බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

cking

Member
Jan 29, 2010
1,960
131
0
ඔයා කියන්නෙ අපි ඔක්කොම මේ කතා කරන්නෙ frame එකකට යටත්ව කියලනෙ
බෞද්ධ දර්ශනය frame less ද ?
api katha karana frame eka thama "Api danna de" kiyana frame eka. Buddhagama frame less da nadda kiyala kiyanna mage danumak na. mokada eke simawal menna mekai kiyanna mama danne na. samahara wita eke simawak athi. eth eka methanin ivarawenawa kiyanna danne na.

මම විද්‍යාවෙන් බුද්ධාගම පැහැදිලි කරන්න යන්නෙ නෑ
ඒත් මෙහෙම කියමු...
ඔන්න එක ආගමක් කියන්වා 'මිනිස්සු මැරෙන්නෙ නෑ කියලා'
ඒත් අපිට හොඳට පේනවා ඉපදෙන එවුන් මැරිලා යනවා
ඉතින් අපිට ඒ ආගම ප්‍රශ්න කරන්න බැරිද මොනවද අඩෝ මේ කියල තියෙන්නෙ කියලා ?
samahara wita aththatama marenne nathuwa athi, api dakina de aththatama wenawa kiyala apita kiyanna bane. marenawa arenna wena deyak wenawa kiyala api danne nathi eka eka hethuwak

මාතෘකාව චැලේන්ජ් එකක් වගේ උනාට එහෙම එකක් නෙමෙ :)
මට මේ ගැන දැනගන්න කැමැත්තක් තියෙනවා , ඒකයි මේ අහන්නෙ
hondai hondai
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔව් ඔව්
    අනික ඔය කියන අංශුත් ඇතිවෙනාවා මේ නැතිවෙනවාලු
    මේකයි මට ශක්ති පැකැට් තිබ්බත් එකයි නැතත් එකයි
    එලෙක්ට්‍රොන තිබ්බත් එකයි නැතත් එකයි
    ඔයාම දැන් කියපු විදිහට වෙන දෙවල් වලට සාදාරන පෑහෑදිලි කිරිමක් නෙ විද්යාවෙන් කෙරෙන්නෙ
    ඒත් ඔය මොලේ වෙනවායයි කියපු එක physically හොයාගෙන තියෙන එකක්
    හදවතින් ලේ පොම්ප කරන්වා කියන්න තියරියක් විතරයි කියල ඔයා කියන්නෙ නෑ නෙ
    මොකෝ එක හොයාගෙන ඔන්න බලපන් වෙන විදිහ කියල පෙන්නලා තියෙනවානෙ
    ඒ වගෙ තමා අරකත්
    'ඉලෙක්ට්‍රෝනය එක වෙලාවකට තරන්ගයකුයි තව වෙලාවකට අන්ශුවකුයි විදිහට හෑසිරෙනවලු'
    මේ , ඕකත් පරීක්ශන මඟින් හොයාගෙන තියෙන්නෙ ... ආ මෙහෙමයි වෙන්න ඕනි කියල හොයාගත්ත දෙයක් නෙමේ ..
    ඒ ගැන ඉගෙන ගන්න ආසනම් what the bleep:down the rabbit hole කියන documentary එක බලන්න

    මොලේ ඈතිවෙන විද්යුත් තරන්ග වලින්ම් සිතිවිලි ඈතිවෙනව කියල ඔය කොහොමද කියන්නේ.... විද්යුත් තරන්ග මොකඛරි දෙයක අතුරුපලයක් වෙන්න පුලුවන්.... නමුත් හෑමදේම දෑඩිව විස්වාස කරන්නෑ කියන ඔයා ඒ දේ නම් දෑඩිව විස්වාස කරනව
    විද්යාවේ තියරටිකල් කොටසක් තියෙනව ඒ දේ මිනිහෙක්ව කපල බෑලුවම ලේ ගමන් කිරිම පෙනවා වගේ අපිට අල්ලන්න බලන්න බෑ
    ක්වෙන්ටම් තියරි කියන්නෙත් ඒ වගේ දෙයක්....
    ඉලෙක්ට්‍රොනේ හෑසිරෙන්නේ මෙහෙමයි කියල කිව්වට එහෙම හෑසිරෙන්නේ ඈයි කියල හෑසිරෙන්නේ ඈයි කියල හොයාගෙන තියෙනවද.......?????
    ඔයා අඩි බාගේ රුලක් තියාගෙන ලන්කාවේ දිග මනින්නයි යන්නේ.....
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    වෙන්න ඇති
    හිතක් කියල එකක් තියෙනවායි හිතනවාට වඩා මෙහෙම දේකින් වෙනවා ඇති කියලයි මගෙ දැනුම මට්ටමට අනුව මට 'මීටර්' වෙන්නෙ

    විද්යාවේ තියරටිකල් කොටසක් තියෙනව ඒ දේ මිනිහෙක්ව කපල බෑලුවම ලේ ගමන් කිරිම පෙනවා වගේ අපිට අල්ලන්න බලන්න බෑ
    ක්වෙන්ටම් තියරි කියන්නෙත් ඒ වගේ දෙයක්....
    ඉලෙක්ට්‍රොනේ හෑසිරෙන්නේ මෙහෙමයි කියල කිව්වට එහෙම හෑසිරෙන්නේ ඈයි කියල හෑසිරෙන්නේ ඈයි කියල හොයාගෙන තියෙනවද.......?????
    ඔයා අඩි බාගේ රුලක් තියාගෙන ලන්කාවේ දිග මනින්නයි යන්නේ.....

    මට පේන්නෙ මේ ක්වන්ටම් කියන වචනෙයි කෙල උනේ
    දැන් හැමෝම හිතන්නෙ මම ශක්ති පැකට් ගැනයි එලෙක්ටොර්න ගැනයි කියෝනවා කියලා
    මම කිව්වෙ 'ඒ' විද්‍යාවෙන් මොලයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරල තියෙන විදිහ
    නෑ , තාම හොයාගෙන නෑ
    සමහරවිට හොයා ගනියි , සමහරවිට හොයාගන්න බැරිවෙයි
    ඔව් ඔව්
    ඒත් ඔයා ගාවත් අඩිරූල් කෑල්ලක් ඇරෙන්න ලොකු එකක් නෑනෙ ?
    ඒ නිසා තියෙන අඩිරූල් කෑල්ලෙන් පොඩ්ඩක් හරි මේ මැන ගන්න හදන්නෙ
    ඉස්සරහට අඩිරූල් දික් වෙන්නෙ නැතෑ
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    api katha karana frame eka thama "Api danna de" kiyana frame eka. Buddhagama frame less da nadda kiyala kiyanna mage danumak na. mokada eke simawal menna mekai kiyanna mama danne na. samahara wita eke simawak athi. eth eka methanin ivarawenawa kiyanna danne na.

    බුද්ධාගමටත් ෆ්‍රේම් එකක් තියෙනව නම් ඒක විශ්වීය නෑනෙ නේද ?
    ෆ්‍රේම් එකක් නැත්නම් එහෙම දෙයක් අපිට පිලිගන්න පුලුවන්ද ? අන්ධ භක්තියෙන් පස්සෙන් යනව ඇරෙන්න

    samahara wita aththatama marenne nathuwa athi, api dakina de aththatama wenawa kiyala apita kiyanna bane. marenawa arenna wena deyak wenawa kiyala api danne nathi eka eka hethuwak

    සමහර විට ඇත්තටම නිවන් යන්නෙත් නැතුව ඇති
    එහෙම එකක් තියෙනවා මයි කියලත් අපිට කියන්න බෑනෙ බන්
    ඉතින් මම ඔය එහෙම එකක් තියෙනවා කියල කියන අයගෙන් අහන්නෙ එහෙම පිලිගන්න හේතුව
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ආ... තව එකක්
    මිත්‍ය දෘශ්ථිය පවක්ලු [මම දන්න විදිහට , වැරදි නම් කියන්න]

    ඒකෙන් වහෙන් ඔරා කියන්නෙ
    මේකෙන් පිට හිතුවොත් තොපිට පව්
    ඒනිසා ඔක්කොම පිලිගනිව් කියන එක නෙමෙයිද ?
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ආ... තව එකක්
    මිත්‍ය දෘශ්ථිය පවක්ලු [මම දන්න විදිහට , වැරදි නම් කියන්න]

    ඒකෙන් වහෙන් ඔරා කියන්නෙ
    මේකෙන් පිට හිතුවොත් තොපිට පව්
    ඒනිසා ඔක්කොම පිලිගනිව් කියන එක නෙමෙයිද ?

    kawadawathma na. mithyadrushtiye arthadakweema kiyawapan. samyak drushtiya kiyanne buddahagama nene.. eka sadathana sathyak. ubata kiyanne samyak dhrushtika wenna kiyala misak buddahagame wenna kiyala neme. uba samyakdrushtiya hoyaganin. eka anugamanaya karapan. mechchara kal hoyapu unta buddahagama samyak drushtikai kiyala penuna, samahara wita ubata ehema pena ekak nathiwenna puluwan. buddahagame kawadawath mede karanna kiyala bala karanne na. ubata kamathhi deyak karanna puluwan.
    paw sidda wenne samyakdrushtika nowunoth neme, mithyadrushtika unath neme, mithyadrushtika wela waradi de kaloth witharai :yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සමහර විට ඇත්තටම නිවන් යන්නෙත් නැතුව ඇති
    එහෙම එකක් තියෙනවා මයි කියලත් අපිට කියන්න බෑනෙ බන්
    ඉතින් මම ඔය එහෙම එකක් තියෙනවා කියල කියන අයගෙන් අහන්නෙ එහෙම පිලිගන්න හේතුව

    Sathya kiyana de uba danneth ne.Sathya kiyanne mokakda kiyala mama danneth ne.Me loke danata inna kisima kenek dannneth ne kiyala hitanawa.mokada dannawa nam oka ikmanata prasidda wela hamoma Sathya dana gannawane.Oka api me jeewath wela innna tika kaleta hoya gannath beri wei 90% ma.habai danata tiyenwa me loke eka eka vishwasayan,agam science wage dewal.me okkoma gana api 100%k dana gannath amarui.Habai apita atthatama ona nam me duk windina jeewithen ivath wenna.ekata danata tiyena methods walin tikak hari logic ekak tiyenne ,meken nivan dakinna puluwan wei kiyala hitenne Bududhama pilipaddoth kiyala tamai mata hitenne.Danata tiyena Budu dahame tiyena dewal okkoma attha kiyala kiyannath be.eka eka ekkena ewa wenas karla wennath puluwan.eth api mokada karanne.Apita wena karanna deyak nane.A hinda mama nam budu dahmen me sasara gamana nawathala me duk vindina jeewithe ivara karanna puluwan kiyala hitala a anuwa wada karanawa.matath ona nam budu dahamata nemei me loke tiyena ona ekakata viruddhawa logic genna puluwan but mokek ta wath eka bindinna beri wei.ehema una kiyala eka boru wenne netha.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    kawadawathma na. mithyadrushtiye arthadakweema kiyawapan. samyak drushtiya kiyanne buddahagama nene.. eka sadathana sathyak. ubata kiyanne samyak dhrushtika wenna kiyala misak buddahagame wenna kiyala neme. uba samyakdrushtiya hoyaganin. eka anugamanaya karapan. mechchara kal hoyapu unta buddahagama samyak drushtikai kiyala penuna, samahara wita ubata ehema pena ekak nathiwenna puluwan. buddahagame kawadawath mede karanna kiyala bala karanne na. ubata kamathhi deyak karanna puluwan.
    paw sidda wenne samyakdrushtika nowunoth neme, mithyadrushtika unath neme, mithyadrushtika wela waradi de kaloth witharai :yes::yes:

    මචන් සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ
    මිත්‍යාදෘශ්ටිය කියන එක අර්ථ දැක්වීම මොකක්ද ?
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔන්න මම ඉස්සෙලාම කිව්ව මම ඔක්කොම දන්නව කියවත් මම කිය දේවල් ඔක්කොම හරි කියලවත් මම කියන්නෙ නෑ කියලා
    මම දන්න දෙයින් මට තේරෙන විදිහ තමා මම කියල ඒක හරිද කියලා අහුවේ

    අපි හිතන දේවල් කවදාවත් 100% හරි නැහැ නේ.. ඒක හැමෝටම පොදුයි..
    අපි හිතාගෙන හිටියට අපි හැමදේම දන්නව කියලා, කරුණු දන්න මනුස්සයෙක් එක්ක කතාකලාම තමයි තේරෙන්නෙ අපි දන්නෙ මොනවද කියලා...

    හාමුදුරුවන්ට උත්තර දීගන්න බැරි උනාද දන්නෙ නෑ
    කොහොම හරි උත්තර දෙන එක නැවැත්තුවා [සමහර විට මම කොච්චර කිව්වත් පිලිනොගන්න නිසා වෙන්න ඇති]
    කොහොම උනත් මටවත් මාත් එක්ක ගියා යාලුවාත් හරියට උත්තරයක් ලැබුනෙ නෑ , satisfy වෙන්න පුලුවන් එකක්

    මම මේ කවුරුත් සමාන කරන්න හදනවා නෙමේ..ඒත් බුදු හාමුදුරුවොත් සමහර අවස්ථාවලදී උත්තර දෙන්නෙ නැතිව ඉන්නවා..
    උදාහරණයක් විදියට..දවසක් බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුරුවොන්ගෙන් අහනවා "ස්වාමීනි, මේ ලෝකේ දේවියන් කියා කොට්ඨාශයක් ඉන්නවද" කියල
    බුදුහාමුදුරුවො උත්තර නොදී නිහඬ වෙනවා..බ්‍රාහ්මණයා ආපහු අහනව ඇයි එහෙම දෙයක් නැද්ද කියල...ඒත් බුදුහාමුදුරුවො නිහඬයි..
    ටික වෙලාවකින් බුදුහාමුදුරුවො දේශනාකරනව "බමුණ දෙවියන් ඇති බව කවුරුත් පිළි ගන්නා ලෝක සම්මතයක්"

    ඒවගේ සමහර දේවල් තියෙනවා ඒවා ලෝක සම්මතයන්...ඉපදෙන මනුස්සයෙක් මැරෙන එක...ඉර පායල ඉර බහින එක....ඒවා කවුරු කිව්වත් නැත්ත කොච්චර තර්ක විතර්ක ඉදිරිපත් කරත් ඒක ඒ විදියටම පවතිනවා...පිළිගන්න නොගන්න එක තම තමන්ගේ වැඩක්..

    බුදුවරු දේශනා කරන්නෙ චතුරාර්ය සත්‍ය...ඒවා ලෝක සම්මතයක්..එය කාලෙකදි ඇතිවෙල නැති වෙනවා...නැවත බුදු කෙනෙක් පහළ වෙලා ඒ ලෝක සම්මතයන් මිනිස්සුන්ට පැහැදිලි කරනවා..
    විවිධ පුද්ගලයන් තමන්ගෙ ඥාණයට අනුව ඒක තේරුම් ගන්න අය තේරුම් ගන්නව..ඒ මාර්ගයෙ යනවා..

    සමහර ඔයා කියන "තියරි" අහුවෙන්නෙ බුද්ධ ඥාණයටම පමණයි.. ඒ නිසා බුදුහාමුදුරුවො කියල දීල තියෙන විධියට ධර්ම විනය දෙකෙන් හොයලා බලලා තමයි ඒවා පිළිගන්න වෙන්නෙ..

    ලබාගත්ත දේවල් හරියි කියන්නෙ කොහොමද කියලයි සහෝ මම මෙච්චර වෙලා මේ අහන්නෙ

    ඔවුන් ලබාගත්ත දේවල් හරි දෙවල් නෙමේ කියල නිකන්වත් හිතනවා නම්...ඒවා එකිනෙක සසඳන්නත් බැහැ නේ...
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    mehemai macho, oya dewal gana, uba kiyapu kisi deyak gana wishwasa karannawath awishwasa karannawath kiyala kisima deshanawakawath kisima dharmayakawath naha. Ubata tiyanne ube molaya pawichchi karala 'yahapath' ehema naththam 'niwaradi' kiyala ubata hithena widihata jeewath wena ekai.
    buddha dharmaya kiyanne dharmayak newei, eka jeewana ratawak, maha lokuwata siwrur porawan inna samahara hamuduruwo gawawath ehema jeewana ratawak naha. hariyata nokarana aya nathuwa nemei, eth hariyata budu dahama anugamanaya karana ayata, anapanasathiyawath, karaneeya metta suthra wath, maha mangala suthra wath oney naha. "dhammo hawe rakkathi dhammachari". othana dharmaya kiyanne pali atuwa teeka nemei, niwaradi hasireemai. niwaradiwa jeevath wena minihata kisima anathurak wenne naha.
    ubata thiyanne pin, paw gana hoya hoya inne nathuwa 'niwaradiwa' jeevath wena ekai. Ehema kala kiyala katawath paduwak wath, ubata nathi wenna deyakuth naha.
    mathaka tiyaganin, budu dahama, aagamakata wada jeevithaya pilibada padamak.
    :D
     
    • Like
    Reactions: skybirb

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    thawa deyak tiyanawa, science kiyanne boruwak. boruwak kiwwata boruwak ma nemei. science kiyanne danatamath me loke tiyana de thawa tikaka wigraha karana eka. uba ewa kisi deyak gana worry wenna oney naha. mage wishwasayata anuwa science walata kawadawath buduhamuruwange dakma laba ganna baha. anika science gana, quantum physics gana, universe gana worry wewi jeevath wenna tharam kalayakuth apita naha.
    budu hamuduruwoth kiyala tiyanne, thamange molayen wimasa bala, thamanta niwaradi kiyala hithena de karanna kiyala.
    uba aththatama buddhism walata bara kenek nam, oya wage anam manam gana karadara wewi inne naha.
    :D
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම මුලින්ම කියන්න ඕනෙ දෙයක් මේක,
    ක්වන්ටම් යාන්ත්‍රිකය හෝ සමස්ථ ක්වන්ටම් භෞතිකයම ගත්තත් ඒ සිතුවිලි ඉලෙක්ට්‍රික් චාර්ජ් වලින් විස්තර කරන්න හැදුනු මතවාදයක් නොවෙයි.

    පෞරාණික සම්භාව්‍ය භෞතික විද්‍යාවෙ ( classical physics ) නිව්ටෝනියානු යාන්ත්‍රිකය සම්පූර්ණයෙන්ම ගොඩනැගිල තියන්නෙ භෞතික ලෝකය අංශු ( particles ) වල පිහිටීම කලයේ ශ්‍රිතයක් විදියට හෙව්වම එමගින් ලෝකය ගැන සර්ව සම්පූර්ණ සිද්ධාන්තයක් ගොඩනගන්න පුළුවන් කියන තර්කයේ ඉඳගෙන. කිසි දෙයක් තාර්කිකව හිතල බලල පිලි නොගන්න කෙනෙක් නිසා පොඩ්ඩක් හිතල බලන්න මේ පදනමේ කිසිම වැරැද්දක් නැහැ කියල නේද හිතෙන්නෙ මිත්‍රයාට?

    ඒත් විද්‍යාව කියන්නෙ තර්කයෙන් හැම දේම පැහැදිලි කරන්න හදන සෙල්ලමක් කියල කිව්වට සොබාදහමෙ මෙතෙක් නොදුටු දේවල් ගොඩක් තියනවා බටහිර විද්‍යා දැනුම් පද්ධතියට තවමත් ආගන්තුක. හොඳම උදාහරණයක් තමයි ස්ථිති විද්‍යුතය සහ චුම්භකත්වය නිව්ටෝනියානු යාන්ත්‍රිකයෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ෂණ ලබා දෙනවා. ඉතිං මේ බටහිර විද්‍යාඥයො කළේ මේ දේවල් ගැනත් නියම ඉදිරිපත් කරන්න උත්සාහ කල එක. ඒ ප්‍රයත්නයේ සන්ධිස්ථානයක් තමයි 1887 දි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් කියන විද්‍යාඥයා ( ඒ වගේම ඔහු ගණිතඥයෙක් ) එකිනෙකින් ස්වායත්ත කාරණා දෙකක් වගේ පෙනුනු ස්ථිති විද්‍යුතය සහ චුම්ඹ්හකත්වය එක්සත් කරල විද්‍යුත්චුම්භකත්වය ලෝකෙට් ඉදිරිපත් කළ එක. ඒත් ඒකෙන් වුණෙත් තව පාරක් හොට පටලගන්න බටහිර විද්‍යාවට සිද්ධ වුණ එක. විද්‍යුත්චුම්භකත්වයයි නිව්ටෝනියානු යාන්ත්‍රිකයයි එකතු කළාම සොබාදහම ගැන සර්වසම්පූර්ණ දැනුමක් ඔවුන් සතුයි කියල පාරම් බබා ඉද්දි තමයි මේ ඔවුන් කරල තියන්නෙ හරි යන දීගයක් නොවෙන වග තේරුනේ. ඒ කියන්නෙ ඔය වාද දෙක එකිනෙකට නොපෑහෙන තැනක් මතු වුණා. ඒ සිද්ධ වුණේ මොකක්ද, කොතැනද වැරදුනේ කියල හිතාගන්න බැරුව ලොරන්ස් වැනි කීර්තිමත් විද්‍යාඥයො ලතවෙද්දි තමයි මිත්‍රයා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන අවුරුදු 26ක තරුණයා ( 1905 දි ) විශේෂ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ. මිත්‍රයා හිතන්නෙ එතකොට බටහිර දැනුම් පද්ධතිය සර්ව සම්පූර්ණ වෙන්න ඇති කියල ද? නැහැ.. 1915 දි අයින්ස්ටයින් ම සාධාරන සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරනකල් කවුරුත් ආය එහෙම පාරම් බාන්න ගියෙ නැහැ. ඒත් කියන්න කණගාටුයි 1915 වෙනකොටත් ඔවුන්ට මුහුකුරා ගිය ලෝකාවබෝධයක් තිබුනෙ නැහැ. හේතුව ඒ වෙනකොට ඔවුන් සතු වුන දැනුම් පද්ධතියෙන් අන්වික්ෂීය ( microscopic ) පද්ධතියක භෞතිකය හරි හැටි විස්තර කරගන්න බැරි වුණ එක. ක්වන්ටම් භෞතිකය 1920 දශකයෙ දි දියුණු වෙන්නෙ ඒ අඩුව පුරවන්න ගත් උත්සාහයක් විදියට. ක්වන්ටම් භෞතිකය ගැන හරි හැටි නොදන්නා කෙනෙකුට ඒක "හරි මැජික් එකක්", "බටහිර දැනුම් පද්ධතියේ කොටසක් නිසා බුද්ධ වචනයටත් වඩා නිවැරදි ඇති" කියන ගැති සිතක් ඇති වෙන්න පුළුවන්. ඒත් පිළි ගන්න මිත්‍රයා බටහිර විද්‍යාඥයන්ට වත් ක්වන්ටම් විද්‍යාව ගැන තවමත් හරි හැටි අර්ථ විවරණයක් නැහැ. තේරෙන භාෂාවෙන් කියනව නම් ඔවුන්ට තවම ක්වන්ටම් විද්‍යාව ලබා දෙන ප්‍රතිඵල තේරෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් විද්‍යාඥයන්ගෙන් බහුතරය පිලි ගන්නෙ කෝපන්හේගන් විවරණය කියන එක සත්‍යයක්. ඒත් ඒක බහුතර මතය විනා නිවැරදි මතය නොවෙයි. එහෙනම් කෝපන්හේගන් විවරණය හෝ වෙනත් විවරනයක් යොදාගෙන මිත්‍රයා ගොඩනගන තර්ක අමු පුස්සක්. ඇරිස්ටෝටලියානු න්‍යාය නැතිව බටහිර විද්‍යාවක් නැහැ. ඒත් ක්වන්ටම් විද්‍යාවෙ වර්තමාන ( මේ අද, මේ මොහොත වෙනකොට තියන ) තත්වය බටහිර විද්‍යාවෙ තිඹිරිගෙය වන ඇරිස්ටෝටලියානු න්‍යායටම පවා අභ්යෝග කරන දඟකාර ලදරුවෙක් වගේ. මිත්‍රයා හිතනව නම් ඇරිස්ටෝටලියානු න්‍යාය තුල ඉඳල කරන තර්ක වලින් ලෝකාවබෝධ කරන්න පුලුවන් කියල, ඉස්සරලම ඇරිස්ටෝටලියානු න්‍යායත් බටහිර විද්‍යාවත් හොඳට අධ්‍යනය කරන්න. තවම ලොකු වයසකුත් නැති නිසා ඉවසීමෙන් ප්‍රගුණ කළොත් මුලින් බටහිර විද්‍යාව කියන්නෙ මොකක්ද කියල හරියටම අවබෝධයක් ගන්න පුලුවන් දවසක් මිත්‍රයාට එයි. ඒ මට්ටමට ආවම ක්වන්ටම් භෞතිකයත් එක්කම මුළු බටහිර විද්‍යාවම කියන්නෙ කොයි තරම් අසම්පූර්ණ අංගවිකල දැනුම් පද්ධතියක් ද කියල තේරෙයි. මම මහා උගතෙක් කියල කියන්නෙ නැහැ, ඒත් ජීවිතේ මේ වෙනකොට මම පැමිනිලා තියන තැනට අවිත් ආපස්සට හැරිල බැලුවම මට පේන දේ තමයි එදා මම මට වඩා බෙහෙවින් උගත් අය එක්ක තර්ක කරල මම දිනාගත්ත, ඔවුන් පැරදිලා ඒ බව වසන් කරන්න මොකක් හරි සරලව නොතේරෙන දෙයක් කිව්වයි කියල මම හිතාගෙන හ්ටි හැම වෙලාවකම වෙලා තියන්නෙ ඇත්තටම ඔවුන් කිව් දෙය තේරුම් ගන්න තරම් ඒ වෙනකොට මගේ දැනුම සහ බුද්ධිය මුහුකුරා ගිහින් තිබිල නැහැ.

    බුදු දහමත් බටහිර විද්‍යාවත් දෙකම ගැන උනන්දුවක් තියන ළමයෙක් විදියට මිත්‍රයාට තියනවා වගකීමක් සහ යුතුකමක්. බටහිර විද්‍යාවත් බුදු දහමෙ කියවෙන විද්‍යාවත් දෙකම ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. ඊට පස්සෙ තමන්ටම තේරුම් ගන්න පුළුවන් කාටද කොතැන ද වැරදිලා තියන්නෙ කියල. ඒ දැනුම් පද්ධති දෙකෙන් එකක් වත් හරි හැටි අවබෝධයක් නැතුව ගැටළුව ගොඩින් බේරාගන්න සරල තර්ක ගොඩනගන්න එපා.

    මිත්‍රයා ඉදිරිපත් කරල තියන කාරණා වලට මම පුළුවන් තරම් සරලව පිළිතුරක් ලියන්න උත්සාහ කරන්නම්. ඒත් මුලින් මම මේ කියල තියන දේ හරි හැටි තේරුම් අරන් ඉන්න.
     
    බටහිර විද්‍යාව අසම්පූර්ණ අංගවිකල දැනුම් පද්ධතියක් තමා
    ඒත් ඒක වැරදියිමත් කියන්න බෑ නෙ නේද ?
    ඒක හරියිමත් කියල කියන්නත් බෑ :yes:
    ඒ උනාට පොඩ්ඩක් හිතල බලනකොට මේ කියන දේ ඇත්ත වෙන්න ඇති කියලයලි මට මීටර් වෙන්නෙ
    සහෝ ට පුලුවන් නම් මේ ප්‍රශන් ටිකට කෙටි උත්තරයක් දෙන්න

    1.ඔබ කියනා අකාරයේ 'ආත්මෙන් ආත්මයට යන' විඥ්ඥානයක් තියෙනවා කියල ඔයා පිලිගන්නේ මොන හේතු උඩද?
    2.නිවනක් පවතී යයි ඔබ පිලිගන්නේ මොන හේතු උඩද?
    3.එහෙම තියෙනවා නම් එයට යාමට ඇති මාර්ගය මෙයමයි ඔබ පිලිගන්නේ කෙසේද?
    4.පින් පව් පඩිසන් දේ කියා ඔබ පිලිගන්නේ මොන හේතුක් නිසාද?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    mehemai macho, oya dewal gana, uba kiyapu kisi deyak gana wishwasa karannawath awishwasa karannawath kiyala kisima deshanawakawath kisima dharmayakawath naha. Ubata tiyanne ube molaya pawichchi karala 'yahapath' ehema naththam 'niwaradi' kiyala ubata hithena widihata jeewath wena ekai.
    buddha dharmaya kiyanne dharmayak newei, eka jeewana ratawak, maha lokuwata siwrur porawan inna samahara hamuduruwo gawawath ehema jeewana ratawak naha. hariyata nokarana aya nathuwa nemei, eth hariyata budu dahama anugamanaya karana ayata, anapanasathiyawath, karaneeya metta suthra wath, maha mangala suthra wath oney naha. "dhammo hawe rakkathi dhammachari". othana dharmaya kiyanne pali atuwa teeka nemei, niwaradi hasireemai. niwaradiwa jeevath wena minihata kisima anathurak wenne naha.
    ubata thiyanne pin, paw gana hoya hoya inne nathuwa 'niwaradiwa' jeevath wena ekai. Ehema kala kiyala katawath paduwak wath, ubata nathi wenna deyakuth naha.
    mathaka tiyaganin, budu dahama, aagamakata wada jeevithaya pilibada padamak.
    :D

    honda answer ekak :D
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    1.ඔබ කියනා අකාරයේ 'ආත්මෙන් ආත්මයට යන' විඥ්ඥානයක් තියෙනවා කියල ඔයා පිලිගන්නේ මොන හේතු උඩද?
    mekata mama uththara denna kalin, puluwan nam kiyapan "punuruthpaththiya kiyanawa" kiyana sansiddhiya wenne kohomada kiyala (meka uba kiyana batahira widyawe menma peradiga darshana waladith piliganna mathayak)
    Araya kiwwa meya kiwwa kiyala wath kiyanna epa, uba meka kohomada wigraha karanne kiyala witharak kiyapan. mehema ekak na kiyala ubata kiyannath ba, mokada meka onema kenek me weddi piligannawa.

    4.පින් පව් පඩිසන් දේ කියා ඔබ පිලිගන්නේ මොන හේතුක් නිසාද?
    uba adahana batahira widyawa anuwa nam niwton ge 3weni niyamaya anuwa.
    peradiga darshanaya anuwa nam siyalu karmayakatama prathipalayak thiyanawa kiyana eka anuwa.
    mama kiyana widiyata nam athdakeem anuwa. uba badu gahanna purudu weyan. aniwaryayen ubata prathipala labei. badu gahana eka pinak kiyala hithena ayata e welawe labena athal eka anuwa pina padisan dunna kiyala kiyanna puluwan, pawak kiyala hithana ayata tika kalayak giyana AIDS wage leda hadunama, thamange pawul jiwithaya awul unama, salli nathi unama, samajayen kon unama paw padisan dunna kiyanna puluwan.
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    1.ඔබ කියනා අකාරයේ 'ආත්මෙන් ආත්මයට යන' විඥ්ඥානයක් තියෙනවා කියල ඔයා පිලිගන්නේ මොන හේතු උඩද?
    2.නිවනක් පවතී යයි ඔබ පිලිගන්නේ මොන හේතු උඩද?
    3.එහෙම තියෙනවා නම් එයට යාමට ඇති මාර්ගය මෙයමයි ඔබ පිලිගන්නේ කෙසේද?
    4.පින් පව් පඩිසන් දේ කියා ඔබ පිලිගන්නේ මොන හේතුක් නිසාද?

    1.ඔබ කියනා අකාරයේ 'ආත්මෙන් ආත්මයට යන' විඥ්ඥානයක් තියෙනවා කියල ඔයා පිලිගන්නේ මොන හේතු උඩද?
    මේක කාගෙන්වත් අහන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාටම තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඔය ඇඟ අතුලේ හැමතිස්සෙම කවුරුහරි ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා නේද ඒක තමයි ඔය විඥාණය කියන්නේ (සැ:යු: මේක සංඛාර පච්චයා විඥාණ කියන එක නෙමෙයි)

    2.නිවනක් පවතී යයි ඔබ පිලිගන්නේ මොන හේතු උඩද?
    3.එහෙම තියෙනවා නම් එයට යාමට ඇති මාර්ගය මෙයමයි ඔබ පිලිගන්නේ කෙසේද?

    නිවන කියන්නේ පවතින දෙයක්වත් තැනක්වත් නෙමෙයි. එහෙම ගත්තමයි ඕක කොහෙද තියෙන්නේ.. වගේ ප්‍රශ්න එන්නේ. නිවන කියන්නේ දැනට අපි රාග ද්වේශ මෝහ වශයෙන් අවිද්‍යාවෙන් කරන වැඩපිළිවල නතර කිරීමයි. (හරියට ගලාගෙන යන පයිප්පයක් නැවත්තුවාවගේ). මාර්ගය හරි කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. බඩගින්නට කන කොට බඩගිනි නිවෙන බව දැනෙන්නේ තමන්ට අනුනුට නෙමෙයි.

    4.පින් පව් පඩිසන් දේ කියා ඔබ පිලිගන්නේ මොන හේතුක් නිසාද?
    පින කියන්නේ හිතේ ඇතිවන පරිවර්තනයක්. ලෝක සම්මතයේ හොඳ යයි කියන වැඩක් කලා හිතේ ඇතිවන පිනා යාම එකයි පින කියන්නේ. මෙහෙම පිනා යන කොට ඇතිවෙන චිත්ත ශක්තියක් නිකුත් වෙනවා (විඥාන පච්චයා නාමරූප) ඊට පස්සේ පරිසරය සැකසුනාම වෙලාවදි ඒක ඇදී එනවා (නාමරූප පච්චයා විඥාණ) මේකට අභිධර්මයේ (සමනන්තර අන්නන්තර ප්‍රත්‍ය කියලා කියනවා). මේකත් ඔයාටම තේරුම් ගන්න පුළුවන් සමහර වෙලාවට හිතේ සතුටක් එකපාරටම සැහැල්ලුවක් ඇඟට දැනනවා .. මාර ෆිට් එකක් ආවා කියන්නේ.. ඒ පෙර කරපු පින ඇදී ආපු මොහොතක්)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම පිළිතුරක් දෙන එක තව පසුවට කරන්නම් .
    පුලුවන්නම් එඩ්ගා කේසි ගේ කන්නිමහර සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කල "සංසාර මන්දිර" කියන පොත හොයාගෙන බලන්න.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    1.ඔබ කියනා අකාරයේ 'ආත්මෙන් ආත්මයට යන' විඥ්ඥානයක් තියෙනවා කියල ඔයා පිලිගන්නේ මොන හේතු උඩද?

    "ආත්මයෙන් ආත්මයට යන විඥ්ඥානය" කියන්නෙ මිත්‍රයා බුදු දහම කියල හිතාගෙන ඉන්න යම් මතවාදයක අදහසක්. ආත්මය ඇත්තේ ක්වන්ටම් භෞතිකයට මිස බුදු දහමට නොවෙයි. ඔවුනුයි ආත්මයක් ඇති බව කියන්නෙ. "ආත්ම" කියන වචනයේ තේරුම "තමා", "මම" ( soul ) කියන හැඟීම. පාලියෙන් එහෙම කිව්වට සිංහල බසින් ඕකට කියන්නෙ "මමත්වය" කියල. බුදු දහම නොවෙයි මිත්‍රයා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුලයි "ආත්මය" කියන දේ සත්‍යයක් විදියට දකින්නෙ. බටහිර විද්‍යාව උපදින්නෙ ඒ සංස්කෘතියට දාව. ඒ නිසා බුදු දහමෙ "ආත්ම" සංකල්පයක් ඇතැයි කීමෙන් වෙන්නෙ බුදු දහම විකෘති කිරීමක්.

    ආත්මයෙන් ආත්මයට නොවෙයි, භවයෙන් භවයට යන විඥ්ඥානයක් ගැන නම් මිත්‍රයා කියන්නෙ, මට කියන්න ඇත්තෙ මේකයි. මීලඟ භවයක් නැතැයි කියවෙන ආගම් ගැන මම අසා නැහැ. මිය යාමෙන් පසු "මම" අහෝසි වී යන බවක් ඔබ කියනවා නම්, එහෙම "මම" නිකන්ම අහෝසි වී නොයන බව කියවෙන බුදු දහම, ක්‍රිස්තියානිය, ඉස්ලාමය වැනි දර්ශන / ආගම් වැරදි යැයි තර්ක කරන්න අවශ්‍ය නම් කරන්න ඕනෙ ඒ දර්ශන / ආගම් වැරදි බව ඔප්පු කිරීමයි. හේතුව මීලඟ භවයක් ඇති හෝ නැති බව මේ දර්ශන / ආගම් වල ප්‍රස්තූතයන් පමණයි. කිසිම දහමකින් හෝ ආගමකින් තමංගෙ ප්‍රස්තුතය සත්‍ය බව ඔප්පු කරන යන්නෙ නැහැ. කාරණාව මේකයි, බටහිර විද්‍යාත්මක ක්‍රමයට ඔය තරම් ඇලුම් කරන ගැති බවක් දක්වන පුද්ගලයෙක් නම් මේ ආගම් / දර්ශන මිය යෑම ගැන ඒවා දරන මතයන් ඔප්පු කර කර ඉන්නෙ නැතුව ඉන් ලැබෙන ප්‍රතිවිපාක ගැන පමණක් කිව්වම ඒකෙ ඇති වැරැද්දක් නැති බව තේරෙන්න ඕනෙ. මොකද බටහිර විද්‍යාවෙදි කරන්නෙත් භෞතික ලෝකය පිළිබඳ උපග්‍රහණ ( postulates ) යොදාගෙන න්‍යායන් ගොඩනැගීමම තමයි. බුදු දහමෙ අවධාරණය කරන්නෙ භවයෙන් භවයට යෑම නොවෙයි. මිය යාමෙන් පසු "මම" ඉබේම අහෝසි වී නොයන්නේ නම් දුකින් මිදීමට කළ යුතු දේ තමයි බුදු දහම කියන්නෙ. ඉතිං මිත්‍රයා උඹට හිතෙනව නම් මිය යාම "මම" අහෝසි වීමක් කියල, ඒක උඹේ මතය මිස සත්‍ය හෝ අසත්‍යක් කියල තර්ක කරන්න උඹටම වත් බැහැ. ඒ නිසා කරන්න ඕනෙ යම් හෙයකින් එහෙම "මම" ඉබේ අහෝසි නොවන්නේ නම් එහෙම අහෝසි කරගන්න අවශ්‍ය පියවර ගන්න එක නෙ. සුනාමි එනවා කිවම "බොරු කියන්න එපා" කියල වෙරලටම වෙලා සරුංගල් පා කර කර ඉන්න කෙනා මෝඩයෙක්. සුනාමි නො-එන්නත් පුළුවන් බව ඇත්තයි. ඒත් වෙරලෙන් අයින් වෙලා ගොඩට ඇවිත් හිටිය නම් සුනාමි ආවත් නැතත් කිසි ගැටළුවක් වෙන්නෙ නැහැ නෙ. :yes:

    (අනෙක් එව්වට උත්තර වෙන වෙනම දාන්නම්)
     
    • Like
    Reactions: ColdBreath

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    2.නිවනක් පවතී යයි ඔබ පිලිගන්නේ මොන හේතු උඩද?

    "නිවනක් පවතියි"? මීට පෙර අසා නැහැ මේ බවක් නම්. නිවන කියන්නෙ පැවැත්මක් නොවෙයි මිත්‍රයා. සමහර විට මේ අහන්න උත්සාහ කරන්නෙ නිවන සත්‍යයක් කියල පිලි ගන්නෙ ඇයි කියල වෙන්න ඇති. දුකින් අත්මිදෙන්න පුළුවන්. නිවන කියන්නෙ ඒකයි. දුකෙන් අත්මිදිය හැකි බව කියවෙන බුදු වදන සැක නම් මිත්‍රයා බටහිර විද්‍යාඥයන්ට වත් හරි හැටි විවරණයක් නැති ක්වන්ටම් විද්‍යාව සත්‍යයක් කියල පිළි ගන්නෙ කොහොමද? සත්‍ය අසත්‍යතාවය ස්වාදීනව හොයාගන්න උඹට බැරි වෙයි මිත්‍රයා උඹ බුදුවරයෙක් නොවෙයි නම්. ඒත් බුදුන් දේශනා කළ පිළිවෙලට ඒ දේවල් ටික කලොත් තමන් තුලින්ම දැකගන්න නම් පුළුවන් වෙයි දුකින් මිදිය හැකි බව. බටහිර විද්‍යාව අන්ධ භක්තියෙන් අදහන ඕනෑම කෙනෙක්ට ඇරිස්ටෝටලියානු න්‍යායෙන් අවබෝධ කළ නොහැකි හැම දේම නිකන්ම 'පචයක්'. ක්වන්ටම් විද්‍යාවත් ඇරිස්ටෝටලියානු න්‍යාය තුල සම්පූර්නයෙන්ම නිර්වචනය කරගන්න බැරි නිසා බටහිර විද්‍යා ක්ෂේස්ත්‍රයේම ඉන්න සමහරුන්ට අනුව ක්වන්ටම් විද්‍යාවත් 'අමු පචයක්' සමහරුන්ට ඒක අසම්පූර්ණ තියරියක්. නිවන ඇරිස්ටෝටලියානු න්‍යායෙන් අවබෝධ කළ නොහැකි නිසා බටහිර විද්‍යාවට බලෙන් හරි හුරු කෙරෙව්ව අයට නිවන 'පචයක්'. කණගාටුවෙන් වුණත් කියන්න තියන්නෙ ලංකාවෙ පාසල් පද්ධතිය තුල ඇත්තෙ බටහිර චින්තන ආධිපත්‍යයට යටත් වුන අධ්‍යාපනයක්. ඒ නිසා දන්න ලොජික් වලින් නිවන් දකින්න බැරි වුණ තැන නිවන පචයක් යැයි සිතීම අනුවන කමක් මිත්‍රයා.
     
    • Like
    Reactions: රඹා

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    3.එහෙම තියෙනවා නම් එයට යාමට ඇති මාර්ගය මෙයමයි ඔබ පිලිගන්නේ කෙසේද?

    එයට යාමට ( එය අවබෝධ කරගැනීමට ) ඇති එකම මාර්ගය මෙය ද කියන එක අපට අදාල නැති කාරණාවක්. දුකින් අත්මිදීමට එක මාර්ගයක් තියෙද්දි, වෙන මාර්ගයක් පේන තෙක් මානයක නොපෙනෙද්දි මිත්‍රයා මේ අහන්නෙ මෙලෝවාසී සත්වයෙකුට අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්නය නේද? ( මම මෙහෙම කිව්වෙ ඇසූ ප්‍රශ්නය සමච්චලයට ලක් කරන්න නොවෙයි )