නෑ මචන්. මට රෑට නිදි මරණ එක සාමාන්‍ය දෙයක්. මොකද us clients ලා එක්ක වැඩ කරද්දී උන්ගේ time ඒකත් එක්ක රෑ නිදි මරන්න වෙනවා.
ඊයේ නම් එහෙම නිදි මරන්න හිතන් නෙමෙයි බැලුවේ බන්. අර robb stark මැරිච්ච හැටි අදහගන්න බැරි වුණා බන් මට. මම හිතුවේ ඒක හීනයක්වත්ද කියලා. එහෙම වෙන්න බෑනේ බන් කීයටවත්. මුළු කතාවේම හරය තිබ්බේ උගේ සහ අම්මගේ වටෙනේ. තත්පර ගානකින් කිසිම ගේමක් නැතුව ඔක්කොම මැරුණා. අඩුම ගානේ යුද්දයක් කරලා නම් කමක් නෑ.
ඒකත් හරියට අපේ ඇත්ත ජීවිත වගේ නේද බන්? අපි ලොකු ලොකු දේවල් ගැන බලාපොරොත්තු තියන් ඉද්දි අපි හිතන්නෙවත් නැති පොඩි පොඩි දේවල් වලින් අපේ ජීවිත සැහෙන්න වෙනස් වෙනවා.
කියන්න කතා ගොඩයි බන්. කතාව බලනවා වගේම interesting උඹත් එක්ක මේක ගැන කතා කරන එක. ඉස්සර උඹ හැම තිස්සෙම game of thrones ගැන කියවද්දී මම හිතුවේ උඹ නිකන් අර harry potter වගේ කතාවක් බලලා කියවනවා කියලා බන්. මම ආස නෑ ඒ වගේ ඒවාට නම් එච්චර. මේකනේ යකෝ කතාව.
මේ වගේ කතාවක් බලලා නැත්නම් ජීවත් වෙලත් වැඩක් නෑ බන්. ලෝකයේ දියුණුවත් එක්ක ලැබිච්ච සුපිරි නිර්මාණ තමයි මේවා.
