ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට… ( Liv

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට… ( Liv

ජීවත් වෙද්දි කොච්චරනම් ප්‍රශ්න එනවද……… අපි ඒවට කොච්චර සාර්ථකව මුහුන දෙනවද? අපි මෙතනදි ප්‍රශ්න ගැන කතා නොකර ඉමු………. ඒවයින් නිදහස් වෙන්න උතසාහ කරමු.


ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට…….


කවදාවත් ඔබ, ඔබව මනින්න උත්සාහ කරන්න එපා.

ඔබ, ඔබ ගැනම විවෙචන කරගනිමින්, මනිමින් ඔබගේ ජීවිතය අර්ථදක්වන්න එපා. අනිත් අයගේ ජීවිත ගැනත් තීන්දු, තීරන ගන්න යන්න එපා. උදාහරනයක් විදිහට ඔබ ඔබේ දෙමව්පියන් ගැන හිතන්න. ඔවුන් ඔබට බනිනවා ඇති. මෝඩයා…….. ජීවිතේ නස්තිකරගන්නයි උබ ඔය හදන්නේ…….. ඔවගේ දේවල් සමහරවිට කියනව ඇති. ඒත් ඔබ ඒ වචන වලට බැහැල, ඔබේ ජීවිතය ගැන හිතන්න යන්න එපා. ඒව හිතට ගන්නත් එපා. නමුත් ඔබට ඒවා තදින් දැනෙනවා වන්නට පුලුවන්. ඔබ ඒ ගැන නොසිතා ඉන්න උත්සාහ කරන්න. ඉහිල් ( Relax ) වෙන්න.
දෙමව්පියන්, මිතුරන්, අසල්වාසීන් ඔබ ගැන කියන දේවලට, ඔවුන් එක්ක රණ්ඩු වෙන්න, බැන ගන්න යන්න එපා. ඔවුන් ගැන තරහක්, වෛර්යක් ඇති කරගන්න එපා. ඔවුන් කියන දේ සමහරවිට හරි වෙන්නත් පුලුවන්, ඒත් වැරදි වෙන්නත් පුලුවන්නේ….. ඒ වචන වලින් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරගන්න එපා. ඔබ කව්දැයි තීරණයකිරීමට හා ඔබ කැමති කෙනෙකු වීමේ සම්පූර්ණ අයිතිය හා බලය තමා සතු බව පමනක් සිතේ තබාගන්න.



ඔබේ ප්‍රශ්න දෙමව්පියන් සමග ප්‍රකාශකරන්න.


කිසිම දෙයක් හංගන්න එපා. කියන්න තියන ඕන දෙයක් කියන්න. බය වෙන්න එපා ඔවුන් ඔබට ආදරෙයි. ඔවුන් පිළිබදව ඔබ මොනව හිතන් හිටියත්, හැම අම්මෙක් තාත්තෙක්ම එක වගේ. මෙතනදි හැගීම් බරව කතාකරන්න. ගැහැනු, පිරිමි කියල වෙනසක් නෑ. ඔනම ප්‍රශ්නයක් ඔවුන්ට කියන්න. මෙයින් ඔබේ හිතට ලොකු නිදහසක් දැනෙනවා විතරක් නෙමෙයි, ඔබ වෙන ලෝකෙකින් ආව එකෙක් නෙමෙයි කියල ඔබට දැනෙයි.




එලිමහනට යන්න.


කාමරය තුලට වී හෝ ගෙට වීම ඉන්න එපා. එලෙක්ට්‍රොනික උපකරණත් සමග : ( Playsatation, X box , TV බලමින් , පරිඝණකය ආශ්‍රිත ( Face book, Blogging,Mysapace, Hi5) නොසිට එලිමහනට යන්න. කායික නොවන ක්‍රියකාරකම් වලින් පැයකට හෝ බැහැර වන්න. සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණ රසවිදින්න. කුමක් හෝ නිර්මාණාත්මක ක්‍රියකාරකමක යෙදෙන්න.




ඔබේ පවුලේ සාමජිකයන් හා මිතුරන් අතර ගැවසෙන්න.


සුලු වේලාවක් ඔබේ පවුලේ සාමාජිකයන් අතරේ ගැවසෙන්න. පුන්චි කතාබහක් කරන්න. ඔබේ යලුවෝ අතරෙ ගැවසෙන්න. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ට ප්‍රශ්නයක් නම් උදව් කරන්න. ඔබේ සුරතලාත් සමග ඉන්න.




බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.


බාහිර පරිසරයත් සමග ගනුදෙනු වෙන ක්‍රියා සිදුකරන්න. උදාහරනයක් ලෙස, ඔබේ මිතුරන් සමග යම් සමාජයක් හෝ කුඩා කණ්ඩායමක් හදාගන්න. ඔබේ අසල් වැසියන් සමග සුහදශීලී වන්න. ශ්‍රමදානයක් කරන්න.




ඔබේ වටපිටාව සමග තව තවත් සබදතා ඇති කරගන්න.


ඔබේ අසල්වැසියන්ට ඔබ ගැන දැන ගන්නට ඉඩහරින්න. ඔබේ බයිසිකල අසල්වැසි නිවෙස් අසලින් පැදයන්න. ඔබ ජීවත් වන ප්‍රදේශයේ උයනක් (Park එකක්) ඇත්නම්. එහි ගැවසෙන්න. පිට්ටනියේ ඇවිදයන්න.




ඔබ ඔබට කැමති දෙයක් කරන්න.



කඩේට යන්න (shopping). සිනමා පටයක් නැරබීමට සිනමා හලට යන්න. ක්‍රීඩාවක් කරන්න. leisure world වැනි තැනක ගොස් විනෝද වන්න.




පිරිසිදුව නැවුම්ව සිටින්න.

මුහුන සේදීමෙන් , නෑමෙන් ශරීරය නැවුම්ව තබාගන්න.



නිසි පරිදි ආහාරගන්න


ශරීරයට අවශ්‍ය තරමට ආහාර ගන්න. කෘතිම කෑම වලින් හැකි පමනින් වලකින්න. මුළුතැන්ගෙට ගොස් කෑම පිසීමට හවුල් වන්න. ( අම්මාට හෝ ඒ කෑම පිසින තැනැත්තාට ). වැඩිපුර ශාකමය ආහාරම අනුභවකරන්න.




සතුටින් සිටින්න.


ඔබට ජීවිතයේ ලැබුනුදේ ගැන සිතා සතු‍ටු වන්න. සැම විටම සිනාමුසු මුහුනින් සිටින්නට උතසාහ කරන්න.




ජීවිතේ ගැන කනස්සලුවෙන්න එපා.

Don’t worry, be happy
As Bobby McFerrin’s "Don’t worry, be happy" song lyrics stated, "in this life we have some troubles, but if you worry you make it double, so don’t worry."


Article by: Walk on Dew
උපුටා ගැනීම : wikihow.com
 
Last edited:

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
rep ඔන නෑ මචෝ, මේක සම්පූර්ණයෙන්ම පොදු ජන හිත සුව පිනිසම දාපු post එකක්.......

Thanx macho.........
emoticon1.gif
 
Last edited:

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
මෙක කියවපුවම හිතට ඔකු සෑහල්ලුවක් දෑනෙනවා යාලුවා.................?rep+
 

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
Aktamge: goood post machan
+rep

Thanx macho


WICKILEAKS: MAXX AMACHOO REP++ ADDED

Thanx

chaja: මෙක කියවපුවම හිතට ඔකු සෑහල්ලුවක් දෑනෙනවා යාලුවා.................?rep+

ඒ කියන්නෙ මගෙ මෙව්වා එක (අභිප්‍රාය) සාර්ථකයි වගේ........ Thanx macho

Radical78: thnx bro

welcome machan
emoticon1.gif

 
Last edited:

wiaw123

Member
Dec 13, 2010
240
54
0
34
cspmaxx හරිම වටින පෝස්ට් එකක්:D
මේ දේවල් තමයි ජීවිතයට ලං කර ගන්න ඕනෙ:yes::yes:

බොහෝම ස්තුතියි යාලුවා......
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩේ නම් නියමයි මචන්. ඒ උනත් ඉතින් මගේ ප්‍රශ්න කන්දරාවට නම් ඕකෙන් සහනයක් ලැබෙයිද මන්දා. මොකද හදාගන්න බැරි විදිහට මට ජීවිතය වැරදුනා.:(:(
    කොහොම උනත් ඔයාගේ උත්සාහයට මමත් රෙප් දුන්නා
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ado machan maruma maru post 1? matath one me wage ewa thamai bun. digatama dapan eth me wage life 1 gena kiyala dena ewa hode?
     

    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34

    මචෝ මමනම් දන්නෙ නෑ ඔයාගෙ ප්‍රශ්නෙ, එත් ටිකක් ලොකු එකක් වගේ දැනෙන්නේ.

    මොනවා කරන්නද , ජීවත් වෙනවා කියන්නේ එහෙම්පිටින්ම යුද්දයක් බං, ගොඩක් දේවල් නැතිවෙනවා, ලගම උන් අපිව තනිකරල යන්න යනවා, කකුල් අතපය නැතිවෙනවා...........
    මොනවා කරන්නද, ඉන්න දෙතුන් දෙනා වෙනුවෙන් හරි ජීවත් වෙන්න එපැයි. අපිටත් අන්තිම උන්ඩේ වැදිලා පන ඇදලා හරි, මැරිල යනකම්ම.............

    මුලුහදවතින්ම පතනවා, උබට අල්ලගන්න පුලුවන් අන්තිම පිදුරුගහ හරි, උබට ගොඩයන්න පුලුවන් ශක්තිමත් එකක් වෙන්න කියල......
     

    wiaw123

    Member
    Dec 13, 2010
    240
    54
    0
    34
    ado machan maruma maru post 1? matath one me wage ewa thamai bun. digatama dapan eth me wage life 1 gena kiyala dena ewa hode?

    බොහොම ස්තූති යාලුවා, අනිවාර්්‍යයෙන්ම තවත් ජීවිතේ හදාගන්න වැදගත් වෙයි කියල හිතෙන දෙයක් දැක්ක ගමන් උබලටත් කියන්නම්.......... :yes: