ඔබ සැමට .....

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

තමන් පවතින බව හිතන වැරදි දැකීම (සක්කාය දිට්ඨි) යයි. සන්තො කායො සක්කායෝ කියන විදියට සක්කාය කියන්නේ නැත්නම් සන්ත (පැවැත්ම) සහ කාය (නාම රූප එකතුව) කියන පද එක්ව ගත්තහමයි. කාය නැත්නම් නාම රූපයන්ගේ එකතුව පිළිබඳ දැනීම පොත් වලින් වත් කාගෙවත් පස්සෙන් ගියාටවත් එන්නේ නෑ. තමන් විසින්ම අත්දැකීමෙන් (අත්තපච්චක්ක) දැන ගැනීමෙනුයි මේ ගැන නිවැරදි දැන ගැනීම ඇති කර ගන්න පුළුවන් වන්නේ.

අපි අපේ බඩ දිහා බලන් ඉඳියම හොඳ විමසිල්ලෙන් ඒ ගැන මනස යොදවලා, අපිට මනසින් දකින්න හැකියාව ලැබෙනවා එක්තරා කාල රටාවකට අනුව බඩේ පිම්බීම හැකිලීම සිද්ධ වෙනවා. මේ තමයි කය ගැන දකින්න ආරම්භ කරන්නන්ට ඒ සඳහා ඇති ‍හොඳම ක්‍රමය.

හිතන්න ඔයා ඔයාගේ අත මිටි කර ගන්නවා කියලා. ඔයා එය කරන්න කලින් ඒ ගැන හිතන්න. මෙවැනි සිතුවිල්ලක් එක මො‍හොතක ඇති වෙන සිතුවිලි එකක් දෙකක් නිසා ඇති වෙන ක්‍රයාවලියක් නෙවේ. නමුත් සිතුවිලි කීපයක් එක්වුන කාලයක් තුලදි අතමිට කර ගැනීම ගැන හිතන බව ඔයා දකීවි. ඉතින් මනසේ ඇති වුන මේ සිතුවිල්ල තමයි නාමකාය (මානසික ශරීරය) කියන්නේ.

අත මිටි කිරීම ගැන හිතමින් ඔයා එය කිරීම ආරම්භ කරන්නේ ක්‍රමයෙන් ඇඟිලි නැවීමෙන් පටන් අරන්. ඒ හැම අවස්ථාවකදිම ඒ කියන්නේ ඇඟිලි නවද්දී නවනවා කියලාත් මිට කර ගනිද්දි මිටි කර ගන්නවා කියලා වගේ හිතන්න. මේ ක්‍රයාවන් හිමින් සැරේ පවත්වන්න. මේ විදියට නවන හෝ මිටි කර ගන්න භෞතික අංගය රූපකාය නැත්නම් රූපක්ඛන්ධ (භෞතික ශරීරය) කියලා හඳුන්වනවා.

මෙලෙසට ඔයාට දකින්න පුළුවන් මේ ශරීරයන් දෙකේ පැවැත්ම නැත්නම් සක්කාය එක්ව ගත්තම සචේතනික සත්වයෙක් ඇති කරන බව. ඔයා අනවධානයෙන් ඉන්නවා නම් ආ මේ මමයි අත මිටි කර ගන්නෙ කියන දැකීම ඔයා ඇති කර ගන්නවා. ඒ තුලින් ඔයා අතීත, අනාගත හා වර්තමාන කියන තුන් කාලයේම තමන් පවතිනවා කියන දැකීම ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ඇති කර ගන්නවා. ඇඟිලි මිටි කරන අවස්ථාවෙදි නොයෙක් දැනීම් ඇති වෙන බව අරුමයක් නෙමෙයි. ඒ හැම දැනීමක් ඔයා හොඳින් මනසින් සටහන් කරගන්න. ඒ විදියට නාම රූප සංකලනය ඇති වෙද්දී සටහන් කර ගැනීමෙන් විතරයි නාම රූපයන්ගේ ඇත්ත ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ.

ජීවිතය කියන දේ අපිට දකින්න පුළුවන් නාම රූපයන් ගේ ස්වභාවය විද්‍යමාන වීම විදියට. සක්කාය යැයි කියන්න පුළුවන් කිසිවක් එහි නෑ. යමෙක් නාම රූප ගැන සිහිය ඇති කරගත්තම ඒ කෙනාට දකින්න පුළුවන් මේ දෙකේ එකතුව විදියට අපි පිළිගන්න සත්වයා කියන්නේ කෙනෙක් නෙමෙයි කියලා. මේ සත්‍ය දැනගැනීමෙන් සක්කාය දිට්ඨිය ඉවත් කර ගන්න පුළුවන්.

නාම රූප ගැන තියෙන දැනීම තාවකාලිකව සක්කාය දිට්ඨිය ඉවත් කරනවා වගේම හේතුව සහ ඵලය ගැන තියෙන දැනීම සැකය (විචිකිච්ඡා) තාවකාලිකව ඉවත් කරනවා. ඉතින් ඔයා මේ දේවල් ගැන නොදැන ඉන්නවා කියන්නේ වැරදි දැකීමක් ඇති කරන් ඉන්නවා කියන එකයි. කොහොමවුනත් නිවැරදිව ධර්මය පුහුණු කරද්දී ඔයාට ඔයා ගැනම වගේම සත්‍යය දැන ගන්න පුළුවන් වෙයි.

ඇසීම කියන අවස්ථාව ගත්තම අංග තුනක් එතනදි ඇති වෙනවා.

  • ශබ්දය (රූපකාය- ශබ්දය තමයි ඇවිත් වදින්නේ)
  • ශ්‍රව‍ණේන්ද්‍රිය (රූපකාය - ශබ්දය වැදුනම අල්ල ගන්න තැන)
  • ශබ්දය හඳුනා ගැනීම ( මේ තමයි නාම කාය.)

ඔයා සිහියෙන් ඉන්නවා නම් මේ සෑම අවස්ථාවක්ම සටහන් කර ගන්න පුළුවන්. මේ සංකලනය ඇති වෙද්දි සිහියෙන් ඉන්න කෙනෙක්ට ඒවා ඒවායේ නියම ස්වභවයෙන්ම දකින්න පුළුවන්, ශබ්දය හා ශ්‍රවණේන්ද්‍රය සම්බන්ධයෙන් රූපකාය නැත්නම් රූප සක්කාය සහ තුන් වැනි අංගය සම්බන්ධයෙන් නාමකාය නැත්නම් නාම සක්කාය. මේ විදියටයි පුද්ගලයාගේ පැවැත්ම ගැන තියෙන වැරදි දැකීම අතහරින්න පුළුවන් වෙන්නේ.
 
  • Like
Reactions: Damith Kariyawasam

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    EK එකට ඇවිල්ල දැකපු හොඳම පුද්ගලයා උඹයි මල්ලි! හරිම සන්තෝසයි... ඒ වගේම උඹට තවමත් destination එකට යන්න බැරි වෙච්ච අවුල මොකද්ද කියලත් තේරුණා. දවසක් දෙකක් ආශ්‍රය කරන්න, කතා බහ කරන්න ලැබුන නම් කියල හිතෙනවා...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    පින් සිදුවේවා,
    රහත් උනා කියල ඔලුව ඉදිමිච්ච අයට වඩා ඔබට ධර්මය වැටහෙන බව පේනවා
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    පින් සිදුවේවා,
    රහත් උනා කියල ඔලුව ඉදිමිච්ච අයට වඩා ඔබට ධර්මය වැටහෙන බව පේනවා

    මන් මෙහෙම ඇහුවට තරහ වෙන්නෙපා හොඳද. මම තාම රහත් වෙලා නෑ. ඒත් හැමෝම මේකෙ රහත් වෙච්ච අය ඉන්නවා ඉන්නවා කියලා කියනවා. මට තාම එහෙම කෙනෙක්ව හම්බ වුනේ නෑ. ඒත් මන් කැමතියි එහෙම තෙනෙක්ව හඳුනා ගන්න. ඔයාටවත් පුළුවන්නම් අඩු තරමේ මට පණිවිඩයකේ දාන්න එහෙම කෙනෙක්ව දන්නවානම්.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම පස්සේ දැක්කේ මේකෙත් රහත් උනා කියල තමන්ව හදුන්වගන්න පුද්ගලයෙක් ඉන්නවා එයා තමයි Damith Kariyawasam මම හිතන විදිහට බුදුදහමට වැඩිපුරම අපහස කරන්නේ මේගොල්ලෝ තමයි
    රහත් උනා කියල කියන ගමන් තමන්ගේ අඩුපාඩු මුළු ලෝකෙටම පෙන්නනවා . එතකොට අනිත් අයට හිතෙන්න පුළුවන් රහත් අයත් මෙහෙම නම් අපි ඉන්න විදිහ හොදයි කියල . මම තැනක දැක්ක රහත් උනාට පස්සේ හවසට පොඩ්ඩක් සෙට් වෙන කතාවකුත් කියල තිබුන.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    :dull: නරකම නෑ ඔයාගේ සොයා ගැනීම. එත් මන් දන්නෙ නෑ මොන ක්‍රමයෙන්ද කියලා ඔයා මේ කියන තැනැත්තා රහත් වෙලා නෑ කියලා හොයා ගත්තේ කියන්න. සෝවාන්, සකෘදාගාමී කියන ඵල ලබා ගත් අයව ඊට වඩා උසස් තලයක ඉන්න කෙනෙක්ට විතරයි දකින්න පුළුවන්. ඒ වගේම අනාගාමී, රහත් ඵලයන්ගේ ඉන්න අය දන්නවා තමන් ඉන්න තත්වය. අනෙක් අතට පංච භයෙන් මිදුනට පස්සේ ඒ කෙනාට කියන්න පුළුවන් මම මග ඵල ලබා ගත්තා කියලා. බුදුහාමුදුරුවෝ කොහේදිවත් එහෙම නොකියන්න කියලා දේශනා කරලා නෑ. වැරදිලාවත් මේ කියන තැනැත්තා පංච භයෙන් මිදිලා නම් ඔයා කර ගන්නේ මහා අකුසලයක් ගුණ‍වතෙක්ට ‍දොස් නගලා. ඒ නිසා before you come to such conclusion be careful.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම කිව්වේ රහත් වෙච්ච කෙනෙක් අනෙත් අයට ආදර්ශමත් වෙන්න ඕනේ කියල එහෙම නැත්නම් එතන ගැටලුවක් තියනවා . පංච බයෙන් මිදුන දැන් සේරම හරි කියල පස් පව් කරන්න ගියොත් කොහොමද . රහතුන් වහන්සේ මෙහෙම කෙනෙක් කියල අපි හැමෝගෙම හිතේ යම් model එකක් තියනවා නේද. කව්රුහරි අහල තියනවද රහත් උනාට පස්සේ නැවත ගිහි ගෙට ඇවිල්ල දැන් සේරමහරි මම අපහු අවේ දරුවෝ බලාගන්න කෙනෙක් නැති නිසා කියල කියපු රහතන් වහන්සේ කෙනෙක් ගැන
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :dull: නරකම නෑ ඔයාගේ සොයා ගැනීම. එත් මන් දන්නෙ නෑ මොන ක්‍රමයෙන්ද කියලා ඔයා මේ කියන තැනැත්තා රහත් වෙලා නෑ කියලා හොයා ගත්තේ කියන්න. සෝවාන්, සකෘදාගාමී කියන ඵල ලබා ගත් අයව ඊට වඩා උසස් තලයක ඉන්න කෙනෙක්ට විතරයි දකින්න පුළුවන්. ඒ වගේම අනාගාමී, රහත් ඵලයන්ගේ ඉන්න අය දන්නවා තමන් ඉන්න තත්වය. අනෙක් අතට පංච භයෙන් මිදුනට පස්සේ ඒ කෙනාට කියන්න පුළුවන් මම මග ඵල ලබා ගත්තා කියලා. බුදුහාමුදුරුවෝ කොහේදිවත් එහෙම නොකියන්න කියලා දේශනා කරලා නෑ. වැරදිලාවත් මේ කියන තැනැත්තා පංච භයෙන් මිදිලා නම් ඔයා කර ගන්නේ මහා අකුසලයක් ගුණ‍වතෙක්ට ‍දොස් නගලා. ඒ නිසා before you come to such conclusion be careful.

    මේ උපදෙස් දෙන්න පිළිගන්න කෙනෙකුට!! මේ වගේ එවුන්ට කියනවට වඩා හොඳයි කට බිම උලගන්න. මෙයා තකහනියක්ම අලුත් ID එකක් හදාගෙන ආවේ ඔය කියපු, කරපු වැදගත් දේවල් ටික කියන්න කරන්නමයි!!! ඉතින් බොහොම බලවත් චේතනාවක් නේ... දිට්ඨධම්ම ඒවයින්ම retun එක ලැබෙයි!! ID එක මොකක් උනත් පුද්ගලයා unique නේ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහතුන් වහන්සේ මෙහෙම කෙනෙක් කියල අපි හැමෝගෙම හිතේ යම් model එකක් තියනවා නේද...

    ඇති! උඹට තියෙන්නේ කොයි වගේ එකක්ද දන්නේ නැහැ... අපිට කතාකරන්න ලැබුණු සමහර ලොකු ලොකු උපාසක නෝනා/මහත්තුරුන්ට නම් තිබුන ලස්සන ලස්සන models ! දෙපැත්තෙන්ම හිනායනවා අහන් ඉන්නකොට.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ උපදෙස් දෙන්න පිළිගන්න කෙනෙකුට!! මේ වගේ එවුන්ට කියනවට වඩා හොඳයි කට බිම උලගන්න. මෙයා තකහනියක්ම අලුත් ID එකක් හදාගෙන ආවේ ඔය කියපු, කරපු වැදගත් දේවල් ටික කියන්න කරන්නමයි!!! ඉතින් බොහොම බලවත් චේතනාවක් නේ... දිට්ඨධම්ම ඒවයින්ම retun එක ලැබෙයි!! ID එක මොකක් උනත් පුද්ගලයා unique නේ...

    තරහ ගන්න එපා
    මම කියපු අහපු දේවල් වල මොනවත් වැරදි දේවල් තියනවද
    තව දේවල් ඉස්සරහරට අහන්න බලාපොරොත්තු වෙනවා
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    යම් කෙනෙක් ගේ චේතනාව අනුව කර්මයක් හටගන්නවා නම් මගේ චේතනාව මම දන්නවා
    ඔබ තුමාලා මල පැනල කරන කියන දේවල කර්මය මට අදාළ නැහැ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    mr. hukp1
    පටිච්චසමුප්පාදය ගැනත් මේ විදිහට සරලව පහදන්න පුලුවන්න්ද. එක ගොඩක් අයට ලොකු උදව්වක් වෙයි
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    mr. hukp1
    පටිච්චසමුප්පාදය ගැනත් මේ විදිහට සරලව පහදන්න පුලුවන්න්ද. එක ගොඩක් අයට ලොකු උදව්වක් වෙයි

    පටිච්ච සමුප්පාදය කියන්නේ ධර්මය තමයි. පටිච්ච සමුප්පාදය කෙනෙක්ට තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හුඟක් අමාරුයි යාළුවා. බුදුහාමුදුරුවන්ට තේරුම් ගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා. සැරියුත් මහමුගලන් දෙනමට එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා තේරුම් ගන්න. මෙතෙක් පටිච්ච සමුප්පාදය පැහැදිලි කර ගත්ත හැමෝම හුඟක් කල් උත්සහ කරලයි තේරුම් ගත්තේ. ඇත්තටම ධර්මය තුල තියෙන ලස්සනම ඉගැන්වීමක් තමයි මේ. නමුත් අවිද්‍යාවේ ඉඳලා උපායාස වෙනකනුත් උපායාසයේ ඉඳලා අවිද්‍යාව දක්වාත් විදියට දෙපැත්තට ඒ කියන්නේ ඉහලටයි පහලටයි කල්පනා කරලා බලද්දි දැනෙන්නේ පුදුම සතුටක්, සැනසීමක්. ඒක ඉතින් විඳලම බලන්න ඕනා. මොකද සතුට කියන්නෙත් හැඟීමක් නිසා.

    අවිද්‍යාවෙන් පෘථග්ජනයන්ගේ ඇස් වැහිලයි තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ කිසිම දෙයක් පේන්නේ නැති නිසා සංස්කාර රැස් කරනවා. සංස්කාර රැස් කරද්දී ඒ ගැන ඇති වෙන සිතුවිලි හේතු වෙලා විඥානයක් හට ගන්නවා. ඉතින් මොකද වෙන්නේ මේ විඥානයට රැඳී ඉන්න පුළුවන් වෙන්න නාම රූප හට ගන්නවා. නාම රූප වල එකතුව තමයි සත්වයා ඒ කියන්නේ ෂඩ් ආයතන. ෂඩ් ආයතනයට නොවැ හැඟීම් දැනීම් දැනෙන්නේ. ඉතින් ඔන්න මෙතනින් ස්වභාවිකවම ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වුනාම මොකද වෙන්නේ? ස්පර්ශය දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙන මුකුත් නෙමෙයි වේදනාව ඇති වෙනවා. වේදනාව සැප නම් අපි කැමතියි. දුකක් නම් අකමැතියි. ඒ නිසා දුක ඈත් කරන අපි සැප හොයන්න ගන්නවා. ඒ තුලින් ඔන්න ඉතින් තණ්හාවත් ඇති වෙනවා. තණ්හාව ඇති සතාට කොයි තරම් තිබුනත් මදි. තව ඕනා. තව ඕනා. මේ නිසා කැමති කැමති දේ අල්ල ගන්න පටන් ගන්නවා. ඉතින් උපාදානයත් ඇති වෙනවා. මේ උපාදාන වෙච්ච දේවල් භුක්ති විඳින්නත් ඕනා නේ දුකට හරි සැපට හරි. ඉතින් මොකැයි වෙන්නේ? ඒ උපදාන වුන දේ භුක්ති විඳගන්න භවය පටන් ගන්නවා. භව‍ය එක්ක බැඳිලා තියෙන්නේ ජාතිය. ඒ කියන්නේ සත්වයෙක්ගේ උප්පත්තිය. මේ විදියට ඉපදුන සත්වයාට ලෝකයේ පවත්නා ධර්මතාවන්ට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඒ තමයි වයසට යාම, ලෙඩ දුක් වලට නිරාවරණය වීම, සෝකය, දුක, පසුතැවීම්,අවසන් වශයෙන් මරණය ආදිය.

    අපි අපි දිහා බැලුවමත් අවට ලෝකය දිහා බැලුවමත් පටිච්ච සමුප්පාදය දකින්න හරිම ලේසියි. බුදුහාමුදුරුවෝ නිසායි ඒ. නැත්නම් ඉතින් කවදාවත් අපිට ඒවා හොයා ගන්න වෙන්නේ නෑ. මේ දේවල් ඉගෙන ගන්න එක මන් හිතන්නේ හොඳයි කියලා. මොකද කියනවානම් පටිච්ච සමුප්පාදය දන්න කෙනාට තමයි ඒක නවත්වන්න පුළුවන් වෙන්නේ. හැබැයි පුතෝ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි නැවැත්විල්ල. කල්ප ගණනක් නෙමෙයි අපි වැඩි දුර යන්නේ නැතිව මේ ජීවත් වුන ටික කාලේ අරන් බලමු. මේච්චර කල් අපිට පුළුවන් වුනාද රූප බැලීම සහ ඒ තුලින් ඇති කරගන්න තණ්හාව නැති කර ගන්න. සින්දු ඇහීමෙන් ඇති කර ගන්න තණ්හාව නැති කර ගන්න. එහෙම නැත්නම් රස විඳීමෙන් ඇති කර ගන්න තණ්හාව නැති කර ගන්න. තව සුවඳ විඳින්න තියෙන කැමැත්තත් ගඳට තියෙන් අප්‍රිය ගතිය නැති කර ගන්නත් තවම අපිට බැහැ නොවැ. ඉතින් කොහොමද ඇඟට දැනෙන සැප ස්පර්ශයන්ගෙන් අපි ඈත් වෙන්නේ? ඒ වගේම අපි සතුටු වෙන්නේ නොයෙක් සිතුවිලි ගැන හිතලා කල්පනා ලෝක වල කිමිදිලා නේ. සමහරු පාරේ ඇවිදන් යද්දි ඒ බව හොඳට පේනවා. යන්නේ තනියම කියවා කියවා. අත පයත් විසි කරනවා ඒ ගමනේදි. ඔයාලත් දැකලා ඇති. සමහරු කෙල්ලෝ නිසා වස බොනවා. සමහරු කෙල්ලන්ට ඇසිඩ් ගහනවා. සමහර කෙල්ලෝ කොල්ලෝ නිසා වස බොනවා. සමහරු නඩු කියනවා,අම්මා තාත්තා එක්ක දේපලට උරුමය ගන්න. තවත් අය ගණිකා නිවාස ගානේ, කැරෝකේ ක්ලබ් ගානේ ගිහිල්ලා සැප හොයනවා. මෙහෙව් අපි කොහොමද පටිච්ච සමුප්පාදයක් දකින්නේ?

    හැබැයි එක දෙයක් මේ දේවලින්ම තමයි පටිච්ච සමුප්පාදය දකින්නත් පුළුවන් වෙන්නේ. ඒකට අපිට උපකාර වෙන්නේ ත්‍රිලක්ෂණය ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම කියන අංග. කෙනෙක් අනිත්‍යතාවය දැක්කොත් එයා පටිච්ච සමුප්පාදය පහසුවෙන් තේරුම් ගන්නවා. අනිත්‍ය දකින කෙනා දුක දකිනවා. කිව්වට විශ්වාස කරන්න අනිත්‍ය සහ දුක දකින කෙනා අනාත්මතාවය දකින්නේ කිසිම මහන්සියක් නැතිව. මේ විදියට ත්‍රිලක්ෂණයෙන් පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න කෙනා තමයි යම් අවස්ථාවකදි චතුරාර්ය සත්‍යය දකින්නේ.

    මේ ක්‍රියාවලිය ඉබේම වෙන දෙයක් නෙමෙයි. කාලයක් ගත වෙන දෙයක්. අපේ මෝඩ උපාසකයො උපාසිකාවෝ හිතන්නේ නිවන් දකින්න සතියකින් පුළුවන් කියලා. ඇයි ඉතින් එක එක හාමුදුරුවෝ නොයෙකුත් දේවල් උගන්වනවා‍නේ. සතිපට්ඨානය එකම මාර්ගය තමයි. හැබැයි සතිය පිහිටුවන්න අපි හිතන විදියට බෑ. ඒකට කරන්න ඕනා මූලික අවශ්‍යතා තියෙනවා ඉවර කරන්න. ඉන් පස්සෙයි සතිය පිහිටුවන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අවශ්‍යතා පිහිටවපු අය සති පට්ඨානයෙන් නියම ඵල නෙලා ගත්තා. අපි වගේ ඒ ඵල නෙලා නොගත්ත අය තවමත් එක එක අයගෙන් මෝඩ අදහස් අහ අහ වැඳ වැඳ ඉන්නවා. අනිත්‍ය දකින්නේ අනිත්‍යයෙන් කියලායි හුඟක් අය හිතන්නේ. නමුත් ඒ අය දන්නේ නෑ නිත්‍යතාවය තමයි අනිත්‍යතාවයට මුල කියලා. සැප නැතිව කොහොමද දුක දැනෙන්නේ කියන එක තවමත් අපේ අයට තේරුමක් නෑ. ආත්මය නැතිව කොහොමද අනාත්මය දකින්නෙ කියලා තවමත් අපේ අය දන්නේ නෑ. ඉතින් කොහොමද හේතුව ඵලය දකින්නේ?

    සරලවම ගන්නවානම් පටිච්ච සමුප්පාදය කියන්නේ මෙච්චරයි. නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍ය. අනිත්‍ය හේතුවෙන් දුක ඇති වෙනවා. යමක් දුක නම් ඒ කියන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි අනාත්මයි කියන එකනේ. එක එක අය ඕනා ඕනා විදියට මේවා අර්ථ නිරූපනය කර ගන්නවා.ඉන් පස්සේ අනිත් අයට උගන්වනවා. ඉගෙන ගන්න අය හිතා ගන්නවා හරි මන් දැන් සෝවාන් මන් දැන අරහත් කියලා. ඒ දෘෂ්ටියෙන් නොයෙක් පව් කර ගන්නවා. මේ තමයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න ‍තියෙන පහසුම ක්‍රමය.

    මේ ගැන තවත් කථා කරන්න කැමති නම් අපි කථා කරමු. හැබැයි ඒ නිවන් දකින්න කැමති නම් විතරයි. මොකද කියනවානම් මේ ධර්මය තියෙන්නේ නිවීම අරමුණු කර ගත් අයට වන නිසා....
     
    Last edited:

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හරි!!!. බොහොම හොඳ පටන් ගැනීමක්!!! අපි මුල ඉඳං යමු. පටිච්ච සමුත්පාදය ගැන ගොඩාක් මේ බුදු දහම පිලිබඳ Thread වල කතාකරනවා, එත් පද වැල එකින ඒක විස්තර කරපු තැනක් නම් මට තාම හොයාගන්න බැරිවුණා. ඉස්සෙල්ලම විස්තර කරන්නකෝ අවිද්‍යා පච්චයා සංඛාරා කියන එකේ තේරුම? ඊට පස්සේ පටිච්ච සමුත්පාදයේ තියෙන ඉතිරි ටිකත් ටික ටික විස්තරකරගෙන යමුකෝ. එතකොට ඔබට ඒ පිනම ඇති නිවනට යන්න :yes::yes:
     
    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    මන් මෙහෙම ඇහුවට තරහ වෙන්නෙපා හොඳද. මම තාම රහත් වෙලා නෑ. ඒත් හැමෝම මේකෙ රහත් වෙච්ච අය ඉන්නවා ඉන්නවා කියලා කියනවා. මට තාම එහෙම කෙනෙක්ව හම්බ වුනේ නෑ. ඒත් මන් කැමතියි එහෙම තෙනෙක්ව හඳුනා ගන්න. ඔයාටවත් පුළුවන්නම් අඩු තරමේ මට පණිවිඩයකේ දාන්න එහෙම කෙනෙක්ව දන්නවානම්.
    ey rahath wechch un hoyanne?????????????
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එතකොට ඔබට ඒ පිනම ඇති නිවනට යන්න :yes::yes:

    පින් කර කියල නිවනට යන්න පුළුවන් කියල මමනම් හිතනේ නැහැ . අනික යනවා කියන අර්ථයෙන් දක්වන්න නිවන කියන්නේ තැනක් , පවත්නා දෙයක් කියන අදහස දෙනවා . එතකොට පවතින ඕනෙම දෙයක් වෙනස් වෙන සොබවයෙන් යුක්තයි . මමනම් හිතන්නේ නිවන කියන්නේ අවබෝද කරගන්න ඕනේ දෙයක් කියලයි . එහෙම පින් කරලා යන්න පුළුවන් තැන ගැන සදහන් වෙන්නේ වෙනත් ආගම වල . හරියට අපි දිවය ලෝක ගැන සදහන් කරනවා වගේ . නමුත් ඒවත් හැමදාම පවතින දේවල් නෙමෙයිනේ .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    මේ ගැන තවත් කථා කරන්න කැමති නම් අපි කථා කරමු. හැබැයි ඒ නිවන් දකින්න කැමති නම් විතරයි. මොකද කියනවානම් මේ ධර්මය තියෙන්නේ නිවීම අරමුණු කර ගත් අයට වන නිසා....

    අනිවාර්යයෙන්ම කතා කරමු .මගේ අරමුණත් නිවන් දැකීම තමයි .

    පැහැදිලි කිරීමට පින්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පටිච්ච සමුප්පාදය කියන්නේ ධර්මය තමයි...

    මලයෝ, උඹ post කරපුවයේ කචල් තැන් ටිකක් දැක්ක. කියන්න කියල හිතුව. අවුලක් නැහැ නේ?

    පටිච්ච සමුප්පාදය කෙනෙක්ට තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න හුඟක් අමාරුයි යාළුවා. බුදුහාමුදුරුවන්ට තේරුම් ගන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා. සැරියුත් මහමුගලන් දෙනමට එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වුනා තේරුම් ගන්න.

    * පටිච්චසමුප්පාදය ගැන ඉගෙනගන්න වෙන්නේ වෙන කෙනෙකුගේ (කල්යාණමිත්‍රයෙකුගෙන්) අහල විතරමයි! එහෙම නැතුව තනිවම දැන, අවබෝධ කරගන්නේ බුදු / පසේ බුදු උතුමන් විතරයි!!

    * ඉගෙන ගත්තට තේරුම් ගන්න තමයි අමාරු!! හැබැයි ඒක කෙනෙකුගෙන් කෙනෙකුට එහෙම්පිටින්ම වෙනස්!!

    * බුදුරජාණන්වහන්සේ එක රැයකිනුයි පටිච්චසමුප්පාදය 'තනිවම' සොයා දැනගෙන, අවබෝධකරගෙන, නිදහස් වෙන මාර්ගය එලිකරගෙන, ඒ මාර්ගය සම්පූර්ණ කරලා, සම්මා සම්බුද්ධත්වයට පත් උනේ!!!

    * සසර දුකින් නිදහස් වෙන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, නාම මාත්‍රික වශයෙන්වත් ඉතුරු නැතිවම ලෝකයෙන් අතුරුදහන් වී ගිය කාලෙක, නැවත වරක් උන්වහන්සේ විසින් එලිකරලා දුන්නයින් පස්සේ තමයි ගෞතම බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධ සාසනය ආරම්භ වෙන්නේ. බෝසතානන්වහන්සේ 'කල්ප ගණන' පෙරුම් පිරුවේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගැනීම පිණිසයි! මාර සේනාව පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ ඒ පාරමී දම් බලයෙනුයි! උන්වහන්සේ සියල්ල හෙළිදරව් කරලා දුන්නට පස්සේ අනික් උදවියට පෙරුම්පුරන්න දෙයක් නැහැ!!! අහල දැනගෙන ණුවනින් කල්පණා කර කර, අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. සැරියුත් මුගලන් හිමිවරු දෙනමත් පාරමී පිරුවේ අගසව් තනතුරු උදෙසායි. නැතුව අවබෝධකරගන්න එච්චර කල්ගියා නෙවෙයි!!

    * දීඝනක නම් බ්‍රාහ්මණයෙකුට විඳීමක් සම්බන්ධව කරපු දේශනාව අහගෙන ඉඳල අරහත්වයට පත් උනා... කියල කතාවක් අහල ඇති නේද?? අන්න එහෙම දේශනාවක් අහන් ඉන්න කාලය තුල, පැයක් දෙකක් කියමු, තමයි ඒ පින්වත් බුද්ධිමත් උදවිය අවබෝධය සම්පූර්ණ කරගත්තේ.

    * ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ අඩුම කාලයක් තුල සියල්ල සම්පූර්ණ කරගෙන පිරිණිවන් පෑ පුද්ගලයා බාහිය දාරුචීරි රහතන් වහන්සේයි.

    අපේ මෝඩ උපාසකයො උපාසිකාවෝ හිතන්නේ නිවන් දකින්න සතියකින් පුළුවන් කියලා.

    * මේ මෙතන උපාසක උපාසිකාවෝ ඇත්තටම මෝඩයෝ උනොත් හොඳයි... නැත්නම් කියපු ඔයා මෝඩයෙක් වෙනවා! මොකද බුදුරජාණන්වහන්සේ කියා දුන්නේ යමෙක් සතර සතිපට්ඨානය හරි ආකාරව වැඩුවොත්, දවස් 7 ක සිට අවුරුදු 7 ක කාලයක් තුල නිර්වාණය සාක්ෂාත් කරනවා කියලයි!

    මේ... මේ කතන්දර ඔයාල අහලවත් නැත්නම් ඒ ඉතින් තම තමන්ගේ ගුරුන්ගේ හොඳකම තමයි හොඳේ... මාත් ඉපදෙනකොට මේ මොකවත් දැනගෙන ආවේ නැහැ. මගේ ගුරු හමුදුරුවොන්ගෙන් තමයි සේරම හොඳටම දැනගත්තේ.

    සරලවම ගන්නවානම් පටිච්ච සමුප්පාදය කියන්නේ මෙච්චරයි. නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍ය. අනිත්‍ය හේතුවෙන් දුක ඇති වෙනවා. යමක් දුක නම් ඒ කියන්නේ ඉතින් වෙන දෙයක් නෙමෙයි අනාත්මයි කියන එකනේ. එක එක අය ඕනා ඕනා විදියට මේවා අර්ථ නිරූපනය කර ගන්නවා.ඉන් පස්සේ අනිත් අයට උගන්වනවා. ඉගෙන ගන්න අය හිතා ගන්නවා හරි මන් දැන් සෝවාන් මන් දැන අරහත් කියලා. ඒ දෘෂ්ටියෙන් නොයෙක් පව් කර ගන්නවා. මේ තමයි පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න ‍තියෙන පහසුම ක්‍රමය.

    මේ ටිකෙන් මොකද්ද ඔයා කියන්න අදහස් කලේ??

    * සරලව කිව්වත් පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පාදයමයි. 'ඉති ඉමස්මිං සති ඉධං හෝති... ඉමස්ස උප්පාදා ඉධං උපජ්ජති...' ආදී වශයෙන් යන කොටසයි 'යදිදං අවිජ්ජාය පච්චයා සංඛාරා... සංඛාරා පච්චයා විඥාණං...' ආදී වශයෙන් තියන ටිකමයි කියවෙන්න ඕනේ. 'මේ හේතුව නිසා මේ ඵලය ඇති උනා... මේ හේතුව නැති උනොත් මේ ඵලය නැති වෙනවා...' කියල!

    * ඔයා කියපු එකේ අනිත්‍ය හේතුවෙන් දුක ඇතිවෙනවා නම්, දුක නැතිකරන්න අනිත්‍ය නැති වෙන්න ඕනේ.. ඒ කියන්නේ නිත්‍ය වෙන්න එපාය! එතකොට හරිද? අවුලක් නේ...

    * නිත්‍යතාවයේ ඵලය තමයි අනිත්‍යතාව කියල ගත්තොත් නම් එක එක අය ඕන ඕන විදියට අර්ථකතන දුන්න වෙනවා! ඔතන එකක් අනිකේ ඵලය නෙවෙයි, අනිත්‍යයි කියන දේ දකින්න තේරුම් ගන්න නම් නිත්‍යයි කියල කියන්න පුළුවන් එකක් එක්ක සංසන්දනය කරන්න වෙනවා කියල වගේ දෙයක් නේද කියන්නේ?

    * අන්තිමට, මං දැන් රහත්... මං දැන් සෝවාන් කියල හිතාගෙන ඒ දෘෂ්ඨියෙන් පව් රැස්කරගන්නවා! ඒක තමයි පටිච්චසමුප්පාදය තේරුම් ගන්න පහසුම ක්‍රමය!;) හරිද?

    * මේවා නම් තමන්ට හිතෙන හිතෙන විදියට හිතුවොත් තොප්පි ම තමයි!!! ධර්මය බුදුරජාණන්වහන්සේගේ එලිදරව්වක්!!! ඔය මාර්ගඵල සේරම ගැනත් ඒ බුදුරජාණන්වහන්සේම තෝරලා දීල තියනවා!!! අන්න ඒ දේශනා කියවල අවබෝධ කරගෙන, තමන්ටත් ඒ ගුණාංග තියනවද? තමනුත් ඒ කියන ලක්ෂණ වලට ගැලපෙනවද කියල බලල නම් හිතාගත්තට කමක් නැහැ!!! එතකොට බුදුරජාණන්වහන්සේගෙන් අහල දැනගෙන තීරණය කළා වගෙයි. වෙන අයගෙන් අහගන්න, වෙන අයට කියල certify කරවගන්න දෙයක් නැහැ!!
     
    :D දමිත් මහත්මයා තර්කයක් නෑ. ධර්මය දකින්නේ තම තමන් විසින්. මගේ වැරැද්දක් පෙන්වලා දෙන එක ගැන මන් කිසිම විදියකට අමනාප වෙන්නේ නෑ. එක් ඇත්තටම මට කරන ලොකු උදව්වක්. ඒ ගැන ඔයාට හුඟක් පින්. නමුත් මහත්මයා ...... ධර්මයනේ නේද... :D
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    හරි!!!. බොහොම හොඳ පටන් ගැනීමක්!!! අපි මුල ඉඳං යමු. පටිච්ච සමුත්පාදය ගැන ගොඩාක් මේ බුදු දහම පිලිබඳ Thread වල කතාකරනවා, එත් පද වැල එකින ඒක විස්තර කරපු තැනක් නම් මට තාම හොයාගන්න බැරිවුණා. ඉස්සෙල්ලම විස්තර කරන්නකෝ අවිද්‍යා පච්චයා සංඛාරා කියන එකේ තේරුම? ඊට පස්සේ පටිච්ච සමුත්පාදයේ තියෙන ඉතිරි ටිකත් ටික ටික විස්තරකරගෙන යමුකෝ. එතකොට ඔබට ඒ පිනම ඇති නිවනට යන්න :yes::yes:

    හොඳයි යාළුවා. අපි අළුත් Thread එකක කථා කරමුද නැත්නම් මෙතනම දිගට යමුද?