ඉඳූරන්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den


    ඉඳූරන් සංවරකරගනිමු




    සංවර ඉඳූරන්ගෙන් යුක්තව වාසයකරන කෙනාගෙ හිත, කෙලෙස්වලින් තෙත්වෙන්නෙ නෑ. එයාට ප්‍රිය මනාප රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේවල් වල සටහන් නිමිති ගැන හිත හිතා ඉන්ට දෙයක් නෑ. ඒ දේවල් අතහැරල නිසා එයාගෙ හිත කෙලෙස්වලින් තෙත්වෙන්නෙ නෑ. ඒ කියන්නෙ නීවරණ බලවත් වෙන්නෙ නෑ, නීවරණ වලට ආහාර සැපයීමක් නෑ. ඉතින් එබඳූ කෙනෙකුගේ සිත නැවුම්, ප්‍රමුදිතයි කියන්නෙ ඒකයි.
    බොහොම පහසුවෙන් බණ භාවනා කිරීමට එයාගේ හිත නැවෙනව, එයා ප්‍රබෝධයෙන් වාසය කරන්නෙ. එයා බණ භාවනා කරන්නෙ තව කෙනෙක්ගේ බලපෑමට නොවෙයි. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව. ඇයි, එයා ප්‍රබෝධයෙන් ඉන්නෙ. ප්‍රමුදිතබව කියන්නෙ එහෙම එකක්.
    තව කෙනෙකුගේ බලපෑමකට නෙවෙයි එයා කටයුතු කරන්නෙ. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව. ආකාසේ පැහැදිලි දවසට උදේට ඉර පායනකොට, ඒ පරිසරය නැවම්, ප්‍රබෝධයක් තියෙනව. අන්න ඒ වගේ තමයි, ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසයකරන කෙනාගේ සිත කෙලෙස්වලින් තෙමිල නෑ.
    ප්‍රබෝධය කියන්නෙ එහෙම එයාට කම්මැලිකම්, අපහසුකම්, පීඩා ස්වභාවයන් නෑ. ප්‍රබෝධයෙන් වාසයකරන්නවා, හිතේ කරදර නෑ, පහසුයි. එයා තමන්ගේ කැමැත්තෙන් කටයුතු කරනව, කැමැත්තෙන් ම පොත පත බලනව, ධර්මය අහනව, ධර්ම සාකච්ඡා කරනව. කලට වෙලාවට එයා කටයුතු කරනව. එයා තුළ ධර්මයේ හැසිරීමට උපන් කැමැත්තක් තියෙනව.
    එයා වාද බේද කරගන්නෙ නෑ. එයා නිසා ආරවුල් හටගන්නෙ නෑ. ඇයි ඒ වාද බේද ආරවුල් හටගන්නෙ මේ හිත ඇතුලෙ තියෙන යුද්ධයෙන්. හිත අසංවරනම්, ඒ හිත ඇතුලෙ යුද්ධයක්නෙ. ඒව තමයි වචන විදිහට, කායික ක්‍රිය විදිහට එළියට එන්නෙ. වාචසික ක්‍රියා විදිහට එන්නෙ මේ හිත ඇතුලේ තියෙන අරගලය.
    ඉන්ද්‍රියන් සංවරකරපු කෙනාගේ සිත කෙලෙස්වලින් තෙමිල නෑ. ප්‍රමුදිතයි. එයාගෙ ජඩ හිත යම් මෙල්ලවීමක් තියෙනව. ඉතින් එයාගෙන් ආරවුල් හටගන්නෙ නෑ. එයා සතුටින් වාසයකරන කෙනෙක්. අපි කැමති හිතේ අසංවරභාවයෙන්, අපහසුභාවයෙන් වාසය කරන්නද නැවුම් සිතින් වාසය කරන්නද? ප්‍රබෝධයෙන් වාසයකරන්ට අපි කැමතිවෙන්න ඕනැ. ඒක හරි ප්‍රියමනාපයි. සුන්දරයි, සැප සහිතයි, පහසුයි. අපහසුකම් නෑ.
    ඉතින් එබඳූ පහසුවකින් වාසයකරන්ට නම්, අපි කැමතිවෙන්ට ඕනැ මොකටද? සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසයකරන්න. ඉන්ද්‍රිය සංවරකරගන්න කෙනාට හිත කෙලෙස්වලින් තෙමෙන ස්වභාවය වළක්වගන්න පුළුවන්. එයාට කෙලෙස්වලින් යටවෙලා අපහසුවෙන් ඉන්න ස්වභාවය නැතිකරගන්ට පුළුවන්. ඒක ධර්මතාවයක්.
    ප්‍රමුදිතව ඉන්න කෙනා තමන්ගේ කැමැත්තෙන් ම බණ භාවනා කරනව. එයා පිරිසටත් ප්‍රිය ශීලියි. ඒ විදිහට බණ භාවනා කරන කෙනා තුළ ටික ටික නීවරණ බි‍ඳෙන්ට පටන්ගන්නව. නීවර්ණ හිතේ දුරුවෙලා යනව. නීවරණ දුරුවෙන්ට දුරුවෙන්ට හිතේ විවේකය හටගන්නව. විවේකීව බණ භාවනාකරන්ට එයාට පුළුවන්. ඒ හිතේ තියෙන විවේකය හේතුකොටගෙන ප්‍රීතිය ඇතිවෙනව.
    භාවනා කරනකොට ඇතිවෙන ප්‍රීතිය ගැනයි මේ කියන්නෙ. ප්‍රීතියෙන් යුක්තව එයා භාවනා කරනව. ප්‍රීතියෙන් යුක්තව බණ භාවනාකරන කෙනාට කායික පහසුව ඇතිවෙනව. කය සැහැල්ලුවෙනව. එතකොට එයාට ඉතාම පහසුවෙන් භාවනා කරන්ට පුළුවන්. කයට අපහසුවක් නෑ. ඒ පහසුවෙන් බණ භාවනා කරනකොට හිතේ සැපය ඇතිවෙනව. එයා සැපසේ භාවනා කරනව.
    ඒ සැප සේ භාවනා කරන කෙනා තුළ සමථ, විදර්ශනා ධර්මයන් පහළවෙනව, සමාධිය උපදිනව. එතෙනදි සමාධිය කියල කියන්නෙ බලවත් සමාධි. අන්න එයා ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ "අප්‍රමාදී කෙනා" කියලයි. එයාට නිවන් මගේ ප්‍රමාදයක් නෑ. එයා අප්‍රමාදීව වාසය කරන කෙනෙක්. අපි කැමති වියයුත්තේ කොයි වගේ කෙනෙක් වෙන්ටද? අප්‍රමාදී කෙනෙක් වෙන්ට සියලු දෙනාම කැමතිවෙන්න. ප්‍රමාදීව �වාසය කරන්ට අකමැතිවෙන්න.


    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.




















    source :
    From: http://www.dinamina.lk/kalanamithuro/?fn=n1102171&nav=0
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සෙල්ලාම උඹ ඕක කරගනින්. අඩුගානෙ ජනෙල් වලින් කෙල ගහන එක වත් නවතී. :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්සෙල්ලාම උඹ ඕක කරගනින්. අඩුගානෙ ජනෙල් වලින් කෙල ගහන එක වත් නවතී. :P
    හ්ම්ම්ම් මාත් ඕක කල්පනා කර කර තමයි පෝස්ට් කලේ :nerd:
    පඩික්කම් දෙකක් ගේ ඇතුලේ තිය ගන්නත් බැනේ