~ආදරයේ විරහව~

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    nethatanetha.jpg


    ඔන්න මම අලුත් Thread එකක් පටන් ගත්තා. :)අපි හැම කෙනෙක්ම ආදරය කරලා ඇති.:rolleyes: එහෙමත් නැත්නම් හිතින් හරි තව කෙනෙකුට ආදරය කරලා ඇති. :yes:ආදරය ගැන කථා කරන කොට විරහව ගැන කථා නොකරම බැහැ. :sorry:මට නම් මගේ ජිවිතයේ ලැබුණු දේවල් වලින් දැනුණු සතුටට වඩා නොලැබුණු දේවල් වලින් ලැබුණු වේදනාව ගොඩක් දැනෙනවා. :(ඒක නිසා මම මේ Thread එකට ගොඩක්ම ආදරයේ විරහව ගැන ලියවුන කවි/නිසඳැස් එකතු කරනවා.:love:
    ආදරයේ දුක සතුට බෙදාගන්න ආදරයට ආදරය කරන ඔයාලා හැමෝම දිගටම මගෙත් එක්ක රැඳිලා ඉඳී කියලා මම හිතනවා.
    Rep නැති උනත් ඔයාලා දෙන Comment එක මට ගොඩක්ම වටිනවා


    edahinahunu.jpg
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආරාධනා

    දහසක් තරු මැද
    සඳකැන් පායා
    සීතල මීදුම් කැරලි වැටී
    නිහඞව ගෙවනා
    නිසල රැයේ
    දහසක් සිතුවිලි
    දහසක් පැතුමන්
    හද තුල උපදී
    ඉකිබිදිනා කල
    දුක් දොම්නස් හැර
    මහද ලැඟුම් ගෙන
    නිවහල් සොම්නස්
    සිහින දකින්නට නිමල හදවතින්
    ඔබට කරන්නෙමි
    ආරාධනා......
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අදුර මැදින් රෑ අහසේ
    පායන සඳ නුඔ වේනම්
    සඳ එළියේ සිසල මැදින්
    ඔබ ළඟ ඉන්නම්

    සසර පුරා පැතු විලසින්
    හමුවූ නිල් නෙතු නුඔ නම්
    ඔය නෙත් ළඟ සසර පුරා
    සෙනෙහෙ පුදන්නම්.....
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අදුර මැදින් රෑ අහසේ
    පායන සඳ නුඔ වේනම්
    සඳ එළියේ සිසල මැදින්
    ඔබ ළඟ ඉන්නම්

    සසර පුරා පැතු විලසින්
    හමුවූ නිල් නෙතු නුඔ නම්
    ඔය නෙත් ළඟ සසර පුරා
    සෙනෙහෙ පුදන්නම්.....

    Thanks macahn
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මට නම් ඉතින් නිසදැසි කවි වගේ ලියන්න වැඩි තේරුමක් නෑ....කට්ටිය දාලා තියන නිර්මාණ නම් ඇත්තටම හොදයි :):):):)