තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව

Prothean

Member
Apr 25, 2011
866
93
0
තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව

තථාගතයන් වහන්සේ ලොව පහළ වන හේතුව
රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී ඔබත් එයින් ප්‍රයෝජන ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ
කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට බිහිවන්නේ එකම එක පරමාර්ථයකිනි. ඒ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර කරවීම. භාග්‍යවතුන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාවේ දී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් එය මැනවින්, පැහැදිලි වෙයි. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට උන්වහන්සේ
පාවිච්චි කළා විශේෂ නමක්. ඒ තමයි ධර්ම චක්‍රය. පළමු ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ පොළොවවාසී දෙව්වරුන් ගේ සිට අකනිටා බඹලොව දෙවිවරු දක්වා දහම් ඝෝෂා පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී ධම්මචක්කය පවත්වා වදාළා. එය ලෝකයේ ශ්‍රමණයකුට හෝ දෙවියකුට හෝ බමුණකුට හෝ මාරයකුට හෝ කිසිවෙකුට හෝ නැවත වෙනස් කළ නොහැකි අනුත්තර වූ ධම්මචක්කය ලෙස හැඳින්වෙනුයේ
චතුරාර්ය සත්‍ය ධර්මය යි.
ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන ශ්‍රාවකයෙක් සිටියා. ඒ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දහම් සෙනෙවි ලෙස භාග්‍යවතුන්වහන්සේ ම හඳුන්වා දී තිබුණා.
ධම්මචක්කපවත්තන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම යි. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන් පළමුවෙන්ම සෝතාපන්න වුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කර ගන්න ලැබුණා ඒ පස්වග හිමිවරුන්ටත්. ඒ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවෙන්.
ඊළඟට යසකුල පුත්‍රයා ප්‍රධාන අනිකුත් ශ්‍රාවක හැටනමක් රහතන් වහන්සේ බිහිවුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘මහණෙනි, ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ කරුණු සතරක් අවබෝධ කර ගන්නට නොහැකි වීමෙන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අප දැන් අවබෝධ කරගෙන මේ සංසාරෙන් මිදුණා. එනිසා පින්වත් මහණෙනි, ධර්ම චාරිකාවේ වඩින්න. දෙනමක් එක මඟ වඩින්න එපා.
 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
ධර්ම චාරිකාවේ යෙදිලා මුල, මැද, අග කල්‍යාණ වූ මනා ප්‍රකාශයෙන් යුක්ත වූ අර්ථ සහිත වූ පිරිසුදු නිවන්මඟ දේශනා කරන්න. මෙයයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කළ අනුශාසනාව. රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා.
එයින් අපට පැහැදිලියි, චතුරාර්ය සත්‍ය දේශනා කරගෙන යාමෙන් පමණයි, මේ ධර්මය අවබෝධ කර ගන්නා ශ්‍රාවකයන් පහළ වන්නේ කියා. එම ධර්මය දේශනා කළේ නැත්නම් අවබෝධ කර ගන්න හැකියාව තිබෙන අයත් පිරිහිලා යන්න පුළුවන් බව. බුදුන් වහන්සේගේ අනුශාසනාවේ සඳහන් වනවා ඉතාම පැහැදිලි කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිසම බව. වෙන කිසිම දෙයක් සඳහා
බුදුරජාණන්වහන්සේ ලොවට පහළ වන්නේ් නැහැ.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ශාසනයේ තමයි පළමු වන, දෙවන, තුන්වන, හතරවන ශ්‍රමණයන් සිටින්නේ. බාහිර සියලු ශාසන ශ්‍රමණයන්ගේන් හිස්.... ශ්‍රමණයෝ නැහැ කියලා. මෙහි පළමු ශ්‍රමණයා කිව්වේ සෝතාපන්න වූ තැනැත්තාටයි. දෙවැනි ශ්‍රමණයා ලෙස සඳහන් කළේ සකෘදාගාමි වූ තැනැත්තාටයි. තුන්වැනි ශ්‍රමණයා අනාගාමි වූ තැනැත්තායි. හතරවැනි ශ්‍රමණයා රහතන් වහන්සේ යි. එහෙම නම් පැහැදිලි යි මේ
සියලු මාර්ගඵල ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මිස වෙන කිසිම දෙයකින් නොවන බව. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කිරීමට පමණයි.
ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර සීල, සමාධි යන ප්‍රතිපත්ති මෙලොව තිබෙන බව සිතීමට අපහසු ය. එයට හේතුව තමයි සීලය කියන්නේ ආර්ය මාර්ගයේ මාර්ග අංගයක් වීම. සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පමණයි පරිපූර්ණ දේශනාවක් කරන්නේ. බුදුවරු ලොව පහළ වී නැති කාලවලදී සීලය හැටියට ලොව තිබූ ප්‍රතිපත්ති දීඝ නිකායේ දේශනාවල සඳහන් වෙනවා. අවුරුදු ගණන් කතා නොකර සිටීම, පිණ්ඩපාතයේ
වැඩිය විට ගැබිණි මවු දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, කිරිදෙන මවක් දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, දානය පූජා කරන ස්ථානයේ බල්ලන් වැනි සතුන් සිටියොත් ඒ දානය ප්‍රතික්ෂේප කිරීම වැනි ප්‍රතිපත්ති තමයි, බුදුරදුන්ට පෙර යුගයේ සීලය යනුවෙන් හඳුන්වා තිබුණේ.
භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වනවිට මනාකොට සීලය ගැන දන්නා කෙනෙක් ලෝකයේ සිටියේ නැහැ. එයින් පැහැදිලියි අබුද්ධෝත්පත්ති කල සීලය ප්‍රකාශ නොවන කාලයක් බව.
බුද්ධ කාලයේ ලැබෙන දුර්ලභම දේ තමයි දිගින් දිගටම යන සංසාරේ ගමන් කරන සත්ත්වයාට සතර අපායේ වැටි වැටී ගමන් කරන සත්ත්වයාට එයින් මිදිලා නිවන් මඟට පැමිණිලා සදාකාලික රැකරණය ලබන්න පුළුවන් වීම. මෙය ලැබෙන්නේ ඉතා කලාතුරකින්.
දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම
සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්.
කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා. මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව
සම්පූර්ණයෙන්ම අහිමි වී යනවා.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී ඔබත් එයින් ප්‍රයෝජන ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්න.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

'බුදුසරණ' පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/07/11/tmp.asp?ID=vision02
 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
.කොපියක් උණත් හොද වැඩක්..

source eka dala thiyenava. mama articles thaniyama liyana kenek copy karanavanam source eka danava.
komomath sinhala budda aya eka vidiyak. mama budda novelath budda lipi damme oyagollanta kiyavannai.
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව් යාළුවා වැඩේ හොදයි ,මීට කලිනුත් මේ වගේ බුද්දාගමේ නොවෙන අය
    අපිට ගොඩක් උදව් කලා, අපිට අමතක උණු තැන පෙන්නලා දුන්න, අපිට
    ඉගෙන ගන්න කරුණු, අපි දැකල නැති තැන හොයල හොයල අපි වෙනුවෙන්
    දැම්ම.ඊට පස්සේ එයාලට කාලගුණ සලකපු හැටි ගැන නම් මුළු එළකිරි එකේ
    හැමෝටම මතක ඇති.ඒ ගැන මම කතා කරන්නේ නැහැ, මොකද ඇදුමක්
    ඇඳන් එක ගැන කතා කරන්න බෑ.අනික මෙතන දැන් දාල තියන දේ ගරුත්වය
    නැති වෙනවා එක ගැන කතා කලොත්.එත් මම මේ ටික හරි මතක් කලේ
    මගේ ජාතියේ, මගේ ආගමේ අය හැසිරුණු හැටි ගැන මට මතක නිසයි..

    ඔයා කරපු දේ ඉතාම අගය කරනවා, මොකද අද ඔය දාපු දේ තමා බුද්දාගමේ
    මූලිකම තැන.ඒක හරි වැදගත් ඔය අන්‍යගමිකයෙක් වෙලත් අපිට පටන් ගන්න
    ඕන තැන පෙන්නලා දීපු එක.විශේෂෙන්ම අපේම අයට අමතක වෙලා තියන
    කාලෙක කොතනද පටන් ගන්න ඕන කියන එක..ඒ වගේම ඔයාට බුද්දාගම
    ගැන හොද අවබෝදයකින් කරපු දෙයක් කියලත් දැනෙනවා,පටු අරමුණක් නැතුව
    කරපු දෙයක් කියලත් දැනෙනවා , අපේම අයට අමතක උණු මුල පෙන්නලා
    දෙන්න කරපු කියලත් දැනෙනවා; කොහෙන් හරි
    හොයා ගත්තු මහා ගැබුරු කරුණු තියන දෙයක් පොස්ට් නොකර මූලිකම
    සරලම පටන් ගැන්ම අපිට පෙන්නපු නිසා...
    මෙතනත් ඒක ඉවසන්න බැරි අයගේ කතා දැකපු නිසයි මම මේ ටික
    ඔයා වෙනුවෙන් කතා කලේ..
    මොකද අපේම මිනිස්සු කලේ කොහෙන් හරි මහා ගැබුරු දෙයක් අරන් ඇවිත්
    මෙතන දාල කලේ බුද්දාගමට වත් එයාලටවත් අපිට වත් සෙතක් වෙන දෙයක් නෙවේ
    ජාති බේදය ඇති කරන්න බුද්දාගම පොටක් පාද ගත්ත ඒක තමන් මහා උගතෙක්
    කියල පෙන්නන්න කියල හිතාගෙන ,මම ඒක ගැන කතා කරන්නේ නෑ මෙතන කිළුටු වෙනවා

    හදවතින්ම ඔයාට පින්... ඔයාගේ ආගමට අනුව සෙතක් ශාන්තියක් වේවා..
     
    Last edited: