හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

Banned User

Member
Feb 1, 2011
920
159
0
දන්න තරමිං බුද්ධ දේශනාවේ එන නිර්වානාවබෝධයට එක එක කමටහන් වර්ග ගොඩක් නැහැ. ආනාපානසතියෙන් සිත සමාධිගත කළොත් ලේසියෙන්ම ධ්‍යාන ලබාගන්න පුළුවන්. ඉන් එහාට යන්න නම් ධ්‍යාන වලින් ලැබෙන චිත්ත ඒකාග්‍රතාවය ඕනෙ. ධ්‍යාන ලබාග්න්න එක ගොඩක් අය හිතන තරම් මහා අමාරු impossible දෙයක් නං නෙමෙයි :yes: බයක් නැතුව මම කියනවා අත්දැකීමෙන්

බොහොම ස්තූතියි සහෝදරයා උත්තර දුන්නට මම මෙච්චර කල් මිත්‍යාවක ඉදලා තියෙන්නේ මං එක භාවනා අත් පොතකින් තමා ඔය වැරදි අදහස ගත්තේ :yes: භාවනාවෙදි රාගය හා තැතිගැන්ම යන දෙක පහවෙලා යන හැටි මම අත්දැකීමෙන්ම දැක්කා ඒත් ඒක දිගටම කරගෙන යන්න බැරි උනා ඒත් මන් ආයෙත් ඒක පටන් ගන්නවා දමිත් කාරියවසම් උදව් කරාවි ප්‍රශ්ණවලදී එහෙනම් මන් ඔබත් එහෙම කරාවි කියලා මට විස්වාසයි ප්‍රශ්ණයක් ඇතිවුන වෙලාවක කතා කරලා දැනගන්න පුළුවන් වෙයි කියලාත් හිතනවා

බුදු සරණයි !
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hithawath yamak therum gathaheki muslimwaruni, Buddha dharma kiyanne duka nethikara me lokaye newatha newatha ipademin me vidihata vivida akarayen duk vidina eka nethi karageneema pilibadawa kiyadena darshanayak. api me vidihata pus arthayak neth dewal tharka karakara idala karaganne thawath sansaraye newath newatha ipadeema wedi karageneemai.

    ape baudda mithrayantath tharaha yanawa, weradi wachana kiyawenawa, eka thamai ape thiyana avidyawa. eka a aya nodannawath nemei. namuth pruthagjana apita ewa palanaya karaganna amarui. ekai budud dahama adahana paliyatama niwan yanne neththe. eka thama visinma therun gena katayuthu kaluthu deyak. dharmaye kiyawenne ekata lagawena maargaya pamanai. buduhamuduruwo monawa deshana kalath apa thula weeryaya nethnam niwan magata elabenna behe. niwan yanawa kiyanne kade yanawa wage yana gamanak nemei.

    rahath wenawa kiyanne kenekta labadena gaurawa namayak nemei. thamage sitha diyunu kara geneema. rahath kenekta apita wage Ragaya, dhweshaya athwenne nehe.

    budda dharmaye thiyana wachana ewage kiyawena sarala basin therum gena weradiyata vigraha karanna epa. Eg- Ragaya kiyanne SEX nemei. onema deyakata thiyana aleema, ashawa. eka thamange agamata jaathiyata ratata, gahakolata onama deyakata athikaraganna bedeema wage deyak..

    serama vigraha karanna bene, anika mage denume pamanata kiyanna epaye. budda dharmaya gena denaganna ona kenek issellama DHAMMAPADHAYA kiyawanna. den web eke sinhalen english walin nidhana kathawath ekka mathiyanawa. eka muslim warunge Kuranaya wage kiyala hithamuko.. anika baudda sahithyaya saha dharmaya patalawaganna epa, mokada sahithyaya kiyanna pruthagjana aya liyapu dewal. dharmaya mukha parampara gathawa eddi wenna puluwan weaskam walakwanna thamai ewa lekhanagatha karala thiyenne....

    me randuwa den nawathwamu...
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    බොහොම ස;්තූතියි සහෝදරයා උත්තර දුන්නට මම මෙච්චර කල් මිත්‍යාවක ඉදලා තියෙන්නේ මං එක භාවනා අත් පොතකින් තමා ඔය වැරදි අදහස ගත්තේ :yes: භාවනාවෙදි රාගය හා තැතිගැන්ම යන දෙක පහවෙලා යන හැටි මම අත්දැකීමෙන්ම දැක්කා ඒත් ඒක දිගටම කරගෙන යන්න බැරි උනා ඒත් මන් ආයෙත් ඒක පටන් ගන්නවා දමිත් කාරියවසම් උදව් කරාවි ප්‍රශ්ණවලදී එහෙනම් මන් ඔබත් එහෙම කරාවි කියලා මට විස්වාසයි ප්‍රශ්ණයක් ඇතිවුන වෙලාවක කතා කරලා දැනගන්න පුළුවන් වෙයි කියලාත් හිතනවා

    බුදු සරණයි !

    ඕනෙම වෙලාවක PM කරන්න මිත්‍රයා. තමංගෙ බුද්ධියෙන් ග්‍රහනය කරගත්, මගපෙන්වීමක් යටතේ හෝ තමං තුලින් දැක්ක දෙයක් ගැන නම් උපරිම විශ්වාසයකින් කතා කරන්න පුළුවන්... බොහොම සතුටින් උදව් කරන්නම් මම
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඒක ඇත්ත කතාව
    ඒක නෙවෙයි මට ‍‍පොඩ්ඩක් කියන්න කමටහන් ලබාගැනීම සම්බන්ධව තොරතුරු ටිකක් දැනගන්න ඕනා ඒ ගැන තමන්ගේ චරිතයට ගැලපෙන එකක්ම තෝරාගත්තේ නැත්නම් ඒක දිගට කරගෙන යන්න අමාරුද ? මෙතන කියන්න බැරි තරම දිග නම් pm එකේ කියන්න

    මචන් මම අහල තියෙන විදිහට පුද්ගලයගේ ස්වරූපය අනුව ඒ කියන්නෙ බොක්කට ම වැදෙන්න
    කමටහන් දෙන්න පුලුවන් බුදුරජාණන් වහන්සෙට විතර උදාහරණයක් චුල්ල පන්ථක මහ රහතන් වහන්සෙ අවුරුදු ගානක් එක ගාථාවක් වත් පාඩම් කර ගන්න බැරි උනා පෙර අකුසල කර්මයක් හින්ද ඒත් රහත් වෙන්න පින තියෙන බව දැකල බුදු රජාණන් වහන්සෙ සුදු රෙදි කෑල්ලක් දීල ඒක අතුල්ලන්න කිවුව ‍ජරාවට පත්වෙන හැටි ගැන හිතල ජීවතේ සංසාරෙ දුක අවබෝධ වෙල සිත සමාධි ගත වෙලා අරහත් තත්ත්වෙට පත් උනා

    කමටහන බොහොම සරල දෙයක් වගේම සංකීරණ දෙයක් වෙන්නත් පුලුවන් ඒත් බුදු රජාණන් වහන්සෙට විතරයි පුද්ගලය අනුව තෝරල එයාට හරියන කමටහන දෙන්න පුලුවන්

    දැන් බුදු රජානන් වහන්සෙ අපි ළග නෑ ඒත් උන්වහන්සෙ කිවුවා වගේ ධර්මය තමන්ගෙ ගුරුවරය කරගෙන සමාධි භාවනාවෙන් සිත එකග කරල විදර්ශනා වැඩවොත් අරහත් වෙන්න පුලුවන් ඒත් කර්ම ශක්තිය තියෙන්න ඕනෙ
    හැබැයි මට කරුමෙ නෑ රහත් වෙන්න ඔන්න ඔහෙ අත ඇරල දානව කියල හිතල අත ඇරියොත් සදා සොරි තමා මොනව කරන්නද අපි මේ සංසාරයට ඇලිලා නැන්තම් මේ දන්න ඒවා හරියට හිත ඇතුලටම වැදුනනම් හොදටම ඇති මේක ඉවරයක් කරල සසරින් මිදෙන්න :sorry::sorry:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කිසිම පුද්ගලයෙක් උඩින් යන එක ඔප්පු කරන සමීකරනයක් මේ ත්‍රෙඩ් එකේ දාලා තිබුනේ නෑ.එහෙම දාලා මිනිස්සුන්ට විතරක් බලයක් නැතිව හෝ බලය ශුන්‍ය කරලා උඩින් යන්න පුලුවන් කියන සමීකරනයක් දැම්මෙත් නෑ.ඒක නිසා ඒක පුස් වෙඩිල්ලක් විතරයි. එක එක අංශු විවිධාකාර වෙනස් වීම් පෙන්වනවා කියලානම් කීවා.එකම අංශුව වුනත් විවිධාකාර වෙනස් කම් පෙන්වන්න පුලුවන්. ජීව අංශු හෝ අජීව අංශු ද කියලවත් පැහැදිලි කරන්න බැරි ගනිත සමීකරනයක් මම නම් දැක්කේ නෑ.

    එකම අංශුව විවිධාකාර වෙනස්කම් පෙන්වීම උඹ ඇහුව ප්‍රශ්න එකකටවත්, මම ලබා දුන් උත්තර එකකටවත් කිසිඳු අදාලත්වයක් නැහැ නෙ. ඒකෙන් කිසිඳු තර්කයක් බිඳෙන්නෙ වත් අලුත් තර්කයක් උඹේ පැත්තෙන් ගොඩ නැගෙන්නෙ වත් නැහැ නෙ මිත්‍රයා. වචන පටලාගෙන අයාලෙ යන්න එපා.

    අංශු? :lol: ක්වන්ටම් භෞතිකයේ මූලික අංශු වර්ග දෙකක් ගැන කියවෙනවා. ඒ තමයි "ෆර්මියෝන" (spin half particles) සහ "බොසෝන". එව්වල ක්වන්ටම් ගති ලක්ෂන වල වෙනස්කම් තියන නිසා තමයි එහෙම වර්ග කරල තියන්නෙ. ෆර්මියෝන තව දුරටත් බෙදන්න පුලුවන් "ක්වාර්ක්ස්" සහ "ලෙප්ටෝන" කියල. ක්වාර්ක්ස් වර්ග 6ක් තියනවා මිත්‍රයො "up-quark", "down-quark", "charm", "strange", "top", "bottom" කියල. ලෙප්ටෝනත් වර්ග 6යි. ඒ තමයි "ඉලෙක්ට්‍රෝන", "ඉලෙක්ට්‍රෝන් නියුට්‍රිනෝ", "ම්යුවෝන", "ම්යුවෝන් නියුට්‍රිනෝ", "ටෝ", "ටෝ නියුට්‍රිනෝ". බොසෝන මූලිකවම වර්ග 6යි. ඒ "ෆෝටෝන", "W බොසෝන", "Z බොසෝන", "ග්ලුවෝන", "හිග්ග් බොසෝන" සහ "ග්‍රැවිටෝන". ඔය අන්තිමට කිව්ව එක විෂේශයි උඹට. උඹ නිව්ටන් ගෙ නියම වලින් කියන්න උත්සාහ කරන ගුරුත්වය උසස් භෞතිකයෙදි විස්තර කෙරෙන්නෙ ග්‍රැවිටෝන ඇසුරෙන්. ගුරුත්වයත් එක්තරා විදියක අංශු කිව්වොත් උඹේ අදහස කොහොම එකක්ද කියල දැනගන්න මම නොඉවසිල්ලෙන් ඉන්නෙ මිත්‍රයා. ඔය අංශු එකක් වත් තනි තනිවම සැලකුවම ජීවීන් කියල සලකන්න බැහැ. ඒ අදහසින් එව්ව සේරම "අජීව අංශු" කියල අපි ඕනෙ නම් අලුත් ලේබලයක් ගහමු. ඒත් මිත්‍රයා අපටත් දැනගන්න "ජීව අංශු" කියන්නෙ මොනවද කියල නම් ඔන්න පැහැදිලි කරන්නම වෙනව දැන් ඔයාගෙ පැත්තෙන්... ඒක නම් මග අරින්න එපා...!!!

    (මගෙන් ප්‍රශ්නයක් ඇසුවොත් හරි මගෙ තර්කයක් බිඳ හෙලන්න උත්සාහ කළොත් හරි මම එයට ප්‍රතිචාර නොදැක්වුවොත් ඒක මම ප්‍රතිවාදියාට කරන ලොකුම අපහාසයක්. ඒ නිසයි ඉතිං මම මේ පිළිතුර ලිව්වෙ ඔන්න)
     
    Last edited:

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0

    මචන් මම අහල තියෙන විදිහට පුද්ගලයගේ ස්වරූපය අනුව ඒ කියන්නෙ බොක්කට ම වැදෙන්න
    කමටහන් දෙන්න පුලුවන් බුදුරජාණන් වහන්සෙට විතර උදාහරණයක් චුල්ල පන්ථක මහ රහතන් වහන්සෙ අවුරුදු ගානක් එක ගාථාවක් වත් පාඩම් කර ගන්න බැරි උනා පෙර අකුසල කර්මයක් හින්ද ඒත් රහත් වෙන්න පින තියෙන බව දැකල බුදු රජාණන් වහන්සෙ සුදු රෙදි කෑල්ලක් දීල ඒක අතුල්ලන්න කිවුව ‍ජරාවට පත්වෙන හැටි ගැන හිතල ජීවතේ සංසාරෙ දුක අවබෝධ වෙල සිත සමාධි ගත වෙලා අරහත් තත්ත්වෙට පත් උනා

    කමටහන බොහොම සරල දෙයක් වගේම සංකීරණ දෙයක් වෙන්නත් පුලුවන් ඒත් බුදු රජාණන් වහන්සෙට විතරයි පුද්ගලය අනුව තෝරල එයාට හරියන කමටහන දෙන්න පුලුවන්

    දැන් බුදු රජානන් වහන්සෙ අපි ළග නෑ ඒත් උන්වහන්සෙ කිවුවා වගේ ධර්මය තමන්ගෙ ගුරුවරය කරගෙන සමාධි භාවනාවෙන් සිත එකග කරල විදර්ශනා වැඩවොත් අරහත් වෙන්න පුලුවන් ඒත් කර්ම ශක්තිය තියෙන්න ඕනෙ
    හැබැයි මට කරුමෙ නෑ රහත් වෙන්න ඔන්න ඔහෙ අත ඇරල දානව කියල හිතල අත ඇරියොත් සදා සොරි තමා මොනව කරන්නද අපි මේ සංසාරයට ඇලිලා නැන්තම් මේ දන්න ඒවා හරියට හිත ඇතුලටම වැදුනනම් හොදටම ඇති මේක ඉවරයක් කරල සසරින් මිදෙන්න :sorry::sorry:

    :):):)
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    (මගෙන් ප්‍රශ්නයක් ඇසුවොත් හරි මගෙ තර්කයක් බිඳ හෙලන්න උත්සාහ කළොත් හරි මම එයට ප්‍රතිචාර නොදැක්වුවොත් ඒක මම ප්‍රතිවාදියාට කරන ලොකුම අපහාසයක්. ඒ නිසයි ඉතිං මම මේ පිළිතුර ලිව්වෙ ඔන්න)

    :yes::yes::yes:
    :yes::yes:
    :yes:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    [QUOTEගුරුත්වයත් එක්තරා විදියක අංශු කිව්වොත් උඹේ අදහස කොහොම එකක්ද කියල දැනගන්න මම නොඉවසිල්ලෙන් ඉන්නෙ මිත්‍රයා. ඔය අංශු එකක් වත් තනි තනිවම සැලකුවම ජීවීන් කියල සලකන්න බැහැ. ඒ අදහසින් එව්ව සේරම "අජීව අංශු" කියල අපි ඕනෙ නම් අලුත් ලේබලයක් ගහමු. ඒත් මිත්‍රයා අපටත් දැනගන්න "ජීව අංශු" කියන්නෙ මොනවද කියල නම් ඔන්න පැහැදිලි කරන්නම වෙනව දැන් ඔයාගෙ පැත්තෙන්... ඒක නම් මග අරින්න එපා...!!!

    ] [/QUOTE]
    භෞතික විද්‍යවේ නියම අරගෙන රහත් භාවය තුලින් ඝන සිරුර කිසිම බලයක් නැතිව අහස උඩට ගන්න එක කොහොමත් පැහැදිලි වෙන්නේ නෑ.සාධනය වෙන්නෙත් නෑ.ඒක හින්දා අර කාර් ඇංජිම ගැන දන්න එකා හැමතැනම ගිහිල්ලා කාර් ඇන්ජිම් ගැන කතා කරනවා වගේ මෙතන භෞතික විද්‍යාවේ එකක වචන අරගෙන පෝස්ට් දැම්මට අහසින් යන එක ඔප්පු කරන්න බෑ. එහෙම ගිය එවුන් ඇත්තෙත් නෑ.එහෙම අංශු ගැන බලලා බයිලා කියනවා නම් අපිට ලෝකේ තියෙන හැම ආගමක්ම සත්‍යයි කියලා පිලි ගන්න වෙනවා.මම ජීව අංශුවක් විදිහට අදහස් කරේ, මේ ලෝකේ තියෙන සතෙක් හෝ මිනිසෙක් කිසිම බලයක් නැතිව අහසට නගින්නේ නෑ කියන එකයි. මම අජීව අංශුවක් විදිහට අදහස් කරන්නේ ඕනම සතෙක්ගේ මල කුනක් හරි, එහෙම නැත්නම් ගලක් වත් ඇයි නිකන් උඩ යනවා අපි දකින්නේ නැත්තේ කියන එකයි. මෙතන තව එකෙක් අහනව බැලුමක් උඩ යන්නේ කොහොමද කියලා. ඒක මට මෙතන ලිලියා ඉන්න පිස්සු නෑ. ගූගල් කරා නම් ඕන තරම් හොයා ගන්න පුලුවන්. අවුරුදු 1500කට කලින් ඉංදියන් කාරයෝ, ලංකාවේ හිටපු අය උඩින් ගියා කියලා විශ්වාස කරනවනම් පැහැදිලි සාධක නැතිව, අපිට ඉස්සර කාලේ ගස් ගල් කතා කරා කියන එකත් පිලි ගන්න වෙනවා. එක අතකින් මෙතන ඉන්න සමහරු මුහමද් උඩින් ගියා කීවොත්, ජේසුස් උඩින් ගියා කිව්වොත් ඒකත් පිලි ගන්න වෙනවා.මොකද ඉංදියන් අයට උඩින් යන්න පුලුවන්නම් අනිත් රට වල අයට බැරි මොකද?
    ක්‍රිස්තුස් වහන්සේ දකුනු ආසියාවේ පහල වුනේ නැත්තේ දකුනු ආසියාවේ ඉංදියාවේ අයට කිතු දහම තේරුම් ගන්න මොලයක්, පිනක් තිබුනේ නෑ කියලා කීවොත් ඔබට ඒකට හිනා යනවා නේද? ඒ වගේම බුදුන් වහන්සේ යුරෝපයට, අරාබියට, ඇමරිකාවට ,එංගලන්තයට වැඩියේ නැත්තේ ඒ රටවල අයට මොලය, බුද්ධිය හෝ පිං තිබුනේ නෑ කීවොත් ඒ රටවල මිනිස්සුත් හිනා වෙනවා.එන්න එන්නම මිනිසුන්ගේ මොලය වර්ධනය වෙනවා මිසක්, මොලය මොට්ට වෙන්නේ නෑ.ඒක නිසා ඒ කාලේ රහත් වෙන්න පුලුවන් වුනා නම් මේ කාලෙත් පුලුවන්. මිනිසා ප්‍රාතමික මොලයක සිට උසස් මොලයක් දක්වා පරිනාමය වුනා.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    ඇත්ත. කතාව ඇත්ත. මම මේ හාදයාට කිව්වා බෞද්ධ දර්ශනය කියන්නෙ ඉගිලෙන මිනිස්සු ගැන දහමක් නොවෙයි කියල. මේ හාදයා අහන්නෙම ඉගිලෙන හැටි ගැන. ඒකයි ඔහොම කියන්න සිදු වුනේ මිත්‍රයා. ඔ
    මම මූලිකවම ඇහුවේ රහත් වෙලා අහසින් යෑම ගැන විතරයි.නැතිව මට අනිත් ඒවා ගැන කතා කරන්න උවමනාවක් තිබුනේ නෑ.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අතහැරලා දාන්න. කොච්චර උවමනා උනත් සියලු ලෝක සත්වයෝ එක වරටම දුකින් මුදවන්න පුළුවන් කමක් නැහැ!
    ඇත්ත.ඇත්ත වශයෙන්ම බුදු දහමේ රහත් වුන සංඛ්‍යවයි, මේතාක් ලෝකයේ සිටිය සත්වයන් ගානයි සංසන්දනය කරලා බැලුවොත් අපිට උපකල්පනය කරන්න පුලුවන් සංසාරවාසින් රහත් වෙන්නේ හෝ නිවන් දකින්නේ නැහැ කියලා. මොකද කෝටි 100කින් එක මිනිහෙක් රහත් වෙනකොට, ඒක ලෝක විමුක්තියක් වෙන්නේ නෑ.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    භෞතික විද්‍යවේ නියම අරගෙන රහත් භාවය තුලින් ඝන සිරුර කිසිම බලයක් නැතිව අහස උඩට ගන්න එක කොහොමත් පැහැදිලි වෙන්නේ නෑ.සාධනය වෙන්නෙත් නෑ.ඒක හින්දා අර කාර් ඇංජිම ගැන දන්න එකා හැමතැනම ගිහිල්ලා කාර් ඇන්ජිම් ගැන කතා කරනවා වගේ මෙතන භෞතික විද්‍යාවේ එකක වචන අරගෙන පෝස්ට් දැම්මට අහසින් යන එක ඔප්පු කරන්න බෑ. එහෙම ගිය එවුන් ඇත්තෙත් නෑ.එහෙම අංශු ගැන බලලා බයිලා කියනවා නම් අපිට ලෝකේ තියෙන හැම ආගමක්ම සත්‍යයි කියලා පිලි ගන්න වෙනවා.මම ජීව අංශුවක් විදිහට අදහස් කරේ, මේ ලෝකේ තියෙන සතෙක් හෝ මිනිසෙක් කිසිම බලයක් නැතිව අහසට නගින්නේ නෑ කියන එකයි. මම අජීව අංශුවක් විදිහට අදහස් කරන්නේ ඕනම සතෙක්ගේ මල කුනක් හරි, එහෙම නැත්නම් ගලක් වත් ඇයි නිකන් උඩ යනවා අපි දකින්නේ නැත්තේ කියන එකයි. මෙතන තව එකෙක් අහනව බැලුමක් උඩ යන්නේ කොහොමද කියලා. ඒක මට මෙතන ලිලියා ඉන්න පිස්සු නෑ. ගූගල් කරා නම් ඕන තරම් හොයා ගන්න පුලුවන්. අවුරුදු 1500කට කලින් ඉංදියන් කාරයෝ, ලංකාවේ හිටපු අය උඩින් ගියා කියලා විශ්වාස කරනවනම් පැහැදිලි සාධක නැතිව, අපිට ඉස්සර කාලේ ගස් ගල් කතා කරා කියන එකත් පිලි ගන්න වෙනවා. එක අතකින් මෙතන ඉන්න සමහරු මුහමද් උඩින් ගියා කීවොත්, ජේසුස් උඩින් ගියා කිව්වොත් ඒකත් පිලි ගන්න වෙනවා.මොකද ඉංදියන් අයට උඩින් යන්න පුලුවන්නම් අනිත් රට වල අයට බැරි මොකද?
    ක්‍රිස්තුස් වහන්සේ දකුනු ආසියාවේ පහල වුනේ නැත්තේ දකුනු ආසියාවේ ඉංදියාවේ අයට කිතු දහම තේරුම් ගන්න මොලයක්, පිනක් තිබුනේ නෑ කියලා කීවොත් ඔබට ඒකට හිනා යනවා නේද? ඒ 520;ගේම බුදුන් වහන්සේ යුරෝපයට, අරාබියට, ඇමරිකාවට ,එංගලන්තයට වැඩියේ නැත්තේ ඒ රටවල අයට මොලය, බුද්ධිය හෝ පිං තිබුනේ නෑ කීවොත් ඒ රටවල මිනිස්සුත් හිනා වෙනවා.එන්න එන්නම මිනිසුන්ගේ මොලය වර්ධනය වෙනවා මිසක්, මොලය මොට්ට වෙන්නේ නෑ.ඒක නිසා ඒ කාලේ රහත් වෙන්න පුලුවන් වුනා නම් මේ කාලෙත් පුලුවන්. මිනිසා ප්‍රාතමික මොලයක සිට උසස් මොලයක් දක්වා පරිනාමය වුනා.

    ඇයි මිත්‍රයා අළුත් මුසාවක් ගොතන්න හිතුනෙ? මම අහසින් යන්න පුළුවන් කියල ඔප්පු කරන්න හැදුවෙ නැහැ. ඒක ඔබ මගේ තර්කය ධාරණය කරගත් වැරදි විදිය. අහසින් යන්න පුළුවන් කියන එක විද්‍යාත්මක නැහැ කියන පචයට විතරයි මම පිළිතුරු සැපයුවෙ. එතනින් මම අහසින් යන්න පුළුවන් කියල ඔප්පු කළෙත් නැහැ. මම පැහැදිලි කළෙ එහෙම බැහැ කියන්න සාධකයක් නැහැ කියල විතරයි. ලෝකෙ තියන හැම ආගමක්ම සත්‍ය කියල පිළි ගන්න මම කිව්ව කරුණු උපකාරයක් වුනා නම් ඒක මට සතුටක්. ඔබ කතා කරනවා "බලයක් නැතුව ඉහල නගින්නෙ නැහැ" කියල. සම්පූර්ණයෙන් ම භෞතිකය ගැන අහන ප්‍රශ්නයක්. ඒකට කවුරුත් පිළිතුරු නොදෙයි කියල හිතන්න ඇති. ඒත් ඒකට භෞතිකයෙන් පිළිතුරු දුන්නම ඔබ කියනවා "කාර් ඇංජිම ගැන දන්න එකා හැමතැනම ගිහිල්ලා කාර් ඇන්ජිම් ගැන කතා කරනවා වගේ මෙතන භෞතික විද්‍යාවේ එකක වචන අරගෙන පෝස්ට් දානවා" කියල. ඔබ භෞතිකය පටලාගත්තම මම ඒක පැහැදිලි කරන්නෙ භෞතිකයෙන් තමයි මිත්‍රයො නැතුව ඒකට බුදු දහමින් උත්තර බඳින්නෙ නැහැ මම.

    ඔබ අසන්නෙ බුදු දහම ගැන ප්‍රශ්නයක් නෙමෙයි, ඉගිලෙන හැටි ගැන ප්‍රශ්නයක් කියල ඔබම කියනව නෙ. ඉතින් උඹ එන්ජිම ගැන ඇහුවම මම උඹට ඩ්‍රයිවර් ගැන කියල දෙන්න ද මිත්‍රය දැන් කියන්නෙ?

    මේ කාලෙ රහතන් වහන්සෙලා නැහැ කියන්නෙ කවුද? මෙතන ඉන්න කවුරු හරි ඔබට එහෙම කිව්ව නම් ඒ කාරණය නිවැරදි නැහැ කියල මම කෙලින්ම පිළිතුරක් දෙන්නම් මිත්‍රයට දැනගන්න. රහතන් වහන්සෙලා මේ පොළව මත මේ මොහොතෙත් වැඩ ඉන්නවා. උන් වහන්සෙලගෙ විෂන් එක බුදු දහම, මිෂන් එක නිර්වාණය. නැතුව ඉගිලීම නෙමෙයි මිත්‍රයො. අන්න එහෙම කෙලින්ම ප්‍රශ්නෙ පොයින්ට් අවුට් කරල අහන්න. ඩිරෙක්ට් ම පිළිතුර මම දෙන්නම්. නැතුව නොදන්න එන්ජිමක් ගැන අහල එන්ජිම ගැන කිව්ව ගමන් "දන්න දේ කියවනව" කියල කියන්න එපා. දන්න දේ ගැන ඇහුව නිසා තමයි පිළිතුරු දුන්නෙ. නැතුව මම නොදන්න දේ කියවන්නද කියන්නෙ? මම මේ ත්‍රඩ් එකේ උඹට දුන්න මුල්ම උත්තරෙ ඉඳල බලපන් මම උත්තර දුන්නෙ උඹ අහන භෞතික විද්‍යා ප්‍රශ්නයට තමයි. ඒකට භෞතික විද්‍යාවෙන් නැතුව මම සෞඛ්‍ය විශයෙන් උත්තර දෙනව නම් ද මිත්‍රයා කැමති? :lol:

    "භෞතික විද්‍යවේ නියම අරගෙන රහත් භාවය තුලින් ඝන සිරුර කිසිම බලයක් නැතිව අහස උඩට ගන්න එක කොහොමත් පැහැදිලි වෙන්නේ නෑ.සාධනය වෙන්නෙත් නෑ" කියන්නෙ උඹට භෞතික විද්‍යාව ගැන තියන මතය මිසක් එතන කිසිම පැහැදිලි කිරීමක් ඇත්තෙ නැහැ නෙ. උඹ කියන්නෙ භෞතික විද්‍යාවෙන් භෞතිකය පැහැදිළි කළ නොහැකියි කියලයි. භෞතික විද්‍යාවෙ නියම තියන්නෙ පොත් වල ලියල කටපාඩම් කරගෙන විභාග පාස් වෙන්න නෙමෙයි. ඒ නියම වලින් කියවෙන්නෙ සිදු වෙන්න පුළුවන් දේ මොනවද, සිදු වෙන්න බැරි දේවල් මොනවද කියන එක තමයි.

    තව දෙයක්. මම කිව්ව දේවල් තේරෙන්නෙ නැත්නම් අධෛර්ය වෙන්න එපා. "ඉංදියන් අයට උඩින් යන්න පුලුවන්නම් අනිත් රට වල අයට බැරි මොකද?" කිව්ව වගේ මට පුළුවන් නම් උඹටත් පුළුවන් භෞතික විද්‍යාව ඉගන ගෙන තේරුම් ගන්න
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    (මගෙන් ප්‍රශ්නයක් ඇසුවොත් හරි මගෙ තර්කයක් බිඳ හෙලන්න උත්සාහ කළොත් හරි මම එයට ප්‍රතිචාර නොදැක්වුවොත් ඒක මම ප්‍රතිවාදියාට කරන ලොකුම අපහාසයක්. ඒ නිසයි ඉතිං මම මේ පිළිතුර ලිව්වෙ ඔන්න)

    හම්බයෝ විනාසයි . විද්‍යාව ගැන කියවන්න ඇවිල්ල අයෙත් ඇදගෙන නානවා . කෝ අපිට විද්‍යාවෙන් ඉස්ලාම් ගැන කියලාදෙන උන් පැත්ත පලාතෙවත් න මේ ත්‍රෙඩ් එක . දැන් ඉතින් සකිර් ගොඉය ආවත් දෙන්න උත්තර නැති තරමටම දීල තියන්නේ . දැන් කරන්න තියන්නේ අල්ල කියල දීපු එකම තමයි . වැඩේ වරදුනනම් අහක බලාගෙන පලයන් :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: cr33py_f41iry
    ඇත්ත.ඇත්ත වශයෙන්ම බුදු දහමේ රහත් වුන සංඛ්‍යවයි, මේතාක් ලෝකයේ සිටිය සත්වයන් ගානයි සංසන්දනය කරලා බැලුවොත් අපිට උපකල්පනය කරන්න පුලුවන් සංසාරවාසින් රහත් වෙන්නේ හෝ නිවන් දකින්නේ නැහැ කියලා. මොකද කෝටි 100කින් එක මිනිහෙක් රහත් වෙනකොට, ඒක ලෝක විමුක්තියක් වෙන්නේ නෑ.

    ඉස්ලාම් වගේ ආගමකින් මිනිසුන් මුලාවේ දමනකොට කොහොමද ලෝකෙට විමුක්තිය උදාවෙන්නෙ ? බොදු දර්ශනය පදනම් වෙලා තියෙන්නෙ කරුනු කාරනා මත, අපේ බන පොතේ කිසිම තැනක කියල නැහැ "බුදු රජානන්ව නොපිලිගන්නා තැනැත්තා අපායේ කරවේ කියල" ඒත් කුරානයේ කියල තියෙනවනෙ අල්ලාහ් දෙවියන් ලෙස පිලිනොගන්නා කෙනා සහ ඔහුට එරෙහිවන කෙනා අපායේ කරවෙන්න ඕන කියල" තව සාපත් කරල තියෙනවනෙ, ඔතනින්ම පේනව නේද ආගම් දෙකේ වෙනස, හරි දැන් අදාල මාතෘකාවට කතාකලොත් දැන් රහත්වෙන කට්ටිය අඩුකම ගැන ඔබ ප්‍රශ්න කරල තියෙනව, ඒකට එක හේතුවක් තමයි වර්තමානයේ නිර්මල ධර්මද දේශනා කරන්න බුදු කෙනෙකු නැති කම, ඒ වගේම බුදු දහමෙ රහත්වීම කියන්නෙ යම් කිසි සන්ධිස්තානයක්, එහෙන් අප, පොදුවේ බෞදධයන්ගේ අරමුන වන්නේ සසර දුකෙන් මිදීමයි, නිර්වානය අවබෝධකරගන්න එක ලේසියෙන් කරන්න බෑ, රාගය, ද්වේශය, මෝහයෙන් මිදෙන්න ඕන, පස් පවු වලින් මිදෙන්න ඕන, ආසන්න වශයෙන්ම නිර්වානය අවබෝධකරගන්නා තැනැත්තා වන්නේ බන භාවනා කරමින් වැඩ වසන අපේ සංඟරත්නය,

    ඒ වගේම ඔබ අවබෝධකරගතයුතු තව කරුනක් වන්නේ කෙලෙසුන්ගෙන් මිදුනු තැනැත්තා ඉපදෙන ආත්ම ගාන අඩුකරගන්න හේතුවී තම චක්‍රය යම් තැනකින් අවන්සන් කරගැනීමට සමත්වෙයි, එනමුත් නිර්වානය අවබෝධකරගන්නා කෙනා අහසට නැග පෙලහර පෑමක් වන්නේ නැහැ, එබැවින් සංක්‍යාත්මක වශයෙන් අපට මෙපමනක් කියා ගෙනහැරපාන්න බැහැ.

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම මූලිකවම ඇහුවේ රහත් වෙලා අහසින් යෑම ගැන විතරයි.නැතිව මට අනිත් ඒවා ගැන කතා කරන්න උවමනාවක් තිබුනේ නෑ.

    උඹ මේ "අහසින් යෑම" කියන එකට කලින් "රහත් වෙලා" කියල හැම තැනම යොදන්නෙ ඇයි කියල පැහැදිලි කරනව ද? "අහසින් යෑමට සුදුසුකම අර්හත් මාර්ගඵල ලාභියෙක් වීමයි" කියල උඹට ඉගැන්නුවෙ කවුද? අර්හත් මාර්ගඵල ලාභියෙක් වීම නිසා අහසින් යන්න බැහැ. හැබැයි එක දෙයක් කියන්නම ඕනෙ මිත්‍රයා... දර්ශනයෙ පැහැදිලිවම කියවෙන සිත සමාධිගත කරල එමගින් සිත දියුණු කරන හැටි. කොටින්ම කියනව නම් ආනාපානසති සමාධියෙන් සිත දියුණු කරන්නෙ නැතුව බෞද්ධයෙකුට වුණත් නිවන් දකින්න බැහැ. හැබැයි චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන එතනින් ඉදිරියට දර්ශනයෙ කියල තියන ක්‍රමය අනුගමනය කළොත් උඹට වුනත් අර්හත් ඵලය ලබාගන්න පුළුවන්. ඉන්ද්‍රජාල සහ ප්‍රාතිහාර්ය කියන්නෙ ඉතාම පහත් ලෞඛික ලාභයක් විතරයි. මම දන්න තරමින් ඒක කරන්නෙත් මුලින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන තමයි. හැබැයි ඒ පියවරෙන් පස්සෙ තියන්නෙ බුදු දහමෙ කියවෙන නිර්වාණාවබෝධ මාර්ගය නෙමෙයි. චිත්ත ඒකාග්‍රතාවය ඔය දෙකටම ඕනෙ. හැබැයි උඹට නුවර පාරෙ ගිහින් මෑන්හැටන් වලට යන්න බැහැ වගේම ඒ පාරෙ ගිහින් නිවන් දකින්න බැහැ. බුද්ධ දේශනා වල ප්‍රාතිහාර්‍ය පාන්න කමටහන් ලබා දීල නැහැ මම දන්න තරමින්. උඹමයි එහෙම කියන්නෙ. සාධක ඇතුව පෙන්නන්න පුළුවන් ද එහෙම කමටහන් ලබා දීල තියන්නෙ කොහෙද කියල?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒක ඇත්ත කතාව
    ඒක නෙවෙයි මට ‍‍පොඩ්ඩක් කියන්න කමටහන් ලබාගැනීම සම්බන්ධව තොරතුරු ටිකක් දැනගන්න ඕනා ඒ ගැන තමන්ගේ චරිතයට ගැලපෙන එකක්ම තෝරාගත්තේ නැත්නම් ඒක දිගට කරගෙන යන්න අමාරුද ? මෙතන කියන්න බැරි තරම දිග නම් pm එකේ කියන්න

    මලේ, මම ගොඩක් රෑ වෙනකම් හිටියේ නැති හන්ද උත්තරයක් දෙන්න පරක්කු උනා... sorry!

    මේ... ඔයාට Hiran දීල තියන උත්තරය ගොඩාක් නිවැරදියි!! ඕනෙම කෙනෙක් ඇත්තටම වැඩේට බැස්සොත් මේ කරන්න බැරි, මහා දුෂ්කර දෙයක් දෙයකුත් නෙවෙයි කියල තේරේවි. අනික් ප්‍රධාන දේ හුඟ දෙනෙකුට උපතින්ම ධ්‍යාන මට්ටම් වලට සකස් වෙච්ච හිත් තියනවා, නොදන්නවා උනාට. තියුණු ප්‍රඥාව, වහා වැටහෙන ණුවන එහෙම හිත් තියන අයගේ ලක්ෂණ තමයි. සමහරුන්ට තමන් වඩාත් කැමති දෙකට යොමු උනාම, නැත්නම් උවමනාවෙන් කරන දෙයකට යොමු උනාම, හිත නිකන්ම ධ්‍යාන ගත වෙනවා. මට තේරෙන විදියට ඔයාලට අමුතුවෙන් ධ්‍යාන ලැබීම සඳහා උත්සහ කරන්න ඕනේ නැහැ. විදර්ශනා පැත්ත build up උනොත් හරි. මම දෙන්නද නියම කමටහනක්. ඇයි ඔයා මේ ඉපදිලා ඉන්නේ කියල කල්පනා කරන්න!! නැත්නම් ඔයා ගොඩක්ම පෙරේත කමක් දක්වන දෙයක් ගැන හිතල, කොහොමද ඒකට එච්චර පෙරේතකමක් ඇති උනේ කියල කල්පනා කරන්න!! ඊළඟට ඔය හිත් රිදෙන ලොකු වේදනා එහෙම ඇතිවෙච්චහම කොහොමද ඒ දුක් ඇති උනේ? කොහොමද ඒ දුක් මතුවට ඇතිනොවෙන්න කටයුතු කලයුත්තේ? කියල වගේ කල්පණා කරන්න.

    හැබැයි වැඩේට බහින්නවත් ලැබෙන්නේ නැහැ පිරිසුදු බුද්ධ දේශානා අහල, කියවල කරුණු ඉගෙනගෙන, මතක තියාගෙන, පාඩම් කරගෙන නොහිටියොත්! මතකද සුතා, ධතා, වචසාපරිචිතා කියල කරුණු තුනක් ගැන ධර්මයේ සඳහන්වෙනවා?? අන්න ඒ ටික ඒ විදියටම ඕනේ... නැත්නම් අමාරුයි! (හැබැයි ඕනේ කෙනෙකුට ධර්ම කරුණු දැනගන්න, උවමනා වෙච්ච වෙලාවට නැවත මතක් කරගන්න නම් මට උපකාර කරන්න පුළුවන්. live help එකක් වගේ... මොකද මාත් සුතා, ධතා, වචසාපරිචිතා pass කරගෙන ආපු කෙනෙක්, store වෙච්චා එහෙමම තියනවා. ඒත් භාවිතය නැති උනාම decay වෙනවනේ ඕනේ දෙයක්. මටත් එහෙමමයි. ඒත් උනන්දුවෙන් යොමුවෙන ඕනෙම කෙනෙක් වෙනුවෙන් full back-up එකක් දෙන්නම්)

    ඉතින් කොහොමින් කොහොම හරි ධර්ම කරුණු ගැන කල්පණා කරන්න පටන් ගත්ත කියමු. ඒක කරගෙන යන්න අමාරුයි නම්, හිත වෙන වෙන දේවල් ගැන ඇදිල යනවනම්, පාලනය කරගන්න අමාරුයි නම්, අන්න ඔයාට සමථ භාවනාව උවමනා කෙනෙක්. එහෙම නම් ආනාපානසතිය, සක්මන්/ඉරියාපථ වගේ ඒවා පාවිච්චිකරන්න වෙනවා. ඒවම බදාගන ඉන්නවා කියල එකක් නෙවෙයි, තමන්ට අවශ්‍ය ධර්මකරුණු ගැන කල්පණා කරන්න අවශ්‍ය කරන හිතේ එකඟ බව ඇතිකරගැනීමට විතරයි. මොකද අපේ අරමුණ ධ්‍යාන ලබාගෙන ඒවාට වෙලා ආතල් ගන්න එක නෙවෙයි. ඒ පාරේ ගිහින් චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගීගන එද්දී පුළුවන් ලඟම තැනකින් ධර්මකරුණු ණුවනින් විමසීමේ, මනසානුපෙක්ඛිතා පාරට 'වාහනේ' හරවගන්න. (බුදුහාමුදුරුවෝ කිව්වේ පලවෙනි ධ්‍යානයත් ණිවන් අවබෝධයට ප්‍රමාණවත් කියලයි!!!) එතකොට දිට්ඨියා සුප්පටිවිද්ධා කරගන්න පුළුවන්! ඒ කියන්නේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර අති භයන්කාර වචනයෙන් හඳුන්වන කෙනෙක්, 'අරහත් කෙනෙක්' වෙන්න පුළුවන්!! ඔය තමයි බුදුරජාණන්වහන්සේ කියා දීපු විදිය!!! මටත් දැන් නියමෙට guide කරන්න පුළුවන්. ඒත් අපිට තියන ප්‍රශ්ණේ මොකෙක් වත් මේකට උනන්දු වෙන්නේ, වැඩේට බහින්නේ නැහැනේ!! (රහත් උනොත් කෝටියක් දෙනවා කියල එහෙම කිව්වා නම් පෝලිමේ එයි කොල්ලයි බල්ලයි සේරම. මොකෙකුට වත් තේරෙන්නේ නැහැනේ දුර්ලභව ලබාපු මේ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙය කියන එක! ගත්තොත් ඒක කෝටි ප්‍රකෝටි වලින් මනින්න බැරි තරම් වටිනා බව!!)

    මේ... කමටහන් සම්බන්ධයෙන් නම්, මල්දෙනිය කියල තියන කතාව තමයි හරියටම හරි!! මේ දැන් ඉන්න උදවිය කමටහන් දෙනවා කියල කිව්වට අඩුම ගනනේ මුලින් තමන්වත් ධර්මමාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් නම්, උපදෙස් ගන්න එකාට බඩුම තමයි. මොකද නිවණ කියන්නේ පෙන්වන්න පුළුවන්, ආයේ කවුදෝ කියල තිබුන 'කඩේ යනවා වගේ යන්න පුළුවන් තැනක් නෙවෙයි' (නියමයි... එල!) කියල. ඉතින් එහෙම තැනකට තව කෙනෙක්ව guide කරන්නේ කොහොමද තමන්වත් ඒක රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැතුව?? බුදුහාමුදුරුවෝ කමටහන් දුන්නේ පරචිත්තවිජානන ඥාණයෙන් බලල, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණයෙන් පුද්ගලයාව analize කරලා ඉවරවෙලයි. දැන් ඉන්නවද ඒ හැකියාව තියන අය? ඒ හන්ද බැරිවැඩ නොකර, අනුන් අමාරුවේ නොදා ඉන්නවනම් වඩා හොඳයි වගේ. මම නම් ඔය මොකවත් ගත්තේ නැහැ කාගෙන් වත්. මගේ පිනට මට හොඳ ඔලුගෙඩියක් ලැබුණා... කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරය නිසා ඒකට ශ්‍රී සද්ධර්මය වැටුණා... chapter closed! මම නම් අනික් අයව guide කරන්නේ destination එකට යැවෙන විදියට මිසක් තැනැත්තා අනුව වයස අනුව නෙවෙයි. නමුත් ඒ කෙනා ප්‍රශ්ණ අහනවනම්, අවංකව ප්‍රතිචාර දක්වනවා නම්, ආයේ මොනවද ඉතින්...

    ඔය උදවිය මම කරපු thread එක බැලුවද දන්නේ නැහැ... 'බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු' කියන එක. මම මට කියන්න තියන හැම දෙයක්ම ඒකෙ කියල තියෙන්නේ. උවමනාවක් තියන කෙනෙක් බලන්න. තම තමන්ගේ ජීවිතය ගැන වගකීම තියෙන්නේ තමන්ට! අනික් අය කියන ඒවා අහ අහා ඒ අය කියන ඒවා කර කර කාලේ නාස්ති කරන්න එපා! කාශ්‍යප බුදුරජාණන්වහන්සේ "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු" කියල කිව්වා... මනුස්සයාගේ ආයුෂ ඉතාම චුට්ටයි කිව්වා. ඒකත් කිව්වේ එකෙක්ගේ ආයුෂ අවුරුදු 5,000 ක් වේච්ච කාලේ... ඉතින් දැන් මේ 50-60 ක් වගේ පොඩි ගණනක් තියන අපි මොනවා කියන්නද??? මම නම් මේවා අහන්න ලැබුණාම gear එක OD එකට දාල, accelerator එක උඩ කකුල් දෙකෙන්ම හිටගත්තා!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් එහෙම කරන්න කියලයි!!! තේරුණයි???
     
    • Like
    Reactions: cr33py_f41iry

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඇත්ත.ඇත්ත වශයෙන්ම බුදු දහමේ රහත් වුන සංඛ්‍යවයි, මේතාක් ලෝකයේ සිටිය සත්වයන් ගානයි සංසන්දනය කරලා බැලුවොත් අපිට උපකල්පනය කරන්න පුලුවන් සංසාරවාසින් රහත් වෙන්නේ හෝ නිවන් දකින්නේ නැහැ කියලා. මොකද කෝටි 100කින් එක මිනිහෙක් රහත් වෙනකොට, ඒක ලෝක විමුක්තියක් වෙන්නේ නෑ.

    මිත්‍රයා උඹ ඉන්නෙ මුලාවක. බුදු දහම ආගම් වලට වඩා ගොඩක් වෙනස්. ආගම් හැම එකකම වගේ කියවෙන්නෙ ඒ ආගම වැලඳගත්තොත් විමුක්තිය උදා වෙනව කියල නෙ. "බුදු දහම" කියන්නෙ විමුක්තිය නෙමෙයි. විමුක්තිය උදා කරගන්න මාර්ගය විතරයි. ඒක උඹට තර්කයක් කරගන්න බැහැ. හැබැයි ෆෝරම් ගානෙ රස්තියාදු වෙන වෙලාවෙන් කොටසක් වැය කරල දහමෙ කියවෙන මාර්ගයේ ගියොත් ("බුදු දහමෙ කියවෙන මාර්ගය" කිව්වම ආගම් වල කියනව වගේ දෙවියන් වෙත යන පාර වගේ එකක් නෙමෙයි. තමා තුලින් නිවන් දැකීමට කළ යුතු දේවල් පිලිවලට කියල තියනව බුදු දහමෙ.) උඹටත් විමුක්තිය උදා වෙයි. නැතුව බුදු කෙනෙක් පහල වෙලා විමුක්තියට යන පාර පෙන්නුව පළියට උඹට විමුක්තිය උදා වෙන්නෙ නැහැ.

    මම මෙතන පීනන හැටි කියල දුන්නොත් උඹට පීනන්න පුළුවන් වෙනව ද? නැහැ නෙ. උඹම වතුරට බැහැල ට්‍රයි කරන්න ඕනෙ. බුදු වරයෙක්ට බැහැ සියළු සත්වයෝ නිවන් දක්කන්න. හේතුව බුදු කෙනෙක් කියන්නෙ සර්වබලධාරියෙක් නෙමෙයි. බුදු වරයක් කියන්නෙ ස්වායත්තව නිර්වාණාවබෝධ කරගත් මනුශ්‍යයෙක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මලේ, මම ගොඩක් රෑ වෙනකම් හිටියේ නැති හන්ද උත්තරයක් දෙන්න පරක්කු උනා... sorry!

    මේ... ඔයාට Hiran දීල තියන උත්තරය ගොඩාක් නිවැරදියි!! ඕනෙම කෙනෙක් ඇත්තටම වැඩේට බැස්සොත් මේ කරන්න බැරි, මහා දුෂ්කර දෙයක් දෙයකුත් නෙවෙයි කියල තේරේවි. අනික් ප්‍රධාන දේ හුඟ දෙනෙකුට උපතින්ම ධ්‍යාන මට්ටම් වලට සකස් වෙච්ච හිත් තියනවා, නොදන්නවා උනාට. තියුණු ප්‍රඥාව, වහා වැටහෙන ණුවන එහෙම හිත් තියන අයගේ ලක්ෂණ තමයි. සමහරුන්ට තමන් වඩාත් කැමති දෙකට යොමු උනාම, නැත්නම් උවමනාවෙන් කරන දෙයකට යොමු උනාම, හිත නිකන්ම ධ්‍යාන ගත වෙනවා. මට තේරෙන විදියට ඔයාලට අමුතුවෙන් ධ්‍යාන ලැබීම සඳහා උත්සහ කරන්න ඕනේ නැහැ. විදර්ශනා පැත්ත build up උනොත් හරි. මම දෙන්නද නියම කමටහනක්. ඇයි ඔයා මේ ඉපදිලා ඉන්නේ කියල කල්පනා කරන්න!! නැත්නම් ඔයා ගොඩක්ම පෙරේත කමක් දක්වන දෙයක් ගැන හිතල, කොහොමද ඒකට එච්චර පෙරේතකමක් ඇති උනේ කියල කල්පනා කරන්න!! ඊළඟට ඔය හිත් රිදෙන ලොකු වේදනා එහෙම ඇතිවෙච්චහම කොහොමද ඒ දුක් ඇති උනේ? කොහොමද ඒ දුක් මතුවට ඇතිනොවෙන්න කටයුතු කලයුත්තේ? කියල වගේ කල්පණා කරන්න.

    හැබැයි වැඩේට බහින්නවත් ලැබෙන්නේ නැහැ පිරිසුදු බුද්ධ දේශානා අහල, කියවල කරුණු ඉගෙනගෙන, මතක තියාගෙන, පාඩම් කරගෙන නොහිටියොත්! මතකද සුතා, ධතා, වචසාපරිචිතා කියල කරුණු තුනක් ගැන ධර්මයේ සඳහන්වෙනවා?? අන්න ඒ ටික ඒ විදියටම ඕනේ... නැත්නම් අමාරුයි! (හැබැයි ඕනේ කෙනෙකුට ධර්ම කරුණු දැනගන්න, උවමනා වෙච්ච වෙලාවට නැවත මතක් කරගන්න නම් මට උපකාර කරන්න පුළුවන්. live help එකක් වගේ... මොකද මාත් සුතා, ධතා, වචසාපරිචිතා pass කරගෙන ආපු කෙනෙක්, store වෙච්චා එහෙමම තියනවා. ඒත් භාවිතය නැති උනාම decay වෙනවනේ ඕනේ දෙයක්. මටත් එහෙමමයි. ඒත් උනන්දුවෙන් යොමුවෙන ඕනෙම කෙනෙක් වෙනුවෙන් full back-up එකක් දෙන්නම්)

    ඉතින් කොහොමින් කොහොම හරි ධර්ම කරුණු ගැන කල්පණා කරන්න පටන් ගත්ත කියමු. ඒක කරගෙන යන්න අමාරුයි නම්, හිත වෙන වෙන දේවල් ගැන ඇදිල යනවනම්, පාලනය කරගන්න අමාරුයි නම්, අන්න ඔයාට සමථ භාවනාව උවමනා කෙනෙක්. එහෙම නම් ආනාපානසතිය, සක්මන්/ඉරියාපථ වගේ ඒවා පාවිච්චිකරන්න වෙනවා. ඒවම බදාගන ඉන්නවා කියල එකක් නෙවෙයි, තමන්ට අවශ්‍ය ධර්මකරුණු ගැන කල්පණා කරන්න අවශ්‍ය කරන හිතේ එකඟ බව ඇතිකරගැනීමට විතරයි. මොකද අපේ අරමුණ ධ්‍යාන ලබාගෙන ඒවාට වෙලා ආතල් ගන්න එක නෙවෙයි. ඒ පාරේ ගිහින් චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගීගන එද්දී පුළුවන් ලඟම තැනකින් ධර්මකරුණු ණුවනින් විමසීමේ, මනසානුපෙක්ඛිතා පාරට 'වාහනේ' හරවගන්න. (බුදුහාමුදුරුවෝ කිව්වේ පලවෙනි ධ්‍යානයත් ණිවන් අවබෝධයට ප්‍රමාණවත් කියලයි!!!) එතකොට දිට්ඨියා සුප්පටිවිද්ධා කරගන්න පුළුවන්! ඒ කියන්නේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර අති භයන්කාර වචනයෙන් හඳුන්වන කෙනෙක්, 'අරහත් කෙනෙක්' වෙන්න පුළුවන්!! ඔය තමයි බුදුරජාණන්වහන්සේ කියා දීපු විදිය!!! මටත් දැන් නියමෙට guide කරන්න පුළුවන්. ඒත් අපිට තියන ප්‍රශ්ණේ මොකෙක් වත් මේකට උනන්දු වෙන්නේ, වැඩේට බහින්නේ නැහැනේ!! (රහත් උනොත් කෝටියක් දෙනවා කියල එහෙම කිව්වා නම් පෝලිමේ එයි කොල්ලයි බල්ලයි සේරම. මොකෙකුට වත් තේරෙන්නේ නැහැනේ දුර්ලභව ලබාපු මේ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙය කියන එක! ගත්තොත් ඒක කෝටි ප්‍රකෝටි වලින් මනින්න බැරි තරම් වටිනා බව!!)

    මේ... කමටහන් සම්බන්ධයෙන් නම්, මල්දෙනිය කියල තියන කතාව තමයි හරියටම හරි!! මේ දැන් ඉන්න උදවිය කමටහන් දෙනවා කියල කිව්වට අඩුම ගනනේ මුලින් තමන්වත් ධර්මමාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් නම්, උපදෙස් ගන්න එකාට බඩුම තමයි. මොකද නිවණ කියන්නේ පෙන්වන්න පුළුවන්, ආයේ කවුදෝ කියල තිබුන 'කඩේ යනවා වගේ යන්න පුළුවන් තැනක් නෙවෙයි' (නියමයි... එල!) කියල. ඉතින් එහෙම තැනකට තව කෙනෙක්ව guide කරන්නේ කොහොමද තමන්වත් ඒක රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැතුව?? බුදුහාමුදුරුවෝ කමටහන් දුන්නේ පරචිත්තවිජානන ඥාණයෙන් බලල, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණයෙන් පුද්ගලයාව analize කරලා ඉවරවෙලයි. දැන් ඉන්නවද ඒ හැකියාව තියන අය? ඒ හන්ද බැරිවැඩ නොකර, අනුන් අමාරුවේ නොදා ඉන්නවනම් වඩා Š4;ොඳයි වගේ. මම නම් ඔය මොකවත් ගත්තේ නැහැ කාගෙන් වත්. මගේ පිනට මට හොඳ ඔලුගෙඩියක් ලැබුණා... කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරය නිසා ඒකට ශ්‍රී සද්ධර්මය වැටුණා... chapter closed! මම නම් අනික් අයව guide කරන්නේ destination එකට යැවෙන විදියට මිසක් තැනැත්තා අනුව වයස අනුව නෙවෙයි. නමුත් ඒ කෙනා ප්‍රශ්ණ අහනවනම්, අවංකව ප්‍රතිචාර දක්වනවා නම්, ආයේ මොනවද ඉතින්...

    ඔය උදවිය මම කරපු thread එක බැලුවද දන්නේ නැහැ... 'බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු' කියන එක. මම මට කියන්න තියන හැම දෙයක්ම ඒකෙ කියල තියෙන්නේ. උවමනාවක් තියන කෙනෙක් බලන්න. තම තමන්ගේ ජීවිතය ගැන වගකීම තියෙන්නේ තමන්ට! අනික් අය කියන ඒවා අහ අහා ඒ අය කියන ඒවා කර කර කාලේ නාස්ති කරන්න එපා! කාශ්‍යප බුදුරජාණන්වහන්සේ "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු" කියල කිව්වා... මනුස්සයාගේ ආයුෂ ඉතාම චුට්ටයි කිව්වා. ඒකත් කිව්වේ එකෙක්ගේ ආයුෂ අවුරුදු 5,000 ක් වේච්ච කාලේ... ඉතින් දැන් මේ 50-60 ක් වගේ පොඩි ගණනක් තියන අපි මොනවා කියන්නද??? මම නම් මේවා අහන්න ලැබුණාම gear එක OD එකට දාල, accelerator එක උඩ කකුල් දෙකෙන්ම හිටගත්තා!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් එහෙම කරන්න කියලයි!!! තේරුණයි???

    :yes::yes:
    එළකිරියේ හිටි අවුරුදු හතර හමාරකට මම දැක්ක හොඳම පෝස්ට් එක
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    HTML:
    [QUOTE="Damith Kariyawasam, post: 9414306, member: 31903"]මලේ, මම ගොඩක් රෑ වෙනකම් හිටියේ නැති හන්ද උත්තරයක් දෙන්න පරක්කු උනා... sorry! 
    
    මේ... ඔයාට Hiran දීල තියන උත්තරය ගොඩාක් නිවැරදියි!! ඕනෙම කෙනෙක් ඇත්තටම වැඩේට බැස්සොත් මේ කරන්න බැරි, මහා දුෂ්කර දෙයක් දෙයකුත් නෙවෙයි කියල තේරේවි. අනික් ප්‍රධාන දේ හුඟ දෙනෙකුට උපතින්ම ධ්‍යාන මට්ටම් වලට සකස් වෙච්ච හිත් තියනවා, නොදන්නවා උනාට. තියුණු ප්‍රඥාව, වහා වැටහෙන ණුවන එහෙම හිත් තියන අයගේ ලක්ෂණ තමයි. සමහරුන්ට තමන් වඩාත් කැමති දෙකට යොමු උනාම, නැත්නම් උවමනාවෙන් කරන දෙයකට යොමු උනාම, හිත නිකන්ම ධ්‍යාන ගත වෙනවා. මට තේරෙන විදියට ඔයාලට අමුතුවෙන් ධ්‍යාන ලැබීම සඳහා උත්සහ කරන්න ඕනේ නැහැ. විදර්ශනා පැත්ත build up උනොත් හරි. මම දෙන්නද නියම කමටහනක්. ඇයි ඔයා මේ ඉපදිලා ඉන්නේ කියල කල්පනා කරන්න!! නැත්නම් ඔයා ගොඩක්ම පෙරේත කමක් දක්වන දෙයක් ගැන හිතල, කොහොමද ඒකට එච්චර පෙරේතකමක් ඇති උනේ කියල කල්පනා කරන්න!! ඊළඟට ඔය හිත් රිදෙන ලොකු වේදනා එහෙම ඇතිවෙච්චහම කොහොමද ඒ දුක් ඇති උනේ? කොහොමද ඒ දුක් මතුවට ඇතිනොවෙන්න කටයුතු කලයුත්තේ? කියල වගේ කල්පණා කරන්න.
    
    හැබැයි වැඩේට බහින්නවත් ලැබෙන්නේ නැහැ පිරිසුදු බුද්ධ දේශානා අහල, කියවල කරුණු ඉගෙනගෙන, මතක තියාගෙන, පාඩම් කරගෙන නොහිටියොත්! මතකද සුතා, ධතා, වචසාපරිචිතා කියල කරුණු තුනක් ගැන ධර්මයේ සඳහන්වෙනවා?? අන්න ඒ ටික ඒ විදියටම ඕනේ... නැත්නම් අමාරුයි! (හැබැයි ඕනේ කෙනෙකුට ධර්ම කරුණු දැනගන්න, උවමනා වෙච්ච වෙලාවට නැවත මතක් කරගන්න නම් මට උපකාර කරන්න පුළුවන්. live help එකක් වගේ... මොකද මාත් සුතා, ධතා, වචසාපරිචිතා pass කරගෙන ආපු කෙනෙක්, store වෙච්චා එහෙමම තියනවා. ඒත් භාවිතය නැති උනාම decay වෙනවනේ ඕනේ දෙයක්. මටත් එහෙමමයි. ඒත් උනන්දුවෙන් යොමුවෙන ඕනෙම කෙනෙක් වෙනුවෙන් full back-up එකක් දෙන්නම්)
    
    ඉතින් කොහොමින් කොහොම හරි ධර්ම කරුණු ගැන කල්පණා කරන්න පටන් ගත්ත කියමු. ඒක කරගෙන යන්න අමාරුයි නම්, හිත වෙන වෙන දේවල් ගැන ඇදිල යනවනම්, පාලනය කරගන්න අමාරුයි නම්, අන්න ඔයාට සමථ භාවනාව උවමනා කෙනෙක්. එහෙම නම් ආනාපානසතිය, සක්මන්/ඉරියාපථ වගේ ඒවා පාවිච්චිකරන්න වෙනවා. ඒවම බදාගන ඉන්නවා කියල එකක් නෙවෙයි, තමන්ට අවශ්‍ය ධර්මකරුණු ගැන කල්පණා කරන්න අවශ්‍ය කරන හිතේ එකඟ බව ඇතිකරගැනීමට විතරයි. මොකද අපේ අරමුණ ධ්‍යාන ලබාගෙන ඒවාට වෙලා ආතල් ගන්න එක නෙවෙයි. ඒ පාරේ ගිහින් චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැගීගන එද්දී පුළුවන් ලඟම තැනකින් ධර්මකරුණු ණුවනින් විමසීමේ, මනසානුපෙක්ඛිතා පාරට 'වාහනේ' හරවගන්න. (බුදුහාමුදුරුවෝ කිව්වේ පලවෙනි ධ්‍යානයත් ණිවන් අවබෝධයට ප්‍රමාණවත් කියලයි!!!) එතකොට දිට්ඨියා සුප්පටිවිද්ධා කරගන්න පුළුවන්! ඒ කියන්නේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර අති භයන්කාර වචනයෙන් හඳුන්වන කෙනෙක්, 'අරහත් කෙනෙක්' වෙන්න පුළුවන්!! ඔය තමයි බුදුරජාණන්වහන්සේ කියා දීපු විදිය!!! මටත් දැන් නියමෙට guide කරන්න පුළුවන්. ඒත් අපිට තියන ප්‍රශ්ණේ මොකෙක් වත් මේකට උනන්දු වෙන්නේ, වැඩේට බහින්නේ නැහැනේ!! (රහත් උනොත් කෝටියක් දෙනවා කියල එහෙම කිව්වා නම් පෝලිමේ එයි කොල්ලයි බල්ලයි සේරම. මොකෙකුට වත් තේරෙන්නේ නැහැනේ දුර්ලභව ලබාපු මේ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙය කියන එක! ගත්තොත් ඒක කෝටි ප්‍රකෝටි වලින් මනින්න බැරි තරම් වටිනා බව!!)
    
    මේ... කමටහන් සම්බන්ධයෙන් නම්, මල්දෙනිය කියල තියන කතාව තමයි හරියටම හරි!! මේ දැන් ඉන්න උදවිය කමටහන් දෙනවා කියල කිව්වට අඩුම ගනනේ මුලින් තමන්වත් ධර්මමාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් නම්, උපදෙස් ගන්න එකාට බඩුම තමයි. මොකද නිවණ කියන්නේ පෙන්වන්න පුළුවන්, ආයේ කවුදෝ කියල තිබුන 'කඩේ යනවා වගේ යන්න පුළුවන් තැනක් නෙවෙයි' (නියමයි... එල!) කියල. ඉතින් එහෙම තැනකට තව කෙනෙක්ව guide කරන්නේ කොහොමද තමන්වත් ඒක රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැතුව?? බුදුහාමුදුරුවෝ කමටහන් දුන්නේ පරචිත්තවිජානන ඥාණයෙන් බලල, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණයෙන් පුද්ගලයාව analize කරලා ඉවරවෙලයි. දැන් ඉන්නවද ඒ හැකියාව තියන අය? ඒ හන්ද බැරිවැඩ නොකර, අනුන් අමාරුවේ නොදා ඉන්නවනම් වඩා හොඳයි වගේ. මම නම් ඔය මොකවත් ගත්තේ නැහැ කාගෙන් වත්. මගේ පිනට මට හොඳ ඔලුගෙඩියක් ලැබුණා... කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරය නිසා ඒකට ශ්‍රී සද්ධර්මය වැටුණා... chapter closed! මම නම් අනික් අයව guide කරන්නේ destination එකට යැවෙන විදියට මිසක් තැනැත්තා අනුව වයස අනුව නෙවෙයි. නමුත් ඒ කෙනා ප්‍රශ්ණ අහනවනම්, අවංකව ප්‍රතිචාර දක්වනවා නම්, ආයේ මොනවද ඉතින්...
    
    ඔය උදවිය මම කරපු thread එක බැලුවද දන්නේ නැහැ... 'බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු' කියන එක. මම මට කියන්න තියන හැම දෙයක්ම ඒකෙ කියල තියෙන්නේ. උවමනාවක් තියන කෙනෙක් බලන්න. තම තමන්ගේ ජීවිතය ගැන වගකීම තියෙන්නේ තමන්ට! අනික් අය කියන ඒවා අහ අහා ඒ අය කියන ඒවා කර කර කාලේ නාස්ති කරන්න එපා! කාශ්‍යප බුදුරජාණන්වහන්සේ "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු" කියල කිව්වා... මනුස්සයාගේ ආයුෂ ඉතාම චුට්ටයි කිව්වා. ඒකත් කිව්වේ එකෙක්ගේ ආයුෂ අවුරුදු 5,000 ක් වේච්ච කාලේ... ඉතින් දැන් මේ 50-60 ක් වගේ පොඩි ගණනක් තියන අපි මොනවා කියන්නද??? මම නම් මේවා අහන්න ලැබුණාම gear එක OD එකට දාල, accelerator එක උඩ කකුල් දෙකෙන්ම හිටගත්තා!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් එහෙම කරන්න කියලයි!!! තේරුණයි???            
    [/QUOTE]
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    [QUOTEගුරුත්වයත් එක්තරා විදියක අංශු කිව්වොත් උඹේ අදහස කොහොම එකක්ද කියල දැනගන්න මම නොඉවසිල්ලෙන් ඉන්නෙ මිත්‍රයා. ඔය අංශු එකක් වත් තනි තනිවම සැලකුවම ජීවීන් කියල සලකන්න බැහැ. ඒ අදහසින් එව්ව සේරම "අජීව අංශු" කියල අපි ඕනෙ නම් අලුත් ලේබලයක් ගහමු. ඒත් මිත්‍රයා අපටත් දැනගන්න "ජීව අංශු" කියන්නෙ මොනවද කියල නම් ඔන්න පැහැදිලි කරන්නම වෙනව දැන් ඔයාගෙ පැත්තෙන්... ඒක නම් මග අරින්න එපා...!!!

    ]
    භෞතික විද්‍යවේ නියම අරගෙන රහත් භාවය තුලින් ඝන සිරුර කිසිම බලයක් නැතිව අහස උඩට ගන්න එක කොහොමත් පැහැදිලි වෙන්නේ නෑ.සාධනය වෙන්නෙත් නෑ.ඒක හින්දා අර කාර් ඇංජිම ගැන දන්න එකා හැමතැනම ගිහිල්ලා කාර් ඇන්ජිම් ගැන කතා කරනවා වගේ මෙතන භෞතික විද්‍යාවේ එකක වචන අරගෙන පෝස්ට් දැම්මට අහසින් යන එක ඔප්පු කරන්න බෑ. එහෙම ගිය එවුන් ඇත්තෙත් නෑ.එහෙම අංශු ගැන බලලා බයිලා කියනවා නම් අපිට ලෝකේ තියෙන හැම ආගමක්ම සත්‍යයි කියලා පිලි ගන්න වෙනවා.මම ජීව අංශුවක් විදිහට අදහස් කරේ, මේ ලෝකේ තියෙන සතෙක් හෝ මිනිසෙක් කිසිම බලයක් නැතිව අහසට නගින්නේ නෑ කියන එකයි. මම අජීව අංශුවක් විදිහට අදහස් කරන්නේ ඕනම සතෙක්ගේ මල කුනක් හරි, එහෙම නැත්නම් ගලක් වත් ඇයි නිකන් උඩ යනවා අපි දකින්නේ නැත්තේ කියන එකයි. මෙතන තව එකෙක් අහනව බැලුමක් උඩ යන්නේ කොහොමද කියලා. ඒක මට මෙතන ලිලියා ඉන්න පිස්සු නෑ. ගූගල් කරා නම් ඕන තරම් හොයා ගන්න පුලුවන්. අවුරුදු 1500කට කලින් ඉංදියන් කාරයෝ, ලංකාවේ හිටපු අය උඩින් ගියා කියලා විශ්වාස කරනවනම් පැහැදිලි සාධක නැතිව, අපිට ඉස්සර කාලේ ගස් ගල් කතා කරා කියන එකත් පිලි ගන්න වෙනවා. එක අතකින් මෙතන ඉන්න සමහරු මුහමද් උඩින් ගියා කීවොත්, ජේසුස් උඩින් ගියා කිව්වොත් ඒකත් පිලි ගන්න වෙනවා.මොකද ඉංදියන් අයට උඩින් යන්න පුලුවන්නම් අනිත් රට වල අයට බැරි මොකද?
    ක්‍රිස්තුස් වහන්සේ දකුනු ආසියාවේ පහල වුනේ නැත්තේ දකුනු ආසියාවේ ඉංදියාවේ අයට කිතු දහම තේරුම් ගන්න මොලයක්, පිනක් තිබුනේ නෑ කියලා කීවොත් ඔබට ඒකට හිනා යනවා නේද? ඒ වගේම බුදුන් වහන්සේ යුරෝපයට, අරාබියට, ඇමරිකාවට ,එංගලන්තයට වැඩියේ නැත්තේ ඒ රටවල අයට මොලය, බුද්ධිය හෝ පිං තිබුනේ නෑ කීවොත් ඒ රටවල මිනිස්සුත් හිනා වෙනවා.එන්න එන්නම මිනිසුන්ගේ මොලය වර්ධනය වෙනවා මිසක්, මොලය මොට්ට වෙන්නේ නෑ.ඒක නිසා ඒ කාලේ රහත් වෙන්න පුලුවන් වුනා නම් මේ කාලෙත් පුලුවන්. මිනිසා ප්‍රාතමික මොලයක සිට උසස් මොලයක් දක්වා පරිනාමය වුනා.
    [/QUOTE]

    anna aye walige paga gaththa .... umba me udin yanna ona nam tocket ekak aran flight ekaka palayan.... umbata mathaka nethuwath ethi americca wala ewunge ithihasaya kochchara ketida kiyalawath ... tharkayak idiripath karanna kalin ewath hithapan ... budun wahanse ge nirmala budu dahama arabiyata wediya ... ewaye sakshi thamai ara muslim heththa bomba dada kudu karanne ... ehema deyak sidda une nehe kiyala anagatha parapura mula karanna .... ethakota e parapurath umba wage ke gahanawane arabiye budu dahama thibba nam ko sakshi kiyala.. umbath mara mental ekak ban ..:rolleyes:
     
    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    ඇත්ත.ඇත්ත වශයෙන්ම බුදු දහමේ රහත් වුන සංඛ්‍යවයි, මේතාක් ලෝකයේ සිටිය සත්වයන් ගානයි සංසන්දනය කරලා බැලුවොත් අපිට උපකල්පනය කරන්න පුලුවන් සංසාරවාසින් රහත් වෙන්නේ හෝ නිවන් දකින්නේ නැහැ කියලා. මොකද කෝටි 100කින් එක මිනිහෙක් රහත් වෙනකොට, ඒක ලෝක විමුක්තියක් වෙන්නේ නෑ.

    nikan bol tharka denna epa ban ..... wediya ona nehe .. A/Ls or O/Ls hema ekatama pass wenna pulwanda ? behene.. e wishaya darawa therum ganna puluwa eka samath wenawa.. anith ewun asamath wenawa ... aye ayeth uthsaha karanawa...

    budu dahama darshanayak misak magic pennana agamak nemei ... dharshanayak .. e kiyanne thama thamange nuwana mattamin therum gaththa yuthu deyak ... eka apita ekthra margayak pennanawa .. e maga giyoth api sasarin ethera wenawa ... namuth e maga yana eka seeni bola wedak nemei .... buduntath budu bawa laba ganna weeriya karana kale noyekuth badaka awa ... e badaka walata neseli ashawa maga eragena idiriyata yana kena niyama marga pala labagannawa...