A Solution For Niqaab/Veil Ban By Anti Islamic France

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,041
    11,992
    113
    Ohio, USA
    හික් හික්...අසරණ ජීවිත..:lol::lol::lol:

    r733322593.jpg


    ඔව් ඔව්
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    r733322593.jpg


    ඔව් ඔව්
    එතකොට මේව ඔක්කොම සර්ව බලධාරියගෙ වැඩ එහෙනම් ආ? මරුනේ..

    සාර්ස් වලට මුඛවාඩම් දැම්මෙ අල්ලා නිසා..
    ජපානේ විකිරණ කාන්දු උනෙත් අල්ලා නිසා..

    මුස්ලිම් අය ඉපදුනෙත් අල්ලා නිසා...

    දෙය්යො ඔක්කොම මැව්ව නම් මොකටද අම්මෙක් තාත්තෙක්??
    හ හා...

    මේව අහල පණ පලයන් පෙරේදා කිව්වලු.. මෝඩයිනේ කවුරු කොහොම මොනව කීව්වත් නුවණින් විමසලා බලලා පිලිගනිල්ලා..


    -----------------------------------------------------
    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT=&quot]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]
    [FONT=&quot]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT=&quot]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.[/FONT]


    [FONT=&quot]යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක[/FONT],[FONT=&quot]සංස්කාර ලෝක[/FONT], [FONT=&quot]අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.[/FONT]


    [FONT=&quot]මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.[/FONT]
    ------------------------------------------------------------------
    ලොකෝත්පත්ති වංශ කථාව
    මෙම ලොකෝත්පත්ති වංශ කථාව බුදුපියානන්වහන්සේ දිඝ නිකායේ පාඨික සුත්‍රයේ වදාලා ඇත ‍(සංශෝධන සහිතව දක්වා ඇත)

    භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම අසවල් අසවල් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ඒවා නොගනිමි.

    "භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා (දෙවියන්) විසින් ලොව මවන ලද්දේය, බ්‍රහ්මයා විසින් ලොව මවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්ය පරපුරෙන් එන ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරයි. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. "ආයුෂ්මත්නි, මෙසේ ලොව මැවිම පිළිබඳව පිළිගැනිමට හේතු කවරේද? ඔවුන්ට උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැකි ඔවුන් මාගෙන්ම අසත්.

    මැවිම පිළිබඳ ආචාර්‍ය වාදය ඇතිවු සැටි.


    "ඇවැත්නි මෙබදු කාලයක් වන්නේමය. බොහෝදීර්ඝ කාලයක් ඇවෑමෙන් පසු යම් කිසි කලෙක මේ ලෝකය විනාශ වන්නේය. ලෝකය විනාශ වන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නාහුය. ඔව්හු සිතින් උපදින්නාවූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහුව ඉතා දීර්ඝ කාලයක් වාසය කරත්. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය, ලෝකය හැදෙන කල්හි ශුන්‍යවූ බ්‍රහ්ම විමානයක් පහළ වන්නේය. එකල එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බඹ විමනෙහි ඔපපාතිකව උපදින්නේය. හෙතෙම එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් එසේ සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැති ගැන්මක් උපදින්නේය. "ඒකාන්තයෙන් තවත් සත්වයෝද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි" මෙබදු සිතක් වන්නේය. එසේ ඇති කල්හී තවත් සත්වයෝද ආයුෂ ක්‍ෂය වීමෙන් හෝ පින ක්‍ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හුද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත්සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්. (සිතින් උපන් ප්‍රීතිය ආහාර කර ගැනිම යන්නට දල අදහසක් සඳහා මෙසේ ‍තේරැමි ගත හැක. විශාල සතුටක් ඇතිවු විට ආහාර පාන ගැනිමට හෝ අවශ්‍ය නොවන කුසගිනි නොදැනෙන අවස්ථා ඔබ අත්දැක ඇතිවා විය යුතුයි)

    එහි මුලින් උපන් සත්වයාට මෙබදු සිතෙක් උපදියි. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩ පවත්වන්නාවූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඩිය හැකිවූ ඒකාන්තයෙන් තමන් වශයෙහි පවත්නාවූ ඊශ්වරවූ ලෝකය උපදවු ලොව මවන්නාවූ ශ්‍රේෂ්ඨවූ සත්වයන්ගේ පියා මම වෙමි. මා විසින් මෙ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද? මට පෙරදවස්හි මෙබදු සිතෙක්වීය, ඒකාන්තයෙන් තවත් සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි මා සිතිය. ඒ අනුව මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්ත්වයෝත් මේ ආත්මභාවය ලදහ. යනුවෙන් වැරදි දෘශ්ටියක් ගන්නේය.

    පසුව උපන් සත්ත්වයින් මෙසේ සිතන්නට වන්නේය. මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා වන්නේය. සියල්ල මැඩ පවත්වන්නේය. කිසිවෙකු විසින් මැඩිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘවූද ශ්‍රේෂ්ඨවූද තමන් විසින් ජයගත් සියලු සත්වයින්ගේ පියා වන්නේය. මේ පින්වත් බ්‍රහ්මයා විසින් අපිව මවන ලදි. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන් මෙම බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි උපන්නේ පසුවය.

    ඇවැත්නි, එහි යම් සත්වයෙක් පළමුව උපන්නේද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක්ද වන්නේය. ඉතා වර්ණවත් වූවෙක්ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේද වන්නේය. යම් සත්ව කෙනෙක් පසුව උපන්නාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වලවර්ණයෝද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ.



    මෙ‍සේ කාලයාගේ ඇවෑමෙන් ඹබ ලොවින් චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම බාවය දකිනා ඔහුට එහි සියළු යසෝමහිමයෙන් බැබලෙමින් එහි තවමත් සිටිනා මුලින් සිටි සත්ත්වයා හෙවත් මහා බ්‍රහ්මයා පෙනෙයි. එටිට
    "මොහු නිසැකවම ලොව නිර්මාතෘවරයාය. මහා බ්‍රහ්මයාය. මැවුමිකරැය, ඊශ්වරයාය යන දෘශ්ඨිය ගන්නා මෙම තැනැත්තා මෙම මතය මිනිසුන් අතර ප්‍රකාශයට පත්කරයි. ලොව මැවිම පිළිබඳ ආචාර්‍යවාදය ඇතිවුයේ මෙසේය.



    -------------------------------------------------------------------

    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි!

    [/FONT]
    [FONT=&quot]සාදු!සාදු!!සාදු!!![/FONT]
    [FONT=&quot]බුදු දහම ලොවෙහි බැබලේවා!!!

    -----------------------------------------------------------------------------------------------------------------------
    [/FONT]
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.
    ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් ,ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය
    මෙහෙමයි. දැන් විශ්වය නිර්මානය වුනේ big bang එකේ කියන විදියට නේ .ඉතින් මේ අනුව කාලයේ ආරම්භය බිග් බැන්ග් එකට මොහොතකට පස්සේ වෙන්නේ කාලය සහා අවකාශය එකිනෙකට සම්බන්ද නිසා. අවකාශයක් නැතුව කාලයක් අර්ථ දක්වන්න බැහැ.
    එහින්දා බිග් බැන්ග් එකට කලින් කාලයක් ගැන කතාකරන්න බැ. ඉතින් කාලය කියන සංකල්පය නැති වෙලාවේ ආරම්භයක් හො අවසානයක් ගැන කතා කරන්න බැ. එහින්දා තමයි අල්ලාහ් දෙවියන්ට ආරම්භයක් හෝ අවසානයක් නැත්තේ. අල්ලාහුතාලා කාලය නැමති මානයට සිමා වුනු කෙනෙක් නෙවෙයි. මොකද කාලයේ නිර්මාපකයාත් අල්ලාහුතාලා.

    ඔවා ඉතින් උඹට තේරෙන්නේ නැ
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඔකොම කරපු අල්ලගෙ, බල්ලෝ ටික USA එකෙන් මරල දූෂනය කරල හිරේ දාලා වද දෙනවා අල්ල කතා නෑ.

    බුදු පිලිම පුපුරවපු එකේ පව ඇෆ්ගන් පොන්සියෝ තාම ගෙවනවා. අල්ල ෂද්ද නෑ


    මේ බොරු ගොන් පාට් දාන්නෙ උඹලගෙ ආගම ගැන උඹලටම තියෙන සැකය වහන්න නේ? හික් හික්!
    නෝන්ඩි හතයි!
    :lol::lol:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔලුවෙ හිටන් වහල උදේ ඉඳන් රෑ වෙනකල් අල්ලා අල්ලා කිය කිය හිටියත් ඊලඟ ආත්මේ බල්ලෙක් බලළෙක් වෙන එක වලක්වන්න බෑ,,
    මිත්‍යා දෘෂ්ටික පව් කාරයෝ...

    මුන් කවදා සංසාරෙන් ගොඩ එයිද?
    සත්‍යය පෙනි පෙනී අත ලඟ තියෙද්දිත් නොපෙනී අන්ධ භක්තියෙන් එල්ලිලා ඉන්න හැටි.