කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

trafficz-girls.gif

මෙම විචාරය මිනිස් වෙසින් සිටිනා හරක් සඳහා නොවන බවත්, විචාර බුද්ධියක් ඇති මිනිසුන් සඳහා පමනක් බවත්, තරමක් දිගු ලිපියක් බැවින් කියවීමට ඉවසීම ඇති අය සඳහා පමනක් වන බවත් කරුනාවෙන් සලකන්න.

cow_face_375no.jpg

ලංකාවේ සහ අනිකුත් දකුනු ආසියාතික රටවල කාන්තාවට සලකන්නේ දේවත්වයෙන් යැය් මහා පඬියන් කියනවා මම අසා ඇත්තෙමි. නමුත් යමක් කමක් තේරෙන්නට පටන් ගත් කල සිට මට ඇති වූ ගැටලුව නම් සමාජයේ දකින්නට ඇත්තේ මීට පරස්පර විරෝදී තත්වයක් වීමය්.

බොහෝ අයට අනුව ලංකාවේ ඇත්තේ සිංහල බොදු සංස්කෘතියකි(මගේ මතය නොව). එම නිසාම මෙම සිංහල සංස්කෘතියට අයිති මිනිසුන් කාන්තාවට සලකන්නේ කෙසේදැය් බලමු.පැහැදිලිව කිවහොත් අප සමාජයේ මිනිසුන් තුල, විශේශයෙන්ම පිරිමින් කාන්තාවන් කෙරෙහි දක්වන්නේ අමුතුම තේරුම් ගන්නට අපහසු ආකල්පයකි. මෙය වඩාත් පැහැදිලිව තේරුම් ගන්නට හැකිවන්නේ විවිධ ජීවන රටාවන්ට හුරුවූ කාන්තාවන් කෙරෙහි සිංහල බොදු සංස්කෘතියේ යැය් මිනිසුන් දක්වන ප්‍රතිචාර හරහාය.

අද කාලයේ ප්‍රසිද්ධ මාතෘකාවකින්ම කතාව ආරම්භ කරමු. Night club එහෙමත් නැතිනම් රාත්‍රී සමාජ ආශ්‍රය කොට ගත් ජීවන රටාවකට හුරු වූ සමාජ කොට්ටාශයක් අපේ රටේ ඇත. තේරෙන භාශාවෙන් කිවහොත් මිනිස්සු තමන්ගේ මුදල් වැය කොට මෙවැනි ස්ථාන වලට යන්නේ fun එකක් ගැනීමටය. එවැනි තැනකට යන කාන්තාවක් ගැන ඔය කියනා මහා ලොකු සිංහල බොදු සංස්කෘතියට අයිති මධ්‍යමපාන්තික තරුනයෙකුට හෝ නාකියෙකුට පවසන්න, සාමාන්‍යයෙන් පිලිතුර වන්නේ " තු නොදකින් ඕකුන් මහ බඩු නෙ, සංස්කෘතිය කනව" නැත්තන් "ඇත්තටම මේ රටට මොනා වෙලාද , කාලකන්නි හැත්ත, මුන්ට අම්මල තාත්තල නැද්ද මන්ද". කාරනය පැහැදිලිය, අපගේ සමාජයේ සාමාන්‍යයෙන් පවතින මතය මෙයය්. මොවුනට අනුව සමාජ ශාලවකට යන සියලුම කාන්තාවෝ බඩුය, ශිශ්ට විදියට කිව්වොත් ගනිකාවෝය, උන්ට හැදියාවක් නැත. ජීවිතයට night club එකකට පය ගසා නැතත් මොවුන්ගෙන් night club වල වෙන්නෙ මොනවාදැය් ඇසුවොත් පොතක් ලියන්නට තරම් කරුනු අසා ගත ඇත. උන්ට අනුව night club වලට යන හැම එකාම යන්නේ ඇති පදම් මත් පැන් පානය කොට අහු වෙන එකෙක් එක්ක බුදිය ගැනීමටය. ඇත්තටම මේවා මනස්ගාතය, තමාට ජීවත් විය නොහැකි සුපිරි ජීවිතයක් ගත කරනා මිනිසුන් ගැන මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයය් කියාගන්නා අයට ඇත්තේ පුදුම ඉරිසියාවක් සහ කේන්තියක්ය. එම නිසා හිතින් මනස් ගාත මවා ගෙන සල්ලි නැතත් අපෙ චරිතෙ හොන්දය් කියා සිත සනසා ගැනීමට ඔවුන් හරි කැමතිය.

නමුත් පරස්පරවිරෝධී තාවක් ඇත. ඔවුන්ට අනුව night club ගිහින් බිව්වොත් මහා අපරාධයකි, උන් හැදියාවක් නැති උන්ය. නමුත් ඔය සිල්වත් මධ්‍යපාන්තික සමාජයේ අයද යාලුවො එක්ක සෙට් වේ ගෑනිගෙන් ඔම්ලට් එක හදාගෙන ඇදගෙන වැටෙන තරමට බිව්වත් උන් හොන්ද මිනිස්සුය.
night club එකකදී කෙල්ලෙක් කොල්ලාව සිප ගත්තොත් ඇය බඩුවකි. නමුත් ගෝල්ෆේස් එකේ කුඩ යට සිටින කපල් අහින්සකය, පොලිසියෙන් අල්ලාගත්තොත් අනේ අපොය් නිදහසේ ලව් කරන්නවත් නැති හැටි කියා කියනව මම ඕන තරම් අසා ඇත. night club යන තරුනිය දිහාත් මධ්‍යමපාන්තික තරුනිය දිහාත් දෙවිදියකට බලන්නේ ඇයි? මෙයින් පැහැදිලි වන්නේ මේ මිනිස්සු මහා දෙබිඩ්ඩො කියා නෙමෙය්ද.

සමාජයේ තව කතාබහට ලක්වෙන කාරනාවක් වන්නේ කාන්තාවගේ ඇඳුමය. සිංහල බොදු සංස්කෘතියේ කියාගන්නන්ට පහල වන්නේ අසාමාන්‍යය මට්ටමේ සිත්ය. දනහිසෙන් උඩට කෙල්ලෙක් ඇඳුමක් ඇන්දොත් ඔවුන්ට ඇය බඩුවකි. short shorts අන්දින කෙල්ලෝ වල්ය, උන වෛශ්‍යාවෝය, උන් සිංහල සංස්කෘතිය කාබාසිනියා කරය්. කතා කරන්නේ ඉංග්‍රීසි නම් උන් පොශ් වෙන්නට හදන අම්ම අප්ප නැති උන්ය. කාන්තාවක් දැක්ක ගමන් උප්පැන්න සහතිකේ සිට විස්තර පැවසීමට මෙම සිල්වත් මිනිසුන්ට ඇති හැකියාව විශ්මය දනවන සුලුය. මම දන්නා තරමින් වෛශ්‍යාවක් යනු මුදලට මිනිසුන් සමග ලිංගිකව එක්වන්නන්ය. එසේනම් මෙම මිනිසුන් සිතන්නේ දනහිසට ඉහලින් ඇඳුමක් අදින හැම කාන්තාවම ලිංගිකව එක්වන්නට සූදානම් ව සිටින්නන් බව නොවේද. මොවුන් මෙවැනි මනස්ගාත හිතේ පුරෝගත් දූපත් මානසික රෝගයෙන් පෙලෙන්නෝය. ලොකුම විහිලුව වන්නේ කොටට අන්දින කෙල්ලෙක් දැක්ක ගමන් වඩාත් මල පනින්නේ ඔය සංස්කෘතියෙන් පැවත එන පිරිමින්ට වීමය්. මොවුන් සම ලිංගික්යෝද ?. මොකද සමලිංගික නොවන පිරිමිනම් කාන්තා සිරුර දැකීමට කැමති වීමය්. නමුත් ඇත්ත කාරනයම් රහසේ මොවුන් එවැනි තරුනියන් ගැන සිහින මවය්. ඔවුන් කියනා විදියටම පොශ් කෙල්ලෙක් සමඟ ජීවිතයට සම්බන්ධතාවයක් පැවතීමට ඔවුන්ට නොහැකි බව ඔවුන් දනී, එවැනි තරුනියන් ඔවුන්ව පඩයක තරමටවත් මායිම් කරන්නේ නැති බව දන්නා නිසා බොරුවට සංස්කෘතිය සහ ආගම ඉස්සරහට දමා තුල කකෑරෙන ඉරිසියාව සහ වෛරය පිටකරගනී. එයින් සිදු වන්නේ නිර්මල බුදු දහම පිලිබඳ අනිකුන් තුල වැරදි ආකල්පයක් මතු වීම පමනි.

 
Last edited:

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ඔවුන්ට අනුව Beauty pageant එකකට කාන්තාවක් සහභාගී උවවොත් ඇය එසේ කරන්නේ වලත්ත කම නිසාය . උන් බඩුය. කාලයකට පෙර දෙරන මිස් ශ්‍රීලංකා ආරම්භ කල විට දෙරනට මඩ ගැහුවෝය. සංස්කෘතිය විනාස කරතැය් චෝදනා කලේය. නමුත් කාන්තාවක් තමන්ගේ ඇඟ පෙන්නූ විට ඔය මහා සංස්කෘතිය විනාශ වන්නේ කෙසේදැය් එකෙක්වත් හරියට පැහැදිලි නොකරය්. bikini එකක් ඇන්ද පමනින් ගැහැනියක් ගනිකාවක් වන්නේ කොහොමදැය් පැහැදිලි කිරීමට එකෙක්ටවත් නොහැකිය. ඔවුනට ඇත්තේ පැහැදිලි ඉරිසියාවය්

මීටත් වඩා හාස්යකය ජනක වන්නේ මහා ධර්ම දර, මාහාචාර්ය වරුන් යැය් කියාගන්නා පොරවල් මාධ්‍යයට ඇවිත් කියන කතාය. ස්වාධීන පචනාලිකාවේ විකාශය වන එක්තරා බෞද්ධ යැය් කියාගන්න සංවාද ශීලී වැඩසටහනකට නිතර සහභාගී වන මහාචාර්ය වරයකු සිටී. ඔහුට අනුව සමාජයේ සියලු කාන්තාවෝ ඔහුගේ දියනිවරුය(පුහ් මාරය් ආහ් :lol:). ඔහුට අනුව අපගේ දියනි වරුන් හොඳ දියනි වරු වීමට නම් හිසේ සිට දෙපතුල දක්වා ආවරනය වී තිබිය යුතුය. ගායක ගායීකාවන්ගේ නලු නිලියන්ගේ පෝස්ටර් බිත්තියේ ගසා ගැනීම නොකල යුතුය. එය මහ පොලොව නුහුලන අපරාධ‍යකි. ලස්සන ඇඳුම් නොඇඳිය යුතුය, පිරිසිඳු සිංහල කතා කල යුතුය, music video වල නොසිටිය යුතුය. එසේ නම් මේ පුද්ගලයාට අනුව නියම සිංහල බෞද්ධ කාන්තාවක් යනු හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කරගත්, ඉංග්‍රීසි ගීත වෙනුවට අමරදේව මහතාගේ ගීත අසන, වැරහැලි අඳින, සිංහල පමනක් කතා කරන කාන්තාවෝය. ඔය ටික කරන හැම තරුනියම අති පිරිසිඳු නිර්මල සිංහල බෞද්ධ කාන්තාවෝය. අනේ මෙහෙමත් මිනුම් දඬු.නමුත් ඔය ටික ත්‍රිපිටකයේ සන්දහන් වන්නේ කොතනැදය් මම නොදනී.

මේ සියලු කාරනා වලින් පැහැදිලි වන්නේ අපේ රට තුල ඇති දූපත් මානසිකත්වයය්. ඔය කියනා මධ්‍යමපාන්තික තරුනයෝ කුඩා කල සිට දෙම්ව්පියන් විසින් සංස්කෘතික සහ ව්කෘති වූ ආගමික මතවාද පොවා මානසික ලෙඩුන් බවට පත්කොට ඇත. ලිංගිකත්වය ගැන අංශුමාත්රයක් නොදන්නා තොත්ත බබාල පිරිසක් බිහි කොට ඇත. ඉතින් ඔවුන්ට කෙල්ලෙක් ගේ කකුල් දෙකක් දැකීමත් මහා මැජික් එකකි. උන්ට මිනිස් ශරීරය හරි අමුතු එකකි. එවිට ඔවුන් මේ මොකක්ද යකෝ මේ අමුතු මෙව්ව එක යැය් සිතා සිහිය විකල් කර ගනී. කවදාවත් නොලැබෙන දෙයක් බව නොදන්නා නිසා හිතේ ඉරිසියාව ඇති කරගනී. ඉරිසියාව වෛරයට පෙරලගනී. නිකන් දොඩවන්නට ගියහොත් පිස්සෙක් යය් සිතන නිසා බොරුවට සංස්කෘතිය ආගම කනවා යැය් චෝදනා කොට හිතේ තිබෙන ඉච්ඦාබංගත්වය පිටකරගනී. කොතරම් ඔවැනි කාන්තාවන්ට මඩ ගැහුවත් හොර රහසේ අසබ්‍යය චිත්‍රපටි බලය්. කොතරම් අසබ්‍යය චිත්‍රපට් බලනවාද කියතොත් අවසානයේදී රජයට වෙබ් අඩවි තහනම් කිරීමටද සිදුවිය.:lol: පේනව නේද දෙබිඩ්ඩන්ගෙ තරම.

මේවා ගැන කතා කරනවිට විචාර බුද්ධියක් නැති මා ඉහත සන්දහන් කල සිංහල බෞද්ධ තොත්ත බබාලාගෙන් ලැබෙන පිලිතුරනම් හා උඹ එහනම් උඹේ ගෑනිව,අක්කව night club යවපන්කො, එහෙනම් ගෑනිව අපිට දියන්කො යන්නය්. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ සංවාදයකට එලඹීමට නොව තමනට එල්ල කල විවේචනය දරා ගත නොහැකිව සිත යටින් හඬා වැලපෙන නිසාය. මා මගේ සහකරුව night club යැව්වත් නැතත් night club යන සියලු කාන්තාවන් හා bikini අඳින සියලු කාන්තාවන් ගනිකාවන් යැය් සිතීමට තරම් මගේ චින්තනය පටු නැත.

බෞද්ධ ධර්ශනයට මා ඉතා ගරු කරය්. නමුත් මෙවැනි මානසික ලෙඩුන් විසින් කාන්තාවන්ට ලේබල් ගැහීමෙන් සිදුවන විපාක දෙකකි. එයින් නිර්මල බුදු දහම විකෘති වීමය්. සිංහල බෞද්ධ යනු ඔන්න ඔය නිර්මල බුදු දහම විකෘති කොට හදාගත් එකකි .මෙම විචාරය අන්න ඒ සංස්කෘතිය ගැනය්. අනික් විපාකය නම් කාන්තාව කොටු වීමය්. කාන්තාවට තමා කැමති ඇඳුමක් අන්දින්නට කලින්, රඟපෑම වෘතිය ලෙස තෝරාගන්නට කලින්, සමාජ ශාලාවකට යන්නට කලින් දෙවරක් සිතීමට සිදුවේ. මන්දයත් තොත්තබබාලාගේ අපහස වින්දින්නට සිදු වන බැවිනි.

අන්තර්ජාලයේ එක්තරා තැනකින් කියවා මතක ඇති වචන කිහිපයකින් ලිපිය අවසන් කරමි. ලමාසාරියක් ඇන්දත්,ශෝට් ඩෙනිම ඇන්දත්, නැශනල් එක ඇන්දත්, කලිසම ඇන්දත් ඔය සියල්ලම ඇතුලේ ඇත්තේ නිරුවත් ශරීරයක් පමනි.

-DF-
 
Last edited:
  • Like
Reactions: jeffli

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    I have only one question for you.

    Do you like that your mother or sister visit a night club?

    This is an open question, I expect a yes/ no answer from you.
    Thanks,
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    patta machn oka apita therunath oka theren nathi ewn elakiri eketh innawa...anika ara ube gaaniwa naththam akkawa night club yawapanko kiwwama - api yawanne mokatada gaani hari akka hari kamathinam giyaden...eka eyage freedom eka...thaniyama yanda ba kiyanawanam matath enda kiwwoth yanawa..anika dan ape lankawe ewn adum adinda kiwwata issarama lankawe ewn baagetamai ande...anthappura thibbeth lankawe...kattiyata mona hari kiyapu gaman ape atheetha rajawaru mehemai kiyalanam kiyanawa...eth atheethe ithuru tika kiyan na
     

    chathurad1

    Member
    Dec 16, 2009
    86
    1
    0
    I have only one question for you.

    Do you like that your mother or sister visit a night club?

    This is an open question, I expect a yes/ no answer from you.
    Thanks,
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නයිට් ක්ලිබ් ගියා කියලා හැමෝම ඒවගේ වෙන්නේ නම් නෑ තමයි, ඔය ඔහොම කියන එකෙක්ව අරගෙන ගිහින්ම පෙන්වන්න ඕනා කියන තරම් යකා කලු නෑ කියලා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    නයිට් ක්ලබ් වලට යන්න සල්ලි අනිවා ඕනි නෑ...... සමහර උන්ට තමන් වෑඩකරන තෑනින් ඔෆර්ස් ලෑබෑනව.........
    අනික දෑන් කාලේ ඕක ලොකු දෙයක් නෙමේ... එක නිසා ගොඩක් දෙනෙක් දන්නව ඕවා ඈතුලේ මොනවගේ පරිසරයක්ද තියෙන්නේ කියල....
    තමන් හිතින් ප්‍රශ්න මවාගෙන ඒවා බරපතල ප්‍රශ්න විදිහට අරගෙන තමන්ම ලොකු ලොකු විදිහට ඒවට උත්තර දෙනව....... මම හිතන්නේ Histeriya රෝගය තියෙන කෙනෙක් වෙන්න ඕනි මේක ලියල තියෙන්නේ
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    I have only one question for you.

    Do you like that your mother or sister visit a night club?

    This is an open question, I expect a yes/ no answer from you.
    Thanks,


    this is not asked from me .. but I will give my answer ..
    I don't like my mother to be there .. bcoz I strongly believe that night clubs n night life fun is most suited for younger generation ..
    and for my GF ... definitely ..bcoz I know every girl that goes for night clubs are not sluts ..


    this is a good post ...:D :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නයිට් ක්ලබ් යන සියල්ල බඩු නොවේ...
    නයිට් ක්ලබ් යන සියල්ලොම බඩු නොවන්නෝද නොවේ...
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පෙර හුයකදී stereotype කිරීමට එරෙහිව මහ හඬක් නැගූ (තාම හරියට සිංහල type කර ගන්න බැරි ) DF පඬිතුමා දැන් සියලු මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයන් එක ගොඩකට දමා stereotype කර තමාගේ colors පෙන්නා ඇත. :lol:

    තමාට ජීවත් විය නොහැකි සුපිරි ජීවිතයක් ගත කරනා මිනිසුන් ගැන මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයය් කියාගන්නා අයට ඇත්තේ පුදුම ඉරිසියාවක් සහ කේන්තියක්ය. එම නිසා හිතින් මනස් ගාත මවා ගෙන සල්ලි නැතත් අපෙ චරිතෙ හොන්දය් කියා සිත සනසා ගැනීමට ඔවුන් හරි කැමතිය.


    මොහු කියන විදිහට මේ ආකල්පය මධ්‍යම පාන්තික සිංහල ක්‍රිස්තියානි තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ හින්දු තරුණයන්, මධ්‍යම පාන්තික දෙමළ ක්‍රිස්තියානි තරුණයන් ළඟ නැත.

    කුමක් හෝ කරුමයකට මොහුට පෙනෙන්නේ මධ්‍යම පාන්තික සිංහල බොදු තරුණයින් පමණි. :rolleyes:




    එවැනි තැනකට යන කාන්තාවක් ගැන ඔය කියනා මහා ලොකු සිංහල බොදු සංස්කෘතියට අයිති මධ්‍යමපාන්තික තරුනයෙකුට හෝ නාකියෙකුට පවසන්න,




    වැඩිහිටියන්ට නාකියා ලෙස අමතන මොහුගේ මානසික තත්වය අපට සිතා ගත හැක. මොහුට සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් කිසි දිනක නොසිටියා විය හැක. :rolleyes:

    මොවුනට අනුව සමාජ ශාලවකට යන සියලුම කාන්තාවෝ බඩුය, ශිශ්ට විදියට කිව්වොත් ගනිකාවෝය,

    මෙය පිළිගත නොහැක.

    සමාජයේ 'බඩුව' යන්නෙන් කියවෙන්නේ බොහෝ විට 'වල් ගෑණි' යනාදී අර්ථයකි.

    ගණිකාව යනු මුදල් හෝ වෙනත් දෙයක් සඳහා සිරුර අලෙවි කරන කාන්තාවකි.

    'වල් ගෑණි' වැන්නක් වුවද එක් එක් පුද්ගලයන් වටහා ගන්නා ආකරය වෙනස් වේ. උදාහරණයක් ලෙස මොහු කියන පිරිස තුල සමහරක් අය කියනු ඇත්තේ එක කොල්ලෙක් සමඟ පමණක් clubs වල රස්තියාදු වන කෙල්ල වල් නැති බවයි.

    මෙසේම තමන් විවාහ වන්නට සිටින කෙනා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, තම සැමියා සමඟ පමණක් යාම වරදක් නැති බවත්, හතර පස් දෙනෙක් සමඟ ගියද උන් සමඟ නිදාගන්නේ නැති නම් වරදක් නැති බවත් පවසන අය මේ කුලකය තුළම සිටිනු ඇත.

    Night Club වල වැඩිපුර සිටින්නේ ගණිකාවන් නොවන බව තේරුම් ගැනීමට DF වැනි පඬිතුමන්ලා අවශ්‍ය නොවේ. මහා. නන්දසේන රත්නපාල වැන්නන් ගැන කර ඇති සීමිත සමාජ විද්‍යා සමීක්ෂණ ප්‍රමාණවත් වනු ඇත.

    මිනිසුන්ට අපහාස කිරීමෙන් ආකල්ප වෙනස් කළ නොහැකි බව කියන DF කළ යුත්තේ විවිධ මත දරණ පුද්ගලයන් එක ගොඩකට දමා stereotype කර අපහාස කිරීම නොව, ඔවුනට මේ සමීක්ෂණ ගැන කියාදීමයි.

    නමුත් මොහුගේ අවශ්‍යතාවය සිංහල බොදු සංස්කෘතියට මඩ ගැසීම නිසා අවශ්‍ය වූ විට කබරගොයා තළගොයා කර ගෙන ඇත.

    කළින් මිත්‍රයෙක් කියූ පරිදි මේවා මහලොකු ප්‍රශ්ණ නොවේ. Night Clubs වලට යන්නේ වියදම් කිරීමට සල්ලි ඇති අයයි. අනෙක් අයට
    Night Clubs ගැන කතා කිරීමට වඩා එදා වේළ සකසා ගන්නා ආකාරය ගැන කල්පනා කිරීමට සිදුවී ඇත.

    තේ කෝප්පයේ කිඹුලන් දකින, සිංහල කමට බෞද්ධ කමට මඩ ගැසීමෙන් ආතල් එකක් ලබන DF වැන්නවුන්ට මේවාද මාතෘකාය..



     
    Last edited:
    • Like
    Reactions: hsgking and samindi