මෙහෙම වෙන්න බැරිද? සමහර වෙලාවට දුක යනවා සැප එන අවස්ථාත් තියෙනවා නේද? මට පිළිකාවක් තිබුනා නම්, පසුව ඒක සනීප වුනා නම් , දුක ගියා සැප ආවා. මම ඉතා ආර්ථික හිඟ කමින් ඉඳලා පසුව ලොතරැයියක් ඇදුනා නම් , එතකොට දුක ගියා සැප ආවා. එතකොට හැම දෙයක් ම කැමති සේ නෑ කිව්වම හරිද?
සැපක් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ.. ඒ සැප දිගටම තියාගන්න පුළුවන්ද මම කැමති විදිහට... පිළිකාව හොඳ වුනා අපිට සතුටුයි.. නමුත් ආයේ නොඑයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන්ද ??? ඊට වැඩිය වෙන ලෙඩක් නොඑයි කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද ??? ඕන වෙලාවක කැඩිලා බිඳිලා යන්න පුළුවන්... ලෙඩක් හැදෙන්න පුළුවන් කයක් තියෙන අපිට ඒ වගේ එකක් නොවයි කියලා කියන්න පුළුවන් කාටද...
ලොතරැයිය හැදුනා ... සතුටුයි... ඕක බෙදාගන්න බැරුව.. හොරු ගෙනියයිද කියලා බයෙන් ඉන්න නොවෙයි කියලා කාට හරි කියන්න පුළුවන්ද.. (අසහනයෙන් නෙමෙයි ද ...ඉන්න වෙන්නේ)???
ඕන්න ඕකයි කැමති සේ නැහැ කිව්වේ... තමන්ට උපරිම අයිතිය තියෙන කය / හිත කැමතිසේ පවත්වන්න බැරි නම් ඉතුරු ටික ගැන මොන කතාද...
ඉතින් මේ හේතුව උඩ එන්නේ අසහනයක්.. දුකක්... අවිද්යාවෙන් අල්ලගත්ත, හදාගත්ත.. හැමදෙයකම අවසානේ ජරා මරණ සෝක පරිදේව ගෙන දෙන්නේ .. ඉතින් එහෙම දුකක් ගෙන දෙන දේවල් සාරද අසාරද ...?? තමන්ටම තේරුම ගන්න පුළුවන්...
යද නිච්ඡං තං දුක්ඛං - යං දුක්ඛං තදනත්ථා - යමක් කැමති සේ නැද්ද එය දුකයි ඉතින් ඒ දුකගෙන දේ අසාරයි .. (හරයක් නැහැ) ...
වික්ෂිප්ත වුනාම ඔය වගේ කතා කියනවා මම අහල තියෙනවා ... (මැදින් පනින එක රහතන්වහන්සේට ගැලපෙන්නෙ නැහැ
)
