සුපිරි යුද ශක්තිය උදෙසා දරුණු අත්හදාබැලී
අන්තර්ජාලයේ දක්නට ලැබුන ලිපියක් වන The 10 Most Outrageous Military Experiments නම් ලිපිය ඇසුරෙන් ලබා ගත් කරුණු ඔබ හමුවේ දැක්වීමට අදහස් කරමි.
No. 10 - Seeing Infrared - අධොරක්ත තුලින් දැකීම
දෙවන ලෝක යුද සමයේදී ඇමරිකානු නාවික හමුදාවට සිය නාවිකයන්ට Infrared හෙවත් අධොරක්ත සංඥා එළි ග්‍රහණය කර ගැනීමේ රාත්‍රී දැකීමේ හැකියාව අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව ඇතිවී තිබෙනවා. කෙසේ නමුත් මෙයට ඇති ගැටළුව වන්නේ අධොරක්ත තරංග ආයාමය මිනිස් ඇසට සාමාන්‍ය තත්ව යටතේ සංවේදී නොවීමයි.
කෙසේ නමුත් විද්‍යාඥයන් ඒවන විටත් දැන සිටි කරුණක් වූයේ විටමින් A තුල ඇති විශේෂිත අනුමගින් ඇසේ ආලෝක සංවේදී ප්‍රතිග්‍රාහක වලට උත්තේජනයක් ලබා දීමෙන් ඇසේ සාමාන්‍ය තත්වයට වඩා වැඩි ආලෝක සංවේදීබාවයක් ලබා දීමට හැකියි යන්නයි. මේ සදහා ස්වේඡාවෙන් ඉදිරිපත් වූ කිහිප දෙනෙකුට walleyed pikes නම් මතස්‍යාගේ අක්මාව අමතරව කෑමට ලබා දී තිබුනා. විශ්මිත කරුණ වන්නේ මාස කිහිපයක් ඉක්ම ගිය තැන මෙම පුද්ගලයන්ට අධොරක්ත තරංග ආයාමය දැක ගත හැකි තත්වයට පත්ව තිබුනා.
එහෙත් යුද සමය තුලදීම සිදුවූ තාක්ෂනික අත්හදා බැලීම් තුලින් snooperscope හෙවත් night vision device (NVD) ලෙස හදුන්වන රාත්රීකාලයේත පෙනීම ලබා දෙන උපකරණ සොයා ගැනීමත් සමග මෙම පෙරකී මානව අත්හදා බැලීම් වල සාර්ථකත්වය එතරම් අවශ්‍ය නොවු අතර ඒවා අත්හැර දැමීමද සිදුවුනා. කෙසේ නමුත් ඇමරිකානුවන්ට අමතරව මෙම යුද්ධයට සම්බන්ධවී සිටි අනෙකුත් හමුදාවල නම් මෙම විටමින් A ප්‍රතිකාරය ලබාදීම තුලින් රාත්‍රී දැකීම ලබා ගැනීම සිදුකල අතර ජපාන ගුවන් භටයන්ට රාත්‍රී කාලයේ යුද මෙහෙයුම් වලදී 100% ක සාර්ථකත්වයක් ලබා ගැනීමට මෙම ක්‍රමය උපකාරීවී ඇති බවද පැවසෙනවා.
No. 9 Get Your Plutonium Shot - ඔබගේ ප්ලූටෝනියම් ප්රතිකර්මය
ඇමරිකාවට දෙවන ලෝක යුද්ධයේ අවසානභාගයේ පරමාණු බෝම්බය හදන්න බොහොම හදිස්සිවෙලාවේ ඒ කාර්යයේ නියැලුන විද්‍යාඥයන්ට දැන ගැනීමට අවශ්‍ය වුනා ප්ලූටෝනියම් වල අහිතකර ප්‍රතිළුල මොනවද කියල. පරීක්ෂන 1945 අගෝස්තු 10 වනදා ආරම්භකරන ලද අතර මුලින්ම ඔවුන් එයට මුල පිරුවේ
Tenn හි
Oak Ridge හිදී රිය අනතුරකට ලක්ව සිටියෙකුට ප්ලූටෝනියම් එන්නත් කිරීම තුලිනුයි. එයින් ඔවුන් අත්හදා බැලීමට අදහස් කලේ විකිරණශීලතා ද්‍රව්‍යකට මිනිස් සිරුර හැසිරෙන්නේ කෙසේද යන්න දැන ගැනීමටයි.
මෙය ඉන් පසුව මිනිසුන් යොදාගෙන සිදුකෙරුන පරීක්ෂන 400 ක පමණ මූලාරම්භය වූ අතර ඉන් පසුව විකිරණශීල ද්‍රව්‍ය විවිද මාත්රාවලින් සිදුකෙරුන අතර පිලිකා රෝගයට යොදාගන්නා ප්‍රතිකාර සදහා අත්හදා බැලීම් ලෙසද මේවා යොදාගන්නා ලදි. මේවා ගැන දැන ගන්නට ලැබුනේ වසර 50කටත් පමණ පසු 1995 දී ඇමරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුව මේ ගවේෂනයන් ප්‍රසිද්ධකල පසුවයි
No. 8 Rocket Rider - මහ පොළම මත රොකට් ධාවනය
මිනිසුන් අභ්‍යවකාශයට හෝ සද වෙත රොකට් යැවීමට පෙර මහ පොළව මත සමාන්තරව රොකට් ධාවනය (rocket sleds on the ground) ප්‍රථමයෙන් සිදුකලේය. NASA විද්‍යාඥයන් මෙබදු පොලව පැයට සැතපුම් 400 ක පමණ වේගයෙන් පොළම මත යන රොකට් මුලින් අත්හදා බැලූ අතර අවාසනාවන්තම කාරණය වන්නේ මේවාට මුලින්ම මිනිසුන් වෙනුවට යොදාගත් අසරණ චිම්පන්සි සතුන් මේම අවස්ථාවල අනතුරට ලක්ව මොලයේ දරුණු අනතුරුසිදුවීමට ලක්වීමයි.
1954 ආරම්භයත් සමගම ඇමරිකානු ගුවන් හමුදාවේ කර්නල්වරයෙකු වන John Stapp 35 වතාවක් බොහොම බැරෑරුම් පරික්ෂනවලදී ඔරොත්තුදී නොනැසී සිටීමයි. මෙයින් එක් අවස්ථාවක් වූයේ පැයට සැතපුම් 632 ක වේගයෙන් ධාවනයක්ද ඇතුලත්වීමයි.
ගුවන් හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයෙකු පවසන අන්දමට මෙම හමුදා නිලධාරියා සිය ජීවිතය 29 වතාවක් පරදුවට තබා මෙම Sled ධාවනය කිරීමයි. මෙම ක්‍රියාකාකම් අතරතුරදී ඔහුගේ මොලය බරපතල ලෙස සෙලවීම, ඉල ඇටවල පිපිරීම්, මැනික්කටුව දෙවරක් බිදීම්වලට ලක්වීම, පුරවන ලද දත්වල පිරවුම් ගැලවී යාම මෙන්ම ඇස් දෙකේම රුධිරවාහිනී පිපිරීයාමද සිදුවිය.
No. 7 - Pacifist Guinea Pigs - පරිත්‍යාගශීලී මානව ගිනි මීයන්
බොහෝ සොල්දාදුවන් මාරන්තික වෛරස් හා බැක්ටීරියා සමග සටන් වැදීමසදහා හමුදාවට බැදෙන්නේ නැත. එහෙත් 2300 ක් වූ පරිත්‍යාගශීලි හමුදා භටයන් පිරිසක් ස්වේච්ඡාවෙන්ම ගිනි පිග් මීයන් සේ එබදු භයානක පරීක්ෂන සදහා සීතල යුද සමයේ ඉදිරිපත් වී ඇත. මෙම ජීවවිද්‍යාත්මක විශබීජ එන්නත් කල පසු ඔවුන් ගේ අත්දැකීම් අනුව දින කිහිපයක් උණ තත්වය, ශිතල හා ඇටකටු පවා රිදුම් දෙන Q fever තත්වයන්ද ඇතිවී ඇත.1954 සිට 1973 දක්වා Maryland හි Fort Detrick හිදී සිදුකරන ලද "Operation Whitecoat" ලෙස හැදින්වූ මෙම රහසිගත මෙහෙයමේදී කිසිවකුද මිය නොගිය බව සතුටින් කියමි.
No. 6 - Falling Near the Speed of Sound - ශබ්දයේ වේගයේදී බිමට වැටීම
ඇමරිකානු ගුවන් හමුදාවට තම ගුවන් නියමුවන් ඉතා ඉහල උසකදී පැනීමකදී එයට මුහුණ දෙන ආකාරය බලා ගැනීමට සිත්විය. මේ සදහා ඔවුන් යොදා ගත්තේ කපිතාන් Joseph Kittinger, Jr වන අතර මෙහිදී උඩු ගුවනේ සිට පැනීම් කිහිපයක් සිදුකල මෙම පරීක්ෂනය"Project Excelsior" ලෙස හැදින්වීය. මෙම 1950 දශකයේ මෙම පරීක්ෂන බොහෝමයක් සිදුකල අතර මේ සියළු පැනීමකදීම පැරචුටයක ආධාරයෙන් පොලවට නිරුපද්‍රිතව ගොඩබැසීමට හැකිවිය.
මෙම නිර්භීත සොල්දාදුවාගේ තෙවන වරටත් වාර්තා බිද දැමීම වාර්තාවූයේ 1960 අගෝස්තු 16 වන දින වන අතර එදින ඔහු අඩි 102,800 නැතහොත් මහ පොළවේ සිට සැතපුම් 20 ක් පමණ ඉහලදී ගුවන් යානයෙන් බිමට පැන්න අතර පහලට වැටීමේ වේගය පැයට සැතපුම් 614 ක් ලෙස සටහන්වූ අතර එය ශබ්දයේ වේගය වන පැයට සැතපුම් 761 ට තරමක් ආසන්නවූ අවස්ථාවක් ලෙසද සැලකීය. ඊට අමතරව කිව යුත්තේ ඉහල අහසේ සිට වැටීමේදී මුහුනදීමට සිදුවන ෆැරන්හයිට් අංශක 94 වැනි අඩු උශ්නත්වයටද ඔරොත්තුදී සිටීමයි.

Last edited: