~ භූතයා ~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ



    මා කියවා ඇති පොත පත සහ මාගේ අත් දැකීම් අනුව මෙම භූතයන් ඇලීම කොතරම් දුරකට සාධාරණදැයි මට සිතේ.... භූතයන්,ප්‍රේතයන්,යක්ෂයන් යනු අමුනුස්ස බල වේගයි.අපි බලමු කොහොමද කෙනෙක් මරණින් පසු මේ අමුනුස්ස බලවේගයක් ලෙස උප්පත්තිය ලබන්නේ කියා.ඒ පහත හේතු කාරණා කිහිපයක් නිසා විය හැකි.තව කාරණා බොහෝමයි....
    1)කෙනෙක් තම දේපල තන්හාවෙන් මිය යාම.
    2)කෙනෙකු මරණයේදී පවුලේ සාමාජිකයින් දමා යාමට ඇති අකමැත්ත.
    3)තමන් කරන ලද අකුසල්.(මේ භවයේ හා පෙර භවයන් වල)
    4)මිය යන අවස්ථාවේ පහලවන සිත.(චුති සිත)
    5)කෙනෙකු පිළිබඳ වෛරයෙක් සිතේ තබාගෙන මිය යාම.
    6)පින් ලබා ගැනීමේ චේතනාවෙන්.

    පළමු කාරනය නම් දේපල වලට ඇති කැමත්තයි.ජීවත්ව සිටින කාළයේ දේපල කාටවත් නොදී තනියෙන් භුක්ති විඳිමින් පණ මෙන් ආරක්ෂා කරමින් හිඳ මිය ගිය පසුත් ඒ දේපල භූතයෙක් වී ආරක්ෂා කරයි.මන්ද මිය යන මොහොතේත් සිතට නැගෙන්නේ "අනේ මගේ දේපල" ලෙසයි..... කිසි කෙනෙකුගේ ඇල්ම බැල්ම එයට වැටීමට ඉඩ නොදෙයි.(ඔය සමහරක් ඉඩම් වලට අරක් අරගෙන ඉන්නේ භූතයෝ)කෙනෙක් එම දේපල භුක්ති විඳී නම් ඔහුට හෝ ඇයට භූත බල වේගය මගික් කරදර හානි පමුනවයි.

    දෙවැනි කාරණාව නම් කෙනෙකු මරණ අවස්ථාවේදී ඔහුගේ පවුලේ උදවිය දක්වන ප්‍රතිචාරයයි.ඔබ ගොඩක් වේලාවට දැක ඇති කෙනෙක් මැරෙන අවස්ථාවේදී හඬනවා,වැළපෙනවා.මිය ගිය පසුත් බොහෝ දෙනා හඬමින් වැලපෙනවා.එය සාධාරණයි.මන්ද අප පෘතක්ජන මනුෂ්‍යයින් නිසා.නමුත් එහි බල පෑම නම් මිය යන කෙනා ඒ අවස්ථාවේදී සිතන්නේ "අනේ මේ අය මට කොයි තරම් නම් ආදරේද,මට මේ අය දාලා යන්න බෑ,මං මෙයාලා එක්කම ජීවත් වෙනවා" යයි සිතමින් අමුනුෂ්‍ය බලවේගයක් ලෙස උප්පතිය ලබා පවුලේ උදවිය සමගම හිඳි.නමුත් ඒ බවක් පවුලේ උදවිය නොදනී.ඒසේ හිඳිමින් දුර්වල වූ මනුෂ්‍ය සිරුරක් ලැබුනොත් එයට ගෝචර වෙයි.(අපි භූතයෙක් වැහෙනවා කියන්නේ) ඒ නිසා කිසිම මොහොතක කෙනෙකුගේ මරණයකදී හඬන්න වැළපෙන්න යන්න එපා.

    තුන්වන කාරණාව නම් තමන් මේ භවයේ හා පෙර භවයන්හීදී කරන ලද අකුසල කර්මයන්.ඒනිසයි කල්ප ගානකින් මනුස්ස ආත්මයක් ලැබිලා මේ තරම් කට කැඩෙනකන් කියන්නේ පින් කරන්න කියලා.මොකද අපි මැරුනම ගෙනියන්නේ අපි කරපු කුසල් සහ අකුසල් පමණයි.ඒ නිසා කුසල් වඩන්න.දාර්මිකව ජීවත් වෙන්න.තම තමන්ගේ ආගම අනුව දර්මයේ හැසිරෙන්න.මේ ආත්මයේ අකුසල් කලොත් එය අනිවාර්‍යෙන් විඳ විය යුතු වෙනවමයි...

    මට මතක් වෙනවා මා කියවපු එක්තරා පොතක සඳන් වූ සත්‍යය කථාවක්,එක්තරා කාන්තාවක් ගින්නකින් පිළිස්සුම් තුවාල ලබා මිය යනවා.එසේ මිය ගොස් ඇය අමුනුස්ස ආත්මයක උත්පත්තිය ලබනවා.ඒ අමුනුස්ස ආත්මෙත් ඇය අර මිය යන අවස්ථාවේ ගින්නෙන් ලද ඒ වේදනාව අමුනුස්ස ආත්මෙත් හැම මොහොතකම විඳවනවා.ජීවත්ව සිටින කාලයේ කොයි තරම් ලෝකයාට පේන්න ධාර්මිකව ජීවත් උනාට වැඩක් නෑ චුති සිත වෙනස් උනොත් සියල්ල හමාරයි.එසේ ජීවත්ව සිටින කාලයේ පන්සල් පල්ලි කෝවිල් ගානේ ඇවිදපු බොහෝ දෙනා මරණින් පසු අමුනුස්ස බලවේග ලෙස ඉපදී ඇති අවස්ථා ගැන මා පොත පත කියවා සහ සියැසින් දැක ඇත.

    අමුනුස්ස බලවේගෙකට කවදාවත් පින් රැස් කරන්න බෑ.ඔවුන් අපෙන් පින් බලාපොරොත්තු වෙනවා.මනුස්ස අපිට පමණයි ඔවුනට පින් ලබා දිය හැක්කේ.හැබැයි ඒ නිවැරදි ක්‍රමයට පමණයි.ස්වාමීන් වහන්සේලා 100 නමක් වැඩමවා දානයක් දුන්නත් පලක් නෑ හරි ආකාරව පින් ලබා දුන්නේ නැත්නම්....

    ඔය විදියට මන්ත්‍ර බලයෙන්
    බෝතල් වලට අල්ලලා දැම්මට වැඩක් නෑ බූතයෝ හරි කට්ටයි.ඔවුන් එලියට පයිනවා.හැබැයි එලියට පැන්නොත් එහි ප්‍රතිඵලය තවත් බයං කාර වෙයි... ඔහු තව තවත් වෛර බැඳ ගනිමින් තව තවත් කරදර හානි පමුනවයි.එනිසා වඩා නිවැරදි ක්‍රමය නම් අල්ලා බෝතල් වල දැමීම නොව ඒ අයට අවශ්‍ය පින් ලබා දී ඔවුන් පිටත් කර හැරීමයි..... ධර්මානුකූලව ජීවත්වන්න.සැමට බුදුසරණයි!
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සිරා මචන් ..
    උබ කියන කාතාව ඈත්ත.
    භූතයන් මාත් හිතන්නේ ගොඩක් සාදාරණයි...එත් මචන්
    ඔක්කොම නේමේයි නේ 99% වගේ
    ගොඩක් පින් මචන්..
    අපි එක්ක බේදා හදා ගත්තට..

    +රෙප්
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරා මචන් ..
    උබ කියන කාතාව ඈත්ත.
    භූතයන් මාත් හිතන්නේ ගොඩක් සාදාරණයි...එත් මචන්
    ඔක්කොම නේමේයි නේ 99% වගේ
    ගොඩක් පින් මචන්..
    අපි එක්ක බේදා හදා ගත්තට..

    +රෙප්
    ස්තූතියි මචෝ :)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේව ඇත්ත බන්. ස්තූතීයි බෙදා ගත්තට....!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේක ගැන මොකද කියන්නේ. මේ වෙලාවෙම තව පොටෝ 10 ක් 12 ක් ගත්ත. ඒ එකකවත් මෙහෙම නෑ. Zoom karala balanna.

    atmidnight.jpg
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    2023නේ දිත් බලන අය මේ කොනට :-D
    ITN වැඩක් කරොත් ආයෙ මොනවද ඇල් වතුරට උල්පිහියෙන් ඇන්න වගේ තමයි ඉතින්. අර නිවේදක මහත්තයට උපාධියකුත් තියෙනව කියන්නෙ:rofl:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,269
    113
    Mother Earth
    මෝඩ හුකන වැඩ තමයි. මේවට රැවටෙන උන් නම් මිනිස්සු නම් වෙන්න බෑ. උන් තමයි රියල් පෙරේතයො.