20-20ක්‍රිකට්_ලීග

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ලෝක කුසාලාන උණුසුම මැකී යන්නටත් මත්තෙන් IPL ක්‍රිකට් උණුසුම ලෝකයම ගිල ගනිමින් පවතී.මම අද තොරතුරු බෙදා හදාගන්න හදන්නෙ ලෝකයේ විවිධ රට වල් වල පවත්වන විස්සයි විස්ස ක්‍රිකට් ලීග(T20 leagues) පිළිබඳවයි.අප බොහෝ දෙනා අතර ජනප්‍රිය IPL 20-20 තරඟ පමණයි නමුත් ලෝකයේ බොහෝ රටවල් දැන් දැන් වඩා තරඟකාරී,වර්ණවත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් යොදා ගනිමින් මෙවැනි ලීග පවත්වනවා.මම අන්තර්ජාලයේ සැරිසරන විට සොයාගත් තොරතුරු මත මෙම ලිපිය සැකසී තිබෙනවා:).මෙම ලිපිය පුරාවට ලෝකයේ දැනට පවත්වන T20 ලීග කීපයක තොරතුරු ඇතුලත්ව ඇත.



    Indian Premier League(IPL)



    kochi-ipl-logo.jpg



    මෙම තරඟාවලිය ආරම්භ වුනේ 2008 වර්ශයේ දී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලිකත්වයෙන්.මෙයට ප්‍රධානම හේතුව වූයේ පෞද්ගලික ආයතන කීපයක් විසින් එක්ව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව ක්‍රිකට් ලීගයක් පැවැත් වීමයි.ඒ කෙසේ වෙතත් මෙම IPL තරඟාවලිය ක්‍රිකට් වංශකතාවේ වැදගත් පිටුවක් සනිටුවන් කරණුයේ ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩක වෙන්දේසියක් මගින් මේ සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම නිසාය. මෙම ක්‍රිකට් ලීගය හුදු ව්‍යාපාර වාසි තකා ඇරඹුණද මෙහිදී ක්‍රීඩකයන්ට ලැබෙන විශාල මුදල් කන්දරාව නිසා ක්‍රීඩකයන් පැත්තෙන් නම් කිසිම අවාසියක් සිදු වී නැත.IPL තරඟාවලියේ තවත් වැදගත් කාරනයක් නම් එහිදී බොලිවුඩ් සිනමා තරුද මෙම තරඟාවලිය වර්ණවත් කිරීමට එක්වසිටීමයි.නැටුම්,ගැයයුම් වලින් සමන්විත මෙම තරඟාවලිය ක්‍රිකට් සැනකෙලියක් ලෙස හැඳින්වීමේද වරදක් නැත.මේ වන විට IPL තරඟ 3ක්(2008,2009,2010) පවත්වා ඇති අතර එම තරඟාවලිවල ජය පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස්,ඩෙකෑන් චාජ(ර්)ස් හා චන්නායි සුප(ර්) කින්ග්ස් හිමි කර ගන්නා ලදී.ආරම්භක වසර තුනේ කණ්ඩායම් 8කට පමණක් සීමා වූ මේ තරඟාවලිය අද වන විට කණ්ඩායම් 10 දක්වා වැඩි වී ඇත.

    IPL කණ්ඩායම්වල ලාංඡන

    298px-Chennai_Super_Kings_Logo.svg.png

    HyderabadDeccanChargers.png

    298px-Delhi_Daredevils_Logo.svg.png


    254px-Kings_XI_Punjab_Logo.svg.png

    300px-Mumbai_Indians_Logo.svg.png

    300px-Rajasthan_Royals_Logo.svg.png

    239px-Royal_Challengers_Bangalore_Logo.svg.png

    KKR-logo.png

    298px-Kochi_Tuskers_Kerala_Logo.svg.png

    Pune_Warriors_India.png

     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    T20 Big Bash


    KFC-T20-Big-Bash.png



    KFC බිග් බෑෂ් යනු ඕස්ට්‍රේලියාවේ 20-20 ක්‍රිකට් ලීගයයි.මෙය පළමු වරට ආරම්භයේ 2005 වසරදීය.තම රටේ ක්‍රීඩකයන් 20-20 තරඟ වලට හුරු කරවීමේ ප්‍රයත්නයක් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය KFC සමාගම සමග අත්වැල් බැඳගනිමින් මෙම ලීගය ආරම්භ කරන ලදී.කණ්ඩායම් 6කින් සමන්විත වන මෙම තරඟාවලිය බොහෝ ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස එක් තරඟයක් නැරඹීමට 20,000(average) ක වැනි විශාල ජනකායක් සහාභාගී වන බව සමීක්ශණ වලින් හෙලි විය.මෙහිදී 2005,2006,2007 හා 2009 වසර වල ශූරතාවය වික්ටෝරිය බුෂ් රේන්ර(ර්)ස් කණ්ඩායම දිනා ගත් අතර 2008 වසරේ ශූරතාවය නිව් සෞත් වේල්ස් කණ්ඩායමත්.2010දී ශූරතාවය සෞත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් දිනා ගන්නා ලදී.වර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රීඩකයන්ද මේ සඳහා සහභාවන නිසා තරඟකාරිත්වය ඉහල ගොස් ඇත.එමෙන්ම 2011 වර්ශයේ පැවැත්වෙන තරගාවලිය නව ආරකින් ඉදිරිපත් කෙරෙන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියාව දන්වා සිටී.

    SpeedBlitz_Blues.png

    SA_Redbacks_logo.png

    Tassie_Tigers.png

    Western_Warriors.png

    Bulls_transparent.png

    Bushrangers_Logo.jpg

     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Friends Provident T20


    Friends-Provident-t20.jpg


    මෙම ක්‍රිකට් ලීගය ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තයේ 20-20 ක්‍රිකට් ලීගයයි.මෙම ලීගය 2010 වසරේ නිල වශයෙන් ආරම්භ වූ අතර ඒ සඳහා කණ්ඩායම් 18ක් තරඟ වදිනුයේ කණ්ඩායම් 9 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේදීය.මුලින්ම මෙම ලීගය EPL(English Cricket League) ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබුණද පසුව එය Friends Provident Cup ලෙස වෙනස් කෙරිණි.මෙහි පැවති පළමු හා එකම තරඟාවලියේ ශූරතාවය හැම්ශය(ර්) රෝයල්ස් කණ්ඩායම දිනා ගන්නා ලදී.මෙම තරඟාවලිය සඳහා ද ලොව නන් දෙසින් ක්‍රීඩකයන් සහාභාගී වන අතර ටෙස්ට් තරඟ වල වැඩි ඇල්මක් දක්වන ජනතාවක් සිටින එංගලන්තය තුළ මෙම තරඟාවලි ජනප්‍රිය කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය විශාල උත්සහයක් ගනී.


    kevin-pietersen_1656867c.jpg


    Untitled-1.jpg


    තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සහ ප්‍රතිඵල


     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Standard Bank T20(Pro T20)


    Standard-Bank-Pro20-Series.jpg



    මෙම ලීගය දකුණු අප්‍රිකාවේ 20-20 ක්‍රිකට් ලීගයයි.මෙය ආරම්භ කරන ලද්දේ 2003 වසරේදී ය.මෙම තරඟාවලියට කණ්ඩායම් 6ක් සහාභාගී වන අතර 2007 වසරේ සිට සිම්බාබ්වේ කණ්ඩායමද මේ සඳහා එක් වීම විශේෂ කරුණකි.ස්ටෑන්ඩ(ර්)ඩ් බැංකුව සම ඉතා මනාව කරගෙන යන මෙම 20-20 තරඟාවලිය නරඹන්නන්ට ඉතා ඉහළ ආශ්වාදයක් ලබා දීමට සමත්ව තිබීම පැසසිය යුතු කරුණකි.2003 හා 2005 වසර වල ශූරතාවය ඊගල්ස් කණ්ඩායමත්,2004 හා 2007 වසර වල ශූරතාවය ටයිටන්ස් කණ්ඩායමත්,2008 හා 2010 වසරවල ශූරතාවය කපෙ කෝබ්‍රා කණ්ඩායමත්, 2006 දී ශූරතාවය ලයන්ස් කණ්ඩායමත්,2009 වසරේ ශූරතාවය වොරිය(ර්)ස් කණ්ඩායමත් දිනා ගන්න ලදී

    සහාභාගී වන කණ්ඩායම් වල ලාංඡන

    CapeCobras.jpg


    Chevrolet_Knights.png


    Highveld_Lions_Logo.jpg


    Titanscricket.jpg


    Chevrolet_Warriors_Logo.png

     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    HRV Cup


    images



    මෙය නවසීලන්තයේ 20-20 ලීගයයි.මෙම ලීගයට මෙම නම ලැබී ඇත්තේ මෙහි අනුග්‍රහාකයා නිසාය.HRV තරඟාවලිය ආරම්භවන්නේ 2006 වසරදී.නවසීලන්ත ප්‍රේක්ෂකයන්ද 20-20 තරඟ සඳහා වැඩි ඉඩක් ලාබා නුදුන්නද නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තරඟාවලිය ජනතාව අතරට ගෙනයාමට ඉහළ උත්සහයක් දරයි.නවක ක්‍රීඩකයන් මෙන්ම පරිනත ක්‍රීඩකයන්ගෙන් ද සමන්විත කණ්ඩායම් 6ක් මේ සඳහා තරඟ කරයි.ඊට අමතරව විදෙස් ක්‍රීඩකයන් ද මීට සහභාගී වීම මඟින් මෙහි තරඟකාරිත්වය තවත් වැඩි වී තිබේ.

    සහාභාගී වන කණ්ඩායම්


    Wellington_large.gif



    Canterbury_large.gif



    Otago_large.gif



    Central_districts_large.gif



    images.jpg



    174600_140674402660210_4763881_n.jpg











    Caribbean T20


    Caribbean-t20.png



    මෙය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී 20-20 ලීගයයි.මෙම ලීගය ආරම්භ වීමට හේතුවද රසවත් එකකි.මුලින්ම මෙම 20-20 තරගාවලිය ලෙස ආරම්භවුනත් පසුව හෙලි වූ මූලය වංචා නිසා මෙම තරගාවලිය නවතා දමන ලදී.නමුත් පසුව බටහිර ඉන්දියන් කොදෙව් ක්‍රිකට් සංගමය කැරිබියන් 20-20 තරගාවලිය අරඹන ලදී.වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම යම් පසු බෑමක සිටියත් මෙම 20-20 තරගාවලිය නැරඹීමට සැළකිය යුතු ජන සහභාගීත්වයක් පෑවතීම සතුටට කරුණකි.මෙම තරගාවලියට කණ්ඩායම් 10ක් සහාභාගී වන අතර,පළමු තරගාවලිය 2009 වසරේ පැවැත්වුණු අතර පසු ගිය වර ශූරතාවය ට්‍රනිඩෑඩ් සහ ටොබැගෝ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

    TN172836_west-indies-cricket.jpg



    120145.2.jpg






    ඉහත සදහන් ලීගවලට අමතරව තවත් ලෝකයේ පවත්වනු ලබන ක්‍රිකට් ලීග කීපයක් පහතින් දැක්වේ.


    5594911585148881.jpg


    Sri Lanka


    Faysal_bankT20.jpg


    Pakistan


    NYPD-cricket.jpg


    United States of America(New York)


    NCL_T20_Logo.jpg


    Bangladesh


    images


    Canada








    මෙම ලිපිය සම්පූර්ණයෙන් ම මා විසින් සකසන ලද්දක් බව සළකන්න.


    Add Rep+ If You Like

     
    Last edited:

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    oya magula thamai apata cup eka ganna thibuna chance ekata keliye......:growl::growl:
    ajuuthai...........:growl::growl:

    mathak karanna epa.........:angry::angry::angry::angry::angry::angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    IPL nisa tamai ape godak bowlers lata indian karayo gehuwe
    Lankawe batsmen la nam IPL gehuwat awulak neha bowlers la play karana eka apita loku paaduwak :)
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    :)

    wfk banz
    den nam cricket epaaa welaa banz

    ලෝක කුසලාන පරාජයත් එක්ක මෙහෙම හිතෙන එක සධාරණයි



    :nerd:

    oya magula thamai apata cup eka ganna thibuna chance ekata keliye......:growl::growl:
    ajuuthai...........:growl::growl:mathak karanna epa.........:angry::angry::angry::angry::angry::angry:

    එකක් ගැන විතරක් කතා කරන්නෙ ඇයි යාළුවා?:(

    IPL nisa tamai ape godak bowlers lata indian karayo gehuwe
    Lankawe batsmen la nam IPL gehuwat awulak neha bowlers la play karana eka apita loku paaduwak :)

    :yes: