ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ජීවිතයම_වූ_ආදරය..Daily Updating

අපේ h_abeysinghe මලය එයාගේ සුන්දර ආදර කතාව මේ දවස් ටිකේම කට්ටිය රසවිඳින්න ඇතිනේ.. ඒක කියවද්දී මටත් මගේයි Mrs Geniusගෙයි ආදර කතාව මුල ඉඳලම මතක් වුනා.. ඒ නිසා මං කල්පනා කලා කට්ටියට එකත් කියන්න.. ඔයාලගේ අදහස් උදහස් මොනවා වුනත් මට කමක් නෑ.. ඒවා කියන්න හැමෝටම පේන්න..

මේක 100%ම ඇත්ත කතාවක්. සියලු සිදුවීම් සත්‍යයි..

මුලින්ම කියන්න ඕන සැබෑ ආදරවන්තයෝ තමුන්ගේ ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි.. ජීවිතය පුජා කරන්න වුනත්.. හැබැයි ඒ කැක්කුම පපුවට දැනෙන්නේ ඇත්තටම ආදරය කරන අයට විතරයි.. මගේ කතාව දිගටම කියෙවුවොත් හැමෝටම තේරෙයි අපි සැබෑ ජීවිතයේදී සිදු නොවෙන පොත් වල විතරක් සිදු වෙනවා කියල හිතාගන ඉන්න කටුක සිද්ධි ගොඩකට මායි Mrs Geniusයි ඇත්තටම මුණ දීල තියනවා.. ඒවගේම අපි ඒවා ජය අරගන අද වෙනකල් බොහොම ආදරයෙන් ඉන්නවා.. මං මුල ඉඳල කතාව පටන් ගන්නම්.. කතාව නම් ටිකක් දිගයි.. මොකද 2003 ඉඳල වුන දේවල් තියනවා කියන්න.. ඒ වගේම මතක තියාගන්න මේකේ නම් මන:කල්පිතයි, ඒත් මේ නම් අපේ ඇත්ත නම් වල තියන කොටස්. ඔන්න එහෙනම් කියවන්න පටන් ගන්න..

Genius89: චතුරංග
Mrs Genius: හංසිකා

අපි මේ කතාව පටන් ගන්නේ 2003 න් එතකොට මං 9 වසරේ.. කුරුණෑගල තිබුන ප්‍රසිද්දම පිරිමි විදුහලේ තමයි මං ඉගෙන ගත්තේ.. අපේ තාත්ත රට ඉන්නේ අම්මයි මායි නංගියි තමා ගෙදර හිටියේ..
මේ කාලේ ඉතින් අපි චු කොල්ලොනේ.. ඒත් ඉතින් වැරදි වයසනේ.. අපේ කොල්ලෝ ඔක්කොම කෙල්ලන්ට බැල්ම දාන්නන පටන් ගත්ත කාලේ.. ඉස්කෝලෙදි වැඩිය කල්ලි ගැහෙන් නැතුව පාඩුවේ පැත්තකට වෙලා මගේ වැඩ ටික කරගන හිටපු ජාතියේ එකෙක් තමා මං.. ඒ නිසා මට වැඩිය යාළුවො හිටියෙත් නෑ.. ගයාන් කියල එකෙක් හිටිය ඒත් ඌ එච්චර ඉගෙන ගන්න දේවල් වලට උනන්දුවක් තියන එකෙක් නෙමේ.. (අදටත් ඌ මගේ යාළුවා..) ඒත් ඉතින් එහෙම හිටිය කියල මාත් ඉතින් කෙල්ලෝ දිහා නම් නොබලා හිටියේ නෑ.. ඒ වයසත් එක්ක එන ආක්ර්ශනේ නිසා.. ඒත් මං කෙල්ලන්ට පේන්න කෙල්ලෝ දිහා බැලුවේ නෑ එහෙම බලන්න මං ලැජ්ජයි..:rolleyes::rolleyes: ඔය කාලේ මං ක්ලාස් වලට ගියෙත් නෑ. කොහොම හරි 2003 අග වාර විභාගේ ලිවට පස්සේ 2004 මං 10 පන්තියට යන්නේ. ඕ ලෙවල් වලට ලං වෙන නිසා අම්ම කිව ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි වලට ක්ලාස් හොයාගන්න කියල.. අපේ ගෙදර එහාපැත්තෙ හිටියේ කුරුණෑගල ප්‍රසිද්ධම ගණිත ගුරුවරයෙක්.. අපේ අම්ම ඒ සර්ට කතා කරලා මාව ඒ ක්ලාස් එකට දැම්මා.
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
2 කොටස

ක්ලාස් එක තියෙන්නේ බදාදා හවස මාත් ඉතින් බස් එකේ ටවුමට ගිහින් බැහැල ක්ලාස් එක තියන තැනට ගියා.. ඊට පස්සේ පන්තිය ඇතුලට ගිහින් වාඩි වෙන්න තැනකුත් හෙවුවා.. ඇතුලේ කෙල්ලෝ විතරමයි හිටියේ.. ක්ලාස් පටන් ගන්නකල් කොල්ලෝ තුලට එන්නේ නෑ. මං කෙල්ලෝ ගොඩ මැද්දෙන් ඉස්සරටම ගියා, එදා සර් කිවේ ඉස්සරහටම ඇවිත් වාඩි වෙන්න කියල ඔක්කොම කෙල්ලෝ මං දිහා බලනවා මං බිම බලාගන ඉස්සරහට යනකොට ඇස් කොනෙන් දැක්ක දැකල පුරුදු මුණක්. මං බැලුවම අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් මං දිහා බලන් ඉන්නවා. මං ටක්ගාල බිම බලාගත්ත.. ඒත් එය මං දිහා අමුතු විදියට බලන් හිටියේ.. ඒ කෙල්ල කුරුණෑගල ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ළමයෙක් අපේ සර් උගන්වන්නෙත් ඒ ඉස්කොලෙමයි.. කොහොම හරි ඉතින් ඔහොම මං සති පතා ක්ලාස් ගියා.. ඔය වගේ 2004 ඉවර වෙලා 2005 ත් ආවා.. අපි දැන් 11 ඉන්නේ. මේ කාලේදී මට තේරුණා කුරුණෑගල ප්‍රසිද්ධම බාලිකා ඉස්කෝලේ කෙල්ලෙක් මං දිහා වැඩිපුර බලනවා කියල.. එයාගේ නම් පවිත්‍රා. එයා අපේ දහම් පාසලටත් එනවා, දහම් පාසලෙත් අර වගේම තමයි.. ඒත් මං වැඩිය ගණන් ගත්තේ නෑ..
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
3 කොටස

අපේ ඉස්කෝලේ ඔය කාලේ තිබුන නාට්‍ය තරගයක්.. අපේ යාලුවෙක් හදපු නාට්‍යයේ පසුතල නිර්මාණය හදන්න මට බාර දුන්නා.. 2005/8/8 අපේ නාට්‍ය වේදිකා ගතකලා.. ඒ සතියම නාට්‍ය 36 පෙන්නුවා ඉස්කෝලේ. 2005/8/12 රෑ තමයි අපේ සම්මාන ප්‍රධාන උත්සවය තිබ්බේ, එදා අපේ නාට්‍ය හොදම නාට්‍ය වුනා වගේම හොදම පසුතල නිර්මාණය සම්මානේ හම්බුනේ මට..

dsc01654hp.jpg

එදත් අර පවිත්‍රා ඇවිත් ඉන්නවා මං දැක්කා.. දැන් නම් දහම් පාසලේදී මාව දැක්කම එයාගේ නැටිල්ල වැඩියි වගේ මට දැනුන ඒත් ආසාවට වඩා බයක් තිබුන මට කෙල්ලෝ එක්ක කතා කරන්න. ඒ වගේම ඒ කෙල්ල හෙන කොටයි අඩි 5 ක් විතර උස ඇති මං අඩි 5'9'' ක් උසයි මට ඒකි පෙන්නේ කුරුමිට්ටියක් වගේ :lol::lol: ඒ නිසා එයා ගැන හිතන්නවත් මට හිතුනේ නෑ..

එක සතියක මට ක්ලාස් යන්න බැරි වුනා. ඊලග සතියේ අගහරුවදා වෙනකොටත් මං මග අරුණ නොට් එක ලියල තිබුනේ නෑ.. අගහරුවදා හවස මං හන්දියට බයිසිකලේ යනකොට අර අපේ ගෙවල් පැත්තේ ඉන්න ගෑනු ළමය ක්ලාස් ඉවර වෙලා පයින් එනවා ඒත් මං දැක්කේ නෑ වගේ ගියා.. මට මෙයා එක්ක කතා කරන්න අමුතු ආසාවක් ආවා එයාගේ ඇස් 2 හරි ලස්සනයි එයාට තිබ්බේ බළල් ඇස්.. මට ඒ ඇස් බලන්න තමයි ආසාව තිබ්බේ.. ඒ නිසා මං ආයි බයිසිකලේ හරවගන ගිහින් "හංසිකා.." කියල එයාට කතා කලා.. මං කිව ගියසතියේ මං ක්ලාස් ආවේ නෑ මට නොට් එක දෙන්න පුලුවන්ද, මං තව ටිකකින් ඔයාලගේ ගෙදරට එන්නම් කියල.. එය කිව "මං දෙන්නම් චතුරංග" කියල..

එයා මගේ නම් කියද්දී මට මොනවද වුනා වගේ.. මොකද කෙල්ලෙක් දිහා නොබලන, කතා නොකරන මගේ නම එයා දන්නවා..:rolleyes::rolleyes: එදා එයාගෙන් පොත ඉල්ලගත්තට මං නොට් එක ලිවේ නෑ.. එයාගේ ලස්සන අකුරු දිහා බල බල මං හිටිය.. හැබැයි ඇස් දිහා බලන්න ගිය මට හංසිකාගේ ඇස් දිහා බලන් කතා කරන්න නම් බැරි වුනා..

පහුවෙනිදා මං ක්ලාස් එකේදී එයාට පොත ගිහින් දුන්නා.. එතකොට පවිත්‍රා පුදුමෙන් වගේ ඒක බලාගන හිටියේ..:shocked::shocked:
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
4 කොටස

කොහොමින් කොහොම හරි ඔහොම කාලය ගත වුනා.. මං ක්ලාස් එකේදී හංසිකා දැක්කම හිනා වෙනවා, හොරෙන් එයා දිහා බලනවා, හැබැයි සමහර වෙලාවට නම් මං බලනවා එයාගේ අතටම අහුවෙනවා එතකොට මං බිම බලාගන්නවා.. :D:D අපිට විභාගේ තිබ්බේ 2005/12/12 මට මතක විදියට. ඒ වෙනකොට හන්සිකාගේ අම්මයි අපේ අම්මයි යාළුවො, 2005/12/11 රෑ අපේ ගෙදරට කෝල් එකක් ආවා.. ඒ හංසිකා.. එයා කතා කරලා මට විශ් කලා, මාත් විශ් කලා.. එක්සෑම් ඉවර වුනාට පස්සේ මං කල්පනා කලා උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න.

2006/5/1 අපේ තාත්තා නිවාඩුවට රට ඉඳල ආවා, ඒ එනකොට එයා මට නොකියා 7610 4න් එකකුත් අරන් ඇවිල්ල තිබුනා එදාම අපේ ප්‍රතිපලත් ආවා, මට ගණන් වලට ඒ එකක් තිබ්බා.. එදත් ඉස්සල්ලම් මට ගෙදරට කෝල් කලේ හංසිකා.. එයාටත් හොදම ප්‍රතිපල තිබුන නිසා ජීව විද්‍යාව කරනවා කිවා..

dsc01655a.jpg

ඔය අතරේ 2006 නාට්‍ය තරගය සැප්තැම්බර් මාසේ තිබුනා ඒ අවුරුද්දෙත් හොදම පසුතල නිර්මාණය හම්බුනේ මට එදත් පවිත්‍රා ඇවිත් හිටියා.. එදා මං අදුරන මල්ලි කෙනෙක් ඇවිත් මගේ නම්බර් එක ඉල්ලුව මං දුන්නා ඊට පැය බාගෙකට පස්සේ ඉඳල මගේ 4න් එකට මිස්කෝල් එනවා.. සුබපතල මැසේජ් එකකුත් තිබුන. මට හිතුන අර මල්ලිගේ මාර්ගෙන් පවිත්‍රා මගේ නම්බර් එක ගත්ත කියල..ඒ වගේම මගේ අනුමානය නිවැරදියි කියල මට ටික දවසකින් තේරුනා..

5 කොටස 3 පිටුවේ
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අදට කතාව ඉවරයි.. තව ටිකක් හෙට දාන්නම්.. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..
 
coolshano

Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    machan h_abeysinghe ge kathawa nam mage ekata samanai...
    Ubage kathawath ela... digatama liyapan.... can't wait to read...
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    4 කොටස

    කොහොමින් කොහොම හරි ඔහොම කාලය ගත වුනා.. මං ක්ලාස් එකේදී හංසිකා දැක්කම හිනා වෙනවා, හොරෙන් එයා දිහා බලනවා, හැබැයි සමහර වෙලාවට නම් මං බලනවා එයාගේ අතටම අහුවෙනවා එතකොට මං බිම බලාගන්නවා.. :D:D අපිට විභාගේ තිබ්බේ 2005/12/12 මට මතක විදියට. ඒ වෙනකොට හන්සිකාගේ අම්මයි අපේ අම්මයි යාළුවො, 2005/12/11 රෑ අපේ ගෙදරට කෝල් එකක් ආවා.. ඒ හංසිකා.. එයා කතා කරලා මට විශ් කලා, මාත් විශ් කලා.. එක්සෑම් ඉවර වුනාට පස්සේ මං කල්පනා කලා උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න.

    2006/5/1 අපේ තාත්තා නිවාඩුවට රට ඉඳල ආවා, ඒ එනකොට එයා මට නොකියා 7610 4න් එකකුත් අරන් ඇවිල්ල තිබුනා එදාම අපේ ප්‍රතිපලත් ආවා, මට ගණන් වලට ඒ එකක් තිබ්බා.. එදත් ඉස්සල්ලම් මට ගෙදරට කෝල් කලේ හංසිකා.. එයාටත් හොදම ප්‍රතිපල තිබුන නිසා ජීව විද්‍යාව කරනවා කිවා..

    ඔය අතරේ 2006 නාට්‍ය තරගය සැප්තැම්බර් මාසේ තිබුනා ඒ අවුරුද්දෙත් හොදම පසුතල නිර්මාණය හම්බුනේ මට එදත් පවිත්‍රා ඇවිත් හිටියා.. එදා මං අදුරන මල්ලි කෙනෙක් ඇවිත් මගේ නම්බර් එක ඉල්ලුව මං දුන්නා ඊට පැය බාගෙකට පස්සේ ඉඳල මගේ 4න් එකට මිස්කෝල් එනවා.. සුබපතල මැසේජ් එකකුත් තිබුන. මට හිතුන අර මල්ලිගේ මාර්ගෙන් පවිත්‍රා මගේ නම්බර් එක ගත්ත කියල..ඒ වගේම මගේ අනුමානය නිවැරදියි කියල මට ටික දවසකින් තේරුනා..

    patta machan u r my age...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan h_abeysinghe ge kathawa nam mage ekata samanai...
    Ubage kathawath ela... digatama liyapan.... can't wait to read...

    අනිවා දිගටම ලියන්නම් මචෝ.. අපි අපේ ආදරේ වෙනුවෙන් පුදුම කැපකිරීම් කලා.. ඒවා ඉදිරියට දැනගන්න ලැබෙයි..:yes::yes:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    අපේ ජීවිතේ අපිට ලැබුන, නොලැබුන හුඟක්‌ දේවල් තියෙනවා.ඒත් අපි ඒවයෙන් සැලුනෙ නැහැ.එ හැම වෙලාවකදීම අපි දෙන්නට දෙන්නා ශක්‌තියක්‌ උනා;);););););););););)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    nice story bro..:)
    digatama liyanna..

    අද රෑට පුළුවන් වුනොත් තව කොටසක් දාන්නම්.. කලබල වෙන්න එපා.. හෙමීට කියවන්න.. ;);) ටයිප් කරන්න තමා ගොඩක් වෙලා යන්නේ.. :sorry::sorry:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපේ ජීවිතේ අපිට ලැබුන, නොලැබුන හුඟක්‌ දේවල් තියෙනවා.ඒත් අපි ඒවයෙන් සැලුනෙ නැහැ.එ හැම වෙලාවකදීම අපි දෙන්නට දෙන්නා ශක්‌තියක්‌ උනා;);););););););););)

    අනිවාර්යෙන්ම.. අපි දෙන්නගෙන් කෙනෙක් වැටෙනකොට අනිත් කෙනා එයාව වැටෙන්න නොදී තියාගත්ත නිසා තමයි අපි මෙච්චර දුරක් ආවේ.. අම්මෝ.. ඒ කාලේ මතක් වෙනකොට මගේ ඇග හිරිවටෙනවා... :sorry::sorry::sorry:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    අද රෑට පුළුවන් වුනොත් තව කොටසක් දාන්නම්.. කලබල වෙන්න එපා.. හෙමීට කියවන්න.. ;);) ටයිප් කරන්න තමා ගොඩක් වෙලා යන්නේ.. :sorry::sorry:

    aneeeeeeeeeeeeeeeee...............:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: