මං හඬපු හැමදාම නුඹ හිටිය සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුඹ කොහෙද
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ
වාවන්න බැහැ තාම නිදි නැහැනෙ මුළු රෑම .....
පපුතුරුලෙ නිදියාපු ඔබ ඉන්නෙ අද කොහෙද
අපි දෙන්න ගොඩනඟපු පෙම් හීන අද කොහෙද
වෙන්වෙන්න හිතුවාට දුර ආව වැඩි නැද්ද
හීනෙන් ඇවිත්යන්න නුඹ එන්නෙ කවදාද ....
හිත ඇතුලෙ කකියාපු දුක කීවෙ නැහැ තාම
බොඳවිච්ච පෙම් හීන සිහිවෙන්නෙ ඇයි මෙහෙම
ළං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද
ආලෙන් වෙලී ඉන්න නුඹ එන්නෙ කවදාද .....
මං හඬපු හැමදාම................................
දුක දැනෙන මතුදාට සනසන්න නුඹ කොහෙද
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ
වාවන්න බැහැ තාම නිදි නැහැනෙ මුළු රෑම .....
පපුතුරුලෙ නිදියාපු ඔබ ඉන්නෙ අද කොහෙද
අපි දෙන්න ගොඩනඟපු පෙම් හීන අද කොහෙද
වෙන්වෙන්න හිතුවාට දුර ආව වැඩි නැද්ද
හීනෙන් ඇවිත්යන්න නුඹ එන්නෙ කවදාද ....
හිත ඇතුලෙ කකියාපු දුක කීවෙ නැහැ තාම
බොඳවිච්ච පෙම් හීන සිහිවෙන්නෙ ඇයි මෙහෙම
ළං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද
ආලෙන් වෙලී ඉන්න නුඹ එන්නෙ කවදාද .....
මං හඬපු හැමදාම................................

හා හා හොරේ දැනුණා දැනුණා..

