වටින අදහසක් ඔබ ඉදිරි පත් කරලා තියෙන්නේ.
දැන් මං කැමති මේ සමාජයේ තිබෙන තවත් පැතිකඩවල් කිහිපයක් ගැන සාකචා කරන්න.
අද ලංකාව යනු බහුතර පිරිසිදු බෞද්ධ දර්ශන චින්තන තියෙන රටක් නෙවෙයි මොකද ශතවර්ස ගණනාවක් විවිද ජාතීන්ගේ ආක්රමණ වලට නතුවෙලා සංස්කෘතික වශයෙන් වෙනස්
වීම වලට ලක්වෙලා තියෙන්නේ.
ඔතන සංස්කෘතික වශයෙන් කිව්වම අපට සලකන්න පුලුවන් ආචාරයය ධර්ම,චෛතසික ස්භාවය (සිතන පතන අකාරය ), යනාදීයයි. ප්රධාන සංස්කෘතියක් යටතේදි හැමවෙලාවෙම
තියෙනවා අණු සංස්කෘතියන් කියලා දෙයක් ඒවා කියලා හදුන්වන්න පුලුවන්. EMO,රැප් ,ගැන්ග්සටර් යනාදීය උප සංස්කෘතියන් ලෙස පෙන්වා දෙන්න පුලුවන්. ඊට අමතරව තවත්
රටක සංස්කෘතියක් පවා උප සංස්කෘතියක් වෙලා වෙන රටක තියෙන්න පුලුවන්. උදාහරණයට කිව්වොත් ලංකාවේ පවතින බටහිර සංස්කෘතිය ,ඇමරිකාවේ පවතින ස්ලාම්
සංස්කෘතිය. ඔහොම බලාගෙන යද්දී පෙනෙන දෙයක් තමයි. සංස්කෘතියක් යනු සමුහික හෝ පිරිසකගේ ආකල්පමය ස්භාවයයි. ඒකට සමාජයෙන්, තම ඇත්දැකීම් වලින්,තම
විශ්වාසයන්ගෙන්, බලපෑම එල්ලවීමට පුලුවන්. කෙසේ නමුදු ලංකාවේ අද බහුතර දෙනෙකුගේ චින්තනය බෞද්ධ දර්ශනයෙන් පිට ගිය පටු ආකල්ප වලින් ගහන දෙයක් බවට
පත්වෙලා ඉවරයි. කොපමණ කියනවා නම් අද බෞද්ධ භික්ෂුන් පවා මෙම පටු චින්තනයේ ගිලිලා තියෙන්නේ.මම අදුනගෙන තිබෙන හැටියට අද ලංකාවේ ඉන්න මිනිසුන් කොටස්
කිහිපයකට චින්තනය අතින් බෙදන්න පුලුවන්. එක්ක ඉතා සුලුතර බෞද්ධ චින්තනයක් තිබෙන පිරිස්, පටු ආකල්ප දරන පිරිස්, අන් සංස්කෘතිමය චින්තන දරන පිරිස්.
එකින් එක විස්තර කරොත් බෞද්ධ චින්තනය යනු බුද්ධියෙන් විමසා බලා, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරමින් ,ඒ ආකාරයේ ආකල්ප දැරීමයි. උදාහරණයකට්
කිව්වොත් බෞද්ධ දර්ශණය තුළ පන්ති භේද ,සමාජ භේදයන් නෑ. ඒක නිසා තමයි අංගුලිමාල නම් මිනිමරුවන්ටත්, අම්බපාලී වැනි වෛශ්යාවන්ටත් තැන තිබෙන්නේ බුදුදහමේ.
ඔවුන්ට පවා ධර්මය දේශණා කරලා යහමාර්ගයට ගැනීමට බුදුන් වහන්සේ කටයුතු කරලා තිබෙනවා රජමැති වරුන්ට වගේම සලකලා.
ඉතින් අන්න ඒක තමයි බෞද්ධ චින්තනය කියන්නේ.පන්ති භේදයක් නෑ එම සමාජයක් ඒක හරියට සමාජ වාදී සමාජයක් වගේ. නමුත් අද ජීවත් වන මිනිසුන් හොරුවන් කියන්නේ
මරපන් ඕකව, ගණිකාවන්ට කියන්නේ ඕකි බඩුවක් ගොල්ෆේස් ගෙනල්ලා ගල් ගහලා මරන්න ඕනා යනාදී කියන් කතායි. දැන් කවූරුත් දන්නවා ඇති ගල් ගසා මරන්නේ කුමන
චින්තයක් තිබෙන මිනිසුන්ද කියලා. ඉතින් ඕක සංස්කෘතික මිශ්රණයක් සමග උන දෙයක්. දෙවැනි එක නම් පටු චින්තන දරන මිනිසුන් ඒක ඕන තලයක් වෙන්න පුලුවන්. බටහිරයන්
කියා තිබෙන ආකාරයට පුද්ගලයන්ව අනෙක් පුද්ගලයන් මනිනවා ක්රම කිහිපයකට එකක් නම් sterotype , halo effect .ඔතන sterotype කියන්නේ යම් සමාජයක කිසියම්
පුද්ගලයෙකු දිහා බලා සම්ස්ත සමාජයම මේ යැයි සිතීමයි .halo effect කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගෙ එක හෝ ගති ගුණ කිහිපයක් දෙසා බලා සමස්ත පුද්ගලයාම මේ යැයි
සිතීමයි. දැන් කට්ටියට පෙනෙනවා ඇති ඕක නේද අද ලංකික මිනිසුන් ළග තිබෙන්නේ කියා. halo effect වලට උදාහරණ කිව්වොත් මන් කරපු නිරික්ෂන කියන්න පුලුවන් මේ
ෆොරුම් එකේදි. මිගාර නම් සාමාජිකයෙක් ඉන්නවා මේකේ එම පුද්ගලයා කාන්තා අයිඩි එකකින් මුණු පොතේ කරපු වැඩක් නිසා එම පුද්ගලයගේ මුළු චරිතෙම එකෙන් මැනීම.
කියන්න පුලුවන්. ඔහුට එම සිදුවීම නිසා කොපණ ගැරහුවත් වීරයකු ඉවාසා සිටීම බෞද්ධ චින්තනයේ අංගයක් කියලා කියන්න පුලුවන්. ඕකට කියන්නේ අටලෝ දහමින්
කම්පානොවීමයි. ඔව් මමත් ගැරහුවා තමයි නමුත් ඒක හුදෙක්ම පුද්ගල අත්හදා බලන මානසිකත්වයෙන් කරපු දෙයක් විතරයි. sterotype ලෙස උදාහරණ වශයෙන් එක දෙමළෙක්
නිසා සමස්ත දෙමළ ජාතියම කොටින යැයි සැලකීම පෙන්වා දෙන්න පුලුවන්. අන්න ඕවා තමයි මුලික වශයෙන් කියන්න තිබෙන්නේ.
තව පටු චින්තන ලෙස ඔය කිව්වා වගේ කොටට අදින් කාන්තාවන් සියල්ල ගණිකාවන් යැයි සිතීම, දේශාපාලනයන් සියල්ල මගඩින් යැයි සිතීම, බාල වර්ගයේ ඇදුම් ඇදගෙන යම්
කිසි තැනකට ගියාම දුප්පතෙකු , නූගතෙකු යැයි සිතීම, සදහන් කළ හැකියි. මේවා වෙනස් කරන්න බැරි මෙම චින්තන සංස්කෘතිකයම් වශයෙන් ලංකීක සමජයට ඇතුලත් වෙලා
තිබෙන නිසයි. දැන් ඔතන මෙවා ල්ංකාවේ පමණක් වෙනවා සිතන එකත් පටු ආකල්පයක් මොකද මේවා අනෙක් සමාජවලත් යම් කිසි ආකාරයකින් හෝ සිද්ධ වෙන්න පුලුවන්.
ඊළග එක ලෙස අනෙක් සංස්කෘතියක් ඇදහීම වෙනස් සංස්කෘතියක් තුළ ඉදිමින් හො එසේ හුවා දැක්වීම සදහන් කළ හැකියි. උදාහරණයක කිව්වොත් පටු ආකල්ප කාණඩයේ
ඉන්න මිනිසුන් සිතනවා තමන්ට බටහිරයෙක් වගේ ඉන්න ඕනා නම් ඒ විදියට අදින්න ඕනා, ඒ විදියට සමාජ ශාලා යන්න ඕනා, ඒ විදියට කන්න බොන්න, හැසිරෙන්න ඕනා කියලා.
මෙහේ ඕන තරම් එම වගේ පිරිස් ඉන්නවා දකින්න පුලුවන් තමන්ට. මෙහි ඉන්න මිනිසුන් හිතන්නේ බටහිරයන් සමාජ ශාලා වලට ගිහින් බහුතරයක් කරන්නේ සිප වැළද ගැනීම,
පදම් වනතුරු බීම් වගේ දේවල් කියා. ඒක වැරදියි මම දැක තිබෙනවා Hollywood movies ලනම් ඇමරිකාගේ රාතිර්සමාජ ශාලා වල නම් ඔහොම වෙනා නම් ඒක බලාගෙන
අනෙක් ඒවාත් එහෙමම යැයි සිතීම වැරදියි. ලංකාවේ වෙන්නේ ඕක තමයි අද වැඩිපුරම.බහුතර රාත්රි සමාජ ශාලා කියන්නේ එහෙම් පිටින්ම මගඩි සිදුවන , කාමය වරදවා සිදුවන
තැන් .ඒකට හේතුව තමයි සමජ ශාලාවලට එන මිනිසුන් හිතන්නේ මෙන්න මේ වගේ ඉන්න ඕනා මම මෙහෙට එනවා නම් යැයි සිතුවිල්ලක්.
නමුත් සමහර සමාජ ශාලා තිබෙනවා ඉතා ශිෂ්ඨ සම්පන්න ලෙස හැසිරෙන තැන්.තැන නෙවෙයි ඔතන ශිෂ්ථ සම්පන්න ඒවාට එන මිනිසුනුයි. මෙ ෆොරම් එකේ පවා මම දැකලා
තිබෙනවා සමහර අය ඉන්නව එන්ග්ලිශ් කාථාකරමින් හෝ/සහා ,ඒ විදියට හැසිරෙමින් හෝ/සහා තමන්ගේ නියම ස්භාවයට පිටින් ඇති වෙනත් ආරුඩ කරගනිපු දෙයක් උලුප්පා
පෙන්වීම
.අන්න ඕකටත් වෙනත් සංස්කෘතියක් ඇදහීම පෙන්වා දෙන්න පුලුවන්. උදාහරණයකට සුනිමල් පරිඝණ්ක ඉංජිනෙරුවෙකු යැයි දෙඩවීම,මේක සිංහල ෆොරම් එකක් බව දැනම
දැනම් සමහර අය එන්ග්ලිශ් වලින්ම ත්රේඩ් දැමීම, සදහන් කරනන් පුලුවන්.
අද මේ රටේ ඉන්නේ ගොඩක් දුරට පටු සංකල්ප දරන මිනිසුන්. ඒක පිරිමින් පමණක් නෙවෙයි ගැහැනුත් වගකිව යුතුයි.