meka eththa kathawakda ban


ලෝකාන්තෙන් පැනපු විදුහල්පති ! - අවාසනාවට ඇත්ත කතාවක් !!
මෙය මට මීට අවුරුදු 7කට පමණ පෙර අසන්නට ලැබුනු සත්‍ය සිදුවීමකි.
මෙය ගම්බද පෙදෙසක වූ පාසලක වු සිද්දියකි. මෙම පාසලට අලුත් ගුරුවරියක් පත්වීම ලබා ආවාය. ඇය අවිවාහක තරුණියකි.
එම පාසලේ ගුරු නේවාසිකාගාර පහසුකම් කිසිවක් නොතිබුණි. මෙම ගුරුවරිය පත්වීම ලබා පැමිණි දිනම තමාට නවාතැන් ගැනීමට සුදුසු තැනක් සොයා බැලුවාය. නමුත් එදින ඇයට පාසල් සිසුවියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් පහසුකම් ලැබිනි.
ඊට පසු දිනද ඇය පාසල් සිසුන්ගෙන් හා ගමේ උදවියගෙන්ද නවාතැනක් ලබාදිය හැකි තැනක් පිළිබඳ විමසා සිටියද කිසිම පලක් නොවින.
ඇය අවසානයේ විදුහල්පති හමුවී මේ පිළිබඳව විමසා බැලුවාය. නමුත් ඔහුද කියා සිටියේ තමා දන්නා අයුරින් ගමේ නවාතැන් ලබාදෙන තැනක් නැති බවය. විදුහල්පතිද එම ගමේ අයෙක් නොවීය.
"සර් මේ ගමේ කෙනෙක් නෙවෙයිනෙ?, ඉතිං සර් කොහෙද නැවතිලා ඉන්නෙ??" යැයි ගුරුවරිය විදුහල්පතිගෙන් ඇසීය.
"මිස් වගේම මමත් මෙහෙට ආපු දවස්වල ඉන්න තැනක් හොයලා හුඟක් මහන්සි උනා. බැරිම තැන මම ඉස්කෝලෙ මුල්ලෙ පාවිච්චි නොකර තිබුනු කාමරයක් ළමයින්ට කියලා සුද්ද කරගෙන ඇඳයි මේසයයි දාගෙන කාමරයක් හදාගත්තා. මම එදා ඉඳන් අද වෙනකන් අවුරුදු දෙකක් තිස්සෙ ඒකෙ තමා ඉන්නෙ." විදුහල්පති පිළිතුරු දුනි.
"ආහ්!, සර් ඒ වගෙ පාවිච්චි නොකරන තව කාමර තියෙනවද මෙහෙ?, එතකොට මටත් ඉස්කෝලෙම ඉන්න පුළුවන්නෙ.." ගුරුවරිය ඇසීය.
"නෑ මිස්, තිබුනෙ එකම කාමරයයි... මිස් වැරදියට හිතන්න එපා මම මෙහෙම කිව්වයි කියලා, මම ඉන්න කාමරේ තියෙන්නෙ ලොකු ඇඳක්, මිස්ගෙ අකමැත්තක් නැත්තම් අපි ඇඳ දෙකට බෙදගෙන ඉමු!" විදුහල්පති කීය.
විදුහල්පතිගේ යෝජනාව අසා ගුරුවරිය පුදුම වූවාය. අනික විදුහලිපතිද අවුරුදු 32ක පමණ අයෙකි. මද වේලාවක් කල්පනා කල ගුරුවරිය තමාට වෙන විකල්පයක් නැතිබව තේරුම්ගෙන විදුහලිපත්ගේ යෝජනාවට එකඟ වුවාය.
මේ ආකාරයෙන් අලුත් ගුරුවරිය හා විදුහල්පති ඇඳ මැදට වැඩිපුර කොට්ට දෙකක් දාමා ඇඳ දෙකට වෙන කරගෙන එකම කාමරයක විසූහ. මේ අකාරයෙන් මාස 6ක් පමණ ගත්විය.
පාසලේ පළමු හා දෙවන ශ්‍රේණිවල ළමුන් ලෝකාන්තයට අධ්‍යාපන චාරිකාවක් ගියහ. අලුත් ගුරුවරිය 2වන ශ්‍රේණියේ පංතිබාර ගුරුවරිය වූවාය. අධ්‍යාපන චාරිකවට විදුහල්පතිද සහභාගී විය.
ලෝකාන්තෙයෙ වූ සැඩ සුළඟට එක් ළමයෙක්ගෙ තොප්පිය ගැලවී ගොස් ලෝකාන්තය පල්ලමට වැටිනි. තම තොප්පිය අහිමිවූ ළමයා අඬන්නටවිය. ඔහුගේ පංතිබාර ගුරුවරිය වූ අලුත් ගුරුවරිය කොතෙක් උත්සාහ දැරුවද ඔහුව සැනසීමට නොහැකි විය.
මෙම දැක එතෙන්ට පැමිණි විදුහල්පති, "ආහ් ඔය ළමයා අඬන්න එපා ඉන්න මම පැනලා තොප්පිය අරං දෙන්නම්" යැයි පැවසීය.
මෙය ඇසු අලුත් ගුරුවරිය මෙසේ කීවාය, "කොට්ටෙන් මෙහාට පනින්න බැරි මිනිහා කොහෙද ලෝකාන්තෙන් පනින්න යන්නෙ!"
-----------------------------------------------------------------------------
කතාව : බැරක් ඔසාමා @ ElaKiri.Com![]()
-----------------------------------------------------------------------------
මෙන්න මම ලියපු/පරිවර්තනය කරපු අනිත් කතා.
බහිරවයා !!!
ඇඳේදි ෆන් එකක් නෑ!
පුත්තුන්ගෙ විත්ති!
අවංක බිරිඳ!!!
බයිසිකලය !!!
නාකි ගෑනිගෙ ඔට්ටුව !!!
අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා !!!
රිදී හැන්ඳ !!!
බීමත් මිනිසා !!!
කන්‍යා පරීකෂණය !!!
ගල් වෙලා මැරෙයි !!!
මගේ එක 17 !!!
මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න...
හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාල යන්න, මේවා කොටන්න ගියාම තමා එපාවෙන්නෙ!