දීපිකා රන්බීර්ගේ ලැයිස්තුවෙන් ඉවතට
සංජය ලීලා බන්සාලිගේ සාවරියා චිත්‍රපටය තුළින් සිය රංගන ජීවිතය ඇරඹි රන්බීර් කපූර් මේ වනවිට ලොව පුරා අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් බොලිවුඩ් තරුවක බවට පත්ව සිටියි. නමුත් ඒ සමගම ඔහුගේ නම හා බැඳුණු විවිධ කටකතා ද නිර්මාණය නොවූවාම නොවේ. විශේෂයෙන් ප්‍රේමය විෂයෙහි ඔහු පුවත් මවන්නෙකු බවට පත්විය. මේ දිනවල රන්බීර් 2011 ජූනි මස ඇරඹෙන සිය ලෝක සංචාරය සඳහා සූදානම්වෙමින් සිටින බව වාර්තා වේ.
මෙම සංචාරයේදී අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු යුරෝපයේ තෝරාගත් නගර කිහිපයක සංදර්ශන පැවැත්වීමට නියමිතව ඇත. ජූනි මස ඇරඹෙන මෙම සංදර්ශන මාලාව ජූලි අග දක්වා පැවැත්වේ. මෙම සංචාරය සඳහා කට්රිනා කයිෆ්, ප්‍රියංකා චොප්රා, බිපාෂා බාසු හා මලයිකා අරෝරා ඛාන් වැනි රංගන ශිල්පිණියන් කිහිපදෙනෙකු ද සහභාගවීමට නියමිතව ඇති අතර ආරංචි මාර්ග වලට අනුව රන්බීර්ගේ හිටපු පෙම්වතිය වන දීපිකා පදුකෝන් හදිසියේම මෙම සංචාරයෙන් ඉවත්කර ඇති බව සඳහන්ය.
රන්බීර් හා දීපිකා කලක් බොලිවුඩයේ මහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් පෙම් යුවලක් වූ අතර එය හදිසියේම බිඳවැටුණේ කාන්තා විෂයෙහි රන්බීර් පිළිබඳ මතුවූ විවිධ ආරංචි නිසාය. පසුව රන්බීර් තවත් රංගන ශිල්පිණියන් කිහිපදෙනෙකු සමගම පෙම් සබඳතා ගොඩනගාගත් බව ද වාර්තා විය. රන්බීර්ගේ අවසන් පෙම්වතිය කට්රිනා කයිෆ් වූ අතර රන්බීර්ගේ නවතම චිත්‍රපටයේ ඔහු රංගනයෙන් දායක වන බොලිවුඩයට අලුත් මුහුණක් වූ නාගිස් ෆඛ්රි සම්බන්ධ සිදුවීමක් කට්රිනා හා කයිෆ් අතර යම් මත ගැටුම් ඇතිවිය.
රන්බීර්ගේ සංචාරය සඳහා තවත් රංගන ශිල්පිණියක් තෝරාගැනීමට තීරණය කර ඇති අතර කට්රිනා ඒ සඳහා දීපිකාගේ නම යෝජනා කිරීමට අකමැත්ත පළකර ඇති බව ද වාර්තා වේ. රන්බීර්ගේ හිටපු පෙම්වතිය නැවත ඔහු හා වේදිකාවේ රංගනයේ යෙදීම පිළිබඳව කට්රිනාට යම් අසතුටක් දනවන්නට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. රන්බීර්ගේ සංචාරයට දීපිකා එක්කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පියා වන රිෂී කපූර් පවසා ඇත්තේ රන්බීර් හා නර්තනයේ යෙදීමේදී දීපිකා වේදිකාව මත මානසික වශයෙන් අපහසුතාවයට පත්වනු දැකීමට තමන් අකමැති බවය.