දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.
ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් ,ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය