[QUOTE="Damith Kariyawasam, post: 9414306, member: 31903"]මලේ, මම ගොඩක් රෑ වෙනකම් හිටියේ නැති හන්ද උත්තරයක් දෙන්න පරක්කු උනා... sorry!
මේ... ඔයාට Hiran දීල තියන උත්තරය ගොඩාක් නිවැරදියි!! ඕනෙම කෙනෙක් ඇත්තටම වැඩේට බැස්සොත් මේ කරන්න බැරි, මහා දුෂ්කර දෙයක් දෙයකුත් නෙවෙයි කියල තේරේවි. අනික් ප්‍රධාන දේ හුඟ දෙනෙකුට උපතින්ම ධ්‍යාන මට්ටම් වලට සකස් වෙච්ච හිත් තියනවා, නොදන්නවා උනාට. තියුණු ප්‍රඥාව, වහා වැටහෙන ණුවන එහෙම හිත් තියන අයගේ ලක්ෂණ තමයි. සමහරුන්ට තමන් වඩාත් කැමති දෙකට යොමු උනාම, නැත්නම් උවමනාවෙන් කරන දෙයකට යොමු උනාම, හිත නිකන්ම ධ්‍යාන ගත වෙනවා. මට තේරෙන විදියට ඔයාලට අමුතුවෙන් ධ්‍යාන ලැබීම සඳහා උත්සහ කරන්න ඕනේ නැහැ. විදර්ශනා පැත්ත build up උනොත් හරි. මම දෙන්නද නියම කමටහනක්. ඇයි ඔයා මේ ඉපදිලා ඉන්නේ කියල කල්පනා කරන්න!! නැත්නම් ඔයා ගොඩක්ම පෙරේත කමක් දක්වන දෙයක් ගැන හිතල, කොහොමද ඒකට එච්චර පෙරේතකමක් ඇති උනේ කියල කල්පනා කරන්න!! ඊළඟට ඔය හිත් රිදෙන ලොකු වේදනා එහෙම ඇතිවෙච්චහම කොහොමද ඒ දුක් ඇති උනේ? කොහොමද ඒ දුක් මතුවට ඇතිනොවෙන්න කටයුතු කලයුත්තේ? කියල වගේ කල්පණා කරන්න.
හැබැයි වැඩේට බහින්නවත් ලැබෙන්නේ නැහැ පිරිසුදු බුද්ධ දේශානා අහල, කියවල කරුණු ඉගෙනගෙන, මතක තියාගෙන, පාඩම් කරගෙන නොහිටියොත්! මතකද සුතා, ධතා, වචසාපරිචිතා කියල කරුණු තුනක් ගැන ධර්මයේ සඳහන්වෙනවා?? අන්න ඒ ටික ඒ විදියටම ඕනේ... නැත්නම් අමාරුයි! (හැබැයි ඕනේ කෙනෙකුට ධර්ම කරුණු දැනගන්න, උවමනා වෙච්ච වෙලාවට නැවත මතක් කරගන්න නම් මට උපකාර කරන්න පුළුවන්. live help එකක් වගේ... මොකද මාත් සුතා, ධතා, වචසාපරිචිතා pass කරගෙන ආපු කෙනෙක්, store වෙච්චා එහෙමම තියනවා. ඒත් භාවිතය නැති උනාම decay වෙනවනේ ඕනේ දෙයක්. මටත් එහෙමමයි. ඒත් උනන්දුවෙන් යොමුවෙන ඕනෙම කෙනෙක් වෙනුවෙන් full back-up එකක් දෙන්නම්)
ඉතින් කොහොමින් කොහොම හරි ධර්ම කරුණු ගැන කල්පණා කරන්න පටන් ගත්ත කියමු. ඒක කරගෙන යන්න අමාරුයි නම්, හිත වෙන වෙන දේවල් ගැන ඇදිල යනවනම්, පාලනය කරගන්න අමාරුයි නම්, අන්න ඔයාට සමථ භාවනාව උවමනා කෙනෙක්. එහෙම නම් ආනාපානසතිය, සක්මන්/ඉරියාපථ වගේ ඒවා පාවිච්චිකරන්න වෙනවා. ඒවම බදාගන ඉන්නවා කියල එකක් නෙවෙයි, තමන්ට අවශ්‍ය ධර්මකරුණු ගැන කල්පණා කරන්න අවශ්‍ය කරන හිතේ එකඟ බව ඇතිකරගැනීමට විතරයි. මොකද අපේ අරමුණ ධ්‍යාන ලබාගෙන ඒවාට වෙලා ආතල් ගන්න එක නෙවෙයි. ඒ පාරේ ගිහින් චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගීගන එද්දී පුළුවන් ලඟම තැනකින් ධර්මකරුණු ණුවනින් විමසීමේ, මනසානුපෙක්ඛිතා පාරට 'වාහනේ' හරවගන්න. (බුදුහාමුදුරුවෝ කිව්වේ පලවෙනි ධ්‍යානයත් ණිවන් අවබෝධයට ප්‍රමාණවත් කියලයි!!!) එතකොට දිට්ඨියා සුප්පටිවිද්ධා කරගන්න පුළුවන්! ඒ කියන්නේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර අති භයන්කාර වචනයෙන් හඳුන්වන කෙනෙක්, 'අරහත් කෙනෙක්' වෙන්න පුළුවන්!! ඔය තමයි බුදුරජාණන්වහන්සේ කියා දීපු විදිය!!! මටත් දැන් නියමෙට guide කරන්න පුළුවන්. ඒත් අපිට තියන ප්‍රශ්ණේ මොකෙක් වත් මේකට උනන්දු වෙන්නේ, වැඩේට බහින්නේ නැහැනේ!! (රහත් උනොත් කෝටියක් දෙනවා කියල එහෙම කිව්වා නම් පෝලිමේ එයි කොල්ලයි බල්ලයි සේරම. මොකෙකුට වත් තේරෙන්නේ නැහැනේ දුර්ලභව ලබාපු මේ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙය කියන එක! ගත්තොත් ඒක කෝටි ප්‍රකෝටි වලින් මනින්න බැරි තරම් වටිනා බව!!)
මේ... කමටහන් සම්බන්ධයෙන් නම්, මල්දෙනිය කියල තියන කතාව තමයි හරියටම හරි!! මේ දැන් ඉන්න උදවිය කමටහන් දෙනවා කියල කිව්වට අඩුම ගනනේ මුලින් තමන්වත් ධර්මමාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් නම්, උපදෙස් ගන්න එකාට බඩුම තමයි. මොකද නිවණ කියන්නේ පෙන්වන්න පුළුවන්, ආයේ කවුදෝ කියල තිබුන 'කඩේ යනවා වගේ යන්න පුළුවන් තැනක් නෙවෙයි' (නියමයි... එල!) කියල. ඉතින් එහෙම තැනකට තව කෙනෙක්ව guide කරන්නේ කොහොමද තමන්වත් ඒක රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැතුව?? බුදුහාමුදුරුවෝ කමටහන් දුන්නේ පරචිත්තවිජානන ඥාණයෙන් බලල, ඉන්ද්රිය පරෝපරියත්ත ඥාණයෙන් පුද්ගලයාව analize කරලා ඉවරවෙලයි. දැන් ඉන්නවද ඒ හැකියාව තියන අය? ඒ හන්ද බැරිවැඩ නොකර, අනුන් අමාරුවේ නොදා ඉන්නවනම් වඩා හොඳයි වගේ. මම නම් ඔය මොකවත් ගත්තේ නැහැ කාගෙන් වත්. මගේ පිනට මට හොඳ ඔලුගෙඩියක් ලැබුණා... කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරය නිසා ඒකට ශ්‍රී සද්ධර්මය වැටුණා... chapter closed! මම නම් අනික් අයව guide කරන්නේ destination එකට යැවෙන විදියට මිසක් තැනැත්තා අනුව වයස අනුව නෙවෙයි. නමුත් ඒ කෙනා ප්‍රශ්ණ අහනවනම්, අවංකව ප්‍රතිචාර දක්වනවා නම්, ආයේ මොනවද ඉතින්...
ඔය උදවිය මම කරපු thread එක බැලුවද දන්නේ නැහැ... 'බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු' කියන එක. මම මට කියන්න තියන හැම දෙයක්ම ඒකෙ කියල තියෙන්නේ. උවමනාවක් තියන කෙනෙක් බලන්න. තම තමන්ගේ ජීවිතය ගැන වගකීම තියෙන්නේ තමන්ට! අනික් අය කියන ඒවා අහ අහා ඒ අය කියන ඒවා කර කර කාලේ නාස්ති කරන්න එපා! කාශ්‍යප බුදුරජාණන්වහන්සේ "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු" කියල කිව්වා... මනුස්සයාගේ ආයුෂ ඉතාම චුට්ටයි කිව්වා. ඒකත් කිව්වේ එකෙක්ගේ ආයුෂ අවුරුදු 5,000 ක් වේච්ච කාලේ... ඉතින් දැන් මේ 50-60 ක් වගේ පොඩි ගණනක් තියන අපි මොනවා කියන්නද??? මම නම් මේවා අහන්න ලැබුණාම gear එක OD එකට දාල, accelerator එක උඩ කකුල් දෙකෙන්ම හිටගත්තා!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් එහෙම කරන්න කියලයි!!! තේරුණයි???
[/QUOTE]