ලෝක කුසාලාන උණුසුම මැකී යන්නටත් මත්තෙන් IPL ක්‍රිකට් උණුසුම ලෝකයම ගිල ගනිමින් පවතී.මම අද තොරතුරු බෙදා හදාගන්න හදන්නෙ ලෝකයේ විවිධ රට වල් වල පවත්වන විස්සයි විස්ස ක්‍රිකට් ලීග(T20 leagues) පිළිබඳවයි.අප බොහෝ දෙනා අතර ජනප්‍රිය IPL 20-20 තරඟ පමණයි නමුත් ලෝකයේ බොහෝ රටවල් දැන් දැන් වඩා තරඟකාරී,වර්ණවත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් යොදා ගනිමින් මෙවැනි ලීග පවත්වනවා.මම අන්තර්ජාලයේ සැරිසරන විට සොයාගත් තොරතුරු මත මෙම ලිපිය සැකසී තිබෙනවා
.මෙම ලිපිය පුරාවට ලෝකයේ දැනට පවත්වන T20 ලීග කීපයක තොරතුරු ඇතුලත්ව ඇත.
Indian Premier League(IPL)
.මෙම ලිපිය පුරාවට ලෝකයේ දැනට පවත්වන T20 ලීග කීපයක තොරතුරු ඇතුලත්ව ඇත.Indian Premier League(IPL)
මෙම තරඟාවලිය ආරම්භ වුනේ 2008 වර්ශයේ දී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලිකත්වයෙන්.මෙයට ප්‍රධානම හේතුව වූයේ පෞද්ගලික ආයතන කීපයක් විසින් එක්ව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව ක්‍රිකට් ලීගයක් පැවැත් වීමයි.ඒ කෙසේ වෙතත් මෙම IPL තරඟාවලිය ක්‍රිකට් වංශකතාවේ වැදගත් පිටුවක් සනිටුවන් කරණුයේ ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩක වෙන්දේසියක් මගින් මේ සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම නිසාය. මෙම ක්‍රිකට් ලීගය හුදු ව්‍යාපාර වාසි තකා ඇරඹුණද මෙහිදී ක්‍රීඩකයන්ට ලැබෙන විශාල මුදල් කන්දරාව නිසා ක්‍රීඩකයන් පැත්තෙන් නම් කිසිම අවාසියක් සිදු වී නැත.IPL තරඟාවලියේ තවත් වැදගත් කාරනයක් නම් එහිදී බොලිවුඩ් සිනමා තරුද මෙම තරඟාවලිය වර්ණවත් කිරීමට එක්වසිටීමයි.නැටුම්,ගැයයුම් වලින් සමන්විත මෙම තරඟාවලිය ක්‍රිකට් සැනකෙලියක් ලෙස හැඳින්වීමේද වරදක් නැත.මේ වන විට IPL තරඟ 3ක්(2008,2009,2010) පවත්වා ඇති අතර එම තරඟාවලිවල ජය පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස්,ඩෙකෑන් චාජ(ර්)ස් හා චන්නායි සුප(ර්) කින්ග්ස් හිමි කර ගන්නා ලදී.ආරම්භක වසර තුනේ කණ්ඩායම් 8කට පමණක් සීමා වූ මේ තරඟාවලිය අද වන විට කණ්ඩායම් 10 දක්වා වැඩි වී ඇත.
IPL කණ්ඩායම්වල ලාංඡන
Last edited:






