ඉස්කෝලෙ කට්ටිය ශිහාන්ට හදපු බයිලා එක
(පද රචනය කව්ද කියා අහන්න එපෝ!)
අපේ සුන්දර සුපර් ස්ටාර් සමය පටන් ගත්ත කාලෙ කට්ටියට මතක ඇති නේ? ඒ කාලෙ කෙල්ලොව හොල්ලපු එල කොල්ලා තමයි ශිහාන් මිහිරංග. (දැන් කට්ටිය නෙද්දකින් විතරක්! කියන්ඩ එපා......)ඒත් ඉතින් කෙල්ලො අතරෙත් ඌට අකමැති කට්ටිය, මේ මම වගේ නියුට්‍රල් කට්ටිය හිටියා. අපේ සෙට් එක එකතු වෙලා මෑන්ස්ට හදපු බයිලා සින්දුවක්...
කෙල්ලන්ගේ සිත දිනාපු - කොල්ලෝ ඊර්ෂ්‍යා කරපු
ලංකාවම හොල්ලපු කොල්ලා
ජැන්ඩියටම ඇඳ පළඳින - පැරදුනදා රට අඬවන
මෙයයි අපේ ඩියුලක්ස් බල්ලා
ඇක්ශන් දා පණ ඇද ඇද - ගිටාර් තඩිය වනනා විට
කෙල්ලෝ සිහි නැතුව වැටෙනවා
උගෙ කටහඬ කොල්ලො ටිකට - රූස්සන්න බැරි වුනාම
ගෙයි ටීවී එක කුඩුවෙනවා
බැරි වුන තැන ජෙල් නාලා කොන්ඩේ ස්ට්‍රේට් අප් කරලා
කොල්ලොත් ඌ වගෙ හැසිරෙනවා
පව් අප්පා ඒ වෙනකොට - කෙල්ලො අන්න ටීවි එකේ
ශිහාන් එක්ක සින්දු කියනවා
ප්‍රබුද්ධයෝ දොස් කිය කිය - ශිහාන්ලාට වින කර කර
තබ්ලා එක නිතර පලනවා
බෙනට් අය්ය ගැන කියු කල - කෙල්ලො ටික ඇනට් වේවි
ඒක නිසා මම නවතිනවා