Torrent ගැන දන්නවද

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Torrent ඩවුන්ලෝඩ් කිව්වම ඉතින් අද කාලෙ ඉන්ටනෙට් පාවිච්චි කරන පොඩි එකෙක් උනත් දන්නවනේ. මොනතරම් torrent download කලත් කීයෙන් කීදෙනෙක් දන්නවද torrent download වැඩ කරන හැටි එහෙමත් නැත්නම් මේ bittorrent protocol එක ගැන. දැනගන්න ඔන අයට මෙන්න එහෙනම් විස්තරයක් මගෙන් අවුරුදු තෑග්ගක් විදියට දෙනවා. ;)

    torrent files download කරද්දි වැදගත්ම දේ තමයි Bittorrent Protocol එක. Bittorrent Protocol එක කියන්නෙ peer-to-peer file sharing protocol එකක්. peer-to-peer file sharing ගැන කියන්න කලින් මම කියන්නම් සාමාන්‍ය විදියට file එකක් download වෙන සිස්ටම් එක. ඒ කියන්නෙ සාම්ප්‍රදායික Client-Server Downloading වෙන්නෙ මෙන්න මෙහෙමයි.
    1.Web page එකට ගිහින් තමන්ට Download කරන්න ඕන ලින්ක් එක උඩ ක්ලික් කරනව
    2.Browser එක(Client) අදාල file එක තියන computer එක(Server) ට කියනව මේ file එක ඕන කියල.
    3.එතන ඉඳන් වැඩේ කරගෙන යන්නෙ protocol (a set of rules) එකක් මගින්. (HTTP/FTP වගේ) .

    bittorrent-4.jpg


    මේ ක්‍රමයෙ අඩුපාඩු ගොඩක් තියනව. ඒව මගහරින්න පුලුවන් විකල්ප ක්‍රමයක් විදියට තමයි peer-to-peer file sharing ක්‍රමය බිහිවෙන්නෙ.
    network.jpg

    Peer-to-Peer
    මේ ක්‍රමයෙදි browser එකට වඩා අමතර software එකක් ඕන කරනව. clients ලා ගොඩක් විසින් තනි file එකක් බෙදා හදාගෙන සහයොගයෙන් download කරන්න උදව් කරන්නෙ මේ software එකෙන් තමයි.

    මෙන්න මේ ක්‍රමය මූළික කරගෙන තමයි Bittorrent Protocol එකත් බිහිවෙන්නෙ.Bram Cohen කියන පරිගනක විශේෂඥයා විසින් 2001 දි තමයි මුලින්ම මේ ප්‍රොටෝකෝල් එක නිර්මානය කරන්නෙ.
    bram-cohen.jpg

    Bram Cohen

    Bittorrent Protocol ක්‍රමයේ විශේෂත්වය වෙන්නෙ තනි මූලාශ්‍රයක් (single source) මත පදනම් නොවීම. ඒ කියන්නෙ තනි සර්වර් එකක් මත යැපෙන්නෙ නැතුව clients ලා සහයෝගයෙන් තම තමන් ලඟ තියන අදාල file එකේ කොටස් බෙදාහදා ගැනීම. දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල.

    අපි හිතමු ඔයා ලඟ තියනව හොඳ ෆිල්ම් එකක්(700 MB විතර). මේක share කරන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕන .torrent file එක හදන එක. මේ .torrent file එකේ තමයි ඔයාගෙ source file එකට අදාල හැම දත්තයක්ම තියෙන්නෙ. ඊ ලඟට 700 MB තනි file එක සමාන කොටස් වලට කඩනව මුලින්ම 1MB වගේ pieces (කොටස් 700කට). මේ හැම කොටසකටම අදාල තොරතුරු .torrent file එකේ ගබඩා කරනව. දැන් ඔයාගෙ film එක download කරන්න ඕන කෙනෙක් මුලින්ම .torrent file එක download කරගන්න ඕන.
    ඊට පස්සෙ Bittorrent,µTorrent වගේ client software එකක් හරහා .torrent file එක open කරන්න ඕන. එතන ඉදන් film එක download කරන වගකීම පැවරෙන්නෙ client software එකට තමයි. source file එකෙන් කොටස කොටස බැගින් download
    කරගන්නවා. මේ හැම කොටසක්ම(pieces) cryptographic hash කියන hashing ක්‍රමයට ආරක්ශා කරලයි තියෙන්නෙ(වැඩිය හිතන්න එපා :P).
    සම්පූර්ණ source file එක තියෙන්නෙ ඔයා ලඟ නිසා ඔයාට කියන්නෙ seeder කියල. ඔයාගෙන් ගන්න කෙනාට කියන්නෙ leecher කියල. කවුරුහරි leecher කෙනෙක් ඔයාගෙන් සම්පූර්ණ කොටස් ටික ගත්තට පස්සෙ එයාත් seeder කෙනෙක් බවට පත්වෙනව. විශේෂම දේ තමයි leecher කෙනෙක් දැනට අරගෙන තියන කොටස් වලින් තවත් leecher කෙනෙකුට download කරගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ යම් මොහොතක seeder offline උනත් වැඩි කොටස් ගානක්
    තියන leecher කෙනෙක්ට පුලුවන් අනිත් අයට සේවය දෙන්න.මේ leechers,seeders ලා රොත්තට කියන්නෙ swarm එකක් කියල. හැබැයි seeder කෙනෙක් නැතුව කවදාවත් සම්පූර්ණ torrent එකක් බාගන්න බෑ.swarm එකකට අඩු තරමින් එක seeder කෙනෙක්වත් ඉන්න ඕන.
    bitTorrent1.jpg

    ඔයාල අහල ඇති torrent tracker ගැන. tracker කියන්නෙ යම්කිසි torrent එකක් මෙහෙයවන central server එකකට. tracker තමයි client software එකට මග පෙන්වන්නෙ. ලෝකෙපුරා විසිරිලා ඉන්න leechers ,seeders ගැන තොරතුරු දන්නෙ tracker තමයි.
    හැබැයි tracker කරන්නෙ සම්බන්ධීකරනය කරන එක විතරයි. ඔයලගෙ torrent එකක් download කරගන්න ගොඩක් අමාරු වෙලාවට අමතර trackers ලා එකතු කරගත්තොත් සෑහෙන්න දුරට වේගය වැඩි කරගන්න පුලුවන්. (ඒකත් කියල දෙන්නම්;))
    bittorrent-protocol-flow.jpg


    සරලම විදියට කිව්වොත් ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නෙ :yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වැදගත් ලිපියක්.........
    ස්තූතියි විස්තර කියලා දුන්නට.......
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නියමයි මචන්
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා :D
    +Rep
    thnx macho :)
    එල එල
    thnx macho :)
    වැදගත් ලිපියක්.........
    ස්තූතියි විස්තර කියලා දුන්නට.......
    thnx macho :)
    elane ban supiri ahhhh
    thnx macho :)
    හොඳ විස්තරයක්, සුභ අළුත් අවුරුද්දක් වේවා
    thnx macho :) ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!:D
    thanks.good info....
    keep it up.
    br.
    thnx macho :)
    එල එල
    thnx macho :)
    තැන්කු මසෝ... rep dunnooo.........
    thnx macho :)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙන්න මට හම්බ වුණ මැක්ස සයිට් එකක්... ලංකාවේ එකෙක් කරන්නේ ඔක්කො​ම ගැන සිංහලෙන්ම තියෙනවා... ටොරන්නට් ඩවුන් කරගන්නත් කතාව ගැන සිංහලෙන් දැනගන්නත් පුලුවන්.. මැක්ස සයිට් එක... ගිහිං බලන්න

    www.cinamapark.com
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියමයි මචෝ
    මතකයි කලිනුත් කව්රුහරි කෙනෙක් ඔය ගැන පැහැදිලි කරලා තිබ්බා (මතක විදියට DJSpk)මොනා උනත් එල විස්තරේ මචන්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මට හම්බ වුණ මැක්ස සයිට් එකක්... ලංකාවේ එකෙක් කරන්නේ ඔක්කො​ම ගැන සිංහලෙන්ම තියෙනවා... ටොරන්නට් ඩවුන් කරගන්නත් කතාව ගැන සිංහලෙන් දැනගන්නත් පුලුවන්.. මැක්ස සයිට් එක... ගිහිං බලන්න

    www.cinamapark.com
    :eek: මම දැන් දැකලා තියෙනවා උඹ හැමතැනම ඕක දානවා. ඕක උඹේ සයිට් එකද :D:confused::lol: