ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,567
    100,763
    113
    සතර දළදා වහන්සේලාගෙන් දෙව් මිනිසුන්ගෙන් වැඩිමනක් පූජෝපහාර ලැබෙන්නේ අපගේ සෙංකඩගල නුවර දළදා වහන්සේටයි..
    ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසටම සියලු බෞද්ධයන් වාම දළදා වහන්සේට වන්දනා කරනවා...
    ඇයි මේ වාම දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර..??? මෙතරම් විශේෂයක්??

    අපිට පියවි ඇසින් දකින්න ලැබෙන එකම දළදා වහන්සේ වෙන්නේ මේ වාම ශ්‍රී දළදා වහන්සේයි... අනෙක් දළදා වහන්සේලා තුන් නම ම අපට හැබැහින් දකින්න බෑ...
    ඒ නිසාම වාම ශ්‍රී දළදා වහන්සේට ලෝක වාසි සියලු බෞද්ධයන්ට සුවිශේෂයි...

    වාම දළදා වහන්සේ විශේෂ වෙන්න තව හේතුවක් තියෙනවා...මේ හේතුව නං හරි අසිරිමත් එකක්.. අපගේ තථාගතයන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරය පෑවා සේම, වාම ශ්‍රී දළදා වහන්සේත් ඉර්ධි ප්‍රාථිහාර පා වදාලා...

    සතර දළදාවන්ගෙන් මෙතරම් ඉර්ධි ප්‍රාතිහාරය පෑ එකම දළදා වහන්සේ වන්නේද අපගේ වාම ශ්‍රී දළදා වහන්සේයි..
    බුදුරජාණන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා අතරින් වැඩිම ඉර්ධි ප්‍රාතිහාරයක් පා වදාලේද අපගේ වාම ශ්‍රී දළදා වහන්සේයි...

    සාමාන්‍යයෙන් ධාතුන් වහන්සේලා පෙරහැර පාන්නේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් කියලා තමයි සැලකෙන්නේ.. එනිසාම අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ ඉතා සුවිශේෂයි..

    අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ, දඹදිව මෙන්ම ලක්දෙරණ මතද ඉර්ධි ප්‍රාතිහාරය පා වදාලා..
    මොනාද මේ ප්‍රාතිහාර???

    වාම ශ්‍රී දළදා වහන්සේ දැවෙන චිතකයෙන් ගත් ඛේම මහරහතන් වහන්සේ, දළදාව කාලිංගයේ බ්‍රහ්මදත්ත රජුට ලබා දුන්නා...රජු දළදා මාළිගාවක් තනවා එහි දළදා වහන්සේ වැඩ හිඳුවා වදාලා..

    බ්‍රහ්මදත්ත රජුගේ අවෑමෙන් පස්සේ, කාලයක් ගෙවිලා ගිහින් ගුහසීහ නම් රජෙක් පහල වුනා..ඔහු මිත්‍යාදුෂ්ඨික රජෙක් උනත්,පසුව
    දළදා වහන්සේට පැහැදුනා.. එනිසාඅ ගුහසීහ රජු දළදා වහන්සේට අනේක පුද පූජාවන් කලා..

    මේකට එකල හිටපු මිත්‍යාදුෂ්ඨික තීර්ථකයන් කිපුනා..එනිසාම ඔවුන් ගිහින් එකල මහා රජෙක් වූ "පඬි" නම් රජාට කේළම් කිව්වා..

    "අන්න ගුහසීහ රජු මිනී ඇටයකට වඳිනවා" ඕක නිසා රාජ්‍යයට මහා අපල කාලයක් එන්න පුලුවන්"
    ආදි වදයෙන් පඬි රජුට කේළම් කිව්වා..

    මේ කතා වලට අහුවෙච්ච පඬි රජු,
    ඔහුගේ තවත් ප්‍රාදේශිය රජෙක් වෙච්ච "චිත්‍රයාන" රජුට කතා කරලා කිව්වා..ගිහින් ගුහසීහ රජුත් මිනී ඇටයත් අරන් එන්න කියලා..

    චිත‍්‍රයාන රජතුමා කාලිංගයේ දන්තපුරය අසල කඳවුරු බැඳලා ගුහසීව රජුව මුණගැසෙන්න ගියා... ගුහසීව රජු චිත්‍රයාන රජුව සුහදව පිලිගත්තා..
    එවෙලේ ගුහසීව රජු කළ බුදුගුණ වර්ණනා – දළදා වර්ණනා අහපු, විසිතුරු දළදා පූජාවන්
    දැකපු චිත‍්‍රයාන රජුත් දළදා වහන්සේට පැහැදුනා..

    ගුහසීහ රජු, චිත්‍රයාණ රජුව දළදා වහන්සේ ලඟට අරගෙන ගියා..ගිහින් ගුහසීහ රජු දළදා වහන්සේට වන්දනා කරලා, ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් ආයචනා කරන්නා සේ මෙසේ ආයාචනා කලා..

    මුණිරාජ, සර්වඥයන් වහන්ස,නුඹ වහන්සේ විසින් නොයෙක් තැන්හී,නොයෙක් ඉර්ධි ප්‍රාතිහාර පා වදලා..ස්වාමිනී, එසේම බොහෝ ජනයාට සුගති සැපය පිණිස,ඉර්ධි ප්‍රාථිහාරය පානා සේක්වා!!!

    0️⃣1️⃣ ඒ මොහොතෙම අහසට පැන නැගි සෙංකඩගල නුවර වාම ශ්‍රී දළදා වහන්සේ, රිදී සේ සුදු පාට රශ්මීන් විහුදුවමින්, නන් අයුරින් දිලිසෙමෙන් ප්‍රාතිහාර පා වදාළා..

    මේ තමයි අපගේ වාම ශ්‍රී දළදා වහන්සේගේ පලමු ඉර්ධි ප්‍රාතිහාරය..

    මේ ප්‍රාතිහාරය දැකපු චිත්‍රයාණ රජු,තිසරණයේ පිහිටියා..ඉන් ඔහු ගුහසීහ රජුට තමන් පැමිණි කාරනාව කිව්වා..

    දළදා වහන්සේගේ ඉර්ධි ප්‍රාථිහාරය දුටු නිසා, බිය වන්නට කාරණයක් නොදුටු ගුහසීව රජතුමා දළදා වහන්සේ සමග ධාතු කරඬුව පඬි රජුගේ පැළලු‍ප් නුවරට වැඩම කෙරුවේ මහත් වූ හරසර සහිත පෙරහරකිනි...

    ඒ වනවිට තීර්ථක බස් අසා මහත් කෝපයෙන් සිටි පඬි රජතුමා දළදා වහන්සේව විනාශ කරන්නට සිතුවා..,එසේ සිතා

    0️⃣2️⃣ ගිනිගෙන දිලිසෙන ගිනි අඟු‍රු වළකට දළදා වහන්සේව දැමුවා...

    අහෝ! සිදුවුණේ මහත් අසිරියක්! මහා ගිනි වළෙන් ඉහළට විහිදුන රිය සකක් වැනි වූ සොඳුරු නෙළුම් මලෙක කෙමියෙහි වැඩ හිඳිමින් ඒ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සුදු බුදුරැස් විහිදුවා වදාළා...

    0️⃣3️⃣ ඊලඟ උපාය වුණේ කිණිහිරයක තියලා කුළු ගෙඩියෙන් ගසා පොඩි කිරීම.
    කුළු ගෙඩියෙන් ගසනවාත් සමඟම, වාම ශ්‍රී දළදා වහන්සේ කිණිහිරයෙහි ඇතුකට ගිලී ගියා.
    සියලු‍ දිශාවන් ඒකාලෝක කරවමින් නැඟු‍ණු දාඨා ධාතු ප‍්‍රභාවන් අපමණ බුදුගුණයන් ගැන ජන සිත් පහදවාලූවා.

    පඬි රජුට මේ අරුමය සිතා ගන්නටවත් බෑ. ඒ නිසා ඔහු නියෝග කළා කිණිහිරයෙහි ගිලු‍ණ දළදාව රැගෙන කැමති වස්තුවක් ගන්නට කියා. එහෙත් තීර්ථකයන්ට කවර ආකාරයකින්වත් දළදා වහන්සේව ගන්නට ලැබුණෙ නෑ.

    ඒ මොහොතේ, ගෞතම සසුනේ අග‍්‍ර ගිහි උපස්ථායක වූ අනේපිඬු සිටුතුමාගේ මී මුණුබුරෙකු වුණ ‘සුභද්‍ර සිටු පුත‍්‍රයා’ සැදැහැ සිත් පෙරටුව අපමණ බුදුගුණ වර්ණනා කරමින් සත්‍යකි‍්‍රයා කළා.

    0️⃣4️⃣ඒ මොහොතේ දළදා වහන්සේ කිණිහිරයෙන් අහසට පැන නැඟී, නැවත සිටු පුතුගේ සිරසට වැඩම කරමින් බුදුරැස් විහිදුවන්නට පටන් ගත්තා. එවිට තීර්ථකයන් කියා සිටියා මෙය සිටු පුතු මන්ත‍්‍ර බලයෙන් කළ දෙයක් බව. රජු දෙගිඩියාවකට පත්වුණා. ඒ නිසා ඔහු කළේ වෙනත් පෙළහරක් දක්වන්න කියා දළදා වහන්සේගෙන් අයැද සිටීම.

    0️⃣5️⃣ එවිට දළදා වහන්සේ සුවඳ දිය පිරුණ රන් පාත‍්‍රයකට වැඩම කොට වදාළා...
    සම්බුදු ශ්‍රී මුව මඬල නම් වූ අමදම් විලේ රාජ හංසයෙකු සේ වැඩ හුන් ඒ උත්තම දළදා වහන්සේ සුවඳ දිය මත ස්වර්ණ හංස රාජයෙකු සේ පිහිනා පෙළහර පාන්නට වුණා.

    පඬි රජතුමා තවමත් සිටින්නේ සැකයෙන්.
    ඒ නිසා තවත් උපක්‍රමයක් කලා...

    0️⃣6️⃣ වීදිය මැද මහා වළක් කප්පවලා, දළදා වහන්සේව එහි දම්මවලා, පස් පුරවලා, අලි ඇතුන් ලවා පෑගෙව්වා..
    ඡද්දන්ත හස්තිරාජයන් කෝටි ප‍්‍රකෝටි ගණනකගේ බලය, සවිය ඉක්මවන සවිබල තිබූ දසබලයාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ එවෙලේ මහ පොළව පළාගෙන පැන නැඟු‍ණ නෙළුම් මලෙක විරාජමානව වැඩ වෙසෙමින් සුදු බුදු රැස් විහිදුවාලූවා.

    0️⃣7️⃣ ඒ පෙළහර බලාවත් පඬි රජු පැහැදුනේ නැහැ..
    මේ වතාවේ ද්වතාවේ දළදා වහන්සේව මළ මුත‍්‍රාදියෙන් පිරී ගිය අපිරිසිදු දිය අගලකට විසි කරනු ලැබුවා. සැණෙකින් එය පස් පියුමින් සුසැදුණ, ස්වර්ණ හංස රාජයන් සරණ, බිඟු‍ නද නැඟෙන දෙව් පොකුණක සිරියෙන් දිලෙන්නට වුණා.

    මේ සියලු‍ ඓශ්චර්යයන් බලා සිටි ඇමතිවරු දළදා වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන තිසරණයෙහි පිහිටන ලෙස පඬි රජුට ආයාචනා කළා. එවිටයි රජු මිසදිටුවෙන් මිදී ගත්තේ...

    0️⃣7️⃣ රජුගේ අණ අනුව දළදා වහන්සේව වැඩම කරවන්නට දිය අගල වෙත ගිය ප‍්‍රධාන ඇමතිවරයා රජු තිසරණයෙහි පිහිටි ආකාරය පවසා රජගෙයට වැඩම කරවන්න කියා දළදා වහන්සේට ඇරයුම් කළා...
    ඒ මොහොතේ දළදා වහන්සේ නෙළුම් මලෙන් නෙළුම් මලට වැඩම කරවමින් ප‍්‍රධාන ඇමතිවරයාගේ කරතලය මත වැඩ හිඳ සුදු බුදුරැසින් හාත්පස ආලෝකවත් කරන්නට වුණා...

    0️⃣8️⃣ රජු ඒ බව අහලා වහා එතැනට ඇවිත්, තමන් කළ සියලු‍ නොමනාකම්වලට සමාව ඉල්ලා රාජකීය ඔටුන්න මතට වැඩම කරවන ලෙස දළදා වහන්සේට ආරාධනා කළා. දළදා වහන්සේ බුද්ධ ප‍්‍රභාවන් නිකුත් කරමින් රජුගේ ඔටුන්න මතට වැඩම කළා.

    පඬි රජු තෙරුවන් සරණ ගියා...දිවි ඇති තෙක් වාම ශ්‍රී දළදා වහන්සේට උපස්ථාන කලා..

    කාලයක් ගෙවී ගිහින්, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වාම ශ්‍රී දළදා වහන්සේ ලක්දෙරණට වැඩම කොට වදලා..
    එවකට ලංකාද්වීපයේ රජ කලේ කිත්සිරි මෙවන් රජතුමායි...

    ලංකාද්වීපයට වාම ශ්‍රී දළදා වහන්සේ වැඩම කොට වදාල බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා..

    0️⃣9️⃣ රජතුමා පිරිස මැද මෙසේ පැවසුවා. “බුදුරජාණන් වහන්සේ ඉතා සුදු දත් ඇති සේක. සර්වඥ දළදා වහන්සේ ඕෂධී තාරකාව මෙන් ශ්වේත වර්ණයෙන් යුතු වන්නේ ය.
    මේ දළදාව කුමක් නිසා කිලිටි පැහැයෙන් යුක්ත ද?”

    ඒ ක්‍ෂණයෙහි ම දළදා වහන්සේ පියාපත් විදා යන රාජ හංසයෙකු සේ අහසේ නැගී මොහොතක් දක්‍ෂිණාවර්ත ව කැරකුණ සේක. රජතුමා අනර්ඝ සුදු ඇතිරිල්ලක් සිංහාසනය මත අතුරා දළදා වහන්සේ ඒ මත පිහිටුවා සරත් කාලයේ අහසේ ඇති ඉතා සුදු වළාකුළු වැනි සමන් මල් ගොඩකින් වසනු ලැබුවා.
    එවිට අප මුනිරජුන්ගේ දළදා වහන්සේ වහා උඩට නැගී මල් ගොඩ මුදුනෙහි පිහිටා කිරි සේ සුදු සඳ රැස් සේ සුදු බුදු රැසින් බබළමින් මහජනයා සොම්නසින් ආනන්දයට පත් කළ සේක.

    1️⃣0️⃣ රජු තවත් පරීක්‍ෂා කිරීමට කැමති බැවින්, සිංහාසනයේ පිහිටි කිරි සයුරේ පෙණ පටලයක් හා සම වූ සියුම් වස්ත්‍රයක දළදා වහන්සේ පිහිටුවා මාහැඟි සිනිඳු සළු සිය ගණනකින් වසනු ලැබුවා..

    ඒ දළදා වහන්සේ සුදු වලා ගැබින් නික්මුණ පුන්සඳ මෙන් ඒ ක්‍ෂණයෙහි සළු සිය ගණනක් බිඳගෙන උඩට නැගි සේක. ඒ මතුපිට හිඳ සුදු බුදු රැස් විහිදුවමින් දස දිසාවන් බැබළවූ සේක.

    ඔය ආදි වශයෙන් අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ ප්‍රාතිහාර පා වදාලා.. ඒ ප්‍රාතිහාර දැක බොහෝ දෙව් මිනිසුන් සතුටට පත් වුන..

    ඔබ දිවා රෑ නොබලා, වන්දනා කරන්නේ මෙසේ ඉර්ධි ප්‍රාතිහාර පා වදාල, අපගේ ඒ වාම ශ්‍රී දළද වහන්සේයි..
    ජීවමාන තථාගතයන් වහන්සේ සේ ඉර්ධි ප්‍රාථිහාරය පා වදාල උත්තම වාම ශ්‍රී දළදා වහන්සේයි..

    සෙංකඩගල නුවර වාම ශ්‍රී දළදා වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

    දාඨාවංශය ඇසුරිනි..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,600
    113
    Colombo
    නිකන් මනුස්සයෙක්ගේ දතක් පෙනීම තුල තියෙන්නෙත් නිවන
    ප්‍රාතිහාර පාන දන්ථ දාතුන් වහන්සේ පෙනීම තුල තියෙන්නෙත් නිවන

    නිවන් දකින්න කෞශල්ය නැති නිසා පෙනීම තුල නිත්යව පවතින නිකන් මනුස්සයෙක්ගේ දතකුයි, දන්ථ දාතුන් වහන්සේයි දකිනවා. ඒවා ඇසුරු කරන් ..මේක අරකට වඩා විසේසයි.. වගේ විවිධ මිත්යා දිට්ටි/ සන්කල්ප ඉදිරියට සන්ස්කරනය කර ගන්නවා පෙර දැනුම හා සන්සන්දනය කරන්. අවිද්යාව තුල අවිද්යාවටම පත් වෙනවා. අනුසෝතගාමීව ගමන් කරනවා. කර්ම රැස් කර ගන්නවා. සසර දික් වෙනවා. දුක් විදිනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,070
    1
    58,402
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්රයියගේ කතා මතක් වුනා

    කොහොම වුනත් ජීවත්වෙන කාලේ බුදුහාමුදුරුවන්ව වට කරගෙන හිටපු රහත් උන්නාන්සේලා වත් මේ ඇට කෑලි වන්දනාව නිවනට හේතු වෙන්නෙ නැති බව තේරුම් ගෙන ඉඳල නෑ.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    තපස්සු භාල්ලුකට කේශ ධාතු දීලා තමයි වරද්ද ගත්තේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,567
    100,763
    113
    අන්රයියගේ කතා මතක් වුනා

    කොහොම වුනත් ජීවත්වෙන කාලේ බුදුහාමුදුරුවන්ව වට කරගෙන හිටපු රහත් උන්නාන්සේලා වත් මේ ඇට කෑලි වන්දනාව නිවනට හේතු වෙන්නෙ නැති බව තේරුම් ගෙන ඉඳල නෑ.
    🙏🙏 ඒකනේ ඒකනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,040
    2
    54,818
    113
    Yes GIF by Desus & Mero
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,567
    100,763
    113
    දළදාව ඔහොම දැක බලාගෙන වදින එකෙන් මොකක් හරි පිනක් හම්බෙනවද ඒ මිනිස්සුන්ට ?
    නොදනී. මේ නන් මිනිසුන්ගේ පිනකට වඩා බුදු හාමුදුරුවන්ගේ පිනක්.
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,921
    167,680
    113
    එකමත් එක රටක
    නොදනී.
    මම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .
    සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දෙසපු දහමක මිනිස්සුන්ට සෙතක් වෙන , සෙතක් ගන්න පුලුවන් දෙයක් කාමරයක් ඇතුලේ හංගල තියල අවුරුදු දහ පහලවකට පාරක් පොරකාලා බලන්න තියන එකේ තේරුමක් නෑ නේ .
     
    • Like
    Reactions: sachi4 and KDH

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    නිකන් මනුස්සයෙක්ගේ දතක් පෙනීම තුල තියෙන්නෙත් නිවන
    ප්‍රාතිහාර පාන දන්ථ දාතුන් වහන්සේ පෙනීම තුල තියෙන්නෙත් නිවන

    නිවන් දකින්න කෞශල්ය නැති නිසා පෙනීම තුල නිත්යව පවතින නිකන් මනුස්සයෙක්ගේ දතකුයි, දන්ථ දාතුන් වහන්සේයි දකිනවා. ඒවා ඇසුරු කරන් ..මේක අරකට වඩා විසේසයි.. වගේ විවිධ මිත්යා දිට්ටි/ සන්කල්ප ඉදිරියට සන්ස්කරනය කර ගන්නවා පෙර දැනුම හා සන්සන්දනය කරන්. අවිද්යාව තුල අවිද්යාවටම පත් වෙනවා. අනුසෝතගාමීව ගමන් කරනවා. කර්ම රැස් කර ගන්නවා. සසර දික් වෙනවා. දුක් විදිනවා.
    👏 👏 👏 boho pin sidu wewa obata
     
    • Like
    Reactions: Fiona Dabare

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්,
    තාමත් ප්‍රාතිහාර්ය පාන්නේ එතකොට බුදුන් නිවන් දැකලා පරිනිර්වාණය කරලා නැද්ද?
    තාමත් මනස අස්ථි එක්ක ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,567
    100,763
    113
    මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්,
    තාමත් ප්‍රාතිහාර්ය පාන්නේ එතකොට බුදුන් නිවන් දැකලා පරිනිර්වාණය කරලා නැද්ද?
    තාමත් මනස අස්ථි එක්ක ද?
    🤷
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,567
    100,763
    113
    මතක විදිහට මිලින්ද ප්‍රශ්නය පොතේ උත්තරය තිබුනා. ආපහු හොයන්න ඕන.
    ඉන්න බලන්න.

    මම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .
    සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දෙසපු දහමක මිනිස්සුන්ට සෙතක් වෙන , සෙතක් ගන්න පුලුවන් දෙයක් කාමරයක් ඇතුලේ හංගල තියල අවුරුදු දහ පහලවකට පාරක් පොරකාලා බලන්න තියන එකේ තේරුමක් නෑ නේ .
    එහෙම වෙන්නේ නැතුව ඇති. ඒකනේ නිධන් කරලා වෙහෙර හදලා තියෙන්නේ.
    ------ Post added on Apr 19, 2025 at 11:55 AM
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,921
    167,680
    113
    එකමත් එක රටක
    මතක විදිහට මිලින්ද ප්‍රශ්නය පොතේ උත්තරය තිබුනා. ආපහු හොයන්න ඕන.
    ඔය මිලින්ද ප්‍රශ්නය කියන්නේ බන් කාලයක් යද්දී දහම ගැන ආපු ප්‍රශ්න වලට උත්තර විදියට ලියලා තියන්න හදපු කතාවක්
    එකේ ඇත්තටම උත්තර නෑ . නිකන් උපමා දාල ශේප් වෙලා ප්‍රශ්නය වෙන පැත්තකට හරවන විදියේ උත්තර තියෙන්නේ .
     
    • Haha
    Reactions: Little Hulk

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,610
    9,101
    113
    නිකන් මනුස්සයෙක්ගේ දතක් පෙනීම තුල තියෙන්නෙත් නිවන
    ප්‍රාතිහාර පාන දන්ථ දාතුන් වහන්සේ පෙනීම තුල තියෙන්නෙත් නිවන

    නිවන් දකින්න කෞශල්ය නැති නිසා පෙනීම තුල නිත්යව පවතින නිකන් මනුස්සයෙක්ගේ දතකුයි, දන්ථ දාතුන් වහන්සේයි දකිනවා. ඒවා ඇසුරු කරන් ..මේක අරකට වඩා විසේසයි.. වගේ විවිධ මිත්යා දිට්ටි/ සන්කල්ප ඉදිරියට සන්ස්කරනය කර ගන්නවා පෙර දැනුම හා සන්සන්දනය කරන්. අවිද්යාව තුල අවිද්යාවටම පත් වෙනවා. අනුසෝතගාමීව ගමන් කරනවා. කර්ම රැස් කර ගන්නවා. සසර දික් වෙනවා. දුක් විදිනවා.
    උබ පන්සල් යන්නෙ ඇයි. පල්ලියකට ගිහින් නිවන් දැකපන්කො
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරල හොයාගත්ත ධර්මය සමථ විදර්ශනාව වැඩක් නෑ. භාවනා කරන එකත් අමාරුයිනෙ

    වෙනදටනම් බෝධිපූජාවක් තියල දේවාලෙකට යනව.
    දැන් ධාතුවට වැදල ප්‍රාර්ථනා කරනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,567
    100,763
    113
    මතක විදිහට මිලින්ද ප්‍රශ්නය පොතේ උත්තරය තිබුනා. ආපහු හොයන්න ඕන.
    හම්බ උනා. ජීවමානව ඉන්නකොට කරපු අධිෂ්ඨාන නිසා එහෙම වෙන්න පුළුවන් කියලා තියෙන්නේ.

    චෛත්‍යය ප්‍රාතිහාර්ය ප්‍රශ්නය
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,600
    113
    Colombo
    මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්,
    තාමත් ප්‍රාතිහාර්ය පාන්නේ එතකොට බුදුන් නිවන් දැකලා පරිනිර්වාණය කරලා නැද්ද?
    තාමත් මනස අස්ථි එක්ක ද?

    ප්‍රාතිහාරය පාන්න බුදුන් පවතින්න ඕනෙ, බුදුන් නොපවතිනවනම්
    නොපවතින බුදුන් නිවන් දකින්න තියා ඉපදිලාවත් නැත්තම්
    නොපවතින බුදුන්ගේ මනස? අස්ථි?

    ධර්මය ලෞකිකව අල්ලන්න බැහැ, ලෞකිකව අල්ලන්න යද්දි එන ප්‍රස්න කවචාවත් ඉවර වෙන්නෙත් නැහැ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .
    සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දෙසපු දහමක මිනිස්සුන්ට සෙතක් වෙන , සෙතක් ගන්න පුලුවන් දෙයක් කාමරයක් ඇතුලේ හංගල තියල අවුරුදු දහ පහලවකට පාරක් පොරකාලා බලන්න තියන එකේ තේරුමක් නෑ නේ .
    හොඳම තර්කයක්, වගේම යෝජනාවක්.(ප්‍රතික්ෂේප නොකළ හැකි) අපිත් බලාගෙන ඉන්නවා මේ ය්ජනාව නොගැලපෙන්න ඇති එකම හේතුව කවුරු හරි මෙතනදී ඉදිරිපත් කරනවද කියලා.
     
    • Like
    Reactions: MadaraU