සුභපැතුම් හැමදෙනාටම. එළකිරි එක තුළ තමන් කරන හොඳ කටයුතු වඩා වර්ධනීයව කරගෙන යන්නට හැමෝටම හැකිවෙන්න කියල ප්රාර්ථනා කරනව!!. එළකිරි තුළ තිබුණටත් වඩා ප්රියජනක පරිසරයක් ගොඩ නැගීමට සැමදෙනාම තමන්ට ලැබුණ මේ පිළිගැනීම මත තවත් දිරි ගනියි කියල හිතනව. ඇක්ටිව් ඉන්න, සයිට් එකේ දියුණුවට කටයුතු කරන සාමාජිකයන් අති විශාල පිරිසක් හිටියත් 8 දෙනෙක් අවසාන වටයට පැමිණියේ එයාලගෙ ජනප්රියත්වය හා එළකිරි එකේ ඉන්න යාලුවො ප්රමාණය අනුව බොහෝවිට. ඒ නිසා ඒ අයගෙ වගකීම තමයි ඒ ජනප්රියත්වය හා යාලුකම කියන දේ රැකගැනීම. ඒ වගේ ම එළකිරි රැක ගැනීම. එළකිරි වට්ටන්න සිහින දකින අයගෙ අතකොලු නොවී, එළකිරි මිතුරු මිතුරියන් සමඟ වළි දා ගන්නෙ නැතුව කවුරුත් සුහදව තමන් දන්න දේ බෙදාහදාගෙන, නොදන්න දේ ඉගෙන ගෙන මේ තියනවට වැඩිය ලස්සන තැනක් බවට එළකිරි පත් කරාවි කියන එකයි ඡන්දය දුන් අයගෙ වගේ ම එළකිරි බහුතර සාමාජිකයන්ගෙත් අපේක්ෂාව. ඉදිරියේදි තව තවත් වැඩදායක ත්රේඩ්, පෝස්ට් වලින් එළකිරි පෝෂණය කරන්නට හැකිවෙන්න කියල පාර්ථනා කරනව හැම දෙනාටම.!!







