තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව
තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව
රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී ඔබත් එයින් ප්‍රයෝජන ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ
කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට බිහිවන්නේ එකම එක පරමාර්ථයකිනි. ඒ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර කරවීම. භාග්‍යවතුන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාවේ දී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් එය මැනවින්, පැහැදිලි වෙයි. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට උන්වහන්සේ
පාවිච්චි කළා විශේෂ නමක්. ඒ තමයි ධර්ම චක්‍රය. පළමු ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ පොළොවවාසී දෙව්වරුන් ගේ සිට අකනිටා බඹලොව දෙවිවරු දක්වා දහම් ඝෝෂා පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී ධම්මචක්කය පවත්වා වදාළා. එය ලෝකයේ ශ්‍රමණයකුට හෝ දෙවියකුට හෝ බමුණකුට හෝ මාරයකුට හෝ කිසිවෙකුට හෝ නැවත වෙනස් කළ නොහැකි අනුත්තර වූ ධම්මචක්කය ලෙස හැඳින්වෙනුයේ
චතුරාර්ය සත්‍ය ධර්මය යි.
ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන ශ්‍රාවකයෙක් සිටියා. ඒ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දහම් සෙනෙවි ලෙස භාග්‍යවතුන්වහන්සේ ම හඳුන්වා දී තිබුණා.
ධම්මචක්කපවත්තන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම යි. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන් පළමුවෙන්ම සෝතාපන්න වුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කර ගන්න ලැබුණා ඒ පස්වග හිමිවරුන්ටත්. ඒ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවෙන්.
ඊළඟට යසකුල පුත්‍රයා ප්‍රධාන අනිකුත් ශ්‍රාවක හැටනමක් රහතන් වහන්සේ බිහිවුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘මහණෙනි, ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ කරුණු සතරක් අවබෝධ කර ගන්නට නොහැකි වීමෙන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අප දැන් අවබෝධ කරගෙන මේ සංසාරෙන් මිදුණා. එනිසා පින්වත් මහණෙනි, ධර්ම චාරිකාවේ වඩින්න. දෙනමක් එක මඟ වඩින්න එපා.

Last edited: