දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

    කළින් මේ විදියෙම ත්‍රෙඩ් එකකදී දත් දිරායාමට හේතුවන කරුණු ගැඹුරින් සහ එය වළක්වා ගන්නා ක්‍රම දළ වශයෙන් මම ඉදිරිපත් කළා. මේ ත්‍රෙඩ් එකේ දි ඉදිරිපත් කරන්නේ දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ඒ එක් එක් අවස්ථාවල දි දන්ත වෛද්‍ය විද්‍යවේ නිර්දේශිත ප්‍රතිකාර මොනවාද කියන කරුණයි.....!

    දතක් දිරායාම කාලයත් සමග සම්බන්ධ බව ඇයි මගේ දත් නරක් වෙන්නේ......ත්‍රෙඩ් එකේ දක්වලා තිබුනා ඔබට මතක ඇති. දතක් දිරායනවා කියන්නේ එකපාරට අහසින් පාත්වෙනවා වගේ සිදුවන දෙයක් නෙවෙයි. කොටින් ම ඔබ රෑ නිදාගෙන පහුවෙනිදා පිබිදෙන කොට දත දිරා ගිහිල්ලා තියෙන්නේ නැහැ. දතක් දිරායාමේ ප්‍රධාන අදියර 5කට බෙදා දක්වන්න පුළුවන්. ඒ, ඒ සදහා වන ප්‍රතිකාර සැළකිල්ලට ගැනීමෙන්.

    මූලික අවස්ථාව - සුදු පැල්ලම් අවස්ථාව (White Spot Lesion)

    ca1i.jpg


    දතෙහි පිටතින් ම ඇති ස්තරය-එනමලය සාමාන්‍යයෙන් ඉතාමත් ලා කහ පැහැයෙන් යුක්ත එකක්. එසේම එය මතුපිට දිළිසෙන ගතියකින් යුක්තයි.දත දිරායාමේ මූලික අවස්ථාවේදි මේ දිලිසීම නැති වි යන අතර, එනමලයේ කැල්සියම් අයන අම්ලවල දියැවි එයින් ඉවත් ව යාම නිසා එහි ලා කහ පැහැය නැති වී සුදු පැහැයක් ඇති වනවා. එය හරියට ම වීදුරු මතුපිටකට වැලි කඩදාසියක් ඇතිල්ලූ විටකදි ලැබෙන පෙනුම හා සමානයි. පොත් පත් වල මෙය සදහන් කරන්නේ white chalk appearance ලෙසට.

    ප්‍රතිකාර - මේ සදහා දන්ත වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතාකර හොදින් දත් මැදිම මගින් පමණක් මෙම තත්ත්වය කළින් තිබූ සාමාන්‍ය තත්ත්වය දක්වා නැවත පසු හැරවිය (revert) හැකියි.

    ද්විතීයික අවස්ථාව - දුඹුරු පැල්ලම් අවස්ථාව (Brown Spot Lesion)

    ca2ow.jpg


    සුදු පැල්ලම් අවස්ථාවේ දී තිබූ සුදු පැහැය ක්‍රමයෙන් දුඹුරු පැහැයකට හැරෙන්නේ කැල්සියම් අයන ඉවත් වී සවිවර ව පවතින එනමලයේ කුඩා සිදුරු තුළට ආහාර වල වර්ණක රිංගිමෙන්. මේ වන විට කැල්සියම් අයන ඉවත්වීම එනමලයට යටින් ඇති දන්තිනය කියන ස්ථරය වෙතද පැතිරි ඇති නිසා පිටතට නොපෙනුනත් මෙහි කුහරයක් පවතිනවා.

    ප්‍රතිකාර - මේ සදහා දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. දිරාගිය පටක කොටස දතින් ඉවත් කොට, ඇතිවී ඇති සිදුර වසා නොදැමුවහොත් මෙම අවස්ථාව තෘතියික අවස්ථාව දක්වා දුර දිග යනවා. (මෙවැනි ප්‍රතිකාරයක රූපරාමු සදහා බලන්න දත ගලවගන්න ද හදන්නේ....? ත්‍රෙඩ් එක. ලින්ක් පහත සදහන් කර ඇති.)

    තෘතියික අවස්ථාව - කුහර අවස්ථාව(Cavitation Stage)

    ca3l.jpg


    ද්විතියික අවස්ථාවේ තිබූ තත්ත්වය දුරදිග යාමෙන් තාතීයික අවස්ථාව ඇතිවනවා. මෙහිදි වන්නේ දන්තිකයේ පවතින කුහරය තවත් වර්ධනය වී, කුහරයට උඩින් පවතින සවිවර එනමල කොටස කඩා වැටීමයි. මෙහි දී ඔබට දතේ ඇති කුහරය හොදින් පෙනෙන්නට පටන් ගන්නවා පමණක් නොවෙයි, සිතල, උණුසුම් ආහාර සහ පාන වර්ග, ඇඹුල් සහ පැණි රස වැනි දේ සදහා දත සංවේදී විමට - හිරි වැටීමට - පටන් ගන්නවා.

    ප්‍රතිකාර - මේ සදහා ද දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. දිරාගිය පටක කොටස දතින් ඉවත් කොට, ඇතිවී ඇති සිදුර ස්ථිර පිරවිමක් මගින් හෝ, තත්ත්වය වඩා දුරදිග ගිය එකක් නම්, පළමුව කැල්සීකාරක සමග තාවකාලික පිරවීමක් යොදා ටික කළකින් ස්ථිර පිරවිමක් නොකල හොත් මෙම අවස්ථාව චාතුර්ථක අවස්ථාව දක්වා දුර දිග යනවා.

    චාතුර්ථක අවස්ථාව - වේදනා/කැක්කුම් දෙන අවස්ථාව (Paining Stage)

    ca4.jpg


    මෙය සිදුවන්නේ දතෙහි අභ්‍යන්තරය දක්වා ම දත් දිරායාමෙන් පසු දතෙහි අභ්‍යන්තරයේ ඇති කල්ක කුහරය ශුද්‍ර ජිවි ආසාදන වලට ලක් වි ඉදිමීම නිසායි. මෙහි දි ඉවසුම් නොදෙන වේදනාවක් විශේෂයෙන් ම රාත්‍රි කාලයට ඇතිවන අතර (මම නම් මේකට කියන්නේ හක්ක අල්ලගෙන ගේ වටේ දුවන්න වෙන වේදනාවක් කියලයි) , දත ආසන්නයේ විදුරු මස ඉදිමිම, සැරව ගෙඩි මතුවීම, දත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුණ ඉදිමිම, යටි හණුව ආශ්‍රිත වසා ගැටිති (කුද්දෙටි) ඉදිමිම යන ලක්ෂණ වලින් එකක් හෝ කිපයක් දැකිය හැක.

    ප්‍රතිකාර - මේ සදහා ද දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. පළමුව කළ යුත්තේ ඖෂධ මගින් ආසාදනය පාලනය කිරීමයි. සරල පිරවිමක් මගින් දත ප්‍රකෘතිමත් කිරිම මේ අවස්ථාවේ දි කළ නොහැකි අතර, ස්නායු පිරවීම්, ස්ථම්භ මත ගොඩ නැගීම් සහ කෘතිම දන්ත මස්තක යෙදිම ආදී වියදම් අධික ප්‍රතිකාර මගින් පමණක් දත නැවත ප්‍රකෘතිමත් කල හැකිය. (මෙවැනි ප්‍රතිකාරයක රූප රාමු සදහා බලන්න දත ගලවගන්න ද හදන්නේ....? ත්‍රෙඩ් එක.ලින්ක් පහත සදහන් කර ඇති.) නැතහොත් දත් අනිවාර්යෙන් ම ගලවා දැමීමට සිදුවේ

    සංරක්ෂක ප්‍රතිකාර රහිත අවසාන අවස්ථාව (Non-Restorative Stage)

    ca5w.jpg


    මෙහිදි දන්ත සංරක්ෂණයකට -පිරවිමකට අවශ්‍යව න දන්ත මස්තක කොටස නොමැති නිසා ඉතිරිව ඇති දත් මුල ගලවා ඉවත් කිරිමට සිදුවේ. එසේ ගලවා ඉවත් කරන තාක් මෙම දත් මුල ආසාදනයන්ට ගොදුරු විම නිසා වරින් වර වේදනාවන්, ඉදිමුම් සහ මුඛයෙන් දුගද හැමිම ඇතිකරයි.

    ඉතින්, වැඩේ කොහු වෙන්න කලින් ප්‍රතිකාරයක් කරගමු නේද...?????????​

    තවත් තොරතුරැ මේ ත්‍රෙඩ්වල තියෙනවා......

    දත ගලවගන්න ද හදන්නේ........??

    ඇයි අනේ මගේ දත් නරක් වෙන්නේ....??


    ඔබ සැම ගේ ප්‍රතිචාර මට ලොකු ධෛර්යයක්......!!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    kibula wadata hondata mahansi wela thiyanawa eakata thanks. aththatama kiyanawanam mamath ada theranaya kala mage dath set eka check karawaganna.. obata pin..
    rep added
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මළ කෙලියයි
    මගේත් ඒකක් පුරවන්න තියේනවා බන්
    +රෙප්

    :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉක්මනින්......

    machan mage dathakath oya wage seen ekak thiyenawa :sorry: monawa karannada manda :(

    ඉක්මනින් ම දන්ත වෛද්‍ය වරයෙකුට පෙන්වන්න. කල් දැමීමෙන් වෙන අවාසිය මචං ඇගට සහ පර්ස් එකටයි දෙකටම දැනෙන එකක්. කැක්කුම නිසා මූණ අල්ලගෙන රෑ ජාමේ ගේ වටේ දුවන්න වීම සහ හොදට ම දිරා ගිය දතක් නැවත තිබූ තත්වනට පත් කරන්න යන වියදම....!!!!:yes::yes::yes:
     

    parth

    Member
    Jul 5, 2007
    87
    1
    0
    දන්ත වෛද්‍ය ශිෂයන්ට කොහෙද මචෝ මේවට එල්ලි&#3517

    ow ekat aththa thama.......

    machan lankawe implant ekak karaganna keeyak witara yaida......kawda mekata inna hodama doc.....pls help me machan.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow ekat aththa thama.......

    machan lankawe implant ekak karaganna keeyak witara yaida......kawda mekata inna hodama doc.....pls help me machan.....

    Implant එකකට මෙහා දෙයක් කරගන්න බලන්න. හේතුව යන අධික වියදම. Mini implant එකක් කරන්න හැකියාව තියෙනවා නම් 85000/= විතර යාවි. නැතුව conventional implant කරන්න උණොත් දළ වශයෙන් 100000/= විතර. මේ නිසා කෙළින්ම implant වලට යන්න එපා. කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේ thread එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1099566
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉක්මනින් ම දන්ත වෛද්‍ය වරයෙකුට පෙන්වන්න. කල් දැමීමෙන් වෙන අවාසිය මචං ඇගට සහ පර්ස් එකටයි දෙකටම දැනෙන එකක්. කැක්කුම නිසා මූණ අල්ලගෙන රෑ ජාමේ ගේ වටේ දුවන්න වීම සහ හොදට ම දිරා ගිය දතක් නැවත තිබූ තත්වනට පත් කරන්න යන වියදම....!!!!:yes::yes::yes:

    :eek: ow ban pennanna ona denatamath ridenawa ban cool, hot dewal walata... :(