ඉස්සර පැය ගාණක් තිස්සේ
බැහැපු පඩි පෙළවල්,
පහු කරපු අඩි පාරවල්,
දැන් මම විනාඩි දෙකෙන්
බැහල, පහුකරල යනව..
ඉස්සර මහ වැස්සට ඉඩත් මදිව
එකම මල් කුඩේ හිරවෙලා
තෙමිච්ච මම,
දැන් රේන් කෝට් එකක් දාගෙන
තනිකුඩේ නොතෙමී ඉන්නව..
ඉස්සර පැය ගාණක් තිස්සේ
කාපු බත් එක,
දැන් මම
එක විනාඩියෙන් කාල දානව..
ඉස්සර ගෙට පල්ලෙහා කඩේට ගියත්
උඹට වාර්තා කරල ගිය මම,
දැන් මගේ හිතුමතේ
ගමන් බිමන් යනව..
ඉස්සර කැලන්ඩරේම
කටපාඩම් කරන් හිටපු මම,
දැන් මේ අවුරුද්දවත්
හරියට දන්නෙ නෑ..
ඉස්සර ලෝකෙටත් ණය වෙලා
රීලෝඩ් දාගත්ත මම,
දැන් ෆෝන් එකක්වත්
නැතුව ඉන්නව..
ඉස්සර රැවුල්, කොණ්ඩ බාල
ලස්සනට හිටපු මම,
දැන් ඒවට ඔහේ
වැවෙන්න දීල ඉන්නව..
ඉස්සර උඹගෙ රූකඩයක් වෙලා
උඹට ඕනි විදියට නටපු මම,
අද මගේ තාලෙට
හිතේ හැටියට ඉන්නව..
ඉස්සර උඹගෙ ගොනා වෙලා
හිටපු මම,
අතඇරියට උඹට ගොඩක් පිං,
දැන් ඉතින් ආපහු උඹේ හිතේ
විදියට නටන ගොනෙක් අල්ලගනිං..
උඹට දෙයියන්ගේම පිහිටයි..
බැහැපු පඩි පෙළවල්,
පහු කරපු අඩි පාරවල්,
දැන් මම විනාඩි දෙකෙන්
බැහල, පහුකරල යනව..
ඉස්සර මහ වැස්සට ඉඩත් මදිව
එකම මල් කුඩේ හිරවෙලා
තෙමිච්ච මම,
දැන් රේන් කෝට් එකක් දාගෙන
තනිකුඩේ නොතෙමී ඉන්නව..
ඉස්සර පැය ගාණක් තිස්සේ
කාපු බත් එක,
දැන් මම
එක විනාඩියෙන් කාල දානව..
ඉස්සර ගෙට පල්ලෙහා කඩේට ගියත්
උඹට වාර්තා කරල ගිය මම,
දැන් මගේ හිතුමතේ
ගමන් බිමන් යනව..
ඉස්සර කැලන්ඩරේම
කටපාඩම් කරන් හිටපු මම,
දැන් මේ අවුරුද්දවත්
හරියට දන්නෙ නෑ..
ඉස්සර ලෝකෙටත් ණය වෙලා
රීලෝඩ් දාගත්ත මම,
දැන් ෆෝන් එකක්වත්
නැතුව ඉන්නව..
ඉස්සර රැවුල්, කොණ්ඩ බාල
ලස්සනට හිටපු මම,
දැන් ඒවට ඔහේ
වැවෙන්න දීල ඉන්නව..
ඉස්සර උඹගෙ රූකඩයක් වෙලා
උඹට ඕනි විදියට නටපු මම,
අද මගේ තාලෙට
හිතේ හැටියට ඉන්නව..
ඉස්සර උඹගෙ ගොනා වෙලා
හිටපු මම,
අතඇරියට උඹට ගොඩක් පිං,
දැන් ඉතින් ආපහු උඹේ හිතේ
විදියට නටන ගොනෙක් අල්ලගනිං..
උඹට දෙයියන්ගේම පිහිටයි..













