මචං මම මේ නිකමට අහන්නේහරිම විදිය
මුලින්ම හැම් රේඩියෝ ලයිසන් එක තියෙන්න ඕන
ඊට පස්සෙ TRCSL එකට Device Import permit එකක් ඉල්ලලා රික්වෙස්ට් කරන්න ඕන
ඒකට ඩිවයිස් එකේ ගාන, මොඩල් එක, ස්පෙක් වගේ විස්තර හෙන ගොඩක් ඕන
එතකොට ඒ ඩිවයිස් එක අපිට තියන හැම් ලයිසන් එකට අදාල බෑන්ඩ් වල වැඩ කරනවා නං TRCSL එකෙන් MOD එකට ලෙටර් එකක් යවනවා අපේ විස්තරයි රේඩියෝ එකේ විස්තරයි දාල, මෙන්න මේකා මෙහෙම එකක් ගේන්න අහනවා උඹලගෙ අකමැත්තක් තියේද කියලා
MOD එකේ ටෙක්නිකල් එවුන් රේඩියෝ එකේ ස්පෙක් බලලා ලංකාවෙ ආරක්ශක සීන් වලට කේස් එකක් නැත්තං, අපේ පොලිස් රිපෝට් එකක් ගන්නවා, ඔය දෙකම හරි නං උන් TRCSL එකට ලෙටර් එකක් දෙනවා අපේ අවුලක් නෑ කියලා
ඔය සේරම හරිගියාම TRCSL එකෙන් Import controller එකට ලෙටර් එකක් දෙනවා මෙන්න මේකා මෙහෙම එකක් ගේනවා, අපි සහ MOD එක අවුලක් නැහැ තොපිලගෙ ප්‍රොසෙස් එකක්ට අවුලක් නැත්තං ගේන්න දීපං කියලා
Import controller තව විස්තර 100ක් විතර ඉල්ලනවා ගේන ඩිවයිස් එකේ සීරියල් නම්බර් එක එවන එකාගෙ විස්තර වගේ දේවල්
ඔය සේරම හරිගියොත් සෙලර්ට කියලා ශිප් කරගන්න පුලුවන්, කස්ටම් එකෙන් නතර කරොත් Import controller ගෙ ක්ලියර්නස් තියන නිසා අවුලක් නැතිව දෙනවා
ඩිවයිස් එක ගෙනාවට පස්සෙ ඒක අරගෙන TRCSL එකට අරගෙන යන්න ඕන, එතකොට ඒක බලලා ඩිවයිස් එක අපේ Ham radio license book එකට දාල දෙනවා ලයිසන් තියන ඩිවයිස් එකක් කියලා
එතකොට මේක අපිට අපේ ලයිසන් එකට අදාල බෑන්ඩ් වල ඒ ඒ නීති වලට අදාලව යූස් කරන්න පුලුවන්
ඒ උනාට
ඕඩර් කරාම ගෙදරට එන්න පුලුවන්. කස්ටම් එකට අහු උනෝතිං ලෝක නඩුවක් වැටෙන්න චාන්ස් එකක් තියනවා
ඩරස් එකෙන් ඕඩර් කරාම ගෙදරට එන්න ලොකු චාන්ස් එකක් තියනවා. එතකොට කස්ටම් එකෙන් අහු උනොත් උන් ඒක ආපහු සෙලර්ට යවන්න හරි මොනවා හරි කරනවාද කොහෙද.
කොහොම ගෙනාවත් ට්‍රාන්ස්මිට් කරන එකේ රිස්ක් එකක් තියනවා. ඔය ඩිවයිස් වැඩ කරන්නෙ Ham bands වල එතකොට ඕවයින් කතා කරද්දි Ham operators ලට ඇහෙනවා
උන් උඹේ ෆ්‍රීකුවෙන්සි එකම අහගෙන ඉන්නවද කියලා හිතෙනවානේ, ගොඩක් හැම් ඔපරේටර්ලාගෙ ලඟ SDR තියනවා ඒවයින් ලොකු රේන්ජ් එකක් ස්කෑන් කර කර ඉන්න පුලුවන්. තව සමහර අය ලඟ කමර්ශල් ස්කෑනර් තියනවා
එතකොට ඔහොම එකක් නිතරම අහු වෙනවා නං සමහර වෙලාවට හැම් ඔපරේටර්ලා TRCSL එකට කම්ප්ලේන් කරනවා
දිගට කම්ප්ලේන් කරොත් TRCSL එකෙන් ඇවිත් කුදලං යනවා. සමහර වෙලාවට Ham operators ලා දෙතුන්දෙනක් එක්ක සෙට් වෙලා උඹේ ලොකේශන් පින් පොයින්ට් කරගන්නත් බැරි නැහැ
මොකද ලංකාවෙ හැම් ඔපරේටර්ලා ෆන් එකට ඔය වගේ ට්‍රාන්ස්මීටර් එකක් කොහෙ හරි හංගලා ඒක තියන තැන හොයන කම්පෙටිශන් කරනවා අවුරුද්දට සැරයක් දෙසරයක්, ඔය වගේ ඒව හොයන එක උන්ට ෆන් එකක්
කාටවත් කරදරයක් නැතිව ඉදලා හිටලා ආතල් එකට යූශ් කරනවා නං ලොකුම අවුලක් නැහැ (ඒ උනාට ඕවට ආස නං හැම් ලයිසන් එක අරගනින් එතකොට සෙට් වෙලා කතා කරන්න පුලුවන් ඒක ආතල්)
උඹ ඇවිදින පුස්තකාලයක්ද
මෙකේ ඉන්න ගොඩාක් දේවල් ගැන දන්න උන්ගෙන් කෙනෙක් උඹ
එකෙනුත් දන්න දේ දශමෙටම (කෙල පැමිණි) ලෙවල් එකෙන් දන්න ටයිප් ඩෑල් එකක්
උඹ අපිට වඩා මොලේ ප්‍රැක්ටිස් කරලද බන්
ඒක මාරයි මචං. සතුටුයි්. උඹේ උත්තර මාර විදියට පිරිණු උත්තර. මෙකේ විතරක් නෙමේ උඹ දාන ගොඩාක් රිප්ලයි වල