බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    4.පින් පව් පඩිසන් දේ කියා ඔබ පිලිගන්නේ මොන හේතුක් නිසාද?

    බුදු දහමේ කියවෙන විදියට මේ අපි ලෝකය කියන්නෙ සංස්කරණය කරගත් දෙයක් නම් ( "තමා" ද ඇතුලුව ) කර්මය නොපවතින බව කියන්නේ කොහොමද? මම දන්න තරමින් බුදු ඇසට වත් නොපෙනෙන කරුණු කිහිපයක් ගැනත්, බුදු ඇසින්ම පමණක් දැකිය හැකි කරුණු කිහිපයක් ගැනත් කියවිලා තියනවා. විශ්වයේ කෙලවර ( "භෞතික සීමාව" ) එවැනි බුදු ඇසින් වත් නොදැකිය හැකි දෙයක්. සසර ගමනේ ආරම්භයත් එවැන්නක්. බුද්ධ දේශනයේ හැටියට මනායතනයේ ක්‍රියාවලිය සිදු වන ආකාරය බුදු ඇසින් පමණක් දැකගත හැකි, නමුත් දුකින් අත්මිදීමට කිසිඳු පලක් නැති දැනුමක්. "කර්මය" ත් එවැන්නක්. සිදු වන යාන්ත්‍රනය දැකගත හැක්කේ බුදු ඇසකින්. ඒත් දුකින් අතමිදීමට එය දැනගැනීමෙන් කිසිඳු පලක් නැහැ. අපේ කුතුහලය සන්සිඳුවීම බුද්ධ දර්ශනයේ පරමාර්ථය නොවෙයි. ඒ නොවැදගත් දැනුම අවශ්‍ය නම් මිත්‍රයාට කළ හැකි එකම දේ බුද්ධත්වයට පත් වීමයි. සේ නැතිව බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ගෝචර වන අර්තකථනයක් සෙවීම නොවෙයි. ඔවුන්ට ඔවුන්ගේම විද්‍යාවටවත් හරි හැටි අර්ථ විවරණ නැහැ. ඒත් ඔවුන් ඔවුන්ගෙ විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්නවා. අපි නිකං ගැත්තො. අපට අපේ දර්ශනයෙ අගයක් නැහැ. ඒක නිසා අපි නිර්වාණාවබෝධයට කිසිඳු උත්සාහයක් ගන්නෙ නැතිව බටහිර ඇසින් නිර්වාණය ඇරිස්ටෝටලියානු න්‍යායට අනුගත කරන්න උත්සාහ කරනවා. බෞද්ධයෙක් නම් කළ යුත්තේ නිර්වාණාවබෝධය කර ගැනීමයි.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    එයට යාමට ( එය අවබෝධ කරගැනීමට ) ඇති එකම මාර්ගය මෙය ද කියන එක අපට අදාල නැති කාරණාවක්. දුකින් අත්මිදීමට එක මාර්ගයක් තියෙද්දි, වෙන මාර්ගයක් පේන තෙක් මානයක නොපෙනෙද්දි මිත්‍රයා මේ අහන්නෙ මෙලෝවාසී සත්වයෙකුට අහන්න පුළුවන් මෝඩම ප්‍රශ්නය නේද? ( මම මෙහෙම කිව්වෙ ඇසූ ප්‍රශ්නය සමච්චලයට ලක් කරන්න නොවෙයි )

    මම අදහස් කලේ ,මේ මාර්ගය හරිද කියන එක ශුවර්ද කියලා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mama oyage thread eken bagayai kiyeuwe uththaraya hithata awa eath oya tharkaya thula newai mata eaka oyata pahadili karanna skype ekawath payak dakak yanawa. eaka nisa uththarayak hoyagannama bari unoth budu dahama me sadakaya math indagena athaharinnath barinam math ekka katha karanna.
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    mama oyage thread eken bagayai kiyeuwe uththaraya hithata awa eath oya tharkaya thula newai mata eaka oyata pahadili karanna skype ekawath payak dakak yanawa. eaka nisa uththarayak hoyagannama bari unoth budu dahama me sadakaya math indagena athaharinnath barinam math ekka katha karanna.

    මේ වගේ පොටක් දැක්කම අන්‍යාගම් ප්‍රචාරය කරන්න හදන අයත් ඉන්නවා :lol:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම අදහස් කලේ ,මේ මාර්ගය හරිද කියන එක ශුවර්ද කියලා

    ශුවර් කරගන්න වෙන ක්‍රමයක් නැති නිසා ගිහින් බලන්න මිත්‍රයා. ඒකයි මම කියන්න හැදුවෙ.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    බුදු දහමේ කියවෙන විදියට මේ අපි ලෝකය කියන්නෙ සංස්කරණය කරගත් දෙයක් නම් ( "තමා" ද ඇතුලුව ) කර්මය නොපවතින බව කියන්නේ කොහොමද?
    මේ පොයින්ට් එක තේරුනේ නෑ ... පොඩ්ඩක් පැහැදිලි කරන්වද?
    සංස්කරනයි , කර්මයයි අතර සම්ඹඳතාවය තේරුනේ නෑ..

    මම දන්න තරමින් බුදු ඇසට වත් නොපෙනෙන කරුණු කිහිපයක් ගැනත්, බුදු ඇසින්ම පමණක් දැකිය හැකි කරුණු කිහිපයක් ගැනත් කියවිලා තියනවා.
    විශ්වයේ කෙලවර ( "භෞතික සීමාව" ) එවැනි බුදු ඇසින් වත් නොදැකිය හැකි දෙයක්.
    සමහර විට එහෙම සීමාවක් නැතුව ඇති
    බුදුන් වහසේට මාන් 7ක් පෙනුනාලු
    දැනට සොයාගෙන ඇති ආකාරයට මාන 11 ක් තියෙනවා
    දෙයක ආරම්ඹය හා අවසානය දකින්න [භෞතික වස්තුවක] මාන ප්‍රමානය බලපානවා කියලයි මට හිතෙන්නෙ , පොඩ්ඩක් හිතල බලන්න
    විශ්වයේ ද්‍රව්‍ය , ජීවීන් අනන්ත ගානක් නෑ කියන්නත් මගේ පොඩි තර්කයක් තියෙනවා
    හැබැයි ඒක ලියල තේරුම් කරන්න පුලුවන් එකක් නෙමේ
    එකෙන් වැඩක් නෑ මෙතෙන්ට කොහොමටත් , ඒක සමහරවිට මෝඩ තරක්යක් වෙන්න ඇති

    සසර ගමනේ ආරම්භයත් එවැන්නක්. බුද්ධ දේශනයේ හැටියට මනායතනයේ ක්‍රියාවලිය සිදු වන ආකාරය බුදු ඇසින් පමණක් දැකගත හැකි, නමුත් දුකින් අත්මිදීමට කිසිඳු පලක් නැති දැනුමක්. "කර්මය" ත් එවැන්නක්. සිදු වන යාන්ත්‍රනය දැකගත හැක්කේ බුදු ඇසකින්. ඒත් දුකින් අතමිදීමට එය දැනගැනීමෙන් කිසිඳු පලක් නැහැ. අපේ කුතුහලය සන්සිඳුවීම බුද්ධ දර්ශනයේ පරමාර්ථය නොවෙයි.

    ප්‍රශ්නෙකින් පනින්න තියෙන හොඳම විදිහ
    'එකෙන් වැඩක් නෑ , ඒක තෙරෙන්නෙත් නෑ , තේරෙන දෙයක් බලාගනින්!'

    ඒ නොවැදගත් දැනුම අවශ්‍ය නම් මිත්‍රයාට කළ හැකි එකම දේ බුද්ධත්වයට පත් වීමයි. සේ නැතිව බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ගෝචර වන අර්තකථනයක් සෙවීම නොවෙයි. ඔවුන්ට ඔවුන්ගේම විද්‍යාවටවත් හරි හැටි අර්ථ විවරණ නැහැ. ඒත් ඔවුන් ඔවුන්ගෙ විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්නවා. අපි නිකං ගැත්තො. අපට අපේ දර්ශනයෙ අගයක් නැහැ. ඒක නිසා අපි නිර්වාණාවබෝධයට කිසිඳු උත්සාහයක් ගන්නෙ නැතිව බටහිර ඇසින් නිර්වාණය ඇරිස්ටෝටලියානු න්‍යායට අනුගත කරන්න උත්සාහ කරනවා. බෞද්ධයෙක් නම් කළ යුත්තේ නිර්වාණාවබෝධය කර ගැනීමයි.

    'බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට'
    'යුදෙව් ක්‍රිස්තියානි' කොටස කොහෙද ආවෙ ? :rolleyes:
    බටහිර චින්තනය,යුදෙව් ක්‍රිස්තියානි මද ?
    සිරාවට ජෝක් එකට නෙමේ අහන්නෙ , හැමෝම බටහිර බටහිර ගාන්නෙ ? යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය ... එව්වා නෑ .. කොහොමටත් ගොඩක් අයට බටහිරත් එක්ක ලොකු තරහක් තියෙනව
    ගොඩක් අය මාව දකින්න බටහිරට දෙන එකෙක් විදිහට සමහර විට එහෙම වෙන්නත් ඇති , ඒත් මම මාවම දකින්නෙ නම් 'හිතල බැලුවම' පිලිගන්න පුලුවන් යැයි හිතෙන දේ පිලිගන්න එකෙක් විදිහට , සමහර විට මට අපේ නොවන දර්ශන , යකෝ මේක හරිනෙ කියල වැඩිපුර මීටර් වෙනවා ඇති
    මට දර්ශනය කාගෙ උනත් කමක් නෑ හරි නම්
    ඒත් හරි මොකක්ද කියලා හිතාගන්න බැරි එකයි ප්‍රශ්නෙ | කරුමෙ ...
    මම ලොවෙත් කියන්නෙ නෑ බටහිර චිතනය / විද්‍යාව හරිමයි , ඒකමයි දෙය්යො කියලා
    මම හිතන්නෙත් නෑ බුද්ධාගම නම් වැරදිම තමා ඩොම් පච කියලත්
    මම ඒත් දෙපැත්තට වැනි වැනී ඉන්නෙ මොකක්ද හරි කියලා තේරුම් ගන්න බැරිව
    ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත් අනිත් අයගේ අදහස් බලලා අදහසක් ගන්න
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ශුවර් කරගන්න වෙන ක්‍රමයක් නැති නිසා ගිහින් බලන්න මිත්‍රයා. ඒකයි මම කියන්න හැදුවෙ.

    ඇත්තටම ඔව්
    ඒක විතරයි අපි මෙතන කොච්චර උඩ පැනපැන කියෙව්වත් කරන්න තියෙන එකම දේ
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේ පොයින්ට් එක තේරුනේ නෑ ... පොඩ්ඩක් පැහැදිලි කරන්වද?
    සංස්කරනයි , කර්මයයි අතර සම්ඹඳතාවය තේරුනේ නෑ..

    කර්මය කියන්නෙත් සංස්කරණයක්. කර්මය පඩිසන් දීම හෝ නොදීම දුකින් අත්මිදිය යුතුයි කියන තීරණය ගන්න කොහෙත්ම වැදගත් වෙන්නෙ නැහැ. කර්මය අනාගතයට යම් විදියකින් තීරණාත්මකව බලපානව නම් ඒකෙ එක්තරා හොඳකුත් තියනවා. ඒත් එහෙම එකක් නැත්නම්, හැම දේම පූර්ණ වශයෙන්ම සසම්භාවී නම් තත්ත්වය ඊටත් වඩා බරපතලයි. ඒ නිසා කර්මය කියන සංකල්පය අවශ්‍ය නැහැ දුකින් අතමිදිය යුතුය යන තීරණයට එලඹීමට.

    සමහර විට එහෙම සීමාවක් නැතුව ඇති
    බුදුන් වහසේට මාන් 7ක් පෙනුනාලු
    දැනට සොයාගෙන ඇති ආකාරයට මාන 11 ක් තියෙනවා
    දෙයක ආරම්ඹය හා අවසානය දකින්න [භෞතික වස්තුවක] මාන ප්‍රමානය බලපානවා කියලයි මට හිතෙන්නෙ , පොඩ්ඩක් හිතල බලන්න
    විශ්වයේ ද්‍රව්‍ය , ජීවීන් අනන්ත ගානක් නෑ කියන්නත් මගේ පොඩි තර්කයක් තියෙනවා
    හැබැයි ඒක ලියල තේරුම් කරන්න පුලුවන් එකක් නෙමේ
    එකෙන් වැඩක් නෑ මෙතෙන්ට කොහොමටත් , ඒක සමහරවිට මෝඩ තරක්යක් වෙන්න ඇති

    දැනට "සොයාගෙන ඇති" මාන 11? :lol: මිත්‍රයා බටහිර විද්‍යාව තබා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ මොකක් ද කියල වත් අවබෝධ කරගන්න ඕනෙ. String theory, M-theory වලදි මාන 11ක් ගැන මතවාද ගොඩනගා තිබුනට විද්‍යාඥයො ඒ මතවාද සත්‍ය බව ඔප්පු කරල නැහැ. ඒ තබා M-theory කියන්නෙ බටහිර විද්‍යා දැනුම් පද්ධතියෙ කොටසක් කරගන්න සුදුසුද කියන දේ පවා තවමත් විවාදාත්මක තැනකයි තියන්නෙ. ඒ නිසා මිත්‍රයාට වත් පුළුවන් නම් ඔය කියන මාන 11 සොයාගන්න ඒක බටහිර විද්‍යාවට කරන සේවයක්.

    යම් මානයකදී භෞතික වස්තුවක අවසානය දකින්න ඒ මානය ගෝචර කරගන්න ඕනෙ නම් තමයි.

    මොකක් ද මිත්‍රයාට තියනවා කියන ඒ පොඩි තර්කය? ඇරිස්ටෝටලියානු න්‍යාය තුල කරන තර්කයක් නම් ලියල තේරුම් කරන්න බැරි වෙන්න බැහැ නෙ මිත්‍රයා. විධිගතව ඉදිරිපත් කරන්න බැරි නම් බටහිර විද්‍යාත්මක ඇසකින් ඒක දැනුමක් විදියට බාර ගන්නත් බැහැ. කාරණාව කෙලින්ම මේ සංවාදයට අදාල නිසා ලියල තේරුම් කරන්න...


    ප්‍රශ්නෙකින් පනින්න තියෙන හොඳම විදිහ
    'එකෙන් වැඩක් නෑ , ඒක තෙරෙන්නෙත් නෑ , තේරෙන දෙයක් බලාගනින්!'

    එහෙනම් මිත්‍රයා කියන්න බලන්න බටහිර විද්‍යාවට අනුව කාලය ආරම්භ වුණේ කවදා ද? හිතට එන්නෙ බිග් බෑංග් තියරිය නම් මුලින් ඒක ගැන අධ්‍යනය කරල ඉන්න. මොකද ජනප්‍රිය මාධ්‍යයෙ බිග් බෑංග් තියරිය ගැන මවා පාල තියන්නෙ අමු මුසාවක්. බුදු දහමට අනුව කාලය කියන්නෙ අපි සංස්කරණය කරගත් දෙයක්. බටහිර විද්‍යාවටත් කාලය කියන්නෙ ඇතුවත් බැරි නැතුවත් බැරි සංකල්පයක් වෙලා තියන්නෙ. ඉතිං ප්‍රශ්නය තමයි මිත්‍රයාගෙ විද්‍යාවටත් ඉමහත් ගැටළුවක් වෙලා තියන, ඒත් ඒ බව පිළිගන්නත් අකමැති මේ සංකල්ප ගැන මිත්‍රයා තර්කයක් ගොඩනගනවා යැයි හිතාගෙන අඳුරේ අත පත ගානවා.

    'බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට'
    'යුදෙව් ක්‍රිස්තියානි' කොටස කොහෙද ආවෙ ? :rolleyes:
    බටහිර චින්තනය,යුදෙව් ක්‍රිස්තියානි මද ?
    සිරාවට ජෝක් එකට නෙමේ අහන්නෙ , හැමෝම බටහිර බටහිර ගාන්නෙ ? යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය ... එව්වා නෑ .. කොහොමටත් ගොඩක් අයට බටහිරත් එක්ක ලොකු තරහක් තියෙනව

    :lol: ජෝක් එකක් නොවෙයි මේකත් මිත්‍රයා, ඔය පරම සත්‍ය මේකයි කියල කෙනෙකුට හිතෙන "විද්‍යාව" කියල කියන දේ බිහි වුණේ යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක තමයි. යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය කියල එකකින් බිහි වුන විද්‍යාවක් තියනව නම් ඉතිං ඒ ගැනත් හොයල බලල ඉගනගන්න. ලෝකයේ කිසිම විශ්ව විද්‍යාල පද්ධතියක, පාසල් අධ්‍යාපනයෙදි හෝ එහෙම වෙන එකක් උගන්නනවාදැයි මම නම් දන්නෙ නැහැ.

    ගොඩක් අය මාව දකින්න බටහිරට දෙන එකෙක් විදිහට සමහර විට එහෙම වෙන්නත් ඇති , ඒත් මම මාවම දකින්නෙ නම් 'හිතල බැලුවම' පිලිගන්න පුලුවන් යැයි හිතෙන දේ පිලිගන්න එකෙක් විදිහට

    හිතල බැලුවම පිළිගන්න පුළුවන් දේ පිලිගන්න කෙනෙක් නම් බටහිර විද්‍යාව ගැන කියන්නෙ ඇයි? ඒකෙ කරන්නෙ හිතට එන දේ පිළිගන්න එක නොවෙයි නෙ මිත්‍රයා. ඇරිස්ටෝටලියානු න්‍යායෙන් ඉතාම විධිගත ක්‍රමයකට ඔවුන්ගෙ දැනුම් පද්ධතිය ගොඩනගලා තියනවා කියල නෙ ඔවුන් කියන්නෙ. ඒ කියන්නෙ හිතල බලපුවම පිළිගන්න හිතෙන දේ පිළිගන්න එකක් නොවෙයි බටහිර විද්‍යාව කරන්නෙ. එහෙම නම් ඉතිං විශේෂ සාපේක්ෂතාවාදය, සාධාරන සාපේක්ෂතාවාදය, ක්වන්ටම් භෞතිකය කවදාවත් බිහි වෙන එකක් නැහැ. ඒව intuitive නැහැ ම්ත්‍රයා. හිතට එනදේ පිළිගන්නෙ මේ හිත්, මනස කියන්නෙ මොකක් දැයි වත් නොදැන නේද? අඩු තරමෙ විද්‍යාඥයො වත් කරන්නෙ "හිතල බැලුවම හරි නම්" පිළිගන්න එක නොවෙයි. "හිතල බැලුවම හරි" කියන්නෙ තීරණයකට එළඹෙන ක්‍රමේ මිසක් විද්‍යාවක් ගොඩනැගෙන පදනම නොවෙයි.


    සමහර විට මට අපේ නොවන දර්ශන , යකෝ මේක හරිනෙ කියල වැඩිපුර මීටර් වෙනවා ඇති
    මට දර්ශනය කාගෙ උනත් කමක් නෑ හරි නම්
    ඒත් හරි මොකක්ද කියලා හිතාගන්න බැරි එකයි ප්‍රශ්නෙ | කරුමෙ ...
    මම ලොවෙත් කියන්නෙ නෑ බටහිර චිතනය / විද්‍යාව හරිමයි , ඒකමයි දෙය්යො කියලා
    මම හිතන්නෙත් නෑ බුද්ධාගම නම් වැරදිම තමා ඩොම් පච කියලත්
    මම ඒත් දෙපැත්තට වැනි වැනී ඉන්නෙ මොකක්ද හරි කියලා තේරුම් ගන්න බැරිව
    ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත් අනිත් අයගේ අදහස් බලලා අදහසක් ගන්න

    අගය කරනවා
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්....
    මම ඔය ගොඩක් ආගම් වල තියරි කෑලි ටික ටික හොයල බැලුවා..
    ඒවා අතරින් මගෙ මීටරෙට වැඩිපුරම වැදුනෙ බුදුහාමුදුරුවො කියල තියෙන සීන් තමා..

    මම දැනට කියෝල තියෙන පොත් වලට අනුව පුනර්භවය කියල එකක් තියෙනවා..
    කර්මය කියල එහෙකුත් තියෙනවා...නිවන කියල එහෙකුත් ඇති ශුවර් එකටම... :)
    බුදු දහමේ ගොඩක් තැන් මට මීටර් නැහැ...මම ඒව හොයන්නෙ නැහැ(තේරෙන්නෙ නැති එක වෙනම දෙයක්:D)

    බැඳිම් අඩු වෙන තරමට ආත්ල් එක ගන්න පුලුවන්...ප්‍රශ්න අඩුයි..
    හොඳ වැඩ වලට හොඳ ප්‍රතිපල...නරක ඒවට නරක ප්‍රතිපල...
    කොහොම හරි මේ මැරි මැරි ඉපදෙන ගමනෙ කවුරු හරි මුන ගැහෙයි මට නොතේරුන දේවල් කියල දෙන්න (එහෙම හිතනවා මම:) )
    ඉට පස්සෙ අර නිවන කියන සීන් එකට යන්න පුලුවන් වෙවි...
    එතකොට මමත් නැහැ...මගෙ කියල කිසිදෙයක් නැහැ..දුකත් නෑ සතුටකුත් නෑ....එලම තමා.............

    මම හරිද වැරදිද කියල මම දන්නෙත් නැහැ..මේ තියරිය හොඳයි වගේ නිසා ඒකෙම ඉන්නවා.... :)
    DragonD නම් මං ගැන දන්නවා :)
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මගේ නම දිල්ශාන්
    මම වෙනින් කෙනෙක්ගෙ නමේ තේරුම හොයනකොට සයිට් එකක් හම්බ උනා එකෙ මම නමේ තේරුම හොයපු කෙනාගෙ ගති ලක්ශන වලට ගොඩාක් ගැලපෙන දේවල් තිබ්බා
    කැනඩාවෙ සයිට් එකක්
    මෙන්න බලන්න මම ගැනැ තිබ්බ දේවල්

    http://www.kabalarians.com/male/dilshan.htm


    *Your first name, Dilshan, makes you independent, resourceful, practical, and patient.

    *You could be inventive along scientific or technical lines.

    *You are fussy about details and seek perfection in whatever you undertake. = අම්මියෝ ... ඇත්තනේ

    *Being somewhat wilful and skeptical, you learn best through your own experiences and seek proof though facts. = හත්තිලව්වේ.....!!!!

    *You work best alone, making your own decisions, and learning from your own experiences. = අම්මියෝ ...

    *Despite your loyalty to friends, your communication at times is stilted, too candid, and frank. = හපොයි......

    *The name Dilshan creates the urge to be creative and original, but we point out that it limits your versatility and scope, tuning you to technical details. = ත්‍රෙඩ් එක කියෙව්වම හිතෙන්නෙ නැද්ද ?

    අනේ මන්ඳා
    කනා ශොට් වෙන්න ඇති
    නැත්නම් හැම කෙනාටම ගැලපෙනවත් ඇති
    නැත්නම් මම ඇප්ලයි කරගත්තා වෙන්නත් ඇති
    මොකක් උනත් මට හිතෙනවා මට ගොඩාක් ගැලපෙනවා කියලා
    අර මම ඉස්සෙල්ලා බලපු කෙනාටත් අතිශයෙන් ගැලපුනා
    තව නම් ටිකක් චෙක් කරන්න ඕනි
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    උප්පැන්නේ මොකක් තිබුනත් මට හිතෙන විදිහට දැන් තමා ඔයා බෞද්ධයෙක් වෙන්න යන්නේ.
    මමත් ඔය විදිහට හිතපු කාලයක් තිබුනා . ඔයාගේ අදහසුත් ලැබෙන දැනුම , අත්දැකීම් අනුව වෙනස් වෙයි.
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    මචං උඹ දන්නවද sir isaac newton කියල දුන්න F=ma කියන thiory එක? :rolleyes::rolleyes::rolleyes:
    දන්නවනම් ඒක පොඩ්ඩක් පහැදිලි කරපන්.
    පුලුවන්නම් ඒ theory එක පිං පවු theory එකට link කරල බලපන්. සමහර විට උඹට තේරෙයි.
    :yes::yes::yes:

    අනික අපි මේ ලෝකෙට ආපු හැටි නෙවේ , මුහුදට වතුර පිරිච්ච හැටි හිතපන්... :sorry::sorry::sorry:
    ඒකට උත්තරේ හිතාගන්න පුලුවන්නම් අපි මේ ලෝකෙට ආපු හැටි ගැන කතා කරමු.

    මාත් ආසයි මේ වගේ මතෘකා ගැන කතා කරන්න. මම thread එකක් දැම්මා, ඒකට හුගක් පණ්ඩිතයො කතා කලා. ඒත් උන්ට මම අහපු දේවත් තෙරුනේ නැහැනෙ.
    අපරාදෙ මගේ මහන්සිය.... :(:(:(
    උන් දන්නෙ අම්මයි තාත්තයි බුද්ධාගමේ උනාම උනුත් බුද්ධාගමේ, උන් බුද්ධාගම ගැන හැම දෙයක්ම දන්නව කියලා.:growl::growl::growl:

    ඒ අතින් මට උඹ ගැන සතු‍ටුයි ටිකක් එහාට හිතපු එක ගැන.... :yes::yes::yes:
    උඹේ පොඩි වැරද්දක් තියෙනවා. ඒක මම පස්සෙ කියන්නම්.

    එලකිරි මචං........
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    "නිවනක් පවතියි"? මීට පෙර අසා නැහැ මේ බවක් නම්. නිවන කියන්නෙ පැවැත්මක් නොවෙයි මිත්‍රයා. සමහර විට මේ අහන්න උත්සාහ කරන්නෙ නිවන සත්‍යයක් කියල පිලි ගන්නෙ ඇයි කියල වෙන්න ඇති. දුකින් අත්මිදෙන්න පුළුවන්. නිවන කියන්නෙ ඒකයි. දුකෙන් අත්මිදිය හැකි බව කියවෙන බුදු වදන සැක නම් මිත්‍රයා බටහිර විද්‍යාඥයන්ට වත් හරි හැටි විවරණයක් නැති ක්වන්ටම් විද්‍යාව සත්‍යයක් කියල පිළි ගන්නෙ කොහොමද? සත්‍ය අසත්‍යතාවය ස්වාදීනව හොයාගන්න උඹට බැරි වෙයි මිත්‍රයා උඹ බුදුවරයෙක් නොවෙයි නම්. ඒත් බුදුන් දේශනා කළ පිළිවෙලට ඒ දේවල් ටික කලොත් තමන් තුලින්ම දැකගන්න නම් පුළුවන් වෙයි දුකින් මිදිය හැකි බව. බටහිර විද්‍යාව අන්ධ භක්තියෙන් අදහන ඕනෑම කෙනෙක්ට ඇරිස්ටෝටලියානු න්‍යායෙන් අවබෝධ කළ නොහැකි හැම දේම නිකන්ම 'පචයක්'. ක්වන්ටම් විද්‍යාවත් ඇරිස්ටෝටලියානු න්‍යාය තුල සම්පූර්නයෙන්ම නිර්වචනය කරගන්න බැරි නිසා බටහිර විද්‍යා ක්ෂේස්ත්‍රයේම ඉන්න සමහරුන්ට අනුව ක්වන්ටම් විද්‍යාවත් 'අමු පචයක්' සමහරුන්ට ඒක අසම්පූර්ණ තියරියක්. නිවන ඇරිස්ටෝටලියානු න්‍යායෙන් අවබෝධ කළ නොහැකි නිසා බටහිර විද්‍යාවට බලෙන් හරි හුරු කෙරෙව්ව අයට නිවන 'පචයක්'. කණගාටුවෙන් වුණත් කියන්න තියන්නෙ ලංකාවෙ පාසල් පද්ධතිය තුල ඇත්තෙ බටහිර චින්තන ආධිපත්‍යයට යටත් වුන අධ්‍යාපනයක්. ඒ නිසා දන්න ලොජික් වලින් නිවන් දකින්න බැරි වුණ තැන නිවන පචයක් යැයි සිතීම අනුවන කමක් මිත්‍රයා.

    මේ තර්කය හරි..:yes: :yes: :yes:
    තුන් කල් හී දකින නුවණ ඇති බුදුකෙනෙක් ගේ වචනය පිලිගන්න බැරිනම්.....
    අයින්ස්ටයින් මාමා කියපු E=mc^2 පිලිගන්නෙ කොහොමද? :rolleyes: :rolleyes:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Again I'm telling.....

    " Little Knowledge is Dangerous"

    No matter what the subject..the field...job..etc..etc..

    That's why you cannot explain it to a person...
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕවා ඕනෙවට වඩා හිතන්න යන්න එපා මොලේ කචල් වෙයි ඒක නිස දෙන දෙයක් කාල ව්න දෙයක් බලාගෙන හිටපන්. ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනම නැත .