"බුදු දහමේ එන දේව සංකල්පය" ලිපියට දුන් comments

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
"බුදු දහමේ එන දේව සංකල්පය" ලිපියට දුන් comments

බුදු දහමේ එන දේව සංකල්පය

බුදු දහමේ එන දේව සංකල්පය
මෙලොව පවතින්නා වූ ආගම් සියල්ල අපට කොටස් දෙකකට වර්ග කළ හැක.

  1. මානවයාටම විමුක්තිය සලසා ගත හැකි බව පවසන මානව කේන්ද්‍රීය දහම්.
  2. දෙවිකෙනෙකුගෙන් තොරව මිනිසාට විමුක්තිය සලසා ගත හැකි නොවේ යන්න තහවුරු කරන දේව කේන්ද්‍රීය දහම්ය.
මෙම කොටස් දෙක අපට සරලව දේව වාදී දහම් සහ අදේව වාදී දහම් ලෙස නම් කළ හැක.
මෙහිදී මානව කේනද්‍රීය දහම් ගණයට

  1. බුදු දහම
  2. කොන්ෆියුස් දහම
  3. ජෛන දහම
  4. ෂින්ටෝ
  5. ටාඕ වැනි දහම් අපට පෙන්වා දිය හැක.
මිනිස් චින්තනය මත පදනම් වූ මෙම දහම් වල ඉතිහාසය ගැන සලකා බලන විට මෙම දහම් මානව ඉතිහාසයේ මූලාරම්භය දක්වා දිවෙන බවට සාක්ෂි නොමැත. නිදසුනක් ලෙස බුදු දහමේ පෙර බුදු වරුන් ගැන කථා කලද එයට ‍ඓතිහාසික සාක්ෂි සහිත පදනමක් නොමැත. ජෛන දහමේ ද පෙර තිර්ථංකර වරු ගැන පැවසුවද එයටද ඈතට දිවෙන ඓතිහාසික පදනමක් නොමැති බව සනාථ වී ඇත.
එමෙන්ම දෙවි ‍කෙනෙකුගෙන් තොරව විමුක්තිය සලසා ගත නොහැකිය යන දේව වාදී දහම් ගැන විමසන කළ

  1. ඉස්ලාම්
  2. කිතු දහම
  3. හින්දු දහම
  4. ජුදෙව් දහම
  5. සොරෝ ඇස්තර් දහම
අපට පෙන්වා දිය හැක. මෙහිදී මෙම දහම් පහේම සුවිශේෂීතාවය නම් මෙම දහම් පහේම මූලාරම්භයේ එක දෙවිකෙනෙකුගේ සර්වාධිපත්‍යය ගැන සඳහන් කරයි. මෙම දේව වාදී දහම් පහම විශ්වාස කරන්නේ එකම දෙවිකෙනෙකු විශ්වය නිර්මාණය කර ඇති බවකි.
බුදු දහමේ දේව සංකල්පයක් නොමැති බව බොහෝ දෙනෙක් සනාථ කරන්නට හදන කාරණයකි. නමුත් බුදුරජාණන්ගේ ‍දේශණා අඩංගු ත්‍රිපිටකයට අනුව දේව සංකල්පයක් බුදු දහමේ ඇති බව මෙම ලියුම් කරුගේ අදහසයි. සූත්‍ර පිටකයට අනුව දෙවි වරුන් කොටස් තුනක් ගැන සඳහන් වේ.
1. සම්මුති දේව – සමාජයක වෙසෙන රජවරුන්, සිටුවරුන්, මැති ඇමැතිවරුන් ආදි ප‍්‍රභූ පිරිස්.
2. විශුද්ධි දේව – බුදු, පසේ බුදු, මහරහත් යන කෙලෙස් දුරුකර උතුමන්
3. ඕපපාතික දේව – සංසාරයේ පින් කිරීමෙන් දිව්‍ය ලෝකවල පහළ වන දෙවිවරුන්ය.
බුදු දහමේ එන මෙම දේව සංකල්පය බොහෝ දුරට සමීප වන්නේ හින්දු දහමේ පසුකාලීණ දේව සංකල්පයේ ස්වරූපයටය. සත්‍ය වශයෙන්ම බුදු දහම හින්දු දහමේ මනුස්මෘති යුගයට අයත් විකාශණයක් බැවින් එයට පසුකාලීණ හින්දු දේව සංකල්පයේ ආභාෂය ලබන්නට මූලයක් වූවාදැයි කුකුසක් නැගේ.
සම්මුති දේව
බොහෝ විට සමාජයේ ප්‍රභූ පැලැන්තිය තමන්ට දේවත්වයක් ආරෝපනය කරගැනීමෙහිලා රුචිකත්වයක් දැරූ බව අපට ඉන්දු ආර්ය ඉතිහාසය හදාරන කල ‍දක්නට ලැබේ. බොහෝ විට රජ වරුන්ට ජීවත්ව සිටියදීම දෙවියන් ලෙස ආමන්ත්‍රණය කිරීම සුලභ දසුනකි. මේ නිසා පසුකාලීණව මොවුන් දේවත්වයෙහිලා ආරෝපනය වන්නට ඇත. නිදසුනක් ලෙස හින්දු දහමේ එන රාමා යනු අතීතයේ සිටි මිනිසෙක් බව වෘත්තාන්තය හදාරන කල පැහැදිලි වේ. පසුකාලීණව අතිශයෝක්තියෙන් ගූඨත්වය ආරෝපනය කිරීම නිසා මෙම සම්මුති දෙවි වරුන්ගේ සංකල්පය බහු දේව සංකල්පය කරා විකාශණය වී ඇත. වර්තමානයේ බොදුනුවන් අධික ලෙස දෙවි වරුන් නැමදීමට මෙම සම්මුති දේව සංකල්පය ඉවහල් වී ඇත. මෙහිදී සිදුවී ඇත්තේ බුදුරජාණන් පැවසූ විමුක්ති මාර්ගයේ යෑම පසෙකලූ නුතන බොදුනුවා පශ්චාත් හින්දු සමයේ ඇදහීම්, වත්පිළිවෙත් සහ සංකල්ප කරා ඇදී යාමයි.
විශුද්ධි දේව
සාමාන්‍ය මිනිසුන් නොකරන අසීරු දෙයක් කරන මිනිසුන්ට සාමාන්‍ය ජනතාව විසින් ගරු බුහුමන් කිරීම අතීතයේ සිට පැවති දෙයකි. මධ්‍යධරණී ප්‍රදේශයේ තිබුණු සූෆි සංකල්පය සහ දකුණු ආසියාවේ ශ්‍රමණ සංකල්පය යන දෙසංකල්පයටම ජනතාව මෙම බුහුමන් දක්වා ඇත. මෙවැනි අය නැවත ඉපදෙනවා නම් සුගතියේම ඉපදෙන බව ජනතාව තුල තිබූණු ඇදහීමකි.
බුදු දහමේ මෙලෙස කෙලෙස් දුරු කළ උතුමන් නැවත ඉපදීමක් ගැන සඳහන් නොකරතත් බුදු දහමේ එන විශුද්ධි දේව සංකල්පයද හින්දු දහමේ පසුකාලීණ විශ්වාසයන්ට සමානය.
මහායාන බුදු දහමේ මෙම විශුද්ධි දේව සංකල්පයට අයත් යැයි සිතිය හැකි බෝධි සත්ත්ව සංකල්පයක් ඇත. මොවුන් සූඛාවතී නම් ස්ථානයක සිට මතු බුදුවන්නට පාරමිතා පුරන අයට සහය වීමට සිටින බව ඔවුන් විශ්වාස කරයි.
ඕපපාතික දේව
බ්‍රහ්ම ලෝක දහසයක් ගැන පවසන බුදු දහම ඕපපාතික දේව සංකල්පයෙන්ද විග්‍රහ කෙරෙන්නේ කර්මයේ ඇති ආනුභාවයයි. යම් කෙනෙකුගේ යහපත් ක්‍රියාවන් මත මතුභවයේදී මහාර්ඝවූ දිව්‍ය ජීවිතයක් ලැබීම මෙතුලින් විග්‍රහ කෙරේ. මෙම දෙවිවරුන් ස්වකීය රැස්කළ කුසල් අවසාන වන විට දිව්‍ය භවයෙන් චූත වන බැව් සඳහන්වේ.
මේ අනුව බලන කල බුදු දහමේ දේව සංකල්පයක් තිබෙන බව අපට සනාථ වන නමුදු එය සර්වබළධාරී ඒක දේව සංකල්පයක් නොවේ.
Your comment is awaiting moderation.

භාෂාව තුල විවිධ වචනයන්ට විවිධ අර්ථ ඇත. එසේම ඇතැම් විට එකම වචනය වුවද විවිධ විෂය ක්ෂේත්‍රයන් තුළ හා විවිධ සන්ධර්භයන් තුළ විවිධ අර්ථයන්ගෙන් යෙදේ.
නිදසුනයක් ලෙස “ගල” යන වචනය භූගර්භ විද්‍යාව තුල එක අර්තයකින් ද slang එකක් ලෙස භාවිත කරන තව අර්ථයකින් ද යෙදේ.
“දේව” යන වචනය බුදුදහමේ යෙදෙන්නේ ඔබගේ ධර්මයේ “දේව” යන වචනය යෙදෙන අර්ථයෙන් නෙවේ. එබැවින් “මේ අනුව බලන කල බුදු දහමේ දේව සංකල්පයක් තිබෙන බව අපට සනාථ වන නමුදු එය සර්වබළධාරී ඒක දේව සංකල්පයක් නොවේ.” යනුවෙන් පවසා බුදුදහම තුළ “දේව” යන වචනය ඔබගේ ආගමේ “දේව” යන වචනය එක හා සමාන දෙයක් හැදින්වීමට (දෙගොල්ලොම “දෙවියො” ලෙස සිතීම) යෙදෙනවා සිතීම අතාර්කිකය.
 
  • Like
Reactions: Yisrael

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඉහත quote කර ඇති වෙබ් අඩවිය විසින් කමෙන්ට් වාරණයක් සිදුකරන බැවින් හා එම අඩවියේ කර්තෘට පිළිතුරු දිය නොහැකි කමෙන්ට් මකා දමන බවට ලැබුණු ආරංචියක් නිසා ඉහත කමෙන්ට් එක මේ විදියට ත්‍රෙඩ් එකක පළ කරමි..
 

Wal Bada

Well-known member
  • ජෛන දහමේ ද පෙර තිර්ථංකර වරු ගැන පැවසුවද එයටද ඈතට දිවෙන ඓතිහාසික පදනමක් නොමැති බව සනාථ වී ඇත.

    Big lie.

    Neminath

    The literary evidence seems to be supported by epigraphic evidence. In Kathiawar, a copper plate has been discovered on which there is an inscription. King Nebuchadrezzar I of Babylonia, who was also the lord of Reva-nagara (in Kathiawar of Gujarat) had come to the place (Dwarka) of the Yaduraja. He built a temple and paid homage and made the grant perpetual in favour of Lord Neminatha, the paramount deity of Mt. Raivata. This inscription is of great historical importance. Nebuchadrezzar was living in the 10th century BCE. This indicates that even in the 10th century BCE there was the worship of the temple of Neminatha, the 22nd Tirthankara of the Jains.

    He is said to be the contemporary of Krishna, the hero of Mahabharata. The historicity of the Mahabharata War is unclear. Many historians estimate the date of the Mahabharata war to Iron Age India of the 10th century BCE.[5] Pargiter arrived at an estimate of 950 BCE for the Mahabharata battle on the basis of the Puranic data.[6] B. B. Lal used the same approach based upon the Puranic data to estimate a date of 836 BCE for the Mahabharata battle.[7]. The late 4th millennium date was estimated for the Mahabharata battle based on planetary conjunctions, by Aryabhata