බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
    මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
    පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
    හරි කියල මීටර් වෙනවා නම් එච්චරයි
    ඔන්න පටන් ගන්න කලින් කිව්වා කවුරුවත් මට බනින්න එපා මම බුද්ධාගම කනව කියලා හෙම
    මම ඔයාල ගොඩාක් අය වගෙ දැන උගත් අත්දැකීම් තියෙන කෙනෙක් නෙමේ , බොහොම සාමාන්‍ය අවුරුදු 17ක කොල්ලෙක් .... එකම වැඩේ මෙලෝ දෙයක් පිලිගන්නෙ නෑ නම් නෑ අන්න අතන මෙහෙම කියල තිබ්බා , ඒ නිසා කන පලාගන්නෙ නැතුව මේක පිලිගනින් කිව්වට
    ආ තව එකක් , මම කවදාවත් කියන්නෙ නෑ මම 100% හරි කියලා

    ඔයාල දන්නවද පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො
    එයත් මේ ගැන මාත් එක්ක 'පැය ගානක්' තර්ක කරල අන්තිමට මට ඕනි දෙයක් කරගන්නවා කියල පැත්තකට උනා
    [දන්නෙ නැති අයට , පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො කියන්නෙ සාපේක්ශව වෙනස් බන කියන විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන් හාමුදුරු නමක්]
    මම මේක කිව්වෙ මේකයි , සාධකයක් නැතුව, 'මේ ආත්මේ ඇති වෙන යම් potential එකකින් ඊළඟ භවය සකස් වෙනවා' කියල කිව්ව පලියට පිලිගන්න බෑ නේද ? මම අහන්නෙ එහෙම කියන්න හේතුව...

    මම හැම දේම විද්‍යාවෙන් දකින්න උත්සාහ කරන්වා නෙමේ,

    ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
    [හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
    සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
    හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
    මේ තමා මම දකින විදිහ

    ක්වන්ටම් විද්‍යාවෙට අනුව
    කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
    සියල්ල මායාවක් පමනයි [මේ සංකල්පය බෞද්ධ දර්ශනයෙත් තියෙන්වා]

    මම හිතන්නෙ,
    අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
    [ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]

    කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

    මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
    බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
    මම හුඟක් ඉක්මනට වෙනස් වෙනවා , ජීවිතෙ හැමදෙකෙදිම , හ්ම්ම්... මගේ වැරැද්දක් එක අතකින් ඒක
    ඒ කොහොම වෙතත් මේ ප්‍රශ්න මගේ ඔලුවෙ කාලෙක ඉඳන් තිබ්බා

    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
    මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ

    හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
    එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
    ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ

    සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු

    හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
    ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
    ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
    දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]

    ඕක පිටිදුවෙ හාමුදුරුවන්ට් එක්ක වාද කරගත්තම මට කිව්වෙ , මේ ආත්මෙ ගැන වත් හිතල පින් කරගන්න කියල

    හ්ම්ම්.... සමහර විට මම පල් මෝඩයෙක් වෙන්න ඇති .. හැබැයි තාම නම් මට ඕවට හරි උත්තරයක් ලැබිලා නෑ ...
    පුලුවන් නම් [පින් විස්වාස කරන්වා නම්] ලොකු පිනක් ඕකකට උත්තරයක් දුන්නොත්
    ඔන්න ආයෙ කිව්වා , මම හිතන්නෙ නෑ මම 100% හරි කියලා

    මොක උනත් බුද්ධාගම ජීවිතේට ලොකු පිටුවහලක් , සතුටින් තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙන්න ඒක ගොඩක් උදව් වෙනවා , ඒත් විශ්වීය දහමක් ලෙස ?

    ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
    ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
    ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?
    ඔන්න තව තැනක කියනවා ඉරවල් 7 ක් පායන එක , ඕකෙන් කියන්නෙ පොලොව ගොඩක් රස්නි වෙන එකලු , දැනුත් ඒක වීගෙන යනවාය කියන්නෙ , හරි ඕකෙනුත් අපි කලේ , ආ මේකයි මේ කියන්න ඇත්තේ කියල ඇප්ලයි කරගත්ත එක නෙමෙයිඩ ?දන්නවද හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව... [සමහර විට හැමේම කියන මේ දෙවියෝ ස්වභාවදය්මය හෝ විශවය වෙන්න ඇති]
    ඒවලින් වැඩක් නෑ , මම අහපුවට පුලුවන් නම් තේරෙන උත්තරය්ක් දෙන්න
    ස්තූතියි

    බනිනෙ නැතුව උතරයක් තමා මම බලාපොරොත්තු වෙන්නෙ
    මේ ඔය -රෙප් හෙම දෙන්න අය කැමති නම් දෙන්න , මට මෙලෝ වැඩක් නෑ ඔය පාට පාට කොටු වලින් , මොකෝ මම බඳින කෙනා ඕක බලයි ඈ ? නැත්නම් මගෙ සැලරි එකක් අඩුවෙය් ඈ ?

    තව දේවල් තියෙනවා දැන් මටක් වෙන්නෙ නෑ , මතක් වෙන වෙලාවල් වලට ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
    [හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
    සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
    මල්ලිට වචනයක් අහුවෙලා වගෙ :P ක්වන්ටම් විද්‍යාවෙ මෙහෙම එකක් තියෙන්නෙ කොහේද ?
    හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
    මේ තමා මම දකින විදිහ
    බොරු
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]
    ඔයා කාවහරි මැරුවොත් එල්ලුම් ගස් යන්න වෙනවා :yes: ඔන්න සරලම උදාහරණය
    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    circle.jpg

    මේක පටන්ගන්න තැනයි ඉවරවෙන තැනයි පෙන්නන්න . ඒ වගේ තමයි ඔය කතාවත්

    සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු
    සිතිවිලි ඇතිවෙන්නෙ ඉලෙක්ට්‍රිකල් චාජස් වලින්ම නෙමේ එහෙනම් පාරෙ ටෙලිෆෝන් කණු වලටත් සිතිවිලි තියෙන්න ඕනි
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මල්ලිට වචනයක් අහුවෙලා වගෙ :P ක්වන්ටම් විද්‍යාවෙ මෙහෙම එකක් තියෙන්නෙ කොහේද ?

    What the Bleep do we Know
    [Documentary|Quantum physics]
    51 වෙනි විනාඩිය , පුලුවන් නම් හොයාගෙන බලන්න , ටොරන්ට් තියෙනවා
    වචනයක් නෙමේ , හෙන දිග වීඩියෝ එකක්
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඔයා කාවහරි මැරුවොත් එල්ලුම් ගස් යන්න වෙනවා :yes: ඔන්න සරලම උදාහරණය

    හැම දෙයක්ම සමාජය , ජීවින් ගෙන් ඇති වෙන බලපෑම මත තීර්නය වෙනවා
    කොහොමද කියන්නෙ පින් පව් කලින්ම උනා කියලා

    මේක පටන්ගන්න තැනයි ඉවරවෙන තැනයි පෙන්නන්න . ඒ වගේ තමයි ඔය කතාවත්
    ඔව්, ඉවර වෙන තැන පෙන්නන්න

    සිතිවිලි ඇතිවෙන්නෙ ඉලෙක්ට්‍රිකල් චාජස් වලින්ම නෙමේ එහෙනම් පාරෙ ටෙලිෆෝන් කණු වලටත් සිතිවිලි තියෙන්න ඕනි

    ඒක ඊට වඩා සංකීර්ණයි
    :)
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    font size eka poddak wadi karapan malli,mama hena amaruwen kiyogaththe,
    bump thama
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ow uba kiyana ewage logic ekak tiyenawa.matath hena problm ekak ban api atu une kohomada kiyana eka.mata nam hitenne me hama deyakma program karala tiyenne kiyala.GOD kenek newei samahara wita karamya wage concept ekak wenna ati eka karala tiyenne.but Ape budun wahanse wadala deyak tama api hadune kohomada,lokaye arambaya wage ewa gana hitana eka maha moda wadak.eken apita sethak wenne ne kiyala.welawakata eka atta kiyala hituna mokada owa hitanna gihin mata nikan poddak pissu wageth haduna eka parak. :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපේ කර්ම ශක්තිය අනුවයි නැවත පහළවන ස්ථානය තීරණය වන්නේ. අපේ කර්ම ශක්තිය යම් තැනක ගබඩාවෙනවා. ඒක තරංගයක් ලෙස කියන්න පුළුවන්. මේ දේවල් වලට තවම විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් හරියටම නෑ.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    අපේ කර්ම ශක්තිය අනුවයි නැවත පහළවන ස්ථානය තීරණය වන්නේ. අපේ කර්ම ශක්තිය යම් තැනක ගබඩාවෙනවා. ඒක තරංගයක් ලෙස කියන්න පුළුවන්. මේ දේවල් වලට තවම විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් හරියටම නෑ.

    හරි , මම අහන්නෙ ඔයා ඔහොම කියන්නෙ කොහොමද කියලා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    විද්යාව ගෙනාවේ ලොකේ තියෙන දේවල් පෑහෑදිලිකරන්න ඒක තාම ලමා වියේ තියෙන දෙයක්.... විද්‍යාවට අනුව ලෝකෙ දෙවල් වෙනව නෙමේ වෙන දෙවල් වලට සාදාරන පෑහෑදිලි කිරිමක් තමයි විද්යාවෙන් කෙරෙන්නෙ
    උදාහරනයක් විදිහට ක්ව්න්ටම් විද්‍යාව ආවෙත් කට්ටිය පනදාගෙන වක්‍රයක් (ප්‍රස්තාරයක කොටසක් ) හෙන කාලයක් තිස්සේ පෑහෑදිලිකරගන්න දගලල දගලල බෑරිම තෑන අන්තිමට ඒක පෑහෑදිලිකරන්න ගෙනාපු සන්කල්පයක් විදිහට. අපි ශක්ති පෑකට දෑකල තියෙනවද???
    ඉලෙක්ට්‍රෝනය එක වෙලාවකට තරන්ගයකුයි තව වෙලාවකට අන්ශුවකුයි විදිහට හෑසිරෙනවලු....
    කන්න ඕනි උනාම කබර ගොයත් තලගොයා වෙනවලු....
    අපි මෙවා කිසි ගෑටලුවක් නෑතිව පිලිගන්නව.....
    පුලුවන්තරම් විවුත්ත මනසකින් ඉන්න බලන්න බුද්දාගම ඔලුවෙතියන් ඉන්න කට්ටිය බුද්දාගමෙන් විද්‍යාව පෑහදිලිකරන්න යනව ....
    විද්‍යාව ඔලුවෙ තියන් ඉන්න අය විද්‍යාවෙන් පෑහෑදිලිකරන්න යනව.....
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    තරහ වෙන්න එපා කිව්වට...

    බුද්ධාගම, විද්‍යාව, ක්වොන්ටම් වාදය විතරක් නෙමේ, හරියට එල්ලෙවත් ගහන්න බෑ හරියට ඉගෙන ගන්නෙ නැතුව.. එ නිසා ඕනම තර්කයකට කලින් ඒ දේවල් ඉගෙනගෙන ඉන්න..

    අනික ඔයා සිරිධම්ම හාමුදුරුවො එක්ක වාද කරපු කෙනෙක් නේ...ඔයාට අවුරුදු 17... සිරිධම්ම හාමුදුරුවොන්ට මියික්‍රොබයොලොජි උපාධියක් තියෙන්නෙ..

    ඉතින් ඔයා හාමුදුරුවො එක්ක වාදකරල..හාමුදුරුවොන්ටත් උත්තර දීගන්න බැරි ප්‍රශ්න ඇහුව නම්, හොඳ නැද්ද ඒ ගැන යමක් ඉගෙනගන්න එක...

    ඇල්බර්ට් අයින්ස්ටයින්, සිග්මන් ප්‍රොයිඩ්..කාල් මාක්ස්..ජේසු තුමා..නබි තුමා, බුදුරජාණන් වහන්සේ...ලෝකයට යමක් කිව්ව නම් කියල තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ අතීන්ද්‍රිය ඥාණය පාවිච්චි කරල..ඒක ඒ උත්තමයො බොහොම මහන්සියෙන් ලබා ගත්ත දෙවල්..ඒ ගැන කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ නේ..

    අහල ඇතිනේ....ඉoග්‍රීසියෙන් කියමනක් තියෙනවා

    "Little Knowledge is Dangerous " කියල
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    තරහ වෙන්න එපා කිව්වට...

    බුද්ධාගම, විද්‍යාව, ක්වොන්ටම් වාදය විතරක් නෙමේ, හරියට එල්ලෙවත් ගහන්න බෑ හරියට ඉගෙන ගන්නෙ නැතුව.. එ නිසා ඕනම තර්කයකට කලින් ඒ දේවල් ඉගෙනගෙන ඉන්න..

    ඔන්න මම ඉස්සෙලාම කිව්ව මම ඔක්කොම දන්නව කියවත් මම කිය දේවල් ඔක්කොම හරි කියලවත් මම කියන්නෙ නෑ කියලා
    මම දන්න දෙයින් මට තේරෙන විදිහ තමා මම කියල ඒක හරිද කියලා අහුවේ

    අනික ඔයා සිරිධම්ම හාමුදුරුවො එක්ක වාද කරපු කෙනෙක් නේ...ඔයාට අවුරුදු 17... සිරිධම්ම හාමුදුරුවොන්ට මියික්‍රොබයොලොජි උපාධියක් තියෙන්නෙ.

    ඉතින් ඔයා හාමුදුරුවො එක්ක වාදකරල..හාමුදුරුවොන්ටත් උත්තර දීගන්න බැරි ප්‍රශ්න ඇහුව නම්, හොඳ නැද්ද ඒ ගැන යමක් ඉගෙනගන්න එක...

    හාමුදුරුවන්ට උත්තර දීගන්න බැරි උනාද දන්නෙ නෑ
    කොහොම හරි උත්තර දෙන එක නැවැත්තුවා [සමහර විට මම කොච්චර කිව්වත් පිලිනොගන්න නිසා වෙන්න ඇති]
    කොහොම උනත් මටවත් මාත් එක්ක ගියා යාලුවාත් හරියට උත්තරයක් ලැබුනෙ නෑ , satisfy වෙන්න පුලුවන් එකක්

    ඇල්බර්ට් අයින්ස්ටයින්, සිග්මන් ප්‍රොයිඩ්..කාල් මාක්ස්..ජේසු තුමා..නබි තුමා, බුදුරජාණන් වහන්සේ...ලෝකයට යමක් කිව්ව නම් කියල තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ අතීන්ද්‍රිය ඥාණය පාවිච්චි කරල..ඒක ඒ උත්තමයො බොහොම මහන්සියෙන් ලබා ගත්ත දෙවල්..ඒ ගැන කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ නේ..
    අහල ඇතිනේ....ඉoග්‍රීසියෙන් කියමනක් තියෙනවා

    "Little Knowledge is Dangerous " කියල

    ලබාගත්ත දේවල් හරියි කියන්නෙ කොහොමද කියලයි සහෝ මම මෙච්චර වෙලා මේ අහන්නෙ
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    විද්යාව ගෙනාවේ ලොකේ තියෙන දේවල් පෑහෑදිලිකරන්න ඒක තාම ලමා වියේ තියෙන දෙයක්.... විද්‍යාවට අනුව ලෝකෙ දෙවල් වෙනව නෙමේ වෙන දෙවල් වලට සාදාරන පෑහෑදිලි කිරිමක් තමයි විද්යාවෙන් කෙරෙන්නෙ
    උදාහරනයක් විදිහට ක්ව්න්ටම් විද්‍යාව ආවෙත් කට්ටිය පනදාගෙන වක්‍රයක් (ප්‍රස්තාරයක කොටසක් ) හෙන කාලයක් තිස්සේ පෑහෑදිලිකරගන්න දගලල දගලල බෑරිම තෑන අන්තිමට ඒක පෑහෑදිලිකරන්න ගෙනාපු සන්කල්පයක් විදිහට. අපි ශක්ති පෑකට දෑකල තියෙනවද???
    ඉලෙක්ට්‍රෝනය එක වෙලාවකට තරන්ගයකුයි තව වෙලාවකට අන්ශුවකුයි විදිහට හෑසිරෙනවලු....
    කන්න ඕනි උනාම කබර ගොයත් තලගොයා වෙනවලු....
    අපි මෙවා කිසි ගෑටලුවක් නෑතිව පිලිගන්නව.....
    පුලුවන්තරම් විවුත්ත මනසකින් ඉන්න බලන්න බුද්දාගම ඔලුවෙතියන් ඉන්න කට්ටිය බුද්දාගමෙන් විද්‍යාව පෑහදිලිකරන්න යනව ....
    විද්‍යාව ඔලුවෙ තියන් ඉන්න අය විද්‍යාවෙන් පෑහෑදිලිකරන්න යනව.....

    ඔව් ඔව්
    අනික ඔය කියන අංශුත් ඇතිවෙනාවා මේ නැතිවෙනවාලු
    මේකයි මට ශක්ති පැකැට් තිබ්බත් එකයි නැතත් එකයි
    එලෙක්ට්‍රොන තිබ්බත් එකයි නැතත් එකයි
    ඔයාම දැන් කියපු විදිහට වෙන දෙවල් වලට සාදාරන පෑහෑදිලි කිරිමක් නෙ විද්යාවෙන් කෙරෙන්නෙ
    ඒත් ඔය මොලේ වෙනවායයි කියපු එක physically හොයාගෙන තියෙන එකක්
    හදවතින් ලේ පොම්ප කරන්වා කියන්න තියරියක් විතරයි කියල ඔයා කියන්නෙ නෑ නෙ
    මොකෝ එක හොයාගෙන ඔන්න බලපන් වෙන විදිහ කියල පෙන්නලා තියෙනවානෙ
    ඒ වගෙ තමා අරකත්
    'ඉලෙක්ට්‍රෝනය එක වෙලාවකට තරන්ගයකුයි තව වෙලාවකට අන්ශුවකුයි විදිහට හෑසිරෙනවලු'
    මේ , ඕකත් පරීක්ශන මඟින් හොයාගෙන තියෙන්නෙ ... ආ මෙහෙමයි වෙන්න ඕනි කියල හොයාගත්ත දෙයක් නෙමේ ..
    ඒ ගැන ඉගෙන ගන්න ආසනම් what the bleep:down the rabbit hole කියන documentary එක බලන්න
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Naveena vidyawa anuwa "Hitha" koheda thiyenne..??? :):)

    කොහෙ තිබ්බත් කොහෙ තියෙනවා කිව්වත් මට වැඩක් නෑ සහෝදරයා
    දැන් හිතක් තියෙනවා කියල කියන්නෙ කොහොමද?
    ඔයා ඔය 'හිතන්නෙ' මොලෙන් නම් ?
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    mata kiyanna thiyenne mechcharai..
    1 . pin paw gana thiya mona gana katha kalath uba wagema mama tharka karanneth api ahala dakala thiyana dewal anuwa, uba hithanawada uba hari mama hari me loke danagatha yuthu okkoma danagaththa kiyala. e hinda ubata wagema matath oya dewal walata uththara na. tharka karanna puluwan, ewa aththa wage pennath puluwan, habai api ewa aththa kiyala kiyanne ape danuma anuwa. uba okkoma dewal danneth naththan, mama danneth naththan, owa gana tharka kalata kawuru karida kiyala kawuda thiranaya karanne.
    2 . uba widyawa kiyala kiwwata uba katha karanne ada dakwa widyachnayan hoyagaththa dewal. e aya okkoma dewal hoyagena nathikota eken buddahagama explain karanne kohomada? buddhahagame kiyala thiyana samahara ewa explain karanna awurudu 2500kata wada giya nam, okkoma dewal wisthara karanna awurudu kiyak yaida!!
    3 . uba pal modayekda nadda kiyanna mama danne na..kiyanna thiyana ekama de, uba okkoma danneth na, mama okkoma danneth na.. nikan boruwata danne nathi ewa oppu karanna kiyala challenge nokara hitapan!!!!!!!!!!!!
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    mata kiyanna thiyenne mechcharai..
    1 . pin paw gana thiya mona gana katha kalath uba wagema mama tharka karanneth api ahala dakala thiyana dewal anuwa, uba hithanawada uba hari mama hari me loke danagatha yuthu okkoma danagaththa kiyala. e hinda ubata wagema matath oya dewal walata uththara na. tharka karanna puluwan, ewa aththa wage pennath puluwan, habai api ewa aththa kiyala kiyanne ape danuma anuwa. uba okkoma dewal danneth naththan, mama danneth naththan, owa gana tharka kalata kawuru karida kiyala kawuda thiranaya karanne.

    ඔයා කියන්නෙ අපි ඔක්කොම මේ කතා කරන්නෙ frame එකකට යටත්ව කියලනෙ
    බෞද්ධ දර්ශනය frame less ද ?

    2 . uba widyawa kiyala kiwwata uba katha karanne ada dakwa widyachnayan hoyagaththa dewal. e aya okkoma dewal hoyagena nathikota eken buddahagama explain karanne kohomada? buddhahagame kiyala thiyana samahara ewa explain karanna awurudu 2500kata wada giya nam, okkoma dewal wisthara karanna awurudu kiyak yaida!!

    මම විද්‍යාවෙන් බුද්ධාගම පැහැදිලි කරන්න යන්නෙ නෑ
    ඒත් මෙහෙම කියමු...
    ඔන්න එක ආගමක් කියන්වා 'මිනිස්සු මැරෙන්නෙ නෑ කියලා'
    ඒත් අපිට හොඳට පේනවා ඉපදෙන එවුන් මැරිලා යනවා
    ඉතින් අපිට ඒ ආගම ප්‍රශ්න කරන්න බැරිද මොනවද අඩෝ මේ කියල තියෙන්නෙ කියලා ?

    3 . uba pal modayekda nadda kiyanna mama danne na..kiyanna thiyana ekama de, uba okkoma danneth na, mama okkoma danneth na.. nikan boruwata danne nathi ewa oppu karanna kiyala challenge nokara hitapan!!!!!!!!!!!!

    [/QUOTE]

    මාතෘකාව චැලේන්ජ් එකක් වගේ උනාට එහෙම එකක් නෙමෙ :)
    මට මේ ගැන දැනගන්න කැමැත්තක් තියෙනවා , ඒකයි මේ අහන්නෙ