Indian Kunu Goden

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දීපිකා රන්බීර්ගේ ලැයිස්තුවෙන් ඉවතට


    සංජය ලීලා බන්සාලිගේ සාවරියා චිත්‍රපටය තුළින් සිය රංගන ජීවිතය ඇරඹි රන්බීර් කපූර් මේ වනවිට ලොව පුරා අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් බොලිවුඩ් තරුවක බවට පත්ව සිටියි. නමුත් ඒ සමගම ඔහුගේ නම හා බැඳුණු විවිධ කටකතා ද නිර්මාණය නොවූවාම නොවේ. විශේෂයෙන් ප්‍රේමය විෂයෙහි ඔහු පුවත් මවන්නෙකු බවට පත්විය. මේ දිනවල රන්බීර් 2011 ජූනි මස ඇරඹෙන සිය ලෝක සංචාරය සඳහා සූදානම්වෙමින් සිටින බව වාර්තා වේ.

    980177257_ranbir.jpg


    මෙම සංචාරයේදී අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු යුරෝපයේ තෝරාගත් නගර කිහිපයක සංදර්ශන පැවැත්වීමට නියමිතව ඇත. ජූනි මස ඇරඹෙන මෙම සංදර්ශන මාලාව ජූලි අග දක්වා පැවැත්වේ. මෙම සංචාරය සඳහා කට්රිනා කයිෆ්, ප්‍රියංකා චොප්රා, බිපාෂා බාසු හා මලයිකා අරෝරා ඛාන් වැනි රංගන ශිල්පිණියන් කිහිපදෙනෙකු ද සහභාගවීමට නියමිතව ඇති අතර ආරංචි මාර්ග වලට අනුව රන්බීර්ගේ හිටපු පෙම්වතිය වන දීපිකා පදුකෝන් හදිසියේම මෙම සංචාරයෙන් ඉවත්කර ඇති බව සඳහන්ය.

    516168123_yiqm7njp.jpg


    රන්බීර් හා දීපිකා කලක් බොලිවුඩයේ මහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් පෙම් යුවලක් වූ අතර එය හදිසියේම බිඳවැටුණේ කාන්තා විෂයෙහි රන්බීර් පිළිබඳ මතුවූ විවිධ ආරංචි නිසාය. පසුව රන්බීර් තවත් රංගන ශිල්පිණියන් කිහිපදෙනෙකු සමගම පෙම් සබඳතා ගොඩනගාගත් බව ද වාර්තා විය. රන්බීර්ගේ අවසන් පෙම්වතිය කට්රිනා කයිෆ් වූ අතර රන්බීර්ගේ නවතම චිත්‍රපටයේ ඔහු රංගනයෙන් දායක වන බොලිවුඩයට අලුත් මුහුණක් වූ නාගිස් ෆඛ්රි සම්බන්ධ සිදුවීමක් කට්රිනා හා කයිෆ් අතර යම් මත ගැටුම් ඇතිවිය.

    301166300_dijyvfod-1.jpg


    රන්බීර්ගේ සංචාරය සඳහා තවත් රංගන ශිල්පිණියක් තෝරාගැනීමට තීරණය කර ඇති අතර කට්රිනා ඒ සඳහා දීපිකාගේ නම යෝජනා කිරීමට අකමැත්ත පළකර ඇති බව ද වාර්තා වේ. රන්බීර්ගේ හිටපු පෙම්වතිය නැවත ඔහු හා වේදිකාවේ රංගනයේ යෙදීම පිළිබඳව කට්රිනාට යම් අසතුටක් දනවන්නට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. රන්බීර්ගේ සංචාරයට දීපිකා එක්කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පියා වන රිෂී කපූර් පවසා ඇත්තේ රන්බීර් හා නර්තනයේ යෙදීමේදී දීපිකා වේදිකාව මත මානසික වශයෙන් අපහසුතාවයට පත්වනු දැකීමට තමන් අකමැති බවය.

    295603482_rdql529g.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජැක්ලීන් මවක් වීමට තීරණය කරයි

    2006 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් පිළිබඳව වාර්තා වන නවතම පුවත වන්නේ ඇය මවක් වීමට සැරසෙන බවය. තවමත් 29 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණී ශුෂ්මිතා සෙන් මෙන් අවිවාහක මවක් වීමට සූදානමින් සිටින බව සඳහන්ය. ළඟදීම ඇය කුඩා දරුවෙකු හදාවඩා ගැනීම සඳහා බාරගැනීමට නියමිත බව සඳහන්ය.

    650755730_2gx50e7r.jpg


    "දරුවකු හදාවඩා ගැනීම සුන්දර අත්දැකීමක්. මව්පියන් අහිමි දරුවකුට ඔවුන්ට එම අහිමි වූ පවුලක ආදරය ලබාදීම යහපත් කරුණක්. දරුවෙකු හදාවඩා ගැනීම බොහෝ කලක් මා සතුව පැවති සිහිනයක්. දැන් මගේ ඒ සිහිනය සැබෑකරගැනීම සඳහා සුදුසු කාලය එළඹ තිබෙනවා" ජැක්ලීන් පවසයි.

    1478361024_j-1.jpg


    ශ්‍රී ලංකාවෙහි පිහිටි සිය නිවසෙහි කුඩා ගැහැණු දරුවන් කිහිපදෙනෙකු හදාවඩාගැනීම සඳහා මූල්‍යමය පහසුකම් පවතින බව ඇය සඳහන් කර තිබේ. "රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව මම මානුෂීය ක්‍රියාකාරකම් කිහිපයක නිරතවෙනවා. නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නිවාස තනාදීම වෙනුවෙන් අපි ස්වේච්ඡා සේවකයින් ලෙස කටයුතු කරනවා. එමෙන්ම ඉන්දියාවේ කාන්තා අධ්‍යාපනය ඉහළ නැංවීම සම්බන්ධව ද මම මැදිහත්ව කටයුතු කරනවා" මෙම සුරූපී රංගන ශිල්පිණිය සඳහන් කරයි.

    1699117399_ff.jpg


    2006 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ජැක්ලීන් එම වසරේ මිස් යුනිවර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් විය. ඉන් අනතුරුව ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. 2009 වසරේදී ෂුජෝයි ගෝෂ්ගේ ඇලදින් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙමින් ජැක්ලීන් බොලිවුඩ් සිනමාවට පිවිසියාය. එමෙන්ම මේ වනවිට ඇය දකුණු ඉන්දීය සිනමාවට ද පිවිස සිටියි.

    1605654781_dssac.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කරීනාගේ හිටපු පෙම්වතාට සහිෆ්ගෙන් පැසසුම&

    සහිෆ් අලි ඛාන් හා කරීනා කපූර් ලොව පුරා කා අතරත් කතාබහට ලක්වූ පෙම්වතුන් යුවලකි. 2004 වර්ෂයේදී ෆිඩා චිත්‍රපටය අතරතුර ශාහිද් කපූර් හා කරීනා අතර ඇතිවූ පෙම් සබඳතාවය වසර තුනකට ගතව ගියවිට 2007 වනවිට බිඳවැටීමත් සමග ශාහිද් මෙන්ම කරීනා ද නැවත තනිකඩ ජීවිතයකට හුරුවිය. පෙම් සබඳතාවය බිඳවැටීමෙන් පසු තමන් කරීනාට මහත්සේ ගරු කරන බවත්, ඇය අපූරු තරුණියක් බවත්, මුළු ලොවෙහිම සතුට කරීනාට ලැබෙන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවත් ශාහිද් සඳහන් කර තිබිණි.

    1064289212_g5qfpmkn.jpg


    නමුත් කරීනාගේ තනිකඩ ජීවිතයට ඉක්මනින් අවසන් තිත තැබුණේ සිය පළමු විවාහයේ බිරිඳගෙන් වෙන්ව සිටි සහිෆ් අලි ඛාන් ඇයගේ ජීවිතයට ළංවීමත් සමගය. ඒ වනවිට සහිෆ් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ද විය. 2009 වසරේදී සහිෆ් තමන් හා කරීනා අතර වූ සබඳතාවය පිළිබඳව නිල වශයෙන් තහවුරු කරමින් ඉක්මනින් විවාහවීමට බලපොරොත්තු වන බව ද සඳහන් කළේය. නමුත් දෙදෙනාගේම වෘත්තීයමය කාර්යයබහුලත්වය දිනෙන් දිනම කරීනා -සහිෆ් විවාහය කල්දමමින් තිබෙන බව ද සඳහන්ය.

    498619904_Kareena_Kapoor_&_Saif_Ali_Khan_aanounced_Metro_Shoes.jpg


    මෙම පුවත වාර්තාවන්නේ කරීනා -සහිෆ් අතරට නැවතත් කරීනාගේ හිටපු පෙම්වතා වන ශාහිද් කපූර් පැමිණීමේ පුවතත් සමගය. සාමාන්‍යෙයන් කිසියම් පෙම්වතකු සිය පෙම්වතියගේ පැරණි පෙම්වතුන් පිළිබඳව පැසසුම් මුඛයෙන් කතාකිරීමට එතරම් කැමැත්තක් නොදක්වයි. බොලිවුඩයෙහි මෙවැනි පුවතක් වාර්තාවීම සැබවින්ම පුදුමයක් විය හැකිය. මෑතකදී සහිෆ් විසින් සිය පෙම්වතියගේ හිටපු පෙම්වතා වන ශාහිද් පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ ශාහිද්ගේ රංගන දක්ෂතාවය පිළිබඳවය.

    1764593808_2ggspgz7.jpg


    එමෙන්ම ශාහිද් හා කරීනා යනු තිරයේ වඩාත්ම ගැළපෙන පෙම් යුවලක් වන බව පැවසීමට ද සහිෆ් මැලිකමක් දක්වා නොමැත. මාධ්‍ය කෙලෙස වාර්තා කළද කරීනාගේ අතීතය තමන්ට එතරම් වැදගත් නොවන බවත්, ඒ පිළිබඳව සාධාරණ ලෙස සිතීමේ හදවතක් තමා සතු බවත් මෙම සිදුවීම මගින් සහිෆ් පෙන්වා දී ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. එමනිසාම බොලිඩුඩයේ සුරූපී රංගන ශිල්පිණියකගේ හදවත සහිෆ් දිනාගැනීමට සමත්වීම අරුමයක් නොවන බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
    185264199_5mbllqf0.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලෝක වාර්තාවක් බිඳදැමීමේ ප්‍රීතිගේ තැත වර


    ජනවාරි මස 31 වන දින සිය 36 වන ජන්ම දිනය සැමරූ බොලිවුඩ් රංගන ශිල්පිණී ප්‍රීති සින්ටා මේ දිනවල සිනමා රංගනයෙන් තරමක් ඈත්ව සිටින බවක් දක්නට ලැබේ. සිනමා රංගන ආරම්භ කළ පළමු චිත්‍රපටයෙන්ම සම්මානයට පාත්‍ර වූ ප්‍රීති දැනට වසර 02 ට ආසන්න කාලයක් පුරා සිනමා නිර්මාණයකට දායක වී නැත. දිල් සේ, සෝල්ජර්, ක්‍යා කෙහෙනා, හර් දිල් ජෝ ප්‍යාර් කරේගා, චෝරි චෝරි චුප්කේ, දිල් චාතා හේ, කොයි මිල් ගයා, කල් හෝ නා හෝ, වීර් සාරා, සලාම් නමස්තේ, කබි අල්විදා නා කෙහෙනා, ජූම් බරාබර් ජූම් වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් සඳහාම ඇය සිය රංගන දායකත්වය සැපයුවාය. එමෙන්ම ඒ අතරින් කල් හෝ නා හෝ චිත්‍රපටය වෙනුවෙන් 2003 වසරේදී ඇය හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිකරගත්තාය.

    262044750_zgnonffw.jpg


    මේ වනවිට ප්‍රීති Guinness World Records -Ab India Todega නම් රූපවාහිනී වැඩසටහන සඳහා සිය කාලය යෙදවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. එම වැඩසටහන පිළිබඳව දීර්ඝ කාලයක සිට ඇය අදාළ රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡා පවත්වා ඇති අතර පසුගිය දිනෙක ප්‍රීති සින්ටා එම රූපවාහිනී නාලිකාව සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම වැඩසටහනෙහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රීති පසුගිය දින වල කාලය ගතකර ඇති ඒ අතරතුර කිසියම් සිත රිදවන අත්දැකීමකට මුහුණදීමට ද ඇයට සිදුව ඇත. මෙම ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රීති එක් අවස්ථාවක ලෝක වාර්තාවක් බිඳදැමීමට උත්සාහ දරා ඇත. ඒ ට්‍රක් රථයක් ඇයගේ උත්සාහයෙන්ම ඇඳගෙන යාම මගිනි. නමුත් අවාසනාවන්ත ලෙස එම උත්සාහය අසාර්ථක වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


    1381230020_1.jpg


    මෙය අදාළ වැඩසටහනට කිසියම් බලපෑමක් ඇතිකරයිද යන්න ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකුගේ අදහස වී ඇති නමුත් මෙම වැඩසටහන ප්‍රවර්ධන කටයුතු සහ ඉදිරිපත් කිරීම සඳහා උචිතම තැනැත්තිය ප්‍රීති සින්ටා බව මෙම නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් එම රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් ප්‍රධානී අෂ්විනී යාදී පවසයි. ප්‍රීති සින්ටා සමග පුංචි තිරයේ විකාශය වන මෙම වැඩ සටහන නවතම සංකල්පයක් මත නිර්මාණය වී ඇති බව ද ඇය පෙන්වාදෙයි. එමෙන්ම ඉන්දියාවට ආඩම්බරයක් ලබාදෙමින් ගිනස් ලෝක වාර්තා බිඳදැමීම ඉදිරිපත්වන්නන් ප්‍රීතිගේ බලවත් උනන්දුව ඔස්සේ වඩාත් ධෛර්යයට පත්වනු ඇති බව ද වැඩසටහන් වැඩසටහන් ප්‍රධානී අවධාරණය කරයි.


    1354962722_s3tkj56r.jpg


    "මෙම වැඩසටහනට සම්බන්ධවීමට මම ගත් තීරණය පිළිබඳව මම බොහෝ සතුටට පත්වෙනවා. මගේ මංගල රූපවාහිනී වැඩසටහන සඳහා Guinness World Records -Ab India Todega බොහොම හොඳ වේදිකාවක් වනු නියතය. මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වීමට අවස්ථාව ලැබීම ඇත්ත වශයෙන්ම මට මහත් අභිමානයක්. ඉන්දීය ජාතිකයින්ට සිය රටට කීර්තියක් අත්කරදීමට අවස්ථාවක් ලබාදීමත්, ඉන්දියාව ජාත්‍යන්තර තලයට ගෙනයාමට අවස්ථාවක් ලැබීමත් මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. මෙම වැඩ සටහන නැරඹීමෙන් ප්‍රේක්ෂකයින් විශාල රසවින්දනයක් ලබනු ඇති බව මට විශ්වාසයි" Guinness World Records -Ab India Todega වැඩ සටහනට සම්බන්ධවීමට ලැබුණු අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රීති සින්ටා සඳහන් කර තිබේ.


    685449766_ux0l2oas.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ශ්වේතා තිවාරි යළිත් යුග දිවියට?


    ඉන්දීය ටෙලි නාට්‍ය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ශ්වේතා තිවාරි සම්මානනීය රංගන ශිල්පිණියකි. එමෙන්ම වෙළඳ දැන්වීම් හා සිනමා රංගන ශිල්පිණියක ලෙසද නමක් දිනාගත් ඇය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් හඳුනන්නේ"ප්‍රවීනා"ලෙසය. ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ටීවී වැඩසටහනක් වන"බිග් බොස් 4" වැඩසටහන ජයග්‍රහණය කළ පළමු කාන්තා තරගකාරිය වීමේ භාග්‍යය ද 30 හැවිරිදි ශ්වේතාට හිමිවූ අතර ඇය ජයග්‍රහණය කළ මුදල ඉන්දීය රුපියල් කෝටියකි. 1998 දී ශ්වේතා ඉන්දීය රංගන ශිල්පියෙකු වන රාජා චෞදරි සමග විවාහ වූ අතර ඔවුන් එක් දියණියකගේ මව්පිය යුවලක් ද වෙයි. නමුත් 2007 වසරේදී ශ්වේතා නීත්‍යානුකූලව සිය සැමියාගෙන් වෙන්විය.

    891956897_grzno7ww.jpg


    පසුගිය දිනෙක ශ්වේතාගේ නිවසට හදිසියේම කඩාවැදුණු රාජා ශ්වේතා හා ඇයගේ මිතුරෙකු වන අබිනව් කොහ්ලි හට තදින් අඩන්තේට්ටම් කර ඇති බව ආරංචි පළවිය. ඊට පෙර සිටම අබිනව් හා ශ්වේතා අතර ප්‍රේම සබඳතාවයක් වන බවට විවිධ කටකතා පැතිරිණි. ශ්වේතා බිග් බොස් වැඩසටහනට ඉදිරිපත්වීමට දින කිහිපයකට පෙර දෙදෙනා රහසේම විවාහ වී ඇති බවට ද ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය. නමුත් අබිනව් විසින් එම පුවත් ප්‍රතික්ෂේප කර ඇත. ශ්වේතා හා අබිනව්"ජානේ ක්‍යා බාත් හුයී"නම් ඉන්දීය ටෙලි නාට්‍යයෙහි එක්ව රංගනයෙහි යෙදුන අතර ඒ හරහා ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩනැගිණි.

    1479223413_2.jpg


    "ශ්වේතා සහ මම ආදරවන්තයින් බව පිළිගන්නවා. මගේ ජීවිතය තුළ මට හමුවූ ඉතාම ගුණවත් කාන්තාව ඇයයි. නමුත් තවමත් අප විවාහ වී හෝ විවාහ වීමට තීරණය කර නැහැ. මෙවැනි කටකතා ගොඩනැගෙන්නේ කෙසේදැයි මට හිතාගන්න බෑ. විවාහවීමට සුදුසු කාලය එළඹ ඇති බව අප දෙදෙනාටම හැ‍ඟෙනදාට අප විවාහය පිළිබඳව තීරණයකට එළඹෙනවා. එම දිනය පිළිබඳව සියලුදෙනාටම දැනගන්නට ලැබේවි. අප දෙදෙනාගේ විවාහය පිළිබඳව තීරණයට තවත් ටික කාලයක් ගතවේවි. තවමත් ශ්වේතාගේ දික්කසාදය පිළිබඳව නීතිමය කටයුතු පවා සම්පූර්ණ වී නැහැ. එම කටයුතු අවසන් වූ පසුවයි අප විවාහය ගැන සිතන්නේ"අබිනව්, තමන් හා ශ්වේතාගේ විවාහය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත.

    84234461_1zy307y9.jpg


    නමුත් "බිග් බොස්" හි හිටපු තරගකරුවෙකු වන ඉන්දීය රංගන ශිල්පියෙකු, ගායකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන මනෝජ් තිවාරි සඳහන් කර ඇත්තේ ශ්වේතා හා අබිනව් අතර විවාහය සිදුවිය නොහැක්කක් බවය. "ශ්වේතා හා අබිනව් අතර සබඳතාවය පිළිබඳව කිසිදු සත්‍ය වාර්තාවක් නෑ. අබිනව් නිතර ශ්වේතාගේ නිවසට පැමිණෙන බව සත්‍යයක්. නමුත් තමන් අබිනව් සහෝදරයකු ලෙස සලකන බව ශ්වේතා මා සමග පවසා තිබෙනවා" ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නමුත් තමන් හා අබිනව් පිළිබඳව කිසිදු අදහසක් මාධ්‍ය වෙත දැක්වීමට ශ්වේතා ඉදිරිපත්ව නැත.

    204656765_j3efxmzp.jpg



     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2006 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගනිමින් බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් පිළිබඳව වාර්තා වන නවතම පුවත වන්නේ ඇය මවක් වීමට සැරසෙන බවය. තවමත් 29 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණී ශුෂ්මිතා සෙන් මෙන් අවිවාහක මවක් වීමට සූදානමින් සිටින බව සඳහන්ය. ළඟදීම ඇය කුඩා දරුවෙකු හදාවඩා ගැනීම සඳහා බාරගැනීමට නියමිත බව සඳහන්ය.

    650755730_2gx50e7r.jpg


    "දරුවකු හදාවඩා ගැනීම සුන්දර අත්දැකීමක්. මව්පියන් අහිමි දරුවකුට ඔවුන්ට එම අහිමි වූ පවුලක ආදරය ලබාදීම යහපත් කරුණක්. දරුවෙකු හදාවඩා ගැනීම බොහෝ කලක් මා සතුව පැවති සිහිනයක්. දැන් මගේ ඒ සිහිනය සැබෑකරගැනීම සඳහා සුදුසු කාලය එළඹ තිබෙනවා" ජැක්ලීන් පවසයි.

    1478361024_j-1.jpg


    ශ්‍රී ලංකාවෙහි පිහිටි සිය නිවසෙහි කුඩා ගැහැණු දරුවන් කිහිපදෙනෙකු හදාවඩාගැනීම සඳහා මූල්‍යමය පහසුකම් පවතින බව ඇය සඳහන් කර තිබේ. "රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව මම මානුෂීය ක්‍රියාකාරකම් කිහිපයක නිරතවෙනවා. නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නිවාස තනාදීම වෙනුවෙන් අපි ස්වේච්ඡා සේවකයින් ලෙස කටයුතු කරනවා. එමෙන්ම ඉන්දියාවේ කාන්තා අධ්‍යාපනය ඉහළ නැංවීම සම්බන්ධව ද මම මැදිහත්ව කටයුතු කරනවා" මෙම සුරූපී රංගන ශිල්පිණිය සඳහන් කරයි.

    1699117399_ff.jpg


    2006 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ජැක්ලීන් එම වසරේ මිස් යුනිවර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් විය. ඉන් අනතුරුව ඇය මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. 2009 වසරේදී ෂුජෝයි ගෝෂ්ගේ ඇලදින් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙමින් ජැක්ලීන් බොලිවුඩ් සිනමාවට පිවිසියාය. එමෙන්ම මේ වනවිට ඇය දකුණු ඉන්දීය සිනමාවට ද පිවිස සිටියි.

    1605654781_dssac.jpg


    ai eyagema babala baha lu da? :confused:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එල මචෝ මමත් හින්දි සිනමාවට කැමතියි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    katrina kaif..ai deyyane mage hitha mechara paranna...ara amanyawa dala maa gawata ena sondura...