල් කියන නමින්.. )
(බොහෝ දෙනෙක් දන්නේ.. රුක්මාල් කියන නමින්.. )
මේ කතාව බොහෝ දෙනෙක් ඉංග්‍රීසියෙන් කියවලා ඇති ඒත්..
වෙනසකට අපේ භාෂාවෙන් ලියන්න හිතුවේ.. අපේ එළකිරි සමාජිකයන්ට පණිවිඩයක් දෙන්න ඕනෑවටයි.
දැන් ඉතින් කොයි කවුරුත් වගේ ආදරේ කරනවා නේ..
ආදරයක් කරන්නේ නැති කෙනෙක් හොයා ගන්නත් බැරි තරම්.. බොහෝ දෙනෙක් තනි ජිවිතයක්
ගත කරන එක
ඒ අයට සතුටක් දැනුනාට.. සමහරු ජිවත් වෙන්නේ.
අපිට ජිවත් වෙන්න ආදරයක් ඕනේ කියන සීමාවෙන් ඉදගෙනයි..
ඒ අතර තවත් සමහරු ආදරය කරන්නේ ඒ අය හුදෙක් විනෝදයක් ලබා ගැනිමේ අරමුණ මතයි..
කොහොම වුනත්.. අපේ ජිවිතයට ආදරයක් එකතු වෙන්නේ අපි නොහිතු මොහොතකයි..
ඒ එකතු වෙන ආදරය මුල් කාල වලදි.. ඒ තරම් දැනුනේ නැති වුනාට
ඒ ආදරය ඉදිරියට යද්දි අපිට දැනෙනවා ඒ ආදරය අපිට නැතුව බැරි විත්තිය..
ඒ වගේ හැගිමකින් ආදරය කරන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ..
තමා ආදරය කරන සහකරුට හෝ සහාකාරියට..
ආදරය කල පලියට ඒ අය වෙනුවෙන් ම යැපිලා තමාගේ ජිවිතය අනතුරේ දා ගන්න එපා කියලායි..
ආදරය සුන්දර දෙයක්.. ඒ සුන්දරත්වය අපි හරිහැටි විදහා ගැනිමට දැන ගෙන හිටියා නම්..
ඒ ජිවිතය තවත් සුන්දර වෙයි..
මේ ගැන අපේ සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමැති..


