භාවනාව සාර්ථක වෙන්න නම් දිවිපැවැත්මේම අංගයක් ලෙසින් කල යුතුයි. ඒ කියන්නේ මරනනුසතිය ආහාරයේ පටිකුල සඤ්ඤාව මෛත්‍රී භාවනාව ආනාපන සති භාවනාව ඊරියපත භාවනාව මේ ආදී සියලු භාවනා දෙයිනික වැඩකටයුතු අතර පුරුදු කරන්න එකට මුලින් කාලසටහනක් හදාගත්තනන් හොදයි... උදේ ඇහැරුණාම ඇ්දේ ඉන්න කාලය නිදාගන්න යනකොට ඇ්දේ ඉන්න කාලය තුල මරනනුසතිය හා මෛත්‍රී භාවනාව පොඩි වෙලාවක් කරන්න පුළුවන්...
ආහාර ගන්න හැම වෙලවදිකම ආහාරයේ පටිකුල සඤ්ඤාව මෙනෙහි කරන්න පුළුවන් නිශ්චිත වැඩ වලදී නානවා දත් මදිනවා වගේ වෙලාවේදී ඊරියපත භාවනාව කරන්න පුළුවන්... දවසේ ඇවිදගන යන වෙලාවක් තියනවනම් සක්මන් භාවනාව කරන්න පුළුවන් මේ ආකාරයට දවසේ වැඩකටයුතු අතර භාවනවල් කරන්න ලැබෙන හැම අවස්ථාවකම යොදාගන්නවා....
ඊටපස්සේ තමන්ට විවේක කාලයක් ලැබෙන වෙලාවක් තෝරගන බුදුන් වැඳලා පන්සිල් අරන් පිරිත් කියල පැයක් දෙකක් අනපනසති භාවනාවට යොදාගන්න පුළුවන්...
මේ විදියට පුළු පුළුවන් විදියට හරි කරගත්තොත් ලෝකේ සතුටින්ම ඉන්න 10 000 අතරට එන්න පුළුවන්